මචංලා අපේ මේ අපේ ගමේ තියන ලස්සන කඳු තුනෙන් එකක්. නම නැව්ගල, නැවක් වගේ ගලක් නිසා නැව්ගල කියලා කියනවා. මේ කන්දත් එක්ක බැඳුනු පුරාවෘත ගණනාවක්ම තියනවා. අපේ ගම යටවත්ත. ඒකට නම හැදුනෙත් ඒවගේම මාතලේ ප්රදේශය ආශ්රිතව තියෙන රත්ලවැව ගම හැදුනෙත් මේ කන්දේ වාසය කරපු වලගම්බා නිසා. සමහර විට උඹල දන්නව ඇති බිසෝවරු හත්දෙනෙක් පැනල මැරුණු දිය ඇල්ලක් ගැන.
ඒකට කියන්නෙ බිසෝ ඇල්ල කියලා. ඒ දිය ඇල්ල තියෙන්නෙත් මේ කන්දෙම තමයි. ඒ වගේම ඒ බිසෝවරුන්ගේ ආභරණ බොහොමයක් මේ කන්දෙ නිධන් කරල තියනවා. කන්දෙ නගිනකොට සමහර තැන්වල පොලවට පයින් ගැහුවම බොල් හඬක් ඇහෙනවා. බඩු තියෙන්නෙ ඒව ඇතුලෙ තමයි.
එහෙනම් පුතාල කන්දට නැගලම බලමු නේද? 


පොඩ්ඩයි දැම්මේ. ඕක තමයි නැව්ගල
ඒකට කියන්නෙ බිසෝ ඇල්ල කියලා. ඒ දිය ඇල්ල තියෙන්නෙත් මේ කන්දෙම තමයි. ඒ වගේම ඒ බිසෝවරුන්ගේ ආභරණ බොහොමයක් මේ කන්දෙ නිධන් කරල තියනවා. කන්දෙ නගිනකොට සමහර තැන්වල පොලවට පයින් ගැහුවම බොල් හඬක් ඇහෙනවා. බඩු තියෙන්නෙ ඒව ඇතුලෙ තමයි.
එහෙනම් පුතාල කන්දට නැගලම බලමු නේද? 
මේ තියෙන්නෙ නැව්ගල කන්ද අපි යන්නෙ ඔය මුදුනෙම වම් අත පැත්තෙ කෙලවරේම සුදුපාටින් පෙනෙන තැනට. එතෙනට අනැගල කන්දෙ අනිත්පැත්තෙන් තමයි බහින්නෙ.
ලයිට් කණුව උඩට වෙලා ඉන්න කෙනාව දැක්කද?
මුලින්ම අපි යන්න ඕනෙ වවුලුගල රජමහා විහාරය ගාවට. ඔය තියෙන්නෙ රජතුමා පන්සලට යන්න හදපු ගල් පඩි පෙල. ඔක දිගේ ටිකක් නැගල මගින් වෙන පාරකට හැරෙන්න තියනවා. ඔය පන්සලත් ගොඩක් පෞරාණික පන්සලක්. ඒ වගේම රජතුමා පාවිච්චි කරපු ගොඩක් දේවල් ඔය පන්සලේ තියනවා. අපි ඉතින් පන්සලට නම් ගියේ නෑ. 

අඩෝ ඔය ඉන්න බල්ලො දෙන්න ගමන ඉවරවෙනකම්ම අපිත් එක්ක ආවා.

මෙතනින්නම් නගින්න පට්ට අමාරු උනා ඕයි.
මේ ඔතනට නැග්ගම පේන විදිය.
නැග්ග ගමන් මෙව්ව තිබ්බ බන්.

මේ අර කිව්ව තැනට නැග්ගම. දුම් දාන්නෙ හුණු ගල් පෝරණු වලින්
මෙතන තමයි බිසෝ ඇල්ල. බිසෝවරු පැනල මැරුනු තැන.
පොඩ්ඩයි දැම්මේ. ඕක තමයි නැව්ගල

Last edited:

4+