නැව් අත්අඩංගුවට ගැනීම 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    නාවික නීතිය යටතේ නැව් අත්අඩංගුවට ගැනීම. විහිලුවක්ද? විහිළුවක් නෙමේ. ඇත්තටම වුන, වෙන සහ ඉදිරියටත් සිදුවිය හැකි දෙයක්. එහෙනම් අද පොඩ්ඩක් අපි කතාකරමු නාවික නීතිය යටතේ නැව් අත්අඩංගුවට ගැනීමට හේතු, අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා පටිපාටිය සහ පූර්වාරක්ෂාව පිලිබදව. කලින් ලිපියකින් කතාකරානේ අපි යාත්‍රාවක් රටක දජයක් සහ නීතියක් යටතේ ලියාපදිංචි කරන හැටි. අද පොඩ්ඩක් කතාකරන්නේ සිවිල් සහ නාවික නීති ක්‍රියාපටිපාටිය යටතේ නැව් අත්අඩංගුවට ගැනීම පිලිබදව බොහොම සරලව.

    Ship Arrest Under Maritime Law : Reasons, Procedure, and Precautions

    XmlNjtG.jpg


    යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීම යනු සිවිල් නීති "admiralty" ක්‍රියා පටිපාටියකට අනුගතව නෞකාවට '‘Warrant of Arrest’' පැනවීමෙන් පසුව සිදුකරන ප්‍රයෝගික ක්‍රියාකාරකමකි. මෙහිදී අදාල රටෙහි "Marine admiralty" ගේ සහ අධිකරණ බලයට යටත්ව යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුවන්නේ අදාළ නැව අධිකරණ ක්‍රියාමාර්ගය විසඳීමට ලක්වන තාක් කල් නැව නීත්‍යානුකූලව චලනය වීම හෝ වෙළඳාම් කිරීම වැළැක්වීමයි.

    නැව් අත්අඩංගුවට ගැනීමේ නීතිය රටින් රටට වෙනස් වන අතර එහිදී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක නිකුත්කිරිමෙන් පසුව කෙරෙන රදවාගැනීමේ නියෝගයේදී නැවක් අත්අඩංගුවට ගෙන වරායේ රඳවා තබාගැනීමට හෝ අදාළ ස්ථානයේදීම නැංගුරම් ලෑමත් විශේෂ අවස්ථා වලිදී සිදුවිය හැක. නැව් අත්අඩංගුවට ගැනීමේ නීතියට වර්තමානයේ පදනම්වී ඇත්තේ 1999 වසරේ "International Convention on Arrest of Ships" සම්මුතිය සහ 1952 වසරේ "International Convention for the unification of certain rules relating to Arrest of Sea-going Ships" සම්මුතිය මත බලාත්මක වන ජාතික සහ ජාත්‍යන්තර කොන්දේසි කිහිපයයි. අත්අඩංගුවට ගැනීම නැව වරායෙන් පිටවීම වළක්වයි. නමුත් විශේෂ හේතු මත අත්අඩංගුවට ගන්නා ස්ථානයේදීම නවතා තැබීම සහ නැංගුරම් ලෑම තාවකාලිකාව සිදුකල හැක. පසුව අදාළ නීතිමය කටයුතු සිදුකරන රටෙහි හෝ යාත්‍රාව පිහිටන මුහුදු සීමාවට අදාළ රටෙහි වරායක් වෙත යාත්‍රාව රැගෙන යා යුතුය.

    hQFu4E7.jpg


    නැවක් අත්අඩංගුවට ගැනීමට හේතු සහ කරුණු පහතින් 👇 👇 👇 👇

    තවත් යාත්‍රාවක් සමග නැව ගැටීමෙන් සිදුවන හානියක් නිසා

    නෞකා දෙකක් අතර සිදුවන භෞතික ගට්ටනය සේම යාත්‍රාව සහ පර්යන්ත අතර වන ගට්ටන, අයිස් කුට්ටියක් සමග වන ගට්ටනද සලකා බලනු ලැබේ. මෙවැනි අවස්ථා බොහොමයක පරිසරයට, සමුද්‍රයට වන බලපෑම විනාශකාරීය. එවැනි අනතුරකින් සිදුවන හානිය හුදෙක් වියදමෙන් හෝ මුදලින් මැනීම ඉතාමත් අපහසු කරුනකි. ජිවිත හානියක් සිදුවිමටද ඉඩ ඇත. සාගර ජීවීන්ට අනතුරුදායක විය හැකි. රසායනික ද්‍රව්‍ය හෝ වෙනත් හානිකර ද්‍රව්‍ය රැගෙන යන යාත්‍රාවක්නම් හානිය ඉතා ප්‍රබලය. තෙල් නැවක් තවත් යාත්‍රාවක් සමග ගට්ටනය වීම, ගිලීයාම මේ සඳහා ඉතා හොඳ උදාහරණයක් වන අතර තෙල් නැවක් සම්බන්ධ අනතුරු ලොව ඕනෑතරම් දැක තිබේ. තෙල් කාන්දුවීම් ජීව විද්‍යාත්මක අර්බුදයක් ඇති කරනවා පමණක් නොව, ඉතා දිගු කාලයක් පරිසරයට හානිකර ලෙස පවති.

    ktqD6pP.jpg


    නොගෙවූ නියමු සේවය, වැටුප් සහ දීමනා

    කිසියම් සේවකයෙකු, අදාළ නෞකාවට නීත්‍යානුකූල සේවාවන් ලබාදුන් පසුව ගිවිසගත් සහ නීතින්ට යටත්ව තමන්ට හිමි වැටුප ලැබිය යුතුය. අමතරව නවාතැන්, ආහාර, ජලය සහ වෛද්‍ය ප්‍රතිකාර එක් එක් සම්මුතීන්ට යටත්ව සියලු සේවකයන් හට ලබාදිය යුතුය. එය නිසි අයුරින් නොලැබෙන්නේනම් ඕනෑම සේවකයෙක් හට යාත්‍රාව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් වෙත එලබිය හැක. යාත්‍රා හෝ නැව් හිමිකරු තම සේවායෝජකයාගේ වැටුප් සහ අනුකුත් පහසුකම් සැපයීමට නීතියෙන් බැදී සිටි.

    rLJ21L6.jpg


    වරාය සහ රෙගු රෙගුලාසි, මාර්ග නීති, සෞඛ්‍ය ප්‍රමිතීන් හෝ ආරක්ෂක රෙගුලාසි උල්ලංඝනය කිරීම්

    යාත්‍රාවක් හෝ නැවක්, ජාත්‍යන්තර සහ දේශීය නීති වලට යටත්ව දාවනය වෙයි. ජාත්‍යන්තර මුහුදේදී එම නීති වලට සහ රටකට අදාළ මුහුදු සීමාවේදී එම නීති රීති වලට අනුකුලව දාවනය වෙයි. එහිදී අදාළ රටෙහි වරාය සහ රෙගු නීති කඩකිරිමකදී අදාල රටෙහි "Marine admiralty" ගේ සහ අධිකරණ බලයට යටත්ව යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට නීතිමය හැකියාව පවතී.

    නෞකාව මගින් ගෙන යන භාණ්ඩ වලට හානි වීමක් / පුද්ගලයෙකුට සිදුවන තුවාල සහ ජීවිතය අහිමි වීමක්

    මෙහිදී යාත්‍රාව මත වන භාණ්ඩ වල සිදුවන හානියක්, ගිනි ගැනීමක් මත යාත්‍රාව අත්අඩංගුවට ගත හැකිය. අමතරව පුද්ගලයෙකුට සිදුවුන තුවාලයක් හෝ ජිවිත හානියක් හේතුවෙන් යාත්‍රාව අත්අඩංගුවට ගත හැකිය.

    නැව මත පනවා ඇති උකසක් හෝ සමුද්‍රීය බද්දක් නොගෙවීමක්

    සමුද්‍රීය අදිකාරින් සදහා ගෙවිය යුතු බදු, සහ මුලික ගෙවීම් සිදුනොකරමින් දාවනය වන යාත්‍රාවක් ඕනෑම වරායක් තුලදී අත්අඩංගුවට ගත හැකිය. අමතරව ගිවිසගත් කුලී පදනම යටතේ ගෙවීම් නොකරමින් හෝ ගිවිසගත් කුලී පදනම ඉක්මවා දාවනය වන යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේ බලතල ඕනෑම වරායක් සහ එම රටෙහි අධිකරණ අධිකාරියක මත පැවරේ.

    SvYntMn.jpg


    ඕනෑම දේශීය සහ විදේශීය යාත්‍රාවක්, නැවක් තමන්ට හිමි නාවික බල ප්‍රදේශය තුල සහ සුදුසු අධිකරණ අධිකාරියක බල ප්‍රදේශය තුළ අත්අඩංගුවට ගැනීමට ඕනෑම රටකට අයිතිය ඇති අතර ගත හැකි අතර එකම අධිකරණ බල ප්‍රදේශය තුළ ඇති නැවක් එකම හේතුවක් මත විසින් එක් වරකට වඩා අත්අඩංගුවට ගත නොහැක.

    ඉහත සදහන්කල කරුණු වලට යටත්ව යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට සුදානමක් පැවතියත් ඇත්ත වශයෙන්ම නැවක් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහාද යම් යම් ක්‍රියාමාර්ග තිබේ. නැව වාණිජ වෙළඳාම සඳහා භාවිතා කරන විට මෙම කරුණ වඩාත් වැදගත් වන අතර නැව් අත්අඩංගුවට ගැනීම මූල්‍ය අලාභයක් ඇති කළ හැකිය. හුවමාරු වන බහලුම් සහ භාණ්ඩ අදාළ ගමනන්නතය වෙත යැවීම ප්‍රමාද විය හැකිය. එබැවින් නැවට හෝ හිමිකරුට එරෙහිව ඇති විය හැකි චෝදනා සහ අත්අඩංගුවට ගැනීම් පිලිබදව යාත්‍රා හිමිකරුවන් කල්තියා සොයා බැලීම අත්‍යවශ්‍ය වේ.

    නීතිමය කටයුතු වලින් පසුව අත්අඩංගුවට ගත් නෞකාව මුදා හැරීමට අධිකරණයට නියෝග කළ හැකිය. නැවක් නිදහස් කළ හැක්කේ අත් අඩංගුවට ගන්නා පාර්ශ්වය එයට අවසර දෙන්නේ නම් හෝ ඒ සඳහා උසාවිය නියෝග කළහොත් පමණි. නැව් අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කිරීම නැවකට සහ එහි හිමිකරුවන්ට දැඩි බාධාවක් ඇති කළ හැකිය. එය විශාල ලෙස මුල්‍යමය බලාපෑමක් සිදුවන ක්‍රියාපටිපටියකි. එහිදී සාපේක්ෂ හේතු සහ සාවද්‍ය තොරතුරු මත පදනම්ව හෝ වැරදි ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකල බවට අදිකරණය ඉදිරියේ ඔප්පු වුවහොත් අදාළ වරාය සහ රෙගු පාර්ශව හට යාත්‍රා හිමිකරුට සිදු වූ හානිය සඳහා ගෙවීම් සිදුකල යුතුය.


    කෙටි සටහන : Walter White
    චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී