නැවුම් සුළග

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සාහසික ලෙස මරාදැමූ මීතොටමුල්ලේ ජනතාව, හෙට ලංකාවට ලැබෙනා යම් ජයග්‍රහණයක්, විසඳුමක් වේද ඒ පිටුපස ඔවුන්ගේ ජීවිතයෙන් මිලක් ගෙවා ඇත..
    ඒ ලබාගන්නා සෑම ජයග්‍රහණයක්ම උපහාරයක් වේවා ඒ මිහිදන්වූ මිනිසුන්ට
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    18057031_10211483236812331_7142398286289814653_n.jpg



    දිනක් උදෑසන අලුත් පා පන්දුවක්ද රැගෙන ඩෙන්හැම් පොටර් ෆර්මන් ජක්සන් සහ සීල්ස්ද මා වෙතට දුවගෙන ආයේය.
    "අනේ සර් මේක ලේස් කරලා දෙන්න. මිස්ටර් වෙස්ටන්ට කිව්වා. එයා පොරොන්දුත් උනා. නමුත් දැන් කියනවා වැඩ ගොඩ වෙලා කියලා..!"
    "හරි ඩෙන්හැම් අපි ඒක කරමු"
    බෝලයට හුලං ගැසීමෙන් පසු මේසය මට එය තබා ළමුන් එය අල්ලාගෙන සිටියදී, මම ලේස් පටියෙන් එහි කට මැස්ම දැමීමි. අන්තිම හිලෙන් කටුව රිංගනවාත් සමගම එය වැදී ඇඟිල්ල තුවාල විය. ලේ බිඳු කීපයක් විසිරිණ.
    " අනේ රතු ලේ.!"
    පොටර්ගේ පලල් මිත්‍රශීලී මුහුණ වෙනස් වී හෙතෙම දුක් සහගතව කෑ ගැසීය. අනෙකුත් කොල්ලෝ ඔහුගේ ඉරියව් බලා සිනාසුනහ. පැමෙලා පොටර් වෙතට ආවාය.
    "මෝඩ බතලයා, එහෙනම් උඹ බලාපොරොත්තු වෙන්නේ ඔතනින් තීන්තද.?" ඇසූ ඇය තරහෙන් මෙන් නැවත ගොස් වාඩි වූවාය.
    "අපෝ".... ඩෙන්හැම් ඇයට ඔලොක්කු කලේය.
    සීල්ස් සහ ෆර්මන් බලා සිටියේ දුකිනි. ඔවුහු කිසිවක් නොකීහ. අසරණ පොටර් අපූරු වචන ටිකක් පිට කලේය.
    " අනේ සර් මම අමුතු දෙයක් හිතුවෙ නැහැ. නමුත් එකක් සර්., ඔයාගෙ ඇඟේ කලුපාටේ ගනකම හමේ ප්‍රමාණය විතරයි. ඉතිරි ඔක්කෝම රතුයි."
    - ආදරණීය ගුරුතුමනි පොතෙන්.-
    හිතුවක්කාර කෙල්ලන් සහ කොල්ලන්ගෙන් පිරි පන්තිකාමරයට ආදරය කරුණාව ගෙන ආ බ්‍රෙත්විට් ගුරුතුමාගේ සත්‍ය කතාව.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බර්කන් හෙඩි න්‍යාය

    18559027_1029291860537107_5536855113924301930_o.jpg




    විපතට පත්වූ ලෝකයේ සියලුම නෞකා අද අනුගමනය කරන්නේ බර්කන් හෙඩි න්‍යායයි
    ================================================

    කීර්තිමත් එමිපයර් විනිඩිරෂ් නෞකාව 1954 මාර්තු 28 උදෑසන යාත්‍රා කරමින් සිටියේ ඇල්ඡිරියානු වෙරළට සැ 50 ක දුරින් මධ්‍යධරනී මුහුදේය.එකවිටම එන්ඡින් කාමරයෙන් අති දැවැන්ත ගිනි දැල්ලක් ඉහළට එසවිනි නිමෙිෂයකින් එය මුලු නෞකාව පුරාම සීඝුයෙන් පැතිර යමින් තිබිණි.එවිට එහි ගමන් ගත් මගීන්ගේ සංඛ්‍යාව 1498 කි ඔවුහු මරණ බියෙන් විලාප තබන්නත් එකිනෙකා පොරකමින් ඡිවිතාරක්ෂ බෝටිටු මතට නගින්නටත් පටන් ගෙන තිබිණි.නමුදු ගින්නට හසුවීමෙන් ඉතිරිව තිබුනේ ඡිවිතාරක්ෂක බෝටිටු 12 ක් පමණි ඒ මොහොතේ මහ හඩින් වෙඩි ශබිදයක් ඇසිනි. ගිනි අවියක් අත දරා සිටියේ නෞකාව භාර කපිතාන් ගේ විලියමි විල්සන්ගේ මෙහයවීමෙන් කමාන්ඩර් රොබටි ස්කොටිය.සංසුන් නොවුන පුද්ගලයන්ට මම වෙඩි තියනවා වහාම සංසුන් වෙන්න මා දැන් ක්‍රියාත්මක කරන්නේ ‘‘ බර්කන් හෙඩි න්‍යායයි ‘‘

    පළමුව කාන්තාවන් හා කුඩා දරැවන්ද ඡිවිාරක්ෂක බෝටිටුවලට නංවන්න දෙවනුව ඉතිරිව බෝටිටු තිබුනොත් ප්‍රථමයෙන් තරැණයන්ද ඊට පසු මහල්ලන්ද ඒවාට ගොඩ වෙන්න එය එසේ කරන්නේ මරණයේ අනුපිලිවෙලටයි . සියල්ල සදුවූයේ එලෙසය දෙවන වරද බෝටිටු නැවත ඇවිත් ගිය විට ඉතිරිව සිටියේ නැවෙි කාර්ය මංඩලයේ 300 ක් පමණි නැවත බෝටිටු එනතුරැ ඔවුනට නැව තුල සිටිය නොහැක. නැව කොයි මොහොතේ හෝ ගිලා යනු ඇත.නැවත රොබටි සකොටිගේ කටහඩ ඉතිරිව සිටින සියල්ලනම කුඩා පීප්ප හෝ ලෑලි කැබැලි සිරැර වඩා බැදගෙන මුහුදට පණින්න සහ නැවෙන් ඇත් වෙන්න කිසිවෙකු හෝ බෝටිටු ගිය දහාවට පිහිනීමෙන් වළකින්න සියල්ලෝම කණඩායමක් සේ දිය මත පාවෙමින් සිටින්න කොයි මොහොතක හෝ ඡිවිතාරක්ෂක බෝටිටු අප සොයා එනු ඇත.එන්ඡින් කාමරයේ සිටි 4 දෙනෙකු හැර කැප්ටන් විල්සන් සියල්ලන්ගේම ඡිවිත බර්කන් හෙඩි න්‍යායට අනුව බෙිරාගෙන තිබිණි

    මෙි බර්කන් හෙඩි න්‍යායය හැදුනේ වීරත්වයෙන් සපිරි 1852 දී කේප් ටවුන් බලා යාත්‍රාවෙිදී ගල් පරයක හැපී දෙබෑවී ගිය බර්කන් හෙඩි නෞකාව ඇසුරෙිනි එම නෞකාවෙි කමාන්ඩර් පළමුව කලේ කාන්තාවන් සහ ළමුන් ඡිවිතාරක්ෂක බෝටිටු වලට නැංවීමය එහි ගමන් ගත් මගීන් සංඛ්‍යාව 630 කි බෝටිටු තිබුනේ 3 කි එම බෝටිටුවලට ලමුන් සහ ස්ත්‍රීන් 170 ක් අසීරැවෙන් පටවා යවනු ලැබීය.ඉතිරි වනු මිනිසුන් සියල්ල නොබියව මරණයට මුහුන දුනි නැව ඔවුනුත් සමගම මුහුදු පතුලට කිදා බැස්සේය ‘‘ ස්ත්‍රීන් සහ දරැවන් ප්‍රථමයෙන් ‘‘ නමි මෙි අනගි සමිප්‍රදාය බිහිකල කර්නල් සෙටෙින්ද ඒ අතර විය

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    පිය සබඳ!
    සුළං රැළි හමාවි...
    තුරුලතා වැනේවි...
    නොයෙක් රැලි නැගේවි...
    ඉතිං කිම, කරනු ඔබේ තරණය...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මනෝ වෛද්යවරයා : ඔබගෙ ගැටලුව මොකද්ද ?
    රෝගියා : මාර කේස් එක ඩොක්ටර්...ප්ලීස් අපේ නෝනට නං දැනගන්න තියන්න එපා......
    මනෝ වෛද්යවරයා : හරි..... හරි..... මම පොරොන්දුවෙනව...බය නැතුව කියන්න....
    රෝගියා : මේකයි ඩොක්ටර්, මගේ නෝනා හරිම ලස්සනයි...වැඩේ කියන්නේ ඒ වුනාට මම දකින දකින ගෑනිට හිත යනවනේ....ගෑනි එක්ක ඉන්න වෙලාවටත් මට වෙන එවුන්ව මතක් වෙනවනේ සර්....
    මනෝ වෛද්යවරයා : තමුසෙට කියන්න ඔය ලෙඩේ ඔහොමම මටත් තියෙනව අයිසේ....තමුසෙ අපේ ගෑනිගෙ කනේ තියන්න එපා මෙව්ව......
    රෝගියා : මාර වැඩේනෙ ඩොක්ටර් ,මම හිතුවෙ මට විතරයි කියල
    මනෝ වෛද්යවරයා : පිස්සුද ඕයි...ඕක ගොඩාක් අයට
    තියෙන ලෙඩක්...තවම ඕකට බෙහෙත් හොයාගෙන නැහැ...තමුසෙ හොයාගත්තොත් මට ඉස්සෙල්ලම ගෙනත් දෙනවා....
    ඔන්න ඕකයි තත්වේ.....



    නිමා නොවෙන පෙම් හැඟුම්
    මහා සමුදුරක් ලෙසින්
    ගෙඋයන් සීමා දොරින්
    නික්ම යනු දුටිම් - සොරෙන්
    නික්ම යනු දුටිම්
    පාළු රැයක ඈ අබියස හිඳිනා
    මොහොතේ පවා
    කැදැල්ලෙන් මිදී සිතිවිලි සියොතුන්
    නුරා ලවන් සොයා පියා සලා යයි
    හද ගැඹරේ බැඳි සෙනෙහස බිඳකුදු
    නොමැකී ඇතේ
    එනමුදු රන් රූ පරයන අඟනන්
    නුරා නුවන් සොයා හැඟුම් පලා යයි


    පද ගෙත්තම : කපිල කුමාර කාලිංග
    සටහන : චාමර වන්නිආරච්චි


     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    //"තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු ගීතයේ නිදාන කතාව"
    ========================
    "මෙය පළ කරන්නේ බොහෝ දෙනාගේ ඉල්ලීම මත ය..
    මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තරමක් තරුණ වියේ දි දෙහිවල සත්තු වත්තට ගිහින් තියෙනව මිතුරන් කිහිපදෙනෙක් සමඟ, ගිහින් සත්තු වත්තෙ සිංහ කූඩුවට ඉහළින් තියෙන වැට ළඟට වෙලා සිංහයො දිහා බලාගෙන ඉන්නකොට එක සිංහයෙක් මේ පිරිස දිහා සමච්චල් සහගත බැල්මක් හෙළල කූඩුව ඇතුලට ගියාලු..
    ඒ වෙලාවෙ මේ පිරිස අතර කතා බහක් ඇති වුණාලු අපිත් සිංහයා ජාතික සලකුණ කරගනිපු සිංහයො නෙ, ඇයි එහෙනම් සිංහයො අපි දැකල ලැජ්ජාවෙන් අහක බලා ගත්තෙ කියල..
    මේක ගැන කල්පනා කරනකොට සුනිල් සර්ට හිතුණලු සිංහයො කියල කියාගන්න මිනිස්සුන්ගෙ තියෙන නිවට නියාලු ගති නිසා වෙන්න ඇති සිංහයො අපි දැකල ලැජ්ජාවෙන් වගේ මඟ ඇරල යන්නෙ කියල. ඒ වගේම අපි සිංහයො කියල කියාගත්තට ලංකාවේ කැලෑ වල එකම සිංහයෙක්වත් නැත්තෙ ඇයි කියල කල්පනා කරනකොට සුනිල් සර්ට හිතුණලු අපේ මිනිස්සුගෙ නිවට නියාලු ගති නිසා උනුත් රට අත් හැරල ගිහින් වෙන්න ඇති කියල.. ඒ ඔස්සේ සර් මේ ගීතය ලියන්න පටන් ගන්නව,

    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු
    නැත උන් රට අතැර ගොසින්...
    කොටු කර යදැලින් ඇති සිංහ පැටවු
    විලි වැද යති දැක හෙළයන්...

    සිංදුවෙ මීළඟ කොටසින් කියන්නෙ සිංහයෝ යැයි කියාගන්න අපි සරු පොළවක් තියාගෙනත් විදේශ රටවලින් හිඟමන් යදින බවත්, සැබෑ සිංහයන් නම් එලෙස අනුන්ගේ ඉඳුල් නොකන බවත් ය..

    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රදුනට දා වූ සිංහ පැටවු
    තුටු වෙද අනුනගෙ ඉඳුලින්

    සිංදුවෙ අන්තිම කොටසින් කියනව දැනට අපිට සිංහයො ඉතුරු වෙලා ඉන්නෙ අපේ කොඩියෙ විතරයි මේ විදියට ගියොත් ඒ සිංහයො ටිකත් පැනල යයි ඊට කලින් අලස ගතිවලින් මිදෙන්න කියල,

    අප ධජයේ සිටිනා සිංහ පැටවු
    පැන යන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්...

    මෙය නන්දා මාලිනිය 'පවන' විරෝධාකල්පික ගී ප්‍රසංගයට ගැයූ උපහාසාත්මක මෙන්ම උපදේශාත්මක ගීයක් මිස කිසි ලෙසකින්වත් දේශාභිමානී ගීයක් නොවේ.නමුත් මෙයට යොදා ඇති ආරම්භක සංගීතය තුළ කිසියම් දේශාභිමානී ස්වරයක් තිබීමත්,ගීතයේ මුල් පේළි දෙක "සිංහ පැටවු රට අතැර ගොසින් නැත" ලෙස බොහෝ දෙනා තේරුම් ගැනීමත් නිසා මෙම ගීතය දේශාභිමානී ගී ප්‍රසංගවල පවා ගායනා කෙරේ."

    (මූලාශ්‍ර: කැම්පස් කාලයේ සුනිල් ආරියරත්න සර් හා කළ සාකච්ඡාවකදී දැනගත් තොරතුරු හා එතුමන් පුවත්පතකට දී තිබූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි.) - Copied -//

    ලියූ අය නොදනිමි. උපුටා ගන්නා ලද්දකි
    ස්තුතිය තිලිණි ෂැල්වින් ඉස්කෝලෙ හාමිනේටය්.
    Copy and past කෙරුවෙ share කරන්නට නොහැකි නිසය්.
     
    • Like
    Reactions: grsena2000