#_833_ගෙවෙන_තත්පරයක්ම_බුද්ධෝත්පාද_කාලයකි.
ධර්මාශෝක රජු මරණින් මතු පිඹුරු ප්‍රේතයෙකු වී ඉපිද දින 7 ක් ගත කර, මිහිඳු මහරහතන් වහන්සේගේ පිහිටෙන් ඉන් චුත වී මනුසත් ආත්මභාවයක් ලබා ලංකාවේ ඉපිද කුජ්ජතිස්ස නමින් මහ රහත් පදවිය ලැබුවා. සිතුල්පව්වේ උන් වහන්සේ පිරිණිවන් පෑමට ප්‍රථම අතීත සංසාර ගමන පුර්වේනිවානුස්සති ඥානයෙන් සිහිපත් කර බලන විට දකිනවා පෙර සංසාරයේ පසේ බුදු රජාණන් වහන්සේ නමකට මී පැණි පූජා කර සිදු කල ප්‍රාර්ථනාව. ඒ මොහොතේ එතන මිහිඳු මහරහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජුද ඒ ආත්මභාවයේ සහෝදරයන් ලෙස එකට එක්වී තමයි මී පැණි පූජාව සිදු කලේ. පසුව උන් වහන්සේ අධිෂ්ඨාන කරනවා මාගේ දේහය ඉර්ධියෙන් රුවන්වැලි මහා සෑ රජුන් අසල වර්තමානයේ කුජ්ජතිස්ස සෑ රජුන් ඇති ස්ථානයට වැඩම කර ඉර්ධියෙන්ම චිතක දැල්වී ආදාහනය වේවා කියල. දේවානම්පියතිස්ස රජු මරණින් මතු නැවත ලංකාවේ ඉපිද ලජ්ජතිස්ස නමින් රහත් පදවිය ලබා සමවත් සුවෙන් වැඩ සිටියෙදී මේ සිදු වීම දැක උන් වහන්සේ ද පුර්වේනිවානුස්සති ඥානයට සමවැදී අතීත සංසාර ගමන සිහිපත් කරනවා. එවිට උන් වහන්සේද ඒ අතීත සංසාර සිදු වීම දකිනවා. ලජ්ජතිස්ස මහ රහතන් වහන්සේද ඒ මොහොතේ පිරිණිවම් පෑමට තීරණය කර, මාගේ දේහයද එලෙසම එම ස්ථානයේ ආදාහනය වේවා යනුවෙන් අධිෂ්ඨාන කරනවා. වර්තමානයේ කුජ්ජතිස්ස සෑය ඉදිකර ඇත්තේ එම ස්ථානයේය.
කුජ්ජතිස්ස සෑ රජුන්ගේ වැලි මලුවේ වල් ගලවා උදලුගා පිරිසිදු කර, වැලි ඇතිරීමේ පිංකමට සම්බන්ද වී දහඩිය වගුරවා ශ්‍රමයෙන් දායක වී මහා කුසල් සම්බාරයක් රැස්කර ගත්තා. මෙහි කුසල විපාකය කෙබඳු වේවීද ? එය පැවසිය හැක්කේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමනයි. චිත්ත රූප මවමින් සියතින් කලාසේ සිතා දැකබලා අනුමෝදන් වෙත්වා ! මොනතරම් මහානිසංස උවද මේ මහා කුසල් සම්බාරයද ඒකාන්තයෙන්ම අනාගතයේ දවසක කුසල විපාකයන් ලබා දී ගෙවී අවසන් වී අනිත්‍ය වී යන්නේය. නැහැ නොකියා බැහැ නොකියා දන් දෙන්න. ජීවිත ආශාව අතහැර වීර්යය වඩන්න. දිවි පරදුවට තබා ධම්මානුධම්ම ප්රතිපදාවන් ඇතුලු ශීලය ආරක්ෂා කරන්න. ඒකාන්තයෙන්ම මහ පොළොව කම්පාවෙයි. මෙම පිංකම දැකබලා සතුටුවන සිත් සතන් තුලද මෙවැනි පිංකම් සිදු කිරීමට සිත් පහල වේවා !
සංසාර සාගරයෙන් එතර වීමට, එක්වන්න අප සමග...
https://www.facebook.com/groups/1608325009378719/?ref=share