නිකන් කන්න දෙන්න බෑ: වැඩ කරන්න බැරිනම් ගෙදර යන්න

wca

Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113
    කිසිවකුටත් නිකන් කන්නට දෙන්න නොහැකියැයි ද වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් ව යන්නැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය.


    වැඩ කරනවා නම් වැඩ කරන්න, බැරි නම් ගෙදර යන්නැයි කී ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ට නිකන් ගෙවන්නට ලෑස්ති නැතැයි ද කීය.


    ජනාධිපතිවරයා මේ බව පැවසූයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.


    "කාටවත් නිකන් කන්න දෙන්න බෑ. මොකක් හරි කරන්න ඕන .මටත් නිකන් කන්න බෑ. මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු"යැයි ජනාධිපතිවරයා පැවැසීය.


    නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවකුටත් නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමා ව එක්වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අරගලය රනිල් කනපිට ගස්සවයි..
    රනිල් රජයේ සේවකයන්ට GO HOME කියයි
    That is JRs son in law RANIL😍😍😍
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    ජනාධිපතිවරයා මේ බව පැවසූයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.
    mun sirawata mokakda bn karanne District Sanwardana niladari dial? Sanwardana sabawa, Sanwardana kamitu rasweem anam manam thiyanawa, aththatama un monawada Sanwardaneta karanne? :rolleyes: