නිකාබ් සහ බුර්කා තහනම ඉවතට

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    නිකාබ් සහ බුර්කා තහනම ඉවතට

    නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැලදීම තහනම් කරමින් පනවා තිබු නිතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය සඳහන් කර සිටිනවා.

    මේ සම්බන්ධයෙන් අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් විසින් සිදුකළ විමසීමකට අදාළව පිලිතුරු ලිපියක් යවමින් පොලිස් මුලස්ථානයේ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරන්නේ ඉහත කරුණු සම්බන්ධයෙන් මේ වන විට නිතිය ක්‍රියාත්මක නොවන බවයි.

    එයට හේතුව ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණය පැලදීම පිළිබද නිතිය ක්‍රියාත්මක වුයේ හදිසි නිතිය යටතේ බවත් දැනට හදිසි නිතිය ක්‍රියාත්මක නොවන බැවින් ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක නොවන බවයි.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යොමු කල ලිපිය පහත දැක්වේ.


    nikab.jpg


    http://nethnews.lk/article/70432