නිට්ටෑවන් යළිත් කරළියට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැලෑ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිරුවත් අඟුටු මිට්ටෙක් නේත්‍රාගම වැසියන් කිහිපදෙනෙක් විසින් දැක තිබේ.

    වලහෙකුගේ මෙන් පෙනුම ඇති කොණ්ඩය දිගට වවා ඇති අඩි දෙකහමාරක පමණ උසැති එම අඟුටු මිට්ටා හේතුවෙන් ගම්වාසීහු මේ දිනවල මහත් බියට පත්ව සිටිති.

    එම අඟුටු මිට්ටාව මුලින්ම දැක ඇත්තේ, ජලනල සකස් කිරීමට ගොස් සිට ඇති ඩී.ඉන්ද්‍රසිංහ නමැත්තෙකි.

    ඔහු පවසා සිටියේ, “අඩි 150ක් විතර කන්දට නැගලා ජලනල පරීක්ෂා කරගෙන ඉදිරියට යද්දි කැලේ හෙලවෙනවා වගේ දැනුණා. මම බලනකොට මේ අද්භූත අඟුටුමිට්ටා දැක්කා. කළුම කළුයි වලහෙක් වගේ. මුහුන උල් ඇස් දෙක රතුපාටයි දැක්ක ගමන් මට බයක් ඇති උනා. ඌ මට දෙයක් කරන්න කලින් ඌට මොනවහරි කරන්න කියලා ක්ෂණිකව මම මගේ අතේ තියන ආයුධත් අරන් ඌ ළගට යන්න යනකොට පස්නොබලා දුවන්න පටන් ගත්තා. කැලේ මැදින් රිංගලා ආණ්ඩුකාර බංගලාව පැත්තට දිව්වා. මේ කැලේ මුවෝ ඌරෝ විතරක් නොවෙයි කුළු හරක් පවා ඉන්නවා. මට හිතාගන්න බැහැ මේ මොකාද කියලා අර අනුරාධපුර පැත්තේ හිටිය නීත්තෑවෙක් ද දන්නෙත් නැහැ ඊට පස්සේ ගමේ තවත් අය මේ අඟුටුමිට්ටා දැකලා තියෙනවා.“ යනුවෙනි.

    ඩී.ඉන්ද්‍රසිංහට අමතරව තවත් කිහිපදෙනෙක් ම අඟුටු මිට්ටාව දැක ඇති අතර, ඔවුන් සෑමකෙනෙකුම කළු ශරීරයකින් හෙබි මිටි පුද්ගලයෙකු පිළිබඳ “අද දෙරණ“ට විස්තර කරන්නට විය.

    14 හැවිරිදි ශිරාන් මේ පිළිබඳ විස්තර කරමින් සඳහන් කර සිටියේ, “මම දැක්කා කළු කොට මිනිහෙක් ඉන්නවා. කොණ්ඩය දිගයි මම ආයෙත් බැලුවා හරිම භයානක් මූණක්. මම කෑ ගහගෙන ගෙට දිව්වා.“ යනුවෙනි.

    ශිරාන්ගේ සහෝදරිය වන 16 හැවිරිදි සෆ්නා ද මේ පිළිබඳ මෙලෙස විස්තර කරන්නට විය.

    “මල්ලි කෑගහෙන ගෙට දුවගෙන ආ නිසා මං ගිහින් බැලුවා. දොරෙන් එබිලා බලන කොට මම දැක්කා අඩි දෙකහමාරක් විතර උස කළු මිනිහෙක් ආපස්ස හැරිලා යනවා. මම හොඳටම බයවෙලා කෑ ගහගෙන ගෙට දිව්වා. පස්සේ මමයි මල්ලියි තාත්තාට කෝල් කළා.“

    එම සිදුවීමත් සමග නේත්‍රාගම ගම්වැසියෝ බෙහෝ බියට පත්ව සිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ වගකිව යුතු අංශ විසින් මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ඉක්මනින් ගන්නා ලෙසය.

    මීට ශත වර්ෂ කිහිපයකට පෙර අම්පාර, මොනරාගල සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවල ඝන වනාන්තර සහිතව තිබූ කලාපවල නීත්තෑවන් ගැවසුණු බවට මත පවතී.

    කුරු මිනිසුන් ලෙස අඟ පසඟ වර්ධනය වී තිබූ බවට පැවසෙන නීත්තෑවන්, මෙරට වැදි ජනයා සමග නිතර ගැටුණු බවට ද ජනප්‍රවාදයේ පවතී.

    එහි ප්‍රතිඵලයක් ලෙස නීත්තෑවන් ව වැදි ජනයා විසින් ඝාතනය කළ බවට අම්පාර, මොනරාගල සහ බදුල්ල වැනි ප්‍රදේශ වන ජනයා අතර මතයක් තිබේ.

    නමුත් ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලා ඇත්තෝ එම මතය ප්‍රතික්ෂේප කරයි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උඹලට කොච්චර කිව්වත් අහන්නෑ කතාව විස පොල්තෙල් ගැනයි සීනි හොරු ගැනයි. දැන්වත් මේ වගේ වෙනත් දේවල් කතාකරපල්ලකො. නිට්ටෑවො හිටියත් නැතත් ඒවා ගැන කතාකරපල්ලා බැරිවෙලා හරි හිටියොත් අපි රටක් විදියට මූණ දෙන හැටි ගැන. පීස්... 🙏
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    මේක වහන්න නිට්ටෑවො අැවිත් බේරුණොත් අැති..:lol:

    FB_IMG_1618271082781.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    1950-60 ඔක්කම්පිටියේ මැණික් ගරපු අපේ සීයා ඇතුළු කණ්ඩායම මුන් ඇත්තටම දැකලා තියෙනවා.. තනි මිනිහට ලු මුන් අටැක් කරන්නේ. බොකු බඩවැල් එළියට ඇදලා දාලා මරනවලු මුන්ගේ නියපොතු දත් වලින්. ඉස්සර නම් මුන් ඉඳල තියෙනවා කලාතුරකින් කැලෑ ප්‍රදේශ වල. දැන් තමා නිකන්ම ප්‍රබන්ධයක් වෙලා තියෙන්නේ.
    වැද්දන් මරණ නිසා වැද්දෝ එකතු වෙලා මුන් රංචුවක් පානම පැත්හේ ගල් ගුහාවකට කොටු කර ලා ගිනි තිබ්බ කතාවකුත් තියෙනවා. අවුරුදු 60-70 ඇතුලත මුන් වද වෙන්න හේතුවක් නෑ.. කලාතුරකින් ඉන්න පුළුවන් පොඩි කණ්ඩායම්..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    @hichchiputha ge seeya gena oya kiynne
     
    • Like
    Reactions: tilvin-silva

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    1950-60 ඔක්කම්පිටියේ මැණික් ගරපු අපේ සීයා ඇතුළු කණ්ඩායම මුන් ඇත්තටම දැකලා තියෙනවා.. තනි මිනිහට ලු මුන් අටැක් කරන්නේ. බොකු බඩවැල් එළියට ඇදලා දාලා මරනවලු මුන්ගේ නියපොතු දත් වලින්. ඉස්සර නම් මුන් ඉඳල තියෙනවා කලාතුරකින් කැලෑ ප්‍රදේශ වල. දැන් තමා නිකන්ම ප්‍රබන්ධයක් වෙලා තියෙන්නේ.
    වැද්දන් මරණ නිසා වැද්දෝ එකතු වෙලා මුන් රංචුවක් පානම පැත්හේ ගල් ගුහාවකට කොටු කර ලා ගිනි තිබ්බ කතාවකුත් තියෙනවා. අවුරුදු 60-70 ඇතුලත මුන් වද වෙන්න හේතුවක් නෑ.. කලාතුරකින් ඉන්න පුළුවන් පොඩි කණ්ඩායම්..
    ඇයි උන් මිනීමස්ද කන්නෙ?
     
    • Like
    Reactions: tilvin-silva