නිදහස් අඹරේ ඈතටම
උකුස්සකු සිය කැදැල්ල තනන ආකාරය අතිශය රසවත් අතදැකීමකි.උකුස්සා කැදැල්ල ගොඩනංවන්නේ ඉතා උස් ස්ථානයක හෝ ඉතාම උස වෘක්ෂයක ඉහළම අතු රිකිල්ලකය...උකුසු දෙමව්පිය යුවල සිය කැදැල්ල තනද්දී එය සදාකාලික නවා තැනක් නොවන බව අවබෝධයෙන් යුතුව එය තනනු ලබයි. එය හුදෙක් බිත්තර දැමීමටත්,බිත්තර රැකීමටත්,පැටවුන් පෝෂණය කිරීමටත් පමණක් ප්රමාණවත් පරිදි සකසති.කැදැල්ල බොහෝ විට තනන්නේ ශක්තිමත්ව වැඩුණු අතු රිකිල්ලක් මත ඝන රළු කෝටු කැබලි පදනමක් ලෙස අතුරා ඒ මතයි. ඊටවඩා සිහින් මෘදු කෝටු කැබලි ඒ මත අතුරනු ලබයි. සිහින් කෙඳි ඊටත් උඩින් අතුරයි.මෘදු වියළි පත්ර අවසානයේ මතුපිටින් අතුරා වඩා වැඩි සුව පහසුව සලසනු ලැබේ.
මෙලෙස පියවර කිහිපයකින් කැදැල්ල තනනු ලබන්නේ මතුපිට ඉතා මෘදු ලෙස පැවතීමටයි.එමගින් බිත්තර දැමීම මෙනම ඒවා රැකීමත් වඩා ආරක්ෂිතව සිදුකිරීම අපේක්ෂා කෙරේ.
බිත්තර මෝරා එළියට එන පැටවුන්ට සිය කැදැල්ල අතිශය සුව පහසුව දනවන ස්ථානයකි.දෙමව්පියන් මේ පැටවුන් පිටතින් සොයා රැගෙන එන ආහාර කවා සුරක්ෂිතව රැක බලා ගනියි. සිය පියාපත් තුළ පැටවුන් සඟවාගෙන උන්ට අවැසි උණුසුම ලබා දෙයි.
මසක් දෙමසක් මෙලෙස ආරක්ෂිතව වැඩෙන උකුසු පැටවුන් එක්වරම මව විසින් එළියට නොගනියි. පැටවු සුව පහසු දනවන පත්ර ඇතුරුම් මත ගෙවු සුව පහසු දිවියෙන් මිදි යාමට අකමැත්තක් දක්වති. නිදහස් අහසේ පියාඹා යාමට බියක් පෙනවති.
මේ බව දන්නා උකුසු මව ටිකෙන් ටික සුව පහසු පත්ර ඇතුරුම එකිනෙක ඉවත්කර දමයි. එවිට පැටවුනට රළු ඇනෙන සුළු වේදනා දනවන කෝටු කැබලි අතුරනය මත සිටීමට සිදුවෙයි. එය වේදනාකාරී බැවින් පැටවුනට ඒ මත රැඳී සිටීමට ඉතා අපහසු වෙයි. එහෙයින් උන් කැදැල්ලෙන් පිටතට පනියි. නිතැතින්ම උනගේ පියාපත් ක්රියාකාරී වී උන් පියාඹා යයි.
මෙලෙස ඔබ වැඩි මහලු වන විට ඔබේ දෙමව්පියන් ඔබ තනිව නැගී සිය වැඩපල කරගනු ඇතැයි අපේක්ෂා කරයි. එහෙයින් සැමදා පුරණකාලීනව දෙමව්පිය රැකවරනයේ සිටිය නොහැකි බව සිතට ගන්න. උකුසු පැටවා ක්රමිකව වැඩී පියාඹා යාමට හැකියාව වඩවා ගන්නා සේම ඔබ ඔබගේ දැණුම,හැකියාව,දක්ෂතා වඩවා නිදහස් අඹරේ ඈතටම .......ඉහලටම........පියාසර කරන්න. නිදහසේ සුව විඳිමින් උගත් ශිල්පයන්හි මිහිරි ඵල භුක්ති විඳින්න.

Last edited: