නිදහස් අරකට අත නොතබව්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    නිදහස් අරකට අත නොතබව්

    නිදහස් අරකට අත නොතබව්

    පසුගිය දිනක අපගේ ශ්‍රී ලාංකික මිතුරෙක් රාත්‍රී භෝජනය සඳහා අප නිවසට ආරාධනා ලැබීය. බොහෝ විනෝදබර වූ එම සන්ධ්‍යාවේ ඔහු අපූරු කතාවක් කිවේය.

    "අපේ මාම කෙනෙක් ඉන්නවා නුවර. ඉස්සර නම් මුකුත් නොකර ඔහේ පැත්තකට වෙලා ඉන්න අවස්ථාවක කවුරු හරි ඇහුවොත් මොකද මාමේ කරන්නේ කියල, එයා කියන්නේ 'මේ නිකං ඉන්නවා පුතේ' කියල. හැබැයි දැන් නම් කියන්නේ 'මේ නිදහසේ ඉන්නවා පුතේ' කියල". මිතුරා කීය.

    "මොකක්ද ඉතින් ඒ වෙනසට හේතුව" මම ඇසුවෙමි.

    "මාම කියන්නේ එකට හේතුව 'නොමිලේ' කියල".

    "මොකක්ද ඒ කතාවේ තේරුම?" මම වික්ෂිප්තව ඇසුවෙමි.

    "ඇයි ඉතින් ලංකාවේ 'නිකං' කියන වචනේ තේරුමත් නොමිලේ, 'නිදහස්' කියන වචනේ තේරුමත් නොමිලේ. ඉතින් මාම කියන්නේ නිකං ඉන්නවා කිව්වත් එකයි, නිදහසේ ඉන්නවා කිව්වත් එකයි කියල".

    ඔහුගේ කතාවේ උපහාස රසය මට වැටහුනේ එවිටය.

    ලංකාවේ බොහෝ දෙනෙක් නොමිලේ දේවල් ඉල්ලා විදී බසිති. එහෙත් නොමිලේ යයි කීමට ලැජ්ජාවෙන්දෝ ඔවුන් ඒ වචනය වෙනුවට නිදහස් යන වදන භාවිතා කරයි. "නිදහස් අධ්‍යාපනයට අත නොතබනු" යයි කෑගසන කෙනෙකුගෙන් මෙහි නිදහස් යන වචනයෙන් ඔහු අදහස් කරන්නේ කුමක්දැයි අසන්න. නොමිලේ යන්නට වඩා කිසිම දෙයක් ඔහුට කිව නොහැකි වනු ඇත. නොමිලේ නොලැබෙන නිදහස් අධ්‍යාපනයකින් ඔවුනට කිසිඳු ඵලක් නැත.
    berlin_end_of_ww2-P.jpeg

    මෙසේ නොමිලේ දේවල් ඉල්ලා කෑගසන උදවියම සමහර අවස්ථාවල 'ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය' පිළිබඳවද උදම් අනනු අප දැක ඇත. ලියවී ඇති ඓතිහාසක කරුණු පෙන්වන්නේ ලාංකිකයා ඉතා මෑතක් වනතුරු නිකං කෑමේ පිළිවෙතක් අනුගමනය කර නැති බවයි. තමා ලබා ගන්නා දැනුම වෙනුවෙන් පවා ශිෂ්‍යයා විසින් ආචාර්යවරයාට ගෙවීමක් කරන ලදී. ධනවතුන් නම් කහවණු වලින්ද, ධනය නොමැත්තන් තම ශ්‍රමයෙන්ද මෙම ගෙවීම කරන ලදී. එහෙත් මේ නිකං නොගැනීමේ අභිමානය අද ලාංකිකයා වෙතින් ගිලිහී ගොස් ඇත.

    දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු දරුණු ලෙස කඩා වැටුණු රටවල් නැගී සිටීමට යත්ත දරද්දී, සියල්ලටම පෙර තම ජනතාව දෙපයින් නැගී සිටුවිය යුතු බව එම රටවල පාලකයන්ට පෙනී ගියේය. මෙහි ප්‍රතිපලයක් ලෙස සමාජයේ පහල මට්ටමේ ජනතාව නැගිටුවාලිම සඳහා මූලික මානුෂිය අවශ්‍යතා නොමිළේ හෝ සලාක ක්‍රමයක් යටතේ අඩු මුදලකට ලබා දීම ආරම්භ විය. අධ්‍යාපනය, සෞඛ්‍ය, මූලික ආහාර සහ සමහර රටවල පානීය ජලය එසේ නොමිළේ ලබා දුන් අවශ්‍යතා විය. මෙය කෙටි කාලින සැලසුමක් වූ අතර ක්‍රමයෙන් මේ නොමිළේ ලබාදුන් දේ අඩු කර, බොහෝ රටවල සම්පුර්ණයෙන්ම නවතා දැමීය.

    සමහර යුරෝපීය රටවල් ආර්ථික අතින් ඉදිරියට එද්දී ඔවුනට අධ්‍යාපනය තවදුරටත් සිසුන්ගෙන් මුදලක් අය නොකර පවත්වාගෙන යා හැකි ක්‍රය ශක්තියක් ඇතිවිය. එහෙත් ලොව කිසිම භාණ්ඩයක් හෝ සේවයක් නොමිළේ ලැබෙන්නේ නැත. ඔබට මුදල් ගෙවීමකින් තොරව යමක් ලැබෙද්දී කවරෙකු විසින් හෝ එම මිළ ගෙවිය යුතුව ඇත. යුරෝපයේ සිදුවන්නේ අධ්‍යාපනය ලබන සිසුවා (හෝ ඔහුගේ දෙමාපියන්) අධ්‍යාපනය සඳහා ගෙවිය යුතු මුදල, සමාජය විසින් ගෙවනු ලැබීමයි. මෙම ගෙවීම සිදුවන්නේ සමාජයේ සියළු දෙනාගෙන්ම අය කරන, ආදායමෙන් 35% කට අධික වූ බදු මුදලිනි.

    රුසියානු සහ චීන විප්ලව වලින් පසු සමාජවාදී රටවලද මේ ලෙස සිසුවා මුදල් නොගෙවා අධ්‍යාපනය ලබන පසුබිමක් සකස් විය. මේ නොමිලේ අධ්‍යාපනය වෙනුවෙන් ඉගෙන ගත් සිසුවාට මෙන්ම මුළු සමාජයටම තම ශ්‍රමයෙන් සහ දැනුමෙන් නොයෙකුත් ආකාරයෙන් මිල ගෙවීමට සිදුවිය. මෙහිදී බොහෝ විට සිදු වුනේ රජය විසින් නියම කරන රැකියාවක්, රජය තීරණය කරන වැටුපකට කල යුතු වීමයි. මෙය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කල යුතු විය. පසු කලක, අප සැවොම දන්නා පරිදි මෙම ක්‍රමය අසාර්ථක වී ලොව බොහෝ රටවලින් විසිවී ගියේය. අද චීනය රුසියාව වැනි සමාජවාදයේ නියමුවන් වූ රටවලද අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් අධ්‍යාපනය ලබන්නා විසින් වැය කල යුතුය. එහෙත් බොහෝ රටවැසියන් මෙම ක්‍රමයට කැමැති බව ඔවුන්ගේ කතා බහේදී හැඟී යයි. නොමිලේ අධ්‍යාපනය ලබන වහළුන් වීමට වඩා තම මුදලින් ඉගෙන ගන්නා නිදහස් මිනිසුන් වීමට ඔවුන් කැමතිය. කෙසේ නමුත් මේ රටවල අද දක්වා කිසිවෙකුටත්, මුදල් නොමැති බැවින් අධ්‍යාපනය නොලැබීමේ තත්වයක් උදාවී නැත.

    ලංකාවේ නිකං දෙන සංඛල්පය එහෙම පිටින්ම විකෘතියකි. කෙටි කලකට හෝ යමක් නොමිලේ ලැබෙන විට ඔවුන් එය අයිතිවාසිකමක් කරගනියි. මෙයට හේතුව වන්නේ දේශපාලුවා විසින් රටේ ජන විඥානය මත සිදුකරන ව්‍යාකූලතාවයකි. ඔවුන් ජනතාව දුප්පතුන් සහ පොහොසතුන් ලෙස ස්ථිර බෙදීමකට ලක් කරයි. ඉන්පසු දුප්පතාට නිකං කන්න දීම පොහොසතාගේ අනිවාර්ය යුතුකමක් බවට අදහසක් ස්ථාපිත කරයි.

    සැබවින්ම ලාංකික සමාජයේ දුප්පත්-පොහොසත් කියා ස්ථාවර බෙදුම් ලක්‍ෂයක් සොයාගත නොහැක. ඇත්තේ සුමට ලෙස වෙනස්වන අනුක්‍රමණයකින් යුත් සරල රේඛාවකි. පුද්ගලයන් වශයෙන් හෝ සමුහ වශයෙන් ජනතාව මේ රේඛාවේ ඉහල පහල යන (හෝ යා හැකි) බව දේශපලුවා වසන් කරයි. මන්ද ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ මෙම බෙදීම සවිමත් වන තරමටය. ඔවුන් දුප්පත්කම උත්කර්ෂයට නංවන්නේ මේ නිසාය. මේ කිසිම දේශපාලකයෙකුට දුප්පතාට අතදී ඔහුව පොහොසතෙකු කිරීමට අවශ්‍ය නැත. මන්ද එවිට ඔවුනට තවත් එක් චන්දයක් අහිමි වන බැවිනි (හෝ ඔවුන් එසේ සිතනා බැවිනි).

    සමාජයක් දියුණු වන්නේ සෑම පුද්ගලයෙකුම තමන් ලබන දෙයට නියමිත සාධාරණ මිලක් ගෙවීමෙනි. කලයුත්තේ මෙම සාධාරණ මිල ස්ථාපිත කිරීමයි. එය කිරීමට පෙර සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයන් තම තමන්ගේ යුතුකම් පිළිබඳව අවබෝධ කරගත යුතුය. තමා සමාජයේ ඇති-හැකි අය විසින් රැක බලා ගත යුතු නැති-බැරි අය බවට දරන සිතිවිල්ල ප්‍රථමයෙන්ම බැහැර කල යුතුය. එක්කෝ තමන් ලබා ගන්න දෙයට අත්පිට මුදල් ගෙවිය යුතුය. නොඑසේ නම් ලබන ආදායමෙන් ඉහල බදු ප්‍රතිශතයක් රජයට ලබා දීමට සුදානම් විය යුතුය.

    නොඑසේ නම් සිදුවන්නේ ..... මෙතෙක් සිදු වී ඇත්තේ ...... මෙයයි;

    වැඩි ප්‍රතිශතයක් ජනතාව නිකං දේවල් බලාපොරොත්තු වෙන බව දේශපාලුවා දනියි. නිකං දෙන්න රටේ ධන උල්පතක් නැත. බදු ගැසුවහොත් ඔහුට පැවැත්මක් නැත. මේ නිසා හොඳම ක්‍රමය හැකි පමණ ණය (පොලියට) ගැනීමයි. ණයට ගෙන නිකං දීමයි. එමගින් රට දිනෙන් දින අගාධයට යයි. මේ බව අප කාටත් වඩා දන්නේ දේශපලුවාය. ගිලෙන නැවකින් අනාගතයේ යමක් ලබා ගැනීමට සිහින මැවීම අනුවණකමකි. ගිලෙන්න පෙර හැකි තරම් දේ රැස් කරගෙන නැවෙන් ඉවත් විය යුතුය. එබැවින් දේශපාලුවා හැකි සෑම අයුරකින්ම තමාගේ පෞද්ගලික මඩිය තරකරගැනීමට උත්සහ කරයි. මන්ද ඔහුගේ සහ පවුලේ පැවැත්ම ඇත්තේ එතනයි. සෑම දේශපාලුවකුගේම අරමුණ මෙය බැවින් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඔවුන් එකමුතු වී සිටියි. මුදල් වංචාවකට කිසිඳු දේශපාලුවෙක් මෙතුවක් සිපිරිගෙට ගොස් නැත්තේ මේ නිසාය....

    -----------------------------------------------------------------------------------

    මැලේසියාවේ පවතින 'සුප් කිචන්' සංඛල්පය පිළිබඳව වරක් මම ලිපියක් පළ කලෙමි. මෙහිදී කෙරෙන්නේ සමාජයේ ඇති හැකි අය එකතුවී විශාල පරිමාණයෙන් නැති බැරි අයට රසවත් ආහාර වේලක් දිනපතා ලබා දීමයි. මෙය කෙරෙන්නේ පෞද්ගලික සහ ස්වෙච්චා පදනමක් මතයි.

    මෙය කියවූ මගේ මිතුරෙක් පැවසුවේ "ලංකාවේ නම් මෙහෙම දෙයක් කරන්න තියා හිතන්නවත් එපා" කියාය. ඊට හේතුව ඇසූ විට ඔහුගේ පිළිතුර වුයේ "ඕක පටන් ගත්තා වගේ නෙවෙයි, බැරි වෙලාවත් නවත්තන්න වුනොත්, කට්ටිය රටම පෙරලයි, නිදහස් ආහාර වේලට අත නොතබව් කියල".

    ඔහුගේ ප්‍රකාශය ඇත්තෙන්ම අතිශයෝක්තියක් නොවේ. අසූව දශකයේ මැද භාගයේදී ඇතුලත්මුදලි මහතා මහපොළ ශිෂ්‍යත්ව සංඛල්පය ගෙන එන විට සරසවි සිසුන්ට නිකං සල්ලි දෙන ලෙස ඉල්ලීමක් තියා අදහසක්වත් කිසිවෙකු තුල තිබුණේ නැත. සරසවි අධ්‍යාපනය නොමිලේ ලබා දී, මාසය අන්තිමට අතට මුදලකුත් ලබා දෙන තවත් රටක් ලෝකයේ ඇත්දැයි මම නොදනිමි. වැඩිම වුවහොත් ලැබෙන්නේ ණය මුදලකි. ඔහුගේ වාසනාවට මෙන් ඇතුලත්මුදලි මහතා තමා කල වරදෙහි බරපතලකම පිළිබඳව නියම අදහසක් ලබා ගැනීමට පෙර දැයෙන් සමුගත්තේය.

    ටික කලක් යද්දී ශිෂ්‍යයෝ "මහපොළ වැඩි කරවූ", "මහපොළට අත නොතබවූ" යන සටන් පාඨ පෙරදැරි කරගෙන මහා උද්ඝෝෂණ, පන්ති වර්ජන ඇරඹුහ. මීට වසරකට පමණ පෙර ඇතුලත්මුදලි මහතා වෙනුවෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයක් තුල ඉදිකළ සමරු ඵලකය සිසුන් විසින් කඩා බිඳ දැමුවේ "මහපොළ, ඇතුලත්මුදලි ගෙදරින් ගෙන ආ දෙයක් නොවේ" යැයි කියමිනි. ඔවුන් අගයන, පිළිම සාදන, එකදු දෙසපාලුවෙකුවත් කිසිම දෙයක් ගෙදරින් ගෙනවිත් බෙදා නොදුන් බව ඔවුනට අමතක වී තිබුණි. ඔවුන්ගේ සමහර නයුවන් රටේ තිබූ බොහෝ දේ විනාශ කර දමන ලද බවද ඔවුන්ට අමතකය. ඒ ලංකාවේ හැටිය.........

    නිකං දෙනවා නම් දෙමළ පත්තරේ උනත් කමක් නැත
    හැබැයි නිකං දුන්නු දෙමළ පත්තරේ වුවද නවතුවහොත් එය මහා අර්බුධයක් වනු ඇත.

    http://chandimagomes.blogspot.com/2017/09/blog-post_28.html
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    කවදාවත් අපිට පිනට නොමිලේ ලැබිල නෑ... ඒ හැම දෙයක්ම වක‍්‍රාකාරව අපේ දහඩියෙන් මහන්සියෙන් හම්බ කරපු රුපියලම තමයි ආපහු ලැබෙන්නේ...

    පිනට රජ සැප විඳින නිකමුන් 225 කුත්, තවත් උන්ගේ හත්මුතු පරම්පාරවක් ගැන කතා නොකර මේ වගේ දේවල් කතා කරන එක වැඩක් නෑ බං....

    රටක නිදහස් අධ්‍යාපනය, ප‍්‍රවාහනය හා සෞඛ්‍ය අතිශය සංවේදි කාරණා... ඒවා ගැන ගැන වැල් වටාරම් කතා නොකර පිනට කන විල මැද ගාලේ හරක් ගැන කතා කරන එක වඩාත් ප‍්‍රායෝගිකයි....
     
    • Like
    Reactions: gaya1

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    කවදාවත් අපිට පිනට නොමිලේ ලැබිල නෑ... ඒ හැම දෙයක්ම වක‍්‍රාකාරව අපේ දහඩියෙන් මහන්සියෙන් හම්බ කරපු රුපියලම තමයි ආපහු ලැබෙන්නේ...

    පිනට රජ සැප විඳින නිකමුන් 225 කුත්, තවත් උන්ගේ හත්මුතු පරම්පාරවක් ගැන කතා නොකර මේ වගේ දේවල් කතා කරන එක වැඩක් නෑ බං....

    රටක නිදහස් අධ්‍යාපනය, ප‍්‍රවාහනය හා සෞඛ්‍ය අතිශය සංවේදි කාරණා... ඒවා ගැන ගැන වැල් වටාරම් කතා නොකර පිනට කන විල මැද ගාලේ හරක් ගැන කතා කරන එක වඩාත් ප‍්‍රායෝගිකයි....
    :D:D:D
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    නිදහස් අරකට අත නොතබව්

    වැඩි ප්‍රතිශතයක් ජනතාව නිකං දේවල් බලාපොරොත්තු වෙන බව දේශපාලුවා දනියි. නිකං දෙන්න රටේ ධන උල්පතක් නැත. බදු ගැසුවහොත් ඔහුට පැවැත්මක් නැත. මේ නිසා හොඳම ක්‍රමය හැකි පමණ ණය (පොලියට) ගැනීමයි. ණයට ගෙන නිකං දීමයි. එමගින් රට දිනෙන් දින අගාධයට යයි. මේ බව අප කාටත් වඩා දන්නේ දේශපලුවාය. ගිලෙන නැවකින් අනාගතයේ යමක් ලබා ගැනීමට සිහින මැවීම අනුවණකමකි. ගිලෙන්න පෙර හැකි තරම් දේ රැස් කරගෙන නැවෙන් ඉවත් විය යුතුය. එබැවින් දේශපාලුවා හැකි සෑම අයුරකින්ම තමාගේ පෞද්ගලික මඩිය තරකරගැනීමට උත්සහ කරයි. මන්ද ඔහුගේ සහ පවුලේ පැවැත්ම ඇත්තේ එතනයි. සෑම දේශපාලුවකුගේම අරමුණ මෙය බැවින් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඔවුන් එකමුතු වී සිටියි. මුදල් වංචාවකට කිසිඳු දේශපාලුවෙක් මෙතුවක් සිපිරිගෙට ගොස් නැත්තේ මේ නිසාය....

    http://chandimagomes.blogspot.com/2017/09/blog-post_28.html

    Umba hena gahanawa wage aththa dala thiyanawane ++
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    කවදාවත් අපිට පිනට නොමිලේ ලැබිල නෑ... ඒ හැම දෙයක්ම වක‍්‍රාකාරව අපේ දහඩියෙන් මහන්සියෙන් හම්බ කරපු රුපියලම තමයි ආපහු ලැබෙන්නේ...

    පිනට රජ සැප විඳින නිකමුන් 225 කුත්, තවත් උන්ගේ හත්මුතු පරම්පාරවක් ගැන කතා නොකර මේ වගේ දේවල් කතා කරන එක වැඩක් නෑ බං....

    රටක නිදහස් අධ්‍යාපනය, ප‍්‍රවාහනය හා සෞඛ්‍ය අතිශය සංවේදි කාරණා... ඒවා ගැන ගැන වැල් වටාරම් කතා නොකර පිනට කන විල මැද ගාලේ හරක් ගැන කතා කරන එක වඩාත් ප‍්‍රායෝගිකයි....

    :yes:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda

    කවදාවත් අපිට පිනට නොමිලේ ලැබිල නෑ... ඒ හැම දෙයක්ම වක‍්‍රාකාරව අපේ දහඩියෙන් මහන්සියෙන් හම්බ කරපු රුපියලම තමයි ආපහු ලැබෙන්නේ...

    පිනට රජ සැප විඳින නිකමුන් 225 කුත්, තවත් උන්ගේ හත්මුතු පරම්පාරවක් ගැන කතා නොකර මේ වගේ දේවල් කතා කරන එක වැඩක් නෑ බං....

    රටක නිදහස් අධ්‍යාපනය, ප‍්‍රවාහනය හා සෞඛ්‍ය අතිශය සංවේදි කාරණා... ඒවා ගැන ගැන වැල් වටාරම් කතා නොකර පිනට කන විල මැද ගාලේ හරක් ගැන කතා කරන එක වඩාත් ප‍්‍රායෝගිකයි....

    අරුගෙන් ඒ වගේ කතාවක් අහගන්න බැනේ. පුක සේදීමේ project එකේ වැඩ කරන එකෙක් එහෙම කතාවක් කියයිද
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කථාව ඇත්ත. ඔහොම නිකං දෙන රටවල් බොහොම සීමිතයි. මැදපෙරදිග රටවල් වල විතරයි මම දන්න තරමින් අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් නිකං දුන්නේ. ඒත් ඒ රටවල පාලන ක්‍රමවේදය දන්නවනේ.