නිදහස් ය මගේ හිත...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    සිත්තමකි අහස් ගැබ
    වළා ඇඳි රූ රටා...
    මං ඉතින් සක්මනේ
    බලන් නෙක රූ සොබා...

    වෙල් තීරයට එපිට
    සා පැටව් නට නටා...
    කුරුළු කිචි බිචිය මැද
    ඇළේ දිය ගල ගලා...

    මං ඉතින් බර දුනෙමි
    ගල්තලාවක් වසා...
    නිදහස් ය මගේ හිත
    පුළුන් රොදකට වඩා...

    2306141118
    #swabadahama
    #mabheera
    #spn