නිදහස් වෙළද කලාපේ වැඩියෙන්ම විකිණෙන පෙත්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නිදහස් වෙළද කලාපේ වැඩියෙන්ම විකිණෙන පෙත්

    postinor+2.JPG



    හදිසි ගැබ් ගැනිම් වැලැක්විම සදහා පමණක් භාවිතා කිරිම පවුල් සේවා සංගමය විසින් හදුන්වා දෙනු ලැබු පොස්ටිනෝ 2 නම් වු බෙහෙත් පෙත්ත නිදහස් වෙළද කලාපයේ තරුණියන් බහුල ලෙසින් පාවිච්චියට ගනු ලබන තත්වයක් උදාවි ඇතැයි වාර්ථා වේ.

    ආනාරක්ෂිත එක්විමකින් පසු පැය 72 ක් ඇතුලත පොස්ටිනෝ පාවිචිචයට ගැනිමෙන් අනවශ්‍ය ගැබ්ගැනිමක් සිදුවිමට ඇති ඉඩ වැලකි යන බව මේ පිලිබදව අප කළ විමසුමකට පිලිතුරු දුන් පවුල් සේවිකාවක් පවසා සිටියාය.
    මෙහි ඇති අධි හෝමෝන තත්වය නිසා මෙම පෙත්ත නිතර භාවිතා කිරිමෙන් ඔසප් චක්‍රය අසමාන්‍ය වීම් ඇති විය හැකි බවත් එහි ප්‍රතිපළ ලෙස මසකට දෙතුන් සැරයක් ඔසප්විම ඇතිවිය හැකි බව තවදුරටත් ඇය පවසා සිටියාය.මෙය කිසිසේත්ම උපත් පාලන ක්‍රමයක් ලෙසින් භාවිතා නොකළ යුතු වුවද අද නිදහස් වෙළද කලාප යුවතියන් අතර ප්‍රචලිත වෙමින් ඇත්තේ එම පෙත්තයි..

    නිදහස් වෙළද කලාපයේ අවට බෙහෙත් ශාල පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගෙන් මේ පිළිබදව විමසිමේදි දැනගන්නට ලැබුනේ ඔවුන් හමුවට මෙසේ ඔසප් චක්‍රය අක්‍රමත්වු තරුණියන් පැමිණෙන බවත් මේ අයගේ වැඩි විස්තර සොයා බැලිමේදි දැනගන්නට ලැබෙන්නේ මේ අය පොස්ටිනෝ භාවිතයට වැඩියෙන් ඇබ්බැහි වි ඇති අය බවත්ය.

    40000 කට ආසන්න නිදහස් වෙළද කලාප කම්කරුවන්ගෙන් 80%ක්ම කාන්තාවන් වන අතර ඒ අයගෙන් අතිබහුතරයක් නිත්‍යාණුකූල ලෙසින් විවාහ නොවි තම සහකරු සමගින් එකට ජිවත්වන තත්වයක් නිදහස් වෙළද කලාපයේ උප සංස්කෘතියක් බවට පත්ව ඇත.

    නිදහස් වෙළද කලාපයේ රැකියා අවස්ථා 7000 ක් පමණ තිබුනත් අවශ්‍ය කම්කරුවන් ඒ පුරප්පාඩු සදහා නොපැමිණිම හේතුවෙන් වයස් සිමාව 16 දක්වා පහල දමන්නට කම්හල් පාලකයන් කටයුතු කිරිම හේතුවෙන් මෑතකාලයේ නිදහස් වෙළද කලාප කම්කරු සංයුතියට වයස අවුරුදු 16 -17 අයද එක්වන්නට පටන් ගෙන තිබේ.

    මේ හිරිමල් යෞවනියන්ද දැන් පොස්ටිනෝ භාවිතයට වේගයෙන් පුරුදු වෙමින් සිටිතැයි වාර්ථා වේ.නිසි ලිංගික අවබෝධයක් නැති මේ යුවතියන් අතරට නිසි ලිංගික අධ්‍යාපනයක බරපතල අවශ්‍යතාවක් මේ අනුව මතුව තිබේ.