රට යන්න ඉන්න ඔබට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ අවුරුද්ද තුල ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට සංක්‍රමණය වීම අනෙකුත් වසර වලට සාපේක්ශව බොහොම ඉහලයි. ඒ නිසාම පොඩි සටහනක් තියන්න හිතුවෙ මෙතෙක් දවස් කතා නොකරපු මාතෘකාවක් ගැන.

    මගෙ හොඳම මිත්‍රයෙක් ඉන්නව මනෝ චිකිත්සකයෙක් එහෙමත් නැත්තං මනෝ වෛද්‍යවරයෙක් ( clinical psychologist) විදිහට රැකියාව කරන. ජර්මනියෙ ඉපදුනු මගෙ මිත්‍රයාට ඉන්දියානු සම්භවයක් තියන නිසා එයාගෙ ගනුදෙනු කාරයන් බොහෝ දෙනෙක් දකුණු ආසියානුවන්. ( ලංකාවෙ වගේ රෝගීන් කියන යෙදුම පාවිච්චි වෙන්නෙ නෑ.. ඒ වෙනුවට ක්ල‍යන්ට් ( Clients) නැත්තං ගණුදෙනු කාරයො කියන වචනයයි යොදාගන්නෙ).

    " අපේ ඉන්දියානු කලාපයේ තියෙන්නෙ පුදුමාකාර විදිහට මුල් බැහැගත්ත ගතානුගතික ආකල්ප. අවුරුදු දහය දොලහ මේ රටවල ජීවත් වෙලත් මේ අයට තවම බැහැනෙ ගුහාවෙන් එලියට එන්න"

    " ඒ පාර මොකද්ද මේ කතංදරේ" මම ඇහුව.

    " මිත්‍රයා දන්න්වනෙ මගෙ ලඟට වැඩියෙන්ම එන්නෙ අපේ කලාපෙ ඉපදුනු කට්ටිය.. ඊයෙ ආව තරුණ ගෑනු කෙනෙක් කන බොන එක ප්‍රථික්ශේප කරපු... හේතුව හිතා ගන්න පුළුවන්ද? "

    "ඒ මොකද .? දෙයියන්ට පූජා කරපු කෑම ටික පූසෙක් කාලද? "

    " විහිළුවක් නෙවේ... එයාගෙ දුව සති අන්තයේ එලියට ගිහින් යාළු මිත්‍රයො එක්ක ගෙදර ඇවිල්ල තියෙන්නෙ ඉරිද හවස. දැරිවිට අවුරුදු දහ අට වුනු එකේ ප්‍රීතිය සමරන්න තමයි කට්ටිය එලියට ගිහින් තියෙන්නෙ...
    එයා වොඩ්ක බීපු එකට සමාව දෙන්න පුළුවන්ලු. නමුත් හොඳම යාළුවා එක්ක බුදිය ගත්ත එක මුළු පවුලටම අවනම්බුවක්ලු.."

    " බුදිය ගන්නෙ නැතුව ඇහැරල ඉන්නද කියන්නෙ සිකුරාදා ..සෙනසුරාදා රෑ දෙකම" මං විහිළුවක් කරත් මට තේරුනා මේ කියන්නෙ මේ දරුව ලිංගික සම්භන්ධතා පැවැත්වුව එකට තමයි ඔය "බුදිය ගත්ත" කියන යෙදුම පාවිච්චි කරන්නෙ කියල.

    " විහිළු නෙවේ.. මේ දරුවා ඉපදිලා තියෙන්නෙ මෙහෙ.. එයා කතා කරන්නෙ ප්‍රංශ භාශාවයි.. ඉංග්‍රීසියි. යන්තම් හින්දි කතා කරන්න පුළුවන්. එයාගෙ ඔක්කොම යාළුවො යුරෝපීයයන්.. ගති පැවතුම් ඇඳුම් පැලඳුම් හැමදේම මෙහෙ මිනිස්සු වගේමයි.
    ඉතින් මම එයාගෙ අම්මට කීවෙ මේ දරුව කිසිම වරදක් කරල නැහැ. ඒ හැසිරීම සාමාන්‍යයි ..
    අවුරුදු 18යි කියන්නෙ එයා වැඩිහිටියෙක්. "

    අම්ම අහනව එතකොට මේ දරුව ගැබ් ගත්තොත් මමද තාත්තා වෙන්නෙ කියල.
    “එයා ගැබ් ගන්නනව නම් අම්ම කෙනෙක් විදිහට ඔබේ රාජකාරිය හරියට කරල නැහැ. මේ වයසෙදි ගෑනු දරුවන්ට උපත් පාලන කොපු පාවිච්චියට උපදෙස් දෙන්න ඕනෙ අම්මල විසින්. ඔබ හරියට ඒ දෙය ඔබගෙ දුවට ඉගැන්නුවා නම් ප්‍රශ්ණයක් නෑ."

    මේක ලොකු ගැටළුවක්.. යුරෝපයේත් උතුරු ඇමරිකානු රටවල වගේම .. ඕස්ට්‍රේලියා හා නවසීලන්තය වගේ රටවලත්.
    දකුණු ආසියානු හා මැදපෙරදිග ප්‍රදේශ වලින් සංක්‍රමණය වන බොහෝ පවුල් මේ ගැටළුවට මුහුණ දෙනව.

    මේ දරුවො ඉපදෙන්නෙ මෙහෙ. හැදෙන්නෙ වැඩෙන්නෙ මේ සංස්කෘතිය තුල. අම්මල තාත්තල කොයිතරම් බල කරත්.. උපදෙස් දුන්නත් ඒ අය ගණුදෙනු කරන්නෙ අලුත් සංස්කෘතිය එක්ක.
    තමන්ගෙ යාළු මිත්‍රයො ඔක්කොම එක සමාන ගමනක් යද්දි ගෙදරින් වෙනම ක්‍රමයක් ගැන බලකරනව. මෙතැන්දි දරුවො අතරමං වෙනව.
    ඒ අය ලොකු මානසික ගැටළු වලට මුහුන දෙනව.

    අවුරුදු දාසයෙන් දාහතෙන් පස්සෙ තමන්ගේ වයසේ තරුණ තරුණියො එක්ක ලිංගික සම්භන්ධතා පැවැත්වීම මේ සමාජය තුල ටැබූ එකක් නෙවේ.
    අවුරුදු 18 සම්පූර්න කරද්දි … ඒ අයව වැඩිහිටියන් විදිහට සලකන්නෙ නීතියෙන් හා .. සමාජ ආකල්ප යන අංශ දෙකෙන්මයි.
    තමන්ගෙ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක සති අන්තයේ ඇවිදින්න යෑම හෝ අධ්‍යාපන කටයුතු වලට එකතු වීම ඉතාම පොදු දෙයක්.
    මේක කියවන කෙනෙක්ට හිනා යන්න පුලුවන්.
    ඔබ කියාවි අවුරුදු දහ අටේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි වීකෙන්ඩ් එකට කාමරේකට දැම්මොත් හොඳට පාඩම් කරයි කියල.
    නමුත් ඒක තමයි ඇත්ත.. එලිවෙනකල් රෑ වෙනකල් ලිංගික සම්භන්ධතා පවත්වන්න ඒ අයට අසහනයක් නෑ. හේතුව ලිංගිකත්වය තහණම් මාතෘකාවක් නෙවේ. අවුරුදු දහය දොලහ කාලෙදිම අම්මල තාත්ත්ල දරුවන්ව දැනුවත් කරනව ලිංගිකත්වය ගැන.

    ලංකාව ලෝකයේ ප්‍රසිද්ධ වුනේ සෙක්ස් කියන වචනය ගූගල් තුල සෙවීමෙන්. ( What is Sex )
    මේ රටවල අයට සෙක්ස් කියන එක අන්තර්ජාලයේ හොයන්න තරම් අසහනයක් නැහැ. ඒ අය දන්නව ලිංගිකත්වය හා ලිංගික සම්භන්ධතා ගැන. (මේ කියන්නෙ මේ කලාප වල තරුණ තරුණියො සර්ව සම්පූර්ණයි කියල නෙවේ)
    මේ පාසැල් වල ආගම් උගන්වන්නෙ නැහැ. ඒ වෙනුවට සමාජ දැනුම හා ආකල්ප දරුවන්ට පුරුදු කරනව.

    අවුරුදු දහ අට වෙද්දිම ගෑනු දරුවෙක් කියන්න පුළුවන් " අම්මෙ වීකෙන්ඩ් එකට මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ගෙදර එනව... අපිට කරන්න වැඩ ගොඩක් තියනව" කියල.
    එතකොට ඒ අම්ම කෑ ගහන්නෙ නෑ. "වෙන තැන්වල යනවට වඩා ගෙදර යන එක කොච්චර හොඳද" ඒ අම්ම කියනව.
    සිකුරාදා හවස අවන්හල් හා සමාජශාලා වල තරුණ තරුනියො එක වගේ විනෝද වෙනව. නමුත් අධ්‍යාපනය හා රැකියාව ඒ අය කොයිම වෙලාවකවත් අමතක කරන්නෙ නෑ.

    විවාහ වෙන්න කලින් ලිංගික සම්භන්ධතා පවත්වන්නෙ කවුද..? මොන ලැජ්ජාවක්ද ඔබ කියාවි.
    නමුත් මේ සමාජ ක්‍රමය ඔබෙන් අහන ප්‍රශ්ණය තමයි " ඔබෙ ලිංගික සම්භන්ධතා වලට ප්‍රිය කරන කෙනෙක් නම් .. ඔබට ගැලපෙන සැමියා හෝ බිරිඳ තෝරගන්නෙ කොහොමද සම්භන්ධතා පවත්වන්නෙ නැතිව."
    ඔබ කියාවි ආදරය හා කැපකිරීම තිබුනම හොඳටම ඇති කියල.
    "නමුත් පලවෙනියෙන්ම.. ඒ විවාහය පවතින්නෙ අවුරුදු දෙක තුනයි. ඉන් පස්සෙ තමන්ට නොලැබෙන ලිංගික තෘප්තිය ඔබ වෙන තැනක හොයාවි."

    එහෙමත් නැත්නම් මුලු ජීවිතයම දරුවන් වෙනුවෙන් හා සමාජය වෙනුවෙන් කැප කරමින් .. සියල්ල දරා ගනිමින් ඔබ ජීවිතය ගෙවාවි.

    අවුරුදු දහ අට දහ නවය වෙද්දි මේ අයගෙ මූලික අවශ්‍යතාවලින් එකක් තමයි මහ ගෙදරින් නැත්තං දෙමව්පියන්ගෙන් වෙන්වීම.
    අපාර්ට්මන්ට් එකක් නැත්තං ෆ්ලැට් එකක් හොයන්න උදව් වෙන්නෙත් .. බඩු භාන්ඩ ගන්න.. කුලිය ගෙවන්න උදව් කරන්නෙත් අම්මල තාත්තල.
    මේක වැඩිහිටියෙක් බවට පත්වීමේ පලවෙනිම ලක්ශණය.
    මේ තරුණ තරුණියො බොහෝම ආඩම්භරෙන් කියන්නෙ "මං දැන් මගෙම අපාර්ට්මන්ට් එකක ජීවත් වෙන්නෙ. " ගෙට ගෙවදීම සමරන්න ඒ අය බොහොම ලොකුවට සාද සංවිධාන කරනව. මෙයින් අදහස් වෙන්නෙ නෑ අම්මල තාත්තල හෝ පවුල එක්ක සම්භන්ධතා අතාරිනව කියල.
    මේ වෙනම ජීවත් වීමේ සංකල්පයත් එක්ක සම්භන්ධතා තවත් වර්ධනය වෙනව.

    පහු ගිය දවසක ග්‍රීසියේ සංචාරය කරද්දි ප්‍රංශ යුවලක් මුන ගැහුනා නිවාඩුවකට ආපු. හැම තිස්සෙම හිනාවෙවී විනෝදෙන් උන්නු මේ දෙන්න සමාගමට බොහෝම ප්‍රියයි.
    මගේ මිත්‍රයෙක් අහනව උඹල දෙන්න මේ හනිමූන්ද ඇවිත් ඉන්නෙ කියල.
    දෙන්නම හිනා වෙනව බඩ අල්ලගෙන.
    තරුණ කාන්තාව කියනව.. " පිස්සුද මූව බඳින්න.. මූ හොඳයි ඇවිදින්න යන්න ".
    තරුණයා කියනව.. "මේ මගෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් .. අපි එකට ඉගෙන ගත්තෙ.. කොච්චර කල් ගියත් මේ වගේ පිස්සියක් හොයා ගන්න අමාරුයි නිවාඩු යන්න".
    " ඇඳේදි මෙයා තරම් කම්මැලියෙක් .. නිකමෙක් කොහෙවත් නෑ... ඒත් හිත හොඳ එකා.... අපි හොඳ යාළුවො .. එකට බුදිය ගන්නෙ නෑ"

    මේ තරුණිය විවාහකයි.. තරුණයාටත් වෙන සම්භන්ධයක් තියනව.. දරුවො ඉන්නව. නමුත් මේ දෙන්නට එකට නිවාඩු යන්න කොහොමවත් බාධාවක් නැහැ.
    මේ අය පාසැල් කාලෙ ප්‍රේමවන්තයො ... නමුත් එකිනෙකාට ලිංගික ආකර්ශණයක් නෑ. ඒ නිසා ඊර්ශ්‍යා කරන්න .. සැක කරන්න.. රන්ඩු සරුවල් කරන්න කවුරුත් නෑ.

    මේ අය " පවුලේ නිවාඩු " ගත කරන්න පවුලෙ අයත් එක්ක වෙනම යනව.

    මේ කියන්නෙ හැමෝම ගැන නෙවේ.. භහුතරය ගැන.. තරුණ පරපුර ගැන.
    දකින දකින තරුණියො පිටිපස්සෙ ගිහින් කොන්ඩෙන් අදින.. ඇඳට යන්න කතා කරන තරුණයො ඉතාම අඩුයි.
    ඒකට හේතුව ඒ අය තුල ලිංගික අසහනයක් නෑ.

    වික්ටෝරියානු ක්‍රමයේ වගේ කාන්තාවන්ට හෝ පිරිමින්ට පමණක් වෙන්වූ පාසැල් යුරෝපයේ බොහෝ රටවල දකින්න නෑ. මේ අය ක්‍රෙශ් එහෙමත් නැත්නම් මොන්ටිසෝරියේ ඉඳන් එකට හැදෙන්නෙ වැඩෙන්නෙ.

    මේ කියන්නෙ තරුණියන් අතර හැදියාවක් නෑ කියල නෙවේ. නමුත් ඒ අය ලැජ්ජාවෙ මිරිකෙන.. වචන දෙකක් ඇහුවොත් අඬන අය නෙවේ.

    මේ රටවල විවාහය කියන දේ හෙමින් හෙමින් ප්‍රථික්ශේප වෙමින් යන්නෙ.
    ඒ වෙනුවට එකට ජීවත් වීම එහෙමත් නැත්තං ලිවින්ග් ටුගෙදර් කියන ( Living Together) සංකල්පය බොහොම ප්‍රසිද්ධයි.

    සමහරු විවාහ වෙන්නෙ එකට ජීවත් වෙලා අවුරුදු දහයකට විතර පස්සෙ.
    ඒ වෙද්දි ඒ ගොල්ලො දන්නව තව අවුරුදු තිහ හතලිහක් වුනත් සංතෝශෙන් එකට ජීවත් වෙන්න පුළුවන් කියල.

    සිංගල් පේරන්ට් ( Single parent ) කියන්නෙ තවත් සාමාන්‍ය සමාජ සංකල්පයක්.
    සමහර තරුණියො ඉන්නව විවාහ වෙන්න හෝ දීර්ඝ කාලීන සම්භන්ධතා වලට අකමැති. නමුත් අම්ම කෙනෙක් වෙන්න බොහෝම කැමති. ( Single Mother )
    තමන්ගෙ පෙම්වතා එක්ක හෝ හොඳම යාළුවෙක් එක්ක එකතු වෙලා දරුවෙක් හදන මේ අම්මල ජීවත් වෙන්නෙ තනියම.
    මේ ඛාන්ඩෙට එකතු වෙනව බොහොම තරුණ කාලෙම ගැබ් ගන්න අය.
    කිසිම කෙනෙක් හිනා වෙන්නෙ නෑ.
    මගෙ පෙම්වතිය දරුවො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක් කියන්න කවුරුත් ලැජ්ජා වෙන්නෙ නෑ.
    ඒ එක්කම තනිකඩ තාත්තලා හෝ තනිකඩ අම්මලා විවාහ වෙද්දි කවුරුත් කියන්නෙ නෑ... අපොයි එයාට දරුවොත් ඉන්නවනෙ කියල.
    තමන්ගෙ දරුවන් එක්ක ( තනිව) ජීවත් වෙන අම්මලාට රජයෙන් වෙනම දීමනාවක් ගෙවනව දරුවො උස් මහත් කරන්න.
    ඒ නිසා සින්ගල් මදර් වුනා ( Single mother) කියල අධ්‍යාපනය නතර කරන්න හෝ රැකියාවෙ ඉහලට යන්න මේ අයට බාධාවක් නෑ.

    මේ සිද්ධීන් බොහෝ දෙනෙක්ට සුරංගනා කතා වගේ තියේවි.
    ඒ එක්කම සංවෘත්ත සංස්කෘතියක හැදුනු වැඩුනු අය මේ ක්‍රමයට කියන්නෙ සංකර සංස්කෘතිය කියල.

    නමුත් මේ තරුණ තරුණියො මානසිකව නිදහස්. ඒ අය ස්වාධීනයි... පෙම්වතා හෝ පෙම්වතා එක්ක සම්භන්ධය බිඳුන කියල ඒ අය හතුරො බවට පත්වෙන අවස්ථා අඩුයි. අඬල හැපිල ජීවිතේ නැති කරගන්න ගන්න උත්සාහයන් ඉතාම අඩුයි.
    ඒකට හේතුව ඒ අය ස්වාධීනයි. ජීවිතේට තනිව මූන දෙන්න දන්නව.

    කන්‍යාභාවය කියන්නෙ තනිකරම විහිළුවක් මේ සංස්කෘතීන් තුලදි.
    ඒ ගැන තවත් දවසක කතා කරමු.
    මත්පැන් හෝ සිගරට් තරුණයන්ට වගේම තරුණියන්ටත් එක වගේ පොදුයි.
    මත්ද්‍රව්‍ය භාවිතය ගැන තියෙන්නෙත් ඒ වගේම මතයක්. බොහොම තරුණ තරුණියො එක වරක් හෝ කීප වරක් මත්ද්‍රව්‍ය භාවිතයට පෙලඹෙනව.
    නමුත් අධ්‍යාපනය .. දැනුම හා ආකල්ප මත ඇබ්බැහිවීම් දකින්න අඩුයි නූගත් සමාජයන් එක්ක සසඳද්දි.
    අවන්හල් වල වැඩිපුර දකින්න ඉන්නෙ තරුණියො. තරුණයො වඩා කැමති මාළු බාන්න යන්න හෝ වෙනත් ක්‍රීඩාවලට.

    මෙන්න මේ සංස්කෘතිය තුලට දකුණු ආසියාවෙන් හා මැදපෙරදිග කලාප වලින් එන ගතානු ගතික පවුල් අතරමං වෙනව.
    අප්‍රිකානු….ඊසාන දිග ආසියානු හා දකුණු ඇමරිකානු පවුල් මේ සංකීර්ණයට මුහුන දෙනව අඩුයි.
    ඒ අය අනුගත වීම අතින් ඉදිරියෙන් ඉන්නෙ.

    විශේෂයෙන්ම දරුවන් බොහෝ මානසිකව ගැටළු වලට මුහුන පානව අම්මල තාත්තල බුද්ධිමත් වුනේ නැත්නම්... ලවුඩ්ස්පීකර් දාගෙන පිරිත් කියන්න...පූජා තියන්න මේ රටවල ඉඩක් නෑ.
    ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ආගම් අදහන්න එපා කියල.
    නමුත් ආගම කියන්නෙ පෞද්ගලික තීරණයක් හා හැඟීමක් මිස අඬබෙර ගහන නාඩගමක් නෙවේ මේ සංස්කෘතීන් තුල.
    සමහර දෙමව්පියන් බොහොම බුද්ධිමත්…. තමන්ගෙ සංස්කෘතික වටිනාකම් කියල දෙන ගමන් දරුවන්ට අවශ්‍ය නිදහස ලබාදෙන්න.
    අන්න ඒ දරුවො තමයි සමාජය තුල සාර්ථක වෙන්නෙ.

    මේ සටහනෙන් අදහස් වෙන්නෙ නෑ එක සංස්කෘතියක් අනෙක් සංස්කෘතියට වඩා හොඳයි කියල. ඒ එක්කම ඔබ ජීවත් වන සංස්කෘතිය තුලත් මේ වගේ වෙනස් වීම් විය යුතුයි කියල අදහස් වෙන්නෙත් නෑ. සුළු උත්සාහයක් විතරයි මේ පවතින සමාජ ක්‍රමය ගැන අදහසක් දෙන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට යන උන්ව බය කරල මෙහෙ නතර කර ගන්ඩ දාන වේස මායම්..🤣🤣🤣🤣 කුහක ගුපි ජෙපි පොන්න කාදිනාල වැටුන තැන අන්තිමට නොදකින් ග්‍රෝතික පොන්නයො ට්ක ඊයා
     
    • Like
    Reactions: SLHodahitha

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පැතුම් පකයයි උගේ යාළුවොයි සේරම ලින් ගෙම්බෝ වගේ.

    පඩයක් ගියත් වෙඩිල්ල කරගන්න.ඔහොම ප්‍රශ්න පිටරට ජීවත් වෙන 90% ට නෑ. මුන් වගේ තුම්පනේ උන්ට නම් ඇති .කොහොමත් පීටර ගිය ඩොකා ලා හෙන මානසික පීඩනෙන් ඉන්නේ.පඩේකට ගණන් ගන් නැති නිසා.
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පැතුම් පකයයි උගේ යාළුවොයි සේරම ලින් ගෙම්බෝ වගේ.

    පඩයක් ගියත් වෙඩිල්ල කරගන්න.ඔහොම ප්‍රශ්න පිටරට ජීවත් වෙන 90% ට නෑ. මුන් වගේ තුම්පනේ උන්ට නම් ඇති .කොහොමත් පීටර ගිය ඩොකා ලා හෙන මානසික පීඩනෙන් ඉන්නේ.පඩේකට ගණන් ගන් නැති නිසා.
    මෙහේ මුස්ලිම් අය ඉන්නවා ගෙවල් ගන්නේ නෑ ණයක් ගත්තම පොලිය ගෙවන්න වෙනවා කියලා. ඒක ආගමට විරුද්ධයිලු. ලන්කාවේන් ආපු බුවාලාත් හෙනට ආගම අදහනවා නේ. පන්සල් වලමයි. වවුලාගේ ගෙදර ආවා නම් එල්ලිලා ඉන්නවා මිසක් ගෙදර කණපිට ගහන්න බෑනේ.. ආතල් එකේ ඉන්න තියෙන්නේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහේ මුස්ලිම් අය ඉන්නවා ගෙවල් ගන්නේ නෑ ණයක් ගත්තම පොලිය ගෙවන්න වෙනවා කියලා. ඒක ආගමට විරුද්ධයිලු. ලන්කාවේන් ආපු බුවාලාත් හෙනට ආගම අදහනවා නේ. පන්සල් වලමයි. වවුලාගේ ගෙදර ආවා නම් එල්ලිලා ඉන්නවා මිසක් ගෙදර කණපිට ගහන්න බෑනේ.. ආතල් එකේ ඉන්න තියෙන්නේ
    ඔය හුඟක් උන් 50 හා 60 පනලු උන් නම් පන්සල් බදාගෙන ඉන්නවා.බහුතරයක් ආතල් එකේ ඉන්නවා බන්.මම දන්නා මුස්ලිම් උන් සේරටම mortagage 3න 4ක් තියනවා.

    90% ට ඔය ප්‍රශ්න නෑ. හැබැයි දන්නා සේරම ඩොකා ලනම් හෙනම මූඩ් ගහල ඉන්නේ. ඇයි තත්ත්වේ පෙන්නන්න බෑ , මොකෙක් වත් ගණන් ගන්නේ නෑ …පඩයක් විදපු ගමන් කැපිලා යනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    පුද්ගලයා අනුව ඉහත හෑල්ල වෙනස් වේ.

    ඉරකින් ගසා වෙන් කරනා යුරෝපීය සංස්කෘතියක් නැත.

    Spain ජාතිකයින් අපි වගේම ළමුන් හදමින් පවුල් පිටින් සිටියි.

    ළිං මැඩියෙක් නොවේ බව පෙන්වන මැඩියෙක් ලියා ඇති ඉහත බොහෝ කරුණු සාවද්‍යයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පුද්ගලයා අනුව ඉහත හෑල්ල වෙනස් වේ.

    ඉරකින් ගසා වෙන් කරනා යුරෝපීය සංස්කෘතියක් නැත.

    Spain ජාතිකයින් අපි වගේම ළමුන් හදමින් පවුල් පිටින් සිටියි.

    ළිං මැඩියෙක් නොවේ බව පෙන්වන මැඩියෙක් ලියා ඇති ඉහත බොහෝ කරුණු සාවද්‍යයි.
    වෙන එවුන් එක්ක බෑදපු ගෑණූ ඔහොම ට්‍රිප් යනකම් බලන් ඉන්න සුද්දෝ හරිම අඩු ඈති.. ගෑණූ ලමයි නම් ආසියා රටවල් වල වගේ ගෙවල් ඈතුලේ ඉන්නේ නෑ. උන්ට පිරිමි ලමයින්ට තියෙන නිදහසම සහා පට්ට ආරක්ශාවක් තියෙනවා නීතියෙන්. ධනුශ්කට වුන දේ මතකනේ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රටින් යන අය - පැතුම් කිව්වට - නතර වෙන්නේ නෑ.....
    රටින් යන අය - පැතුම් කිව්වට - නතර වෙන්නේ නෑ.....
    🥁🎸🎻🎺🎹
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    පත හැල්ලක් ඔයි කියවන්න එපා වෙනවා මු පිස්සෙක් ද කොහේදෝ