නිදහසේ හැසිරෙනවා වෙනුවට වගකීමෙන් ලිංගික&
පහුගිය නිදහස් සැමරුම දවසක අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවුණ එක්තරා කොන්ඩම් ඇඩ් එකක් දැක්කම එක එක අයට හිතුන එක එක දේවල් තිබුණා. ඒ කොන්ඩම් ඇඩ් එකේ තිබුණේ “නිදහසේ හැසිරෙන්න“
කියන වචනයයි කොන්ඩම් වර්ගයක ලාංඡනයයි විතරයි. සමහරු මේකට කිව්වා මරු මාර්කටින් කියලා, තවත් සමහරු පට්ට පතුරු යන්න බැන්නා ජාතියක තියන අභිමානය සිල්ලරට විකුණලා වනසනවා කියලා. ඒත් ඒ දෙකටම වඩා බරපතල කාරණයක් ඒ දැන්වීමේ විතරක් නෙවෙයි සමස්ත “නිදහසේ ලිංගිකව හැසිරීම“ කියන සංකල්පයේම තියනවා.
දකුණු ආසියාතික රටක් විදිහට අපේ රටේ HIV ව්‍යාප්තිය සාපේක්ෂව අඩුයි. අනෙකුත් ලිංගාශ්‍රිත රෝග පැතිරීමත් ඒ වගේම තමයි. ඒකට බලපාපු එක හේතුවක් වෙන්නේ ලංකාව තුල තිබෙන සංස්කෘතික වටපිටාව. ලිංගික සම්බන්ධතාවය සරල සිල්ලර දෙයක් විදිහට හිතනවට වඩා බරක් පතලක් ඇති ශාරීරික බැඳියාවක් කියලා හිතන තැනට අපේ රටේ මහා සංස්කෘතිය වගේම චූල සංස්කෘතීන්ද හැඩි ගැහී තිබුණා.
ඒත් ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්නත් කොන්ඩම් ඇතුළු උපත් පාලන ක්‍රමවේද භාවිතය ලංකාවේ ප්‍රචලිත වුණාට පස්සේ ලිංගික සබඳතාවයක තිබුණු බරපතලකම බොහෝ සෙයින් අඩුවෙන්න ඇති. ඒත් එක්කම ආපු “නිදහසේ හැසිරෙමු“ කියන සංකල්පය තුලින් අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටක ආර්ථික සහ සමාජයීය තත්ත්වයට වෙන්න පුළුවන් අහිතකර බලපෑම වලක්වන්න “නිදහසේ හැසිරෙමු“ කියන සංකල්පය වෙනුවට “වගකීමෙන් හැසිරෙමු“ කියන සංකල්පය ප්‍රචලිත කරන්නට බොහෝ පාර්ශව මැදිහත්වුණා. ඒක එක පැත්තකින් සාර්ථක වුණා වගේම වැදගත් දෙයක් වුණා.
හය හතර නොතේරෙන කොල්ලෝ කෙල්ලෝ පවා කාමර ගානේ, පඳුරු බෙණ අස්සේ රිංගලා වගකීමෙන් හැසිරීම පැත්තකට විසිකරද්දි අදටත් අපි ඒ සංකල්පය නිසා වැලැක්වෙන අහිතකර සාධක ගැන අමතක කල යුතුම නෑ.
ලිංගික හැසිරීමකට නීතිමය බාධාවක් හෝ කායික බාධාවක් නැති ඕනෑම වේලාවක ඕනෑම පුරවැසියෙක්ට තිබෙන අයිතියක් නිසා හොඳම දේ තමන් කරන දේ වගකීමෙන් හිතලා කරන එක මිසක් කුණු මාර්කටින් සංකල්ප වලට අහුවෙලා “නිදහසේ හැසිරෙන්න“ ගියොත් තමන්ම හිරේට වැටෙනකල් තමන්ම දන්නේ නෑ ඉතින්.
ඒ නිසා කොන්ඩම් එකක් ලඟ තිබුණ පලියට, ලිංගිකව එකතුවෙන්න සහකරුවෙක් හෝ සහකාරියක් හිටිය පලියට නිදහසේ හැසිරෙන්න යන්න එපා. “වගකීමෙන් හැසිරෙන්න“ පුරුදු වෙන්න.
උපුටා ගැනීම - www.her.lk