නිදා ගන්නේ ජංගම දුරකතනය ඇදේ තියලද

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
නිදා ගන්නේ ජංගම දුරකතනය ඇදේ තියලද

නින්දට යාමේදී ජංගම දුරකථනය ලඟ තබා ගැනීම බොහෝ දෙනාගේ පුරුද්දකි. සාමාන්‍ය පුද්ගලයන් 10 ක් ගත් කල ඉන් 8 ක්ම මෙයට ඇබ්බැහි වී තිඛෙනවා. බොහෝ දෙනා උදෑසන අවදි වීම පහසු කර ගැනීමට ජංගම දුරකතනය භාවිතා කරනවා. එමෙන්ම තවත් පිරිසක් කෙටි ප.විඩ යැවීම සඳහා මෙන්ම ක්‍රීඩා කටයුතු සඳහාද සංගීතයට සවන් දීම සඳහාද ජංගම දුරකථනය භාවිතා කරනවා. නමුත් නූතන විශ්ලේෂණ වලට අනුව පෙනී යන්නේ මෙය සෞඛ්‍යයට අහිතකර කටයුත්තක් වන බවයි. ඒ පිළිබද අද ලිපිය ඔස්සේ සලකා බලමු.
මෙහිදී පළමුවෙන්ම ජංගම දුරකථන අදුරේ භාවිතය පවා හානිකර බව සොයාගෙන තිබේ. බොහෝ විට ජංගම දුරකථන සහ ටැබ්ලට් තිරයන්ගෙන් නිකුත් වනුයේ නිල් පැහැති ආලෝකයන් ය. එය නින්ද උත්තේජනය කිරීමට සමත් බව සොයාගෙන ඇති අතර දිගින් දිගටම මෙය සිදු කිරීම මගින් නින්දට ඇබ්බැහි විය හැකිය. රූපවාහිනී තිර මගින් ද නිල් ආලෝකය නිකුත් වුවද එය ඇසට වඩාත් සමීප නැති නිසා එතරම් ගැටලුවක් වන්නේ නැත.

එසේම ජංගම දුරකථන මගින් නිතර නිකුත් කරන විකිරණයන් නිසා මොළයේ සෛල වලට හානි වීම සිදු විය හැකිය. මෙය ඉතා බරපතල සෞඛ්‍යමය ගැටලුවකි. මෙම විද්යුත් චුම්භක තරංගයන් මගින් ෘභA රටාවන්ට හානි වීම පවා සිදු විය හැකි ය. එහි අතුරු ප්‍රතිඵල ලෙස් විවිධ රෝගාබාධ ඇති වීමට පුලුවන. ජංගම දුරකථනය නිදන ස්ථානයේ තබා ගැනීමෙන් මෙම අවධානම දෙගුණ තෙගුණ වෙනවා.

අක්‍රමවත් නින්ද, හිසෙහි කැක්කුම, කන ආශ්‍රිත ආබාධ, මතක ශක්තිය පිරිහීම, පරිවෘතීය ක්‍රියාවන් අක්‍රමවත් වීම, එන්සයිමයන් ශ්‍රාවය වීම අක්‍රිය වීම, අලසකම, ඇස් පෙනීම දුර්වල වීම වැනි රෝග තත්වයන් මේ හේතුවෙන් ඇති වීමට බොහෝ සෙයින් ඉඩ තිඛෙනවා. එමෙන්ම මොළය ආශ්‍රිත පිළිකා තත්වයන් පවා ඇති වීමට ප්‍රධාන හේතුවක් ලෙස ජංගම දුරකථනය හැදින්වෙනවා. ඔබ දැනටමත් මෙම රෝගයන්ගෙන් පෙළෙන්නෙකු නම් ඇතැම් විට එයට හේතුව ජංගම දුරකථනය විය හැකිය. නොදැනුවත්කම නිසා බොහෝ පිරිසක් එයට හුරු වෙන්නට ඇති. උදෑසන අවදි වීමට එලාම් ඔරලෝසුවක් භාවිතය සදහා නැවතත් කාලය පැමිණ ඇත. එමගින් ඉහත සෞඛ්‍යය තර්ජනයන්ගෙන් මිදිය හැකිය.


:shocked:wadagathnam bump rep karonno
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නූතන විශ්ලේෂණ වලට අනුව පෙනී යන්නේ මෙය සෞඛ්‍යයට අහිතකර කටයුත්තක්

    +rep
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    බොහෝ විට ජංගම දුරකථන සහ ටැබ්ලට් තිරයන්ගෙන් නිකුත් වනුයේ නිල් පැහැති ආලෝකයන් ය.o



    ඔව් ඔව් ගොඩක් උන් ඒවයින් බලන්නෙත් නිල් පැහැති ඒවා තමයි !