වෙනකොට වකුගඩු නරක් වීම ලංකාවේ අපට ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා හමාරයි. විශේෂයෙන්ම උතුරුමැද සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවට වකුගඩු නරක් වීම බහුලව බලපානවා.
මෑත කාලයේ ආසියානු කලාපයේ රටවල් අතරින් වැඩිම රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් පුද්ගලයින්ගේ ශරීරගත වෙන රටවල් අතරින් උඩින්ම හිටියෙත් ශ්‍රී ලංකාව තමයි.
වකුගඩුවල මූලික කාර්යය තමයි ශරීරය තුළ පෙරණයක් විදියට ක්‍රියා කරන එක. මෙයින් ශරීරයේ ලේ පිරිසිදු කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේ වැඩෙිට අපි බොන වතුර ප්‍රමාණයත් බලපානවා.
හරි, දැන් අපි බලමු ශරීරය ඇතුලෙ තියෙන පෙරණයේ හිල් ඇති වී (නරක් වී) ඇති බවට මොනවගේ ඉඟිද අපිට දෙන්නෙ කියල.
01. නිතර - නිතර මුත්‍රා පිට කරන්න අවශ්‍ය වීම :-
සීතල දවස්වලට අපට මුත්‍රා වැඩි ප්‍රමාණයක් පිට වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම වැස්ස දවසට, වැඩිපුර වතුර බීපුවම ඇතිවන මුත්‍රා බර ගැන නෙමෙයි මේ කියන්න යන්නේ.
ඔයා නිදාගෙන ඉන්න කොට හිටි හැටියේ රෑට ඇහැරෙන්නේ මුත්‍රා කරන්නම නම් මෙය වකුගඩු නරක් වීමේ ඉඟියක් වෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍රා අවශ්‍ය ප්‍රමාණයට නොයා අතර මැද නැවතිලා ටික - ටික නම් යන්නෙ මේ ගැනත් ඔයා වැඩිපුර සැලකිලිමත් වෙන්න අත්‍යවශ්‍යයි. මොකද මේ වකුගඩු නරක් වීම පිලිබඳ ඉඟියක් වෙන්න පුලුවන්.
02. නිදිමත තිබුණත් නින්ද නොයාම :-
අපි මානසිකව අවුලක ඉන්න විටත් අපට නින්ද යන්නෑ. වෙනත් රෝගයක් වැළඳුණ වෙලාවටත් අපිට නින්ද යන්නෑ. ඒ වගේම තමයි මේ වනකොට විද්‍යාඥයෝ සොයාගෙන තියෙනව නිතරම ෆෝන් එකේ ඉන්න ඇබ්බැහි වූවොත් නින්ද නොයෑමේ තත්වයක් ඇති වෙනව කියලා.
නමුත් මේ හේතු කිසිවක් නැතිව ඔයාට නිදිමත අධිකව තිබුනත්, ඔයා නිදාගන්න try කළත් ඔයාට නින්ද යන්නැත්නම් ඔයාගේ වකුගඩු නරක් වීගෙන එන බවට මේ කරන්නෙ ඉඟි කිරීමක් වෙන්න පුලුවන්.
03. නිතර සම කසන්නට වීම සහ සමේ වියළි බව :-
ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර බිව්වෙ නැතිනම් අනිවාර්යෙන්ම සම වියැළෙනවා. ඒ වගේම අපේ සමට සුදුසු නැති සබන් ගානකොටත් ඇඟ වියැළෙනවා, සම කසනවා. බොහෝ වෙලාවට අපට ඇලජික් කෑමක් කෑවමත් ඇඟ කසනවා.
ඉහත කියපු කිසිම හේතුවක් නැතිව ඔයාගෙ සම නිතර - නිතර කසනවා නම්, ඒ වගේම ඔයාගෙ සම කසනකොට දැඩි වියළි බවක් දැනෙනවා නම් සහ කසනකොට සමටත් යටින් කසන බවක් ඔයාට දැනෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම සම සම්බන්ධ වෛද්‍යවරයෙකු වෙත නෙමෙයි යන්න ඕනි, ඔයාගෙ වකුගඩු පරීක්ෂා කරගන්න කියල මතක තියා ගන්න.
04. මුත්‍රාවලින් ලේ පිටවීම :-
අපිරිසිදු වතුර පෙරන මැෂින් එකක් වගේ වකුගඩු අපේ ශරීරයේ වැඩ කරන්නෙ. මේ මගින් විෂබීජ ජලය එක්ක මිශ්‍ර කරල පිට කරනවා. මුත්‍රා පෙරණයේ අවුලක් වුනොත් සෛලවලින් ලේ වල තියෙන රතු රුධිරානු කාන්දු වෙනවා. මෙන්න මේ කාරණයෙදි තමයි බොහෝ දුරට මුත්‍රාවලින් ලේ පිට වෙන්නේ. ඒ නිසා තව - තවත් වකුගඩු ඩැමේජ් වෙන්න නොදී වහාම වෛද්‍යවරයකු වෙත යන්න කියලා මතක් කරන්න කැමතියි.
05. මුත්‍රාවල පෙණ ගතිය වැඩිවීම :-
අපි දන්නා සාමාන්‍යයෙන් මුත්‍රා පිට කරාම පොඩි පෙණ ගතියක් තියෙනවා. ඒක ක්ෂණිකව නැති වෙනවා. ඒත් ඉතින් මේ පෙණ ගතිය කැටිති විදියට, සබන් පෙණ වගේ එක පොකුරට තියෙනවා නම් ඒ වගේම ඉක්මණින් බිඳී නොයන විදියට පෙණ ගතියක් තියෙනවා නම් මේ ලක්ෂණයත් ඔයාගෙ වකුගඩු ගැන සොයා බලන්න කියා ඔයාට ඉඟියක් දෙනවා.
06. කකුල් ඉදිමීම :-
ඔයාගේ බර වැඩි නම් කකුල් ඉදිමෙන එක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා දවසෙම හිටගෙන සිටීම වගේම, ඉඳගෙන සිටීමත් හේතුවක් වෙන්න පුලුවන් ඔයාගෙ කකුල් ඉදිමෙන්න.
ඒත් අපි දන්න සාමාන්‍ය හේතුවක් නොවී වළලුකර, දණහිස් ඉදිමෙනවා නම් වකුගඩු විසින් රෙඩ් ලයිට් එකක් නිතුත් කරන බව අපි තේරුම් ගන්න ඕනි. එහෙම වෙලාවට අපිට කරල බලන්න පුලුවන් පොඩි ටෙස්ට් එකක් තියෙනවා. ඉදිමුම තියෙන තැන ඇඟිල්ලෙන් ඔබලා බලන්න.ඔබපු ගමන් වතුර යටට දැම්ම ප්ලාස්ටික් බෝලයක් වගේ ක්ෂණිකව උඩට එන්නෙ නැතිව එබීගෙනම තියෙනවා නම් මේ ලක්ෂණයත් ඔයාගෙ වකුගඩු නරක් වීමේ ඉඟියක් වෙන්න පුලුවන්.
07. ඇස් ඉදිමීම :-
නිදි මැරීම නිසා ඇස් ඉදිමීම සාමාන්‍ය දෙයක්. ඒත් සැලකිය යුතු හේතුවක් නැතිව ඇස්වල යට ඉදිමෙනවා නම් වකුගඩු ලෙඩ වෙලා කියලා තමයි මේ කියන්නේ. ලේ පිරිසිදු කරන වකුගඩුවලින් ප්‍රෝටීන් කාන්දු වීමක් සිද්ධ වෙන එක තමයි මේකට හේතුව. ඒ නිසා වෛද්‍යවරයෙකු වෙත යන්න පරක්කු කරන්න එපා.
08. කට ගඳ ගැසීම :-
නිසි විදියට දත් මැද්දේ නැතිනම් මේ තත්වය ඇතිවීම සාමාන්‍ය දෙයක්. අවශ්‍ය ප්‍රමාණයට වතුර නොබීමත් කට ගඳ ගහන්න හේතුවක් වෙන්න පුලුවන්. මේ කිසිම හේතුවක් නැතිව ඔයාගෙ කට අධිකව ගඳ ගහනවා නම් අවුලක් තියෙනවා. අධික සැර ගතියකින්, දිව කාරවලා යන විදියට එන ගඳක් වගේම, ඔයාගෙ කටට ඇමෝනියා රස වැනි රසයක් නිතර - නිතර දැනෙනවා නම්, යකඩයක් කෑවම දැනෙන මළකඩ රසයක් ඔයාගෙ කටට දැනෙනවා නම්, මේ ඔයාගෙ කට මළකඩ කාල කියල හිත හදාගන්න පුලුවන් තත්ත්වයක් නෙමෙයි. එහෙනං ඔයාගෙ වකුගඩුවල අවුලක් තියෙනව කියන ඉඟි කිරීම තමයි මේ කරන්නෙ කියල අපි තේරුම් ගන්න ඕනි.
09. මස්පිඩු නලියනවා :-
ඔයාට කේන්ති ගියාමත් ඔයාගෙ ඇඟේ මාළු නටන බව අපි දන්නවා. ඒත් මේ කියන්නෙ එහෙම සීන් එකක් ගැන නෙමෙයි. හේතුවක් නැතිව ඔයාගෙ ඇගේ මස් පිඩු එකම රිදිමයකට නලියනවා නම්, ඒ වගේම අමුතු විදියට හේතුවක් නැතිව හිටි හැටියේ අත් - පා ගැස්සෙනවා නම් මේ ගැනත් නොපමාව සොයා බැලිය යුතුයි.
10. නිතර - නිතර ඔක්කාර ගතිය :-
විවාහක කාන්තාවන්ට ඔක්කාර ගතියක් දැනෙනවා නම් ඉතින් ඒක සතුටු වෙන්න ඕනි කාරණයක් කියල අපි දන්නවා. ඒත් මේ කියන්නේ ගැබ් ගැනීම නිසා ඇතිවන ඔක්කාර ගතිය ගැන නම් නෙමෙයි.
මිග්‍රේන්, ඔලුවෙ කැක්කුම, ආහාරවල අවුලක් නිසාත් ඔක්කාර ගතිය ඇති වෙන්න පුලුවන්.
Diabetics වකුගඩු නරක් වෙන්න බලපාන ප්‍රධානම කාරණයක් වේ.
ඒත් ඉහත සඳහන් කරපු හේතුවක් අදාල නොවී ඔයාට නිතර - නිතර ඔක්කාර ගතියක් එනවා නම් නොපමාව වකුගඩු දෙක ඩොක්ටර් කෙනෙක්ට පෙන්නගන්න.