නිදිමත නැති කිරීමේ ක්‍ර‍ම සතක්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    එක් සමයෙක්හි මුගලන් මහතෙරුන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත නම් ගම සමීපයේ මහ වනයෙහි මහණදම් පුරන සේක්; සක්මන් කරමින් භාවනා කිරීමෙන් වෙහෙසට පත් ව සක්මන කෙළවර හිඳ නිදා වැටෙමින් හුන් සේක. මුගලන් මහතෙරුන් වහන්සේ එසේ නිදා වැටෙමින් වැඩ ඉන්නා බව තථාගතයන් වහන්සේ දිවැසින් දැක එතැනට වැඩ වදාරා පනවන ලද අසුනෙහි වැඩ හිඳ “මොග්ගල්ලානය, නිදා වැටෙන්නෙහි දැ”යි වදාළ සේක. “එසේය, ස්වාමීනි” යි මුගලන් මහතෙරුන් වහන්සේ පිළිවදන් දුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මුගලන් මහතෙරුන් වහන්සේට මතු දැක්වෙන කරුණු සත වදාළ සේක.

    1. මොග්ගල්ලානය! යමක් සිහිකරමින් වෙසෙන කල්හි තට නිදිමත ආවහොත් එය සිහි නො කර හරුව. එසේ කළ කල්හි තට එයින් නිදිමත දුරුවිය හැකිය.
    2. එසේ කිරීමෙන් ද ඒ නිදිමත නො දුරු වුව හොත් අසා ඇති දැන ගෙන ඇති ධර්ම සිහිකරන්නට ඒවා ගැන කල්පනා කරන්නට විමසන්නට පටන් ගනුව. මොග්ගල්ලානය! එසේ කරමින් වෙසෙන කල්හි තට නිදිමත දුරුවිය හැකිය.
    3. මොග්ගල්ලානය! එසේ කරන කල්හි දු තාගේ නිදිමත නො දුරු වී නම් අසා ඇති පුහුණුකර ඇති බණ දහම් විස්තර වශයෙන් සජ්ඣායනා කරව. එසේ කරමින් වෙසෙන කල්හි තාගේ නිදිත දුරුවිය හැකිය.
    4. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත දුරු නොවේ නම් කන් දෙක අල්ලා ඒ මේ අතට ඇදීම කරව. අත්වලින් තදින් ඇඟ පිරිමැදීම කරව. එසේ කරන කල්හි තාගේ නිදිමත දුරුවිය හැකිය.
    5. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත නො දුරුවෙතොත් ඇල් දියෙන් ඇස් තෙමා පිරිමැද වටපිට ලෝකය දෙස බලව. අහසේ තරු දෙස බලව. සමහරවිට එයින් තාගේ නිදිමත දුරුවිය හැකිය.
    6. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත දුරු නොවී නම් ආලෝක සංඥාව සිත්හි ඇතිකර ගනුව. දවල් යන හැඟීම ඇතිකර ගනුව. දවාලෙහි මෙන් රාත්‍රියෙහිත් ආලෝක සංඥාව ඇති කර ගනුව. රාත්‍රියෙහි මෙන් දවාලෙහිත් ආලෝක සංඥා ඇතිකර ගනුව. සිත ආලෝකවත් කර ගනුව. එසේ වාසය කරන කල්හි තට නිදිමත දුරුවිය හැකිය.
    7. මොග්ගල්ලානය! එසේ කිරීමෙන් ද තාගේ නිදිමත දුරු නොවේ නම්, ඇතුළත ම තබා ගන්නා ලද චක්ෂුරාදි ඉන්ද්‍රියයන් ඇතුව පිටතට නො යැවූ සිත් ඇතුව සක්මන් කරව. එසේ කරන කල්හි තට නිදිමත දුරු කළ හැකිය.
    මොග්ගල්ලානය, එයින් ද තට නිදිමත දුරු නොවේ නම්, දකුණු ඇලයට හැරී එක් පයක් මත අන්පය මඳක් ඉදිරියෙන් තබා නැගිටින වේලාව සිහිකොට සිංහ ශෙය්‍යාවෙන් සයනය කරව. නින්දෙන් අවදි වූ වහා නැගිටිය යුතුය. මෙසේ තථාගතයන් වහන්සේ වදාළ සේක. (මෙය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සූත්‍ර‍යකින් ගන්නා ලදි.)

    source
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    cold the waterfall GIF
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,054
    113
    මමනම් නිදිමත ආවොත් ඔක්කොම පැත්තකට දාල නිදාගන්නවා. නැත්තන් නිදිමත එක්ක ෆයිට් කර කර ඉන්නවා විතරයි. අන්තිමට නිදාගෙනත් නෑ ඇහැරලා ඉඳලත් නෑ. අපරාදෙ කාලය නාස්ති වෙලා විතරයි.
     
    • Like
    Reactions: saja