නිදි නැති මේ රෑ....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිදි නැති මේ රෑ....

    නිදි නැති මේ රෑ මනසේ සරනා නිල් නෙතු දිහා බලා....
    හිත හිරිවට්ටන කෝල කථා ඔබෙ මතකය අළුත් කලා....
    අදුරු කරන් සුදු මුහුණෙන් පවසන හැගුමන් දනිමි මෙමා....
    රන්ඩු කරන්නයි හිතවත් වෙන්නයි ඉන්නේ ඔයා තමා...

    බාධක රළු තැන් පසුකර හැමදා ජීවිත ගමන ගෙවේ....
    සාගරයක් සේ පිදෙනා ප්‍රේමයෙ ගල්පර විටෙක නැගේ....
    දෙනෙතෙන් සගවන කදුළු බිදක් දැක මාගේ හිතද දැවේ...
    සිහිනය ඔබමයි එය මගෙ පැතුමයි උපදින භවෙන් භවේ....

    නිදි නැති මේ රෑ....

    අවිහිංසක කම දෝරෙ ගලා ගිය මාගේ සමනලියේ....
    ජීවිත ගමනේ මා දුටු අරුමේ ඔබගේ හදේ තියේ.....
    දෙනෙතට ලංවී දිව්රා රහසින් කොදුරමි මුවැත්තියේ....
    සසරේ සරණා තුරා මගේ පණ ඔබමයි දයාවියේ......


    නිදි නැති මේ රෑ.........

    romantic-love-images-10.jpg