නිදි යහන කැළඹේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    රටේ සුවහසක් ජනතාවගේ අතිමහත් වැරදි ලකුණෙන් පසුගිය සැප්තැම්බරයේ පුරා වසර 76ක් තිස්සේ පරාජය වූ ඔවුන් ජය ගනු ලැබුවේය.
    අනේ වාසනාවන්!

    ඉන් මනත්තේ නොනැවතුණු සුවහසක් ජනප්‍රසාදය, මදි නොකියන්නම දෙමින් තවත් වැරදි ලකුණු ගසමින් 159ක් දෙනාට හරක් මඩුවේ ආසන පැනවුවේය.
    අනේ වාසනාවන්!

    ඉනුත් ඉක්බිතිව තවත් බෙදාපල්ලා යැයි කියමින් තමන්ගේ පළාතේ මැම්බර් කමටත් වැරදි ලකුණු යොදාගෙන ඒ උන්නන්සලාගේ උදවියටම ඒවත් යහමින් ලබාදෙනු ලැබිය.
    අනේ වාසනාවන්!

    දැන් මේ නඩයට,


    රටේ මහා පුටුවත්
    සෙසු පුටු 159කුත්
    තවත් පළාත් මැම්බර් ලා නඩයකුත් එකතු වී රටේ උපරිමය කිරීමට වැඩ සලස්වා ඇත.
    අනේ පට්ටෙට වාසනාවන්!

    දැන් රටේ තත්වය ඉතාමත් යහපත්ය .

    සියල්ලෝම සතුටින්ය. වැරදි ලකුණු ලබාදුන් මිලියන 7ක් ආසන්න සෙට් එකත් පට්ට සතුටෙන්ය .

    කන්න බොන්න අඩු නැතුව අඩුම කුඩුම ද
    දුම් බොන්නන්ට දුම් ද
    වෙරි වෙන්න බොන අයට වෙරි බිමද
    රසට කන්න ඕනෑ අයට ලුණු ද
    රැයත් දවාලක් මෙන් දල්වන විදුලි බුලුලට අඩු මිලට විදුලියද
    කුණු ගඳ යන්න යහමින් නාගන්න කරාමය ඇරු පමණින් ගලා එන අඩු වියදමේ ජලය ද
    රටේ දිනපතා සුන්දර පුවත් ද
    රජයේ ආයතනයකට ගොඩවුනුවිට සුන්දර සිනාවකින් පිළිගෙන වැඩේ අඩු නැතුව ඉක්මනින් කරදීමද
    පහුගිය හොරු සොයා ඔවුන්ට දඬුවම් දීමද
    පිටරටකට යවා තිබු ඩොලර් නැවත ගෙනාවා ගැනීම ද
    මිලියන ගණන් වටිනා වාහන විකුණා ලාභ ලබා එම මුදලින් ජනතාවගේ බදු මුදල් ගෙවා දැමීම ද
    පාතාලය මර්දනය කරමින් සියලු පාතාල කටයුතු අඩපන කරමින් ද
    විශ්වවිද්‍යාල වල සුන්දර ජිවිත හෙවත් කිසිම රැග් එකක් ගැන සඳහනක්වත් නොමැතිවද

    මෙකි නොකී සියලුම සැප සම්පත් ලබමින් සිටින රට කසකස්ථානයද කොහෙද
    මම හිතන්නේ මේ කසකස්ථානය ගැන කියන්නේ

    අන්න රට