නිධානයක් මත හිඳ හිඟාකන හංගේරියාව - වළපල්ල&#349

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,713
    2,724
    113
    නිධානයක් මත හිඳ හිඟාකන හංගේරියාව - වළපල්ල&#349

    ජීවත්වීමේ විඩාව දන්නේ පසුම්බිය හිස් ජනතාවයි. පසුබිම්බියේ පතුල අතගා බලමින් දුක්වෙන ජනතාවයි. ජනතාවත් රටත්
    ගොනාට අන්දවා සුරසැප විඳින ඇතැම් පාලකයින්ගේ පසුම්බිය කවදාවත් හිස්වන්නේ නැහැ. මියැදුණු සිහින තුළ අඳුරු වූ ජීවිත
    ගත කරන නිර්ධන පංතිය පිළිබඳව ඔවුන්ට කිසිම ගානක් නැහැ. සත පහක වැඩක් නැත. ඔව්හු මිනිසුන් හඬවා සිනාසෙයි.
    ඔව්හු මුල් තැන දෙන්නේ පවුල් වාදයට හා ගජ මිතුරු වාදයටයි. අන්ත පතුලට ඇද වැටුණු රටවල තත්ත්වය මේකය. මා
    කාලයක් තිස්සේ මෙම තීරුවෙන් ගෙන හැර දක්වන්නේ ලෝකයේ තැවෙන දැවෙන ජනතාවගේ ශෝකාලාපයයි.
    කතාන්දරයයි.


    අද හඳුන්වාදෙනු ලබන්නේ නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන ජනතාවක් වෙසෙන හන්ගේරියාවයි. (්‍Hungary) මධ්‍යම
    යුරෝපයේ පිහිටි රටකි. යුරෝපයේ දරිද්‍රතාවයෙන් පෙළෙන තවත් රටකි. මෙහි මුළු ජනගහණයෙන් තුනෙන් එකක් (1/3)
    පමණ අන්ත දුගී අසරණයින්ය. වළ පල්ලට ගිය රටවල් ඇත්තේ අප්‍රිකාවේ ආසියාවේ සහ මධ්‍යම ඇමරිකාවේ පමණක්
    නොවේ. යුරෝපයේ ද අස්ථාවර රාජ්‍යයන් රාශියක් ඇති බව ඒ රටවල කළ සංචාරයන් හීදී දක්නට ලැබිණි. මෙම බොහෝ
    දත්තයන් විකිපීඩියා (Wikipedia) අන්තර්ජාල සමීක්ෂණ ඒකකයටද ඇතුළත් වී නැත.


    ඇති එකා තරවෙන නැති එකා නැතිවෙන හන්ගේරියාව


    ජීවන බරින් මිරිකී පීඩිත දිවි ගෙවන යුරෝපයේ පිහිටි තවත් රටවල් වන්නේ ග්‍රීසිය, රුමේනියාව, බල්ගේරියාව සහ
    ලිතුවේනියාවයි. බියර් නිෂ්පාදනය අතින් යුරෝපයේ මුල් තැන හිමිවී ඇත්තේ ජර්මනියටය. දෙවැනි තැන හිමිවන්නේ මේ
    කියන හන්ගේරියාවටය. වසරකට බියර් ලීටර් බිලියන 39කට වැඩි ප්‍රමාණයක් නිපදවන මෙවැනි රටක් අගාදයට ඇද වැටුනේ
    කෙසෙද? බියර් අපනයනයෙන් ලැබෙන ආදායම පවා ගසා කන පාලකයින් සිටින රටක් දියුණු වන්නේ කෙසේද? හන්ගේරි
    ඩේලිනිව්ස් (Hungary Daily News) පත්‍රය 2018 ඔක් 18දා වාර්තා කර තිබුණේ මේ රටේ මව්වරුන් හා දරු දැරියන්ද
    වයස අවු 65ට වැඩි අයද අතිශයින් දුක්ඛිත ජීවිත ගත කරන බවය. මෙහි විරැකියාව උග්‍ර වී ඇති නිසා තරුණ තරුණියන්
    අසහනයට පත්ව ඇතැයි එම මාධ්‍ය වාර්තාවෙහි සඳහන් වේ.


    මෙයද ඇති එකා වටා තව තවත් ධනය රැස්වෙන නැති එකා නැත්තටම නැතිවෙන රටකි. ලංකාවෙත් මෙහෙමය.
    ස්ලොවෙකියාව, සර්බියාව, යුක්‍රේනය, ඔස්ට්‍රියාව, රුමේනියාව, ක්‍රෝෂියාව, හන්ගේරියාවට යාබද රටවල්ය. විශාලත්වය
    ව.කි.මි. 93,030ක් හෙවත් ව.සැ 35,920කි. ජනගහණය 97,72,756 කි. යුරෝපා සංගමයට බැඳුණේ 2004 මැයි 1
    දාය. 1945 සිට 1989 දක්වා මේ රටේ පැවතියේ කොමියුනිට්ස් පාලනයකි. මෙම කොමියුනිට්ස් පාලන කාල සීමාව තුළදී
    හන්ගේරියානු ජාතිකයින් හය ලක්ෂයක් සෝවියට් දේශයේ කම්කරු කඳවුරුවලට පිටුවහල් කරන ලදී. ඉන් ලක්ෂ 2ක් මියගිය
    බව කියනු ලැබේ.


    හිඟන්නන් පිරුණ රටක්

    image_580a05d2e6.jpg


    පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 199කි. දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායම් රාශියක් කාලයක් තිස්සේ රටේ
    පාලන බලය අල්ලා ගැනීමට බල අරගලයක නිරතව සිටී. තුන්වරක් ඔලිම්පික් ලෝක පාපන්දු ශූරතාව දිනාගත් රටයි.
    බලලෝභි දේශපාලකයින්ගේ දේශපාලන පාපන්දු ක්‍රීඩාවද මේ රටේ ජනතාවට හොඳට හුරු පුරුදුය.
    රටේ ජනාධිපති ජනොස් අඩෙර්ය. (Janos Ader) අගමැති වික්ටර් ඕර්බන්ය. (Viktor Orban) හන්ගේරියාවේ ජනතාව
    කොතරම් දුප්පත්ද යන සිරස්තලය යටතේ එහි ඩේලි නිව්ස් පත්‍රයෙහි 2018 ඔක්. 20 දා විශේෂ ලිපියක් පළවිය. බුඩාපෙස්ට්
    (Budapest) අගනුවර හැරෙන්නට මේ රටේ ඇතුල් පැත්ත පිළිබඳ ගවේෂනාත්මක විස්තරයක් එම ලිපියට ඇතුළත්ය.
    මෙහි රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ප්‍රතිශතය සියයට 57ක් පමණ වේ. නිවාස අහිමි දිළින්දන්ගෙන් නගර පිරී පවතී.
    යාචකයින් නගර වලින් ඉවත් කිරීමට පොලිසිය කොතරම් උත්සාහ කළත් නගර ආක්‍රමණය කරන යාචකයින් එන්න එන්නම
    වැඩිවෙමින් පවතී. 2016, 2017 වර්ෂ වලදී යුරෝපයට බලපෑ ආර්ථික උද්ධමනය හන්ගේරියාවටද තදින් බලපෑවේය. තෙල්
    අවිච්, ලිස්බන්, මොස්කව්, ජොහැන්නස්බර්ග් වැනි නගර මෙන්ම මෙහි බුඩාපෙස්ට් නගරය ඉතා අලංකාරය. එහෙත් රට
    ඇතුළට ගිය විට මෙම අලංකාරය අතුරුදහන් වී ඇති බව දැක ගත හැක.





    හන්ගේරියාවේ දරිද්‍රතාවය


    image_cdcec699be.jpg


    දේශය ගිල දමන දේශපාලන හොරු


    මේ රටේද වැඩිපුරම සිටින්නේ දේශයක් පාළු කරන්නට ආ හිඟන්නන්ය. ඒ ඇවිදින ඇටසැකිලි බවට පත්වී මහ මඟ කුණු
    ගොඩවල් යට සැරිසරණ යාචකයන් නොවේ. ජනතා දේපොළ ගිල දමනා දේශපාලකයින්ය. යුරෝපා සංගමයට (EU) අයත්
    රට වලින් තුන්වැනි දූෂිතම රාජ්‍යය හන්ගේරියාවය. මෙහි දේශපාලකයින්ගේ හොරමැරකම්, අල්ලස්, දූෂණ නිසා රටට
    වසරකට අහිමිවෙන මුදල යුරෝ බිලියන 900කට වැඩි බව 2019 ජනවාරි 20 දා හන්ගේරි ටුඩේ (Hungary Today)
    පුවත්පත සඳහන් කර තිබුණි.


    2019 අප්‍රේල් 23 දා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා රාශියක් (ඒ.පී.රොයිටර්, සී.එන්.එන්) සඳහන් කළේ දීර්ඝ කාලයක් තිස්සේ
    හන්ගේරියාවේ ඡන්ද දූෂණ සිදුවූ බවයි. මේ රටේ බහුතර ජනතාව සිතන්නේ තමන්ට අනාගතයක් නැති බවය. රජය මගින්
    හිඟාකෑම තහනම් කරනු ලැබුවත් බුඩාපෙස්ට් නගරයේ පමණක් තවමත් හිඟන්නන් 30,000ක් පමණ සිටින බව මාධ්‍ය වාර්තා
    දක්වයි. මෙය රටේ දරිද්‍රතාව පෙන්නුම් කිරීමට කදිම උදාහරණයකි. පුද්ගලයින් (යාචකියන්) 19,000කට නැවතී සිටිය හැකි
    අනාථ කඳවුරු විවෘත කිරීමෙන් මේ රටේ දියුණු දිළිඳු ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ කෙසේදැයි එම මාධ්‍යන් විමසයි.



    මුළු මහත් යුරෝපයේ ජනගහණයෙන් සියයට 23.4කට වැඩි ජනතාව දුප්පතුන්ය. මෙවැනි වාතාවරණයක් තුළදී
    හන්ගේරියාවේ පමණක් ඉතා දුක්ඛිත දිවි ගෙවන පුරවැසියන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25කට වැඩිය. 2017 ඔක්. 19 දා බුඩාපෙස්ට්
    බීකන් මාධ්‍යයේ මෙම කරුණු අඩංගු විශේෂ ලිපියක් පළවිය. සේව් ද චිල්ඩ්රන් ෆවුන්ඩේෂන් (Save the Children
    Foundation) කියන පරිදි පස්වැනි උපන් දිනයට පෙර මේ රටේ මියයන ළමයින්ගේ සංඛ්‍යාව ඉතා අධික බවය. මේ රටේ
    අනාථ වන ළදරුන්ගේ සංඛ්‍යාව ඉතා අධිකවී ඇත්තේ දෙමාපියන් ළදරුවන් අතහැර යාම අධික වශයෙන් සිදුවෙන නිසා බව
    යථෝක්ත ආයතනයේ වාර්තා කියයි. සියයට 73.1ක් පමණ වූ රැකියා විරහිත වූවන්ගේ ප්‍රතිශතය තුළින් රට ප්‍රපාතයට ඇදවැටී
    ඇති අයුරු මනාව පැහැදිලි වේ.


    නිධානයක් උඩ හිඳගෙන හිඟාකන ජාතිය


    යකඩ වානේ ඇතුළු විවිධ ඛනිජ (ලෝහ) වර්ග වලින් සමන්විත පොළවක් ඇති මෙම දේශය දේශපාලුවන් විසින් කාබාසිනියා
    කර ඇත. නිමි ඇඳුම්, යකඩ හා වානේ, කෘෂිකාර්මික උපකරණ, වාහන, බියර්, වයින් විදේශ රටවලට අපනයන කර වසරකට
    ඩොලර් මිලියන 125කට වැඩි ආදායමක් උපයයි. මෙහි ජාතික ධනයෙන් අධ්‍යාපනය සඳහා වැය කරනු ලබන්නේ සියයට
    4කි. මෙහි පොළව හාරා එහි ඇති සම්පත් රටේ අභිවෘද්ධිය තකා යෙදවීමට නොදන්නා පාලකයින් සිදු කරන්නේ අඳුරේ
    අතපතගෑමක් වැනි ක්‍රියාවකි. නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන ජාතියක් යයි මේ රට මා විසින් හැඳින්වූයේ ඉහත සඳහන්
    හේතූන් නිසාය.


    ලංකාව පිළිබඳව හඳුන්වාදීමේදී නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන දේශපාලකයෝ යනුවෙන් මේ කියමන් වෙනස් කිරීම
    වඩාත් යෝග්‍ය නොවන්නේද?


    යුරෝපා සංගමය මගින් හන්ගේරියාවේ ජනතා සුබ සිද්ධිය තකා වැය කිරීමට ලබා දුන් ඩොලර් බිලියන 28.3ක මුදල නිසි
    කළමනාකරණයකින් තොරව වැය කළ අයුරු පිළිබඳව එම සංගමය හමුවෙහි කරුණු දැක්වීමට අගමැති වික්ටර් ඕර්බන්ට්
    නියෝග කර තිබේ. ඔහු තම පියා සහ බෑණා සම්බන්ධ කරගෙන ඔවුන්ට රජයේ ඉහළට තනතුරු ලබා දී සිදු කළ මූල්‍ය
    අක්‍රමිකතාවයන් දැන් එකිනෙක හෙළි වෙමින් පවතී. ඔහුට එරෙහිව දැන් රට පුරා විරෝධතා රැල්ලක් හට ගෙන ඇත.


    බුඩාපේස්ට් නගරයේ 4 වැනි විදුලි දුම්රිය ව්‍යාපෘතිය ඇරඹීම සඳහා ඩොලර් මිලියන 648ක් වැය කිරීම, බුඩා කාසල් වෙළෙඳ
    සංකීර්ණය සඳහා ඩොලර් මිලියන 20.5 ක් ද නාගරික උද්‍යාන ඉදි කිරීම සඳහා ඩොලර් මිලියන 18 ක් ද වැය කිරීම් වලදී
    සිදුවූ මහා පරිමාණයේ වංචා, දූෂණ වලට අගමැතිවරයා කෙළින්ම සම්බන්ධ බව හෙළි වී තිබේ. ට්‍රාන්ස්පේරන්සි
    ඉන්ටර්නැෂනල් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් කාර්ල් ඩෝලන් (Carl Dolan) නිවේදනය කර ඇත්තේ හන්ගේරියාවේ
    අගමැති ප්‍රමුඛ දේශපාලකයින් මහජන මුදල් ගසා කෑ අයුරු ඉතා නින්දා සහගත බවයි. 2019 මාර්තු 17 වෙනි ඉරිදා ලන්ඩන්හි
    ඉන්ඩිපෙන්ඩන්ට් පත්‍රය සඳහන් කරන්නේ හන්ගේරියාවේ හට්වානා නගරය හරහා දැවැන්ත පාලම හා කි.මී. 60 ක අධිවේගී
    මාර්ගය ඉදි කිරී​ෙම් ව්‍යාපෘතිය මාර්ගයෙන් අගමැතිවරයා ස්වකීය පවුලේ ඥාතීන් සමග අති විශාල මුදලක් වංචා කර ඇති
    බවය.


    නීතිය කඩන නීතිපති


    විවිධ මාධ්‍ය වාර්තා දක්වනුයේ හන්ගේරියාවේ රාජ්‍ය පාලනයෙහි සිදු වී ඇති මහා පරිමාණයේ වංචා සහ දූෂණ ක්‍රියා සහ
    දේශපාලකයින්ගේ මුදල් විශුද්ධි කරන ක්‍රියාදාමයන් පිළිබඳ කොතෙකුත් සාධක ලැබී ඇතත් නීතිපති පීටර් ප්ලෝට් ඒවා
    යටපත් කොට ඇස්පියාගෙන සිටින බවය. විදේශ ඇමැති පීටර් සිප්ර්ටෝ නීතිපති ගලවා ගනිමින් ඔහුගේ ආරක්ෂකයා
    මෙන් ක්‍රියා කරන බව එම මාධ්‍යයන් පෙන්වා දෙයි. මේ රටේ නීතිපති මෙසේ නීතිය කඩද්දී අධිකරණය ඇස් පියාගෙන
    සිටි බොහෝ අරාජික රටවල තත්ත්වය මේකය.


    ලක්ෂ 97ක ජනතාවක් වසන රටක පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 199 දෙනෙකු අවශ්‍ය වෙන්නේ මන්දැයි විවිධ මාධ්‍යයන්
    විමසද්දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව තවත් වැඩිකර ගැනීමට උප්පරවැට්ටි යොදන පාලකයින් සිටින රටක් ඉදිරියට
    යන්නේ කෙසේද? ලංකාවේ මෙන්ම මේ රටේ ද දේශපාලකයින් ඔවුන්ගේ හොර දෙටු ගෝල බාලයින් හා ජනතාව සූරා
    කන ධනපතියන් උදෙසා එක නීතියකුත්, අසරණ දුගී දුප්පත් ජනතාව උදෙසා තවත් නීතියකුත් ක්‍රියාත්මක වන රටකි.
    හන්ගේරියාවේ මේ රටේද මේවාට එරෙහිව හඬක් නගන අවංක දේශපාලකයින් කුනු බක්කියට වැටේ.


    හතර වරක් අගමැති වූ වික්ටර් හතරවරං ගැසූ හැටි


    හන්ගේරියාවේ 11 වැනි පොහොසතා බව කියනුයේ ලජෝස් සිටිස්කාය. ඔහු අගමැති වික්ටර්ගේ පාසල් මිතුරෙකි. රටේ
    රූපවාහිනී විකාශන කටයුතු මෙන්ම චිත්‍රපට නිෂ්පාදන හා ප්‍රදර්ශන කටයුතු ද පවරා ඇත්තේ ඔහුටය. කැසිනෝ සූදු බලපත්
    ලබා දී ඇත්තේ ඔහුගේ තවත් මිතුරෙකු වූ ඇන්ඩි වජ්නාටය. තම ගම වු පෙල්කස්ට් හි විවිධ අංගෝපාංගයන්ගෙන්
    සමන්විත අති නවීන දැවැන්ත මහජන ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව තවත් මිතුරෙකුට ලබාදී ඉන් අගමැති
    වික්ටර් පවුම් මිලියන 330 ක් ගසා කෑ අයුරු ද මාධ්‍ය වාර්තාවල දැක්වේ. එම මාධ්‍ය වාර්තා දක්වනුයේ අගමැතිගේ
    මිතුරා ෆේස්බුක් (Facebook) හිමිකරු වූ මාර්ක් සකර්බර්ග්ට වඩා වේගයෙන් මුදල් උපයා ඇති බවයි.
    හතර වරක් හන්ගේරියාවේ අගමැති වූ වික්ටර් හතරවරන් ගසා ඇත්තේ මෙසේය.


    හන්ගේරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය මිය ගිය හැටි


    රුසියාවේ සිට යුක්‍රේනය දක්වා ද, මෝල්ඩෝවා සිට අර්මේනියාව දක්වා රාජ්‍ය තන්ත්‍රයන්හි දූෂණය වංචාව ඉහ වහා ගොස්
    ඇති අයුරු 2019 ජනවාරි 30 දා හන්ගේරි ටුඩේ (Hungary Today) පුවත් පත් මගින් අනාවරණය කළේය. අගමැති
    වික්ටර් පවසනුයේ තමාට එරෙහි දූෂණ චෝදනා දේශපාලන පළි ගැනීම් වශයෙනි. තමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත
    කිරීමට ඉමහත් කාර්යභාරයක් ඉටු කළ බව ඔහු සඳහන් කරයි. නීතිපති නීති විරෝධී වැඩ කරද්දී ඔහු ඇස් වහා ගෙන
    සිටියේය. ඔහු මාධ්‍ය මර්දනයට මුල් තැන දුන්නේය. හන්ගේරියාවේ අගමැති වික්ටර් සිදු කළ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි
    ක්‍රියාවන් පිළිබඳ හොඳම වාර්තාව ඉදිරිපත් කර තිබුණේ 2018 සැප්තැම්බර් 13 දා වොක්ස් (Vox) මාධ්‍ය ජාලයයි.
    එම මාධ්‍ය වාර්තාවෙහි සිංහල පරිවර්තනය වන්නේ හන්ගේරියාවේ ප්‍රජාතන්ත්‍රවාද මිය ගියේ කෙසේද යන්නයි. (How
    Democracy Died in Hungary)


    2017 වර්ෂය වෙන විට හන්ගේරියාවේ සියලුම මාධ්‍ය ආයතන වලින් සියයට 90ක් රජයට පවරා ගැනීම සහ රජයට
    අවනත කර ගැනීම තුළින් අගමැති වික්ටර් එරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේ දැයි ජාත්‍යන්තර මාධ්‍යවේදීහු ප්‍රශ්න
    කරති. 2019 මැයි මාසයේදී ඇමෙරිකාවේ ධවල මන්දිරයේදී ඔහු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වී පැවැත් වූ සාකච්ඡාවද
    ජාත්‍යන්තර මාධ්‍යයන්හි විවේචනයට පාත්‍ර විය.





    දිවි නසා ගැනීමට දුම්රියට පැන්න හන්ගේරියාවේ දරු පවුලක්

    image_eee098e11d.jpg



    හන්ගේරියාවේ අගමැති වික්ටර් ඕර්බන්
    (අපේ රනිල් ගොයියගේ සීදේවි මුනමයි මුටත් තියෙන්නෙ)

    image_50b50f56bf.jpg







    ජනපති හා අගමැතිගේ බල අරගලය


    හන්ගේරියාවේ ජනාධිපති ජැනෝස් ඇඩර්ට (Janos Ader) විධායක බලතල තිබෙන නමුත් ඔහු අගමැති වික්ටර්ගේ ආණ්ඩුවේ
    රබර් සීල් එකක් බවට පත් වී ඇති බව එරට විරුද්ධ පක්ෂ වල සහ ඇතැම් විදේශ මාධ්‍යයන්හි මතයයි. 2012 මැයි 10 දා සිට
    ජනපති පදවිය දරන ඔහු අගැමති වික්ටර් ඕර්බන්ගේ දිගුකාලීන මිත්‍රයෙකු නිසා අගමැතිගේ දූෂණ වසා දැමීමට කටයුතු යොදා
    ඇතැයි ද ඔවුහු පවසති.


    වසර 7 ක් ජනපති පදවිය හෙබ වූ ඔහු තවත් දීර්ඝ කාලයක් ජනපති පදවියේ රැඳී සිටීමට උප්පරවැට්ටි යොදමින් සිටින බව
    මාධ්‍ය වාර්තා දක්වයි.


    අගමැති හා ජනපති මිතුරන් දෙදෙනා අතර ඇති වී තිබෙන බල අරගලය තුළින් හන්ගේරියාව අස්ථාවර රාජ්‍යයක් බවට පත් වී
    තිබේ. ලංකාව මෙන් මෙවැනි බල අරගල තිබෙන රටවල් ඉදිරියට යන්නේ නැත. යළි යළි බලයට ඒමට පොරකනවා මිස
    ජනතාවගේ පොදු ප්‍රශ්න දෙස නොබලන දේශපාලකයින් සිටින රටවල් පෙරට යන්නේ කෙසේද?
    රෝම අධිරාජ්‍යයේ අඳුරු සෙවණැලි මැදින් හන්ගේරියාවේ බහුතර ජනතාව අඳුරු අගාදයට ගමන් කරමින් සිටිති.





    සිරි හීන්පැල්ල නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි


    http://www.lankadeepa.lk/thaksalawa/%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD-%E0%B7%84%E0%B7%92%E0%B6%B3-%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B7%8F%E0%B6%9A%E0%B6%B1-%E0%B7%84%E0%B6%82%E0%B6%9C%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80/55-555806
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,206
    113
    Malabe
    නිවටෙයෙක් ජනාධිපති කරල පොන්නයෙක් අගමැති කර ගන්න මොන රටටත් අත් වෙන්නෙ ඔය ඉරණම තමයි...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    20,974
    1
    18,026
    113
    දිවි නසා ගැනීමට දුම්රියට පැන්න හන්ගේරියාවේ දරු පවුලක්


    image_eee098e11d.jpg



    හම්බයෝ ටිකක් නේ..සරණාගතයෝ :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    48,364
    15,836
    113
    Gotland
    දිවි නසා ගැනීමට දුම්රියට පැන්න හන්ගේරියාවේ දරු පවුලක්


    image_eee098e11d.jpg



    හම්බයෝ ටිකක් නේ..සරණාගතයෝ :lol:


    :yes: sirawatama hambo ringala dan. Hungary hamba ratak newi.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    515
    113
    නිවටෙයෙක් ජනාධිපති කරල පොන්නයෙක් අගමැති කර ගන්න මොන රටටත් අත් වෙන්නෙ ඔය ඉරණම තමයි...

    :no::no::no:

    උන් ඒකේ අනික් පැත්ත....
    හංගේරියාව, යුරෝපා සංගමයෙන් කියන විදියට සරණාගතයින්ට උන්ගේ රටට එන්ඩ දෙන්නේ නෑ. සරණාගතයින් කියලා එන්නේ මොක්කුද කියල අමුතුවෙන් කියන්ඩ ඕන නැහැනේ.
    ප්‍රංශය, එංගලන්තය කෙරුවා වගේ හංගේරියාවත් යහපාලනයට ඉඩ දීලා විහින් වල කපාගන්නේ නැති එක ගැන බටහිර media වලට හරි හිතේ අමාරුවක් තියෙනවා.






    උඩ පින්තූරයේ ඉන්නෙත් සිරියාවෙන් ආපු සරණාගත පවුලක්, උන්ට යුරෝපෙට ඇතුල් වෙන්ඩ දෙන්ඩ කියල තමයි රේල් පාරේ යකා නටන්නේ.





    https://www.irishmirror.ie/news/world-news/refugee-who-dragged-pregnant-wife-6385693
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    48,364
    15,836
    113
    Gotland
    :no::no::no:

    උන් ඒකේ අනික් පැත්ත....
    හංගේරියාව, යුරෝපා සංගමයෙන් කියන විදියට සරණාගතයින්ට උන්ගේ රටට එන්ඩ දෙන්නේ නෑ. සරණාගතයින් කියලා එන්නේ මොක්කුද කියල අමුතුවෙන් කියන්ඩ ඕන නැහැනේ.
    ප්‍රංශය, එංගලන්තය කෙරුවා වගේ හංගේරියාවත් යහපාලනයට ඉඩ දීලා විහින් වල කපාගන්නේ නැති එක ගැන බටහිර media වලට හරි හිතේ අමාරුවක් තියෙනවා.


    ඇයි බං හංගේරි ගෑණියෙක් සිරියානු සරණාගතයෙක්ට පයින් ගහල මිඩියා වල ලොකුවට ගියේ. NGO, මීඩියා මාරම පුකේ අමාරුවෙන් හිටියේ ඒකට.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    2,881
    5,031
    113
    Hungary sapekshawa hondai.

    Ukraine, Moldova, Romania, Bulgaria, Serbia, Albania thamai charter ma.

    Ape rate godak denek nodannawa wunata Ukraine wala eka pudgala aadayama (GDP per capita) lankawatath wadiya godak adui dan!! Issara kohoma thibba ratak da....
     

    Similar threads