නිධානය_චිත්‍රපටය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නිධානය_චිත්‍රපටය

    04(197).jpg


    05(172).jpg







    නිධානය රැකගන්න නිව්යෝක් උදව්





    ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ සම්මානනීය සිංහල චිත්‍රපටය වන නිධානය සිනමා පටය සුරක්ෂිත කිරීම සඳහා නිව්යෝක් නුවර ලෝක සිනමා පදනමේ උදව් ඇතිව කටයුතු ආරම්භකරන ලද බව ඉන්දියා ජාතික චිත්‍රපට කෞතුකාගාරය පවසයි.

    ජී.බී. සේනානායකයන්ගේ කෙටිකතාවක් ඇසුරෙන් 1972 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කල නිධානය එම වසරේ වෙනිස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී එම වසරේ නිෂ්පාදිත අද්විතීය සිනමා කෘතියක් ලෙස නම කෙරුණි. අඩ සියවසක කාලයක් සිංහලෙන් නිපදවුණ හොඳම සිනමා කෘතිය ලෙසටද නිධානය නම්කර ඇත.

    මෙම අද්විතීය සිනමා නිර්මාණයේ මුල් දළසේයා පට හෝ ප්‍රදර්ශනයට සුදුසු එකම පිටපතක්වත් මේවනවිට ඉතිරිවී නැත.

    දැනට එහි ප්‍රදර්ශන පිටපතකින් සකස්කරගත් දල සේයා පිටපතක් ඉන්දියාවේ පුනාහි පිහිටි ඉන්දියා ජාතික චිත්‍රපට කෞතුකාගාරය සතුව ඇතිබව එහි අධ්‍යක්ෂක ප්‍රෂන්ත් පත්රබේ මහතා පවසයි.

    එම පිටපත සකස් කර ඇත්තේ මීට වසර 30කට පමණ පෙරය. දැනට එම අනුඡායා පිටපත නිව්යෝක් නුවර ලෝක සිනමා පදනමේ ප්‍රධාන පරීක්ෂනාගාරයේදී රාමුවෙන් රාමුව ප්‍රතිසංස්කරණය කෙරෙන බවත් අවසානයේදී අලුතින්ම ඩිජිටල් තාක්ෂනය යොදා නව පිටපතක් සකස්කරනු ලබන බවත් එමහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ තමන් සතු පිටපතෙහි හිමිකම දරන ජී.ආර්.පද්මරාජා මහතාත් මේසඳහා සම්පුර්ණ සහයෝගය දක්වා ඇතිබව කියන ප්‍රෂන්ත් පත්රබේ මහතා, ඇමෙරිකාවේ සංරක්ෂණ කටයුතු සඳහා මඟ පාදා දුන්නේ සම්මානනීය හොලිවුඩ් සිනමා කරුවකුවන මාර්ටින් ස්කොසේසී විසින් බවද කියයි.

     

    Similar threads