ඉස්සර අපි පොඩි කාලේ උදව්වට අවුරුදු 20 ක වගේ වෙන ද්‍රවිඩ තරුණියක් හිටියා. එයා ඔහොම ඇවිදිනවා නින්දෙන්. මම දැකලා තියෙනවා.
ඒ කියන්නේ ගේ ඇතුලේ සාලේ වටේට ඇවිදිනවා රෑට නින්දෙන්. ඇස් වහගෙන ඉන්නේ. හැබැයි පුටු, මේස වල හැප්පෙන්නේ නැතුව ඇවිදිනවා. කොහොම කරනවද කියලා දන්නේ නැහැ.
පස්සේ මට මතක හැටියට එයා නිදා ගන්න ඇඳ ලග තෙත ගෝනියක්, වතුර බේසමක් වගේ තියලා තිබ්බා ඇදෙන් බහිද්දී ඇහැරෙන්න.
ඒ කාලේ කිව්වේ ඔහොම ඇවිදන් ගිහින් ගෙදර දොරේ යතුර, යතුරු කටේම තියෙනවා නං දොරත් ඇරගෙන කෙලින්ම සොහොනට යන්නේ කියලා. ඒ නිසා මෙහෙම අය ඉන්නවා නං රෑට දොර ලෝක කරලා යතුරු හංගන්න කියලා කියනව.
මොකක්ද දන්නේ නැහැ වෙන්නේ.
සමහර විට අඩ නින්දේ වගේ ඇවිදිනවා ඇති.
ඔය තරුණිය බණ්ඩාරවෙල , පුනාගල වත්තේ කෙනෙක්. ඇයගේ පියා, මව තේ වත්තේ කම්කරුවන්. පියා අධික ලෙස මත්පැන් පානය කරන කෙනෙක්. පවුලේත් ළමයි ගොඩයි. ගෙදර රණ්ඩු, දරිද්‍රතාවය වගේ ප්‍රශ්න.
ඒ නිසා මෙහෙම හැසිරෙනවා වෙන්න ඇති. ඔය පොඩි කාලේ ඇඳේ මුත්‍රා කරගන්න ළමයිගේ එහෙමත් පවුල් පසුබිම ඔහොම තමයි. හිතට ලොකු බයක්, අනාරක්ෂිත බවක් තියෙන කොට එහෙම හැසිරෙන්නේ කියනව. දෙමාපියන් රණ්ඩු වෙනවා වගේ දේවල් උනත් බලපානවා කියලා.