නින්දෙන් ඇවිදින උන් මේක බලපන්කෝ.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,337
    8,336
    113
    Galaha

    අපේ නෑදෑ වෙන පොරකුත් මෙහෙම ඇවිදල තිබුනා. පොරටනම් පාර අයිනෙ වල් වල පින්න වගේ තිබිල කකුලෙ ගෑවුනාම ඇහැරිලා තිබුන ඒත් පොරත් මීටර් 500ක් විතර ගෙදරින් එලියට ඇවිදන් ගිහින් ගඟක් තියෙනව ඒ පැත්තටම තමයි පොරත් ගිහින් තිබ්බෙ. හීනෙන් ඇවිදගෙන ගිහින් වතුරට පනිනව වෙන්න පුලුවන් හෙන අත්බූතයි. :confused2:
    ------ Post added on Aug 13, 2025 at 7:17 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,280
    113
    Mother Earth
    අඩේ එහෙම ඇවිදින්න පුලුවන්ද බන්. ඇස් දෙක පියන් පාරේ ඇවිදින්නේ කොහොමද? 🤷🏻‍♂️
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,337
    8,336
    113
    Galaha
    අඩේ එහෙම ඇවිදින්න පුලුවන්ද බන්. ඇස් දෙක පියන් පාරේ ඇවිදින්නේ කොහොමද? 🤷🏻‍♂️
    මම එක සැරයක් නින්දෙන් ඇවිදලා තියෙයි කුස්සිය පැත්තෙන් දොර අරිනකොට අපේ අත්ත මට කතා කරා එදා අත්තයි මායි විතරයි ගෙදර හිටියෙ. මට ඇහැරෙනකොට මගේ ඉස්සරහ ගෑනු කෙනෙක් වගේ චායාවක් මතකයි මූනට විතරක් පහන් එලියක් වැටිච්ච ගෑනු කෙනෙක් ඔලුව සුදු රෙද්දකින් අර මුස්ලිම් අය වගේ වහගෙන. මේක නිකන් කතාවක් වගේ කියල හිතෙයි උඹට. උඹ කොහෙද යන්නෙ ඇහුවෙ අත්ත මට ඇහැරෙනකොටම මම වතුර බොන්න ආව කියල කිය උනා. ඒ ටික හොඳට මතකයි.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අඩේ එහෙම ඇවිදින්න පුලුවන්ද බන්. ඇස් දෙක පියන් පාරේ ඇවිදින්නේ කොහොමද? 🤷🏻‍♂️
    ප්‍රශ්නේ ඊක නෙමේ, නින්දෙන් කෝල් ගන්න ෆෝන් එක අරන් ගිය එක.මට ඇහුන හැටි වැරදිද ? :unsure:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,413
    100,352
    113
    අඩේ එහෙම ඇවිදින්න පුලුවන්ද බන්. ඇස් දෙක පියන් පාරේ ඇවිදින්නේ කොහොමද? 🤷🏻‍♂️
    මන්ද බං කිසිම අවුලක් නැතුව මගදී ඇහැරිල තියෙනවා මට. අවුරුදු 12 වගේ වෙනකං ඔය වැඩේ වෙලා තියෙනවා. ගෙයින් එළියට යන්න හදපු වෙලාවක අම්මට ඇහිලා නවත්තගෙන. ඊට පස්සේ කොට්ටේ යටින් සුරයක් තියලා. එකෙන් පස්සේ තමා නැවතිලා තියෙන්නේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,337
    8,336
    113
    Galaha
    මන්ද බං කිසිම අවුලක් නැතුව මගදී ඇහැරිල තියෙනවා මට. අවුරුදු 12 වගේ වෙනකං ඔය වැඩේ වෙලා තියෙනවා. ගෙයින් එළියට යන්න හදපු වෙලාවක අම්මට ඇහිලා නවත්තගෙන. ඊට පස්සේ කොට්ටේ යටින් සුරයක් තියලා. එකෙන් පස්සේ තමා නැවතිලා තියෙන්නේ.
    නින්දෙන් ඇවිදින එක හෙනම සීන් එකක්. හිතල බැලුවොත් කකුල් දෙක ඇඳේ ඹැඳගෙන තමයි නිදියන්නෙ. ඒතරම් බය හිතෙනව මම අහල තියෙන කතා එක්ක. සමහරු ගෝනියක් තෙමල දොරවල් මුල දානව, තව සමහරු ගෙදර දොරවල් ලොක් කරල යතුරු වතුර බාල්දි වල දානවලු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,413
    100,352
    113
    නින්දෙන් ඇවිදින එක හෙනම සීන් එකක්. හිතල බැලුවොත් කකුල් දෙක ඇඳේ ඹැඳගෙන තමයි නිදියන්නෙ. ඒතරම් බය හිතෙනව මම අහල තියෙන කතා එක්ක. සමහරු ගෝනියක් තෙමල දොරවල් මුල දානව, තව සමහරු ගෙදර දොරවල් ලොක් කරල යතුරු වතුර බාල්දි වල දානවලු.
    ඔව් අම්මට ඇහෙරෙනව පොඩි සද්දෙටත්. එකෙන් බේරුණා නැත්තං දැන් වගේ camera තියෙනවා කියලා යැ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඔක කරන්නෙ බහිරවයෙක්. උට ඔනී වෙනවා බහිරව ගහනය වැඩි කර ගන්න. එක්කො උට ඉන්න තැනින් යන්න වෙලව අවම. උගෙ කලින් ආත්මෙ පවුලෙ එකෙට හීනයක් පෙන්නලා ගෙන්නගෙන ගගකට හරි පල්ලමකට හරි වට්ටලා මරනවා. ඒ මැරෙන කෙනා අයෙ ඉපදෙන්නෙ බහිරවයෙක් වෙලා. එ මැරෙන තැන නිදානයක් වගෙ දෙයක් තියෙන්න පුලුවන්. හීනෙන් පෙන්නෙ මැනික් / රත්තරන් වගෙ දෙවල් වෙන්නත් පුලුවන්
     
    • Wow
    Reactions: Asmodeus

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    ඔහම ඇදගෙන සපත්තු දාල රෑට බුදියනවද බන් ,ඔතන නන් වෙන කේස් එකක් වගේ තීන්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,280
    113
    Mother Earth
    කියන්න අමතක වුණා. හැබැයි මට මෙහෙම සීන් නම් වෙලා තියෙනව. ඉස්සර මම ඇඳේ හුජ්ජ කරනවා 10 වසරේදීත් හුජ්ජ කරා. මට සමහර වෙලාවට හීනෙන් පේනවා එළියේ ඇවිදන් ගිහින් අඹ ගහ යටට ගිහින් බිජ්ජ එළියට දානවා. එතකොට එළියේ කියලා හිතන් ඇඳේ චූ කරනවා. 🙁
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉස්සර අපි පොඩි කාලේ උදව්වට අවුරුදු 20 ක වගේ වෙන ද්‍රවිඩ තරුණියක් හිටියා. එයා ඔහොම ඇවිදිනවා නින්දෙන්. මම දැකලා තියෙනවා.

    ඒ කියන්නේ ගේ ඇතුලේ සාලේ වටේට ඇවිදිනවා රෑට නින්දෙන්. ඇස් වහගෙන ඉන්නේ. හැබැයි පුටු, මේස වල හැප්පෙන්නේ නැතුව ඇවිදිනවා. කොහොම කරනවද කියලා දන්නේ නැහැ.

    පස්සේ මට මතක හැටියට එයා නිදා ගන්න ඇඳ ලග තෙත ගෝනියක්, වතුර බේසමක් වගේ තියලා තිබ්බා ඇදෙන් බහිද්දී ඇහැරෙන්න.

    ඒ කාලේ කිව්වේ ඔහොම ඇවිදන් ගිහින් ගෙදර දොරේ යතුර, යතුරු කටේම තියෙනවා නං දොරත් ඇරගෙන කෙලින්ම සොහොනට යන්නේ කියලා. ඒ නිසා මෙහෙම අය ඉන්නවා නං රෑට දොර ලෝක කරලා යතුරු හංගන්න කියලා කියනව.

    මොකක්ද දන්නේ නැහැ වෙන්නේ.

    සමහර විට අඩ නින්දේ වගේ ඇවිදිනවා ඇති.

    ඔය තරුණිය බණ්ඩාරවෙල , පුනාගල වත්තේ කෙනෙක්. ඇයගේ පියා, මව තේ වත්තේ කම්කරුවන්. පියා අධික ලෙස මත්පැන් පානය කරන කෙනෙක්. පවුලේත් ළමයි ගොඩයි. ගෙදර රණ්ඩු, දරිද්‍රතාවය වගේ ප්‍රශ්න.

    ඒ නිසා මෙහෙම හැසිරෙනවා වෙන්න ඇති. ඔය පොඩි කාලේ ඇඳේ මුත්‍රා කරගන්න ළමයිගේ එහෙමත් පවුල් පසුබිම ඔහොම තමයි. හිතට ලොකු බයක්, අනාරක්ෂිත බවක් තියෙන කොට එහෙම හැසිරෙන්නේ කියනව. දෙමාපියන් රණ්ඩු වෙනවා වගේ දේවල් උනත් බලපානවා කියලා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,337
    8,336
    113
    Galaha
    පියා අධික ලෙස මත්පැන් පානය කරන කෙනෙක්. පවුලේත් ළමයි ගොඩයි. ගෙදර රණ්ඩු, දරිද්‍රතාවය වගේ ප්‍රශ්න.

    ඒ නිසා මෙහෙම හැසිරෙනවා වෙන්න ඇති. ඔය පොඩි කාලේ ඇඳේ මුත්‍රා කරගන්න ළමයිගේ එහෙමත් පවුල් පසුබිම ඔහොම තමයි. හිතට ලොකු බයක්, අනාරක්ෂිත බවක් තියෙන කොට එහෙම හැසිරෙන්නේ කියනව. දෙමාපියන් රණ්ඩු වෙනවා වගේ දේවල් උනත් බලපානවා කියලා.
    ඉස්සර මම ඇඳේ හුජ්ජ කරනවා🙁
    @Candid-B
     
    • Haha
    Reactions: Candid-B

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කියන්න අමතක වුණා. හැබැයි මට මෙහෙම සීන් නම් වෙලා තියෙනව. ඉස්සර මම ඇඳේ හුජ්ජ කරනවා 10 වසරේදීත් හුජ්ජ කරා. මට සමහර වෙලාවට හීනෙන් පේනවා එළියේ ඇවිදන් ගිහින් අඹ ගහ යටට ගිහින් බිජ්ජ එළියට දානවා. එතකොට එළියේ කියලා හිතන් ඇඳේ චූ කරනවා. 🙁
    ඒක නම් මටත් වෙලා තියනවා. 🤣
     
    • Like
    Reactions: Naughtykolla48

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අඩේ එහෙම ඇවිදින්න පුලුවන්ද බන්. ඇස් දෙක පියන් පාරේ ඇවිදින්නේ කොහොමද? 🤷🏻‍♂️
    1755060718024.png

    as aran bn awidinne