නින්දේදී ශුක්‍රාණු පිට වෙන්නේ ඇයි?

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    📌📌 නින්දේදී ශුක්‍රාණු පිට වෙන්නේ ඇයි?

    ස්වප්න මෝචනය (wet- dreams) ලෙසද මෙම තත්වය හඳුන්වනවා. මෙම තත්වයේදී සිදු වන්නේ පිරිමි පුද්ගලයන්ට නින්දේදීම සුරතාන්තයට (orgasm) පත් වීමෙන් ශුක්‍ර මෝචනය සිදු වීමයි. මේ සම්පුර්ණ ක්‍රියාවලියම නින්දේදී තමා සිදු වන්නේ.

    බොහෝ විට නින්දේදී දකින සිහින මේ තත්වය සඳහා බලපෑමක් කරනවා.

    පිරිමි දරුවෙක් වැඩි වියට පත් වීමත් සමඟ වෘෂණ කෝෂ වල ශුක්‍රාණු නිපදවීම සිදු වෙනවා. මෙලෙස නිපදවෙන ශුක්‍රාණු ස්වයං වින්දනය හෝ ලිංගික සංසර්ගයක් සිදු නොවන්නේ නම් නින්දේදී ඉබේම පිට වෙනවා.

    ........................

    📌📌 නින්දේදී ශුක්‍රාණු පිට වීම ලෙඩක්ද?

    මෙය ඉතා සාමාන්‍ය තත්වයක් වන අතර කිසිදු රෝග තත්වයක් නොවේ.

    සමහර විට නව යොවුන් වියේ සිටින දරුවන්ට සතියකට 2- 3 වතාවක් මෙලෙස නින්දේදී ශුක්‍රාණු පිට වීම සිදු විය හැකියි. එය ඉතාම සාමාන්‍යයි.

    නමුත්,

    👉 වයස 40- 50 පමණ වයසේ පමණ පිරිමින්ට මේ තත්වය පවතී නම්,

    👉 ස්වයං වින්දනය හෝ ලිංගික සංසර්ගයෙන් ශුක්‍රාණු පිට කල පසුවත් රාත්‍රියේ මෙලෙස ශුක්‍රාණු පිට වේ නම්,

    ඒ ගැන වෛද්‍ය වරයෙක්ට යොමු වීම වැදගත්. සමහර විට එය ඉතා කලාතුරකින් ඇති විය හැකි යම් රෝගාබාධයක් විය හැකියි.

    ඒ හැර ඉහත සඳහන් කල පරිදි නව යොවුන් වියේ දරුවන්ට නම් මෙය ගැටළුවක් වන්නේ නැහැ.

    ........................

    📌📌 නින්දේදී ශුක්‍රාණු පිට වීම ගැන සමාජයේ ඇති මිත්‍යා මත

    ❌ පසු කාලීනව ලිංගික සෞඛ්‍යට මෙය බලපෑම් ඇති කරන බව.
    ❌ ඇඟ කෙට්ටු වීම.
    ❌ ස්නායු ආබාධ ඇති වීම.

    මේ කිසිදු මතයක සත්‍ය තාවයක් නැහැ. ස්වයං වින්දයන ගැන සමාජයේ ඇති මත සේම මේ ගැනත් පවතින මිත්‍යා මත වල සත්‍යතාවයක් නැහැ.

    ........................

    📌📌 නින්දේදී ශුක්‍රාණු පිට වීමට පිළියම්

    මෙය කිසිවිටෙකත් රෝගයක් නොවන නිසා ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ.

    කෙසේවෙතත් මේ තත්වයෙන් ඉවත් වීම සඳහා පිලියමක් ලෙස ස්වයං වින්දනය හෝ ලිංගික සංසර්ගයේ යෙදී නිතර නිතර ශුක්‍රාණු පිට කිරීම කල හැකියි.

    ©XeducationSL
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කෙසේවෙතත් මේ තත්වයෙන් ඉවත් වීම සඳහා පිලියමක් ලෙස ස්වයං වින්දනය හෝ ලිංගික සංසර්ගයේ යෙදී නිතර නිතර ශුක්‍රාණු පිට කිරීම කල හැකියි.
    🙂🙂🙂💃
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ටිකක් පොඩි කාලේ ඕක හෙන මානසික වදයක්. කොහෙ හරි පිට තැනක ගිහිල්ලා නිදාගන්න බයයි බඩු යයි කියලා.
    කාලයක් ගියාය පස්සේ තමයි දැන ගත්තේ හැමදාම හස්ත කර්මාන්තයේ නියැලුනාම ඕක වෙන්නෙ නෑ කියලා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Mokadda atta?nidagena innakota giya ekada as aragena innakota giya ekada.dekama dreams