ස්වප්න මෝචනය (wet- dreams) ලෙසද මෙම තත්වය හඳුන්වනවා. මෙම තත්වයේදී සිදු වන්නේ පිරිමි පුද්ගලයන්ට නින්දේදීම සුරතාන්තයට (orgasm) පත් වීමෙන් ශුක්‍ර මෝචනය සිදු වීමයි. මේ සම්පුර්ණ ක්‍රියාවලියම නින්දේදී තමා සිදු වන්නේ.
බොහෝ විට නින්දේදී දකින සිහින මේ තත්වය සඳහා බලපෑමක් කරනවා.
පිරිමි දරුවෙක් වැඩි වියට පත් වීමත් සමඟ වෘෂණ කෝෂ වල ශුක්‍රාණු නිපදවීම සිදු වෙනවා. මෙලෙස නිපදවෙන ශුක්‍රාණු ස්වයං වින්දනය හෝ ලිංගික සංසර්ගයක් සිදු නොවන්නේ නම් නින්දේදී ඉබේම පිට වෙනවා.
........................
මෙය ඉතා සාමාන්‍ය තත්වයක් වන අතර කිසිදු රෝග තත්වයක් නොවේ.
සමහර විට නව යොවුන් වියේ සිටින දරුවන්ට සතියකට 2- 3 වතාවක් මෙලෙස නින්දේදී ශුක්‍රාණු පිට වීම සිදු විය හැකියි. එය ඉතාම සාමාන්‍යයි.
නමුත්,
ඒ ගැන වෛද්‍ය වරයෙක්ට යොමු වීම වැදගත්. සමහර විට එය ඉතා කලාතුරකින් ඇති විය හැකි යම් රෝගාබාධයක් විය හැකියි.
ඒ හැර ඉහත සඳහන් කල පරිදි නව යොවුන් වියේ දරුවන්ට නම් මෙය ගැටළුවක් වන්නේ නැහැ.
........................
මේ කිසිදු මතයක සත්‍ය තාවයක් නැහැ. ස්වයං වින්දයන ගැන සමාජයේ ඇති මත සේම මේ ගැනත් පවතින මිත්‍යා මත වල සත්‍යතාවයක් නැහැ.
........................
මෙය කිසිවිටෙකත් රෝගයක් නොවන නිසා ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ.
කෙසේවෙතත් මේ තත්වයෙන් ඉවත් වීම සඳහා පිලියමක් ලෙස ස්වයං වින්දනය හෝ ලිංගික සංසර්ගයේ යෙදී නිතර නිතර ශුක්‍රාණු පිට කිරීම කල හැකියි.
©XeducationSL