නින්ද හා සිහින ගැන නොදත් දේ…!

Jun 5, 2013
68
40
0
නින්ද හා සිහින ගැන නොදත් දේ…!


නින්ද යනු සිහිය හා බාහිර උත්තේජයනට ප්රතිචාර දැක්වීමේ හැකියාව අවම මට්ටමක පවතින, කායික ක්රියාකාරිත්වය අඩු , ස්වාභාවික තත්වයකි.

නින්ද සෑම කෙනෙකුටම අත්යාවශ්ය දෙයකි. දින තුනක් පමණ නිදි නැතිව සිටියහොත් අද්භූත දර්ශණ පවා පෙනෙන්නට ගන්නා අතර අවසානයේ සිහිය උමතු වීමටද හැකිය.

නින්ද සම්පූර්ණයෙන් වැළැක්වූ විට මීයන් මිය යාමෙන් පෙනෙන්නේ නින්ද නැතිවීම මාරාන්තික බවයි.

නින්දට ගොස් යලි අවදිවීම යනු දැල්වූ බල්බයක් නිවා දමා යලි දැල්වීම වැනි සරල ක්රියාවක් නොව, අවධි ගණනාවකින් සමන්විත සංකීර්ණ ක්රියාවලියකි.

6ff4f2260426316


නින්ද ප්රධාන කොටස් 2කට බෙදිය හැක.
1. NREM Sleep (non-rapid eye movement sleep)
2. REM Sleep (rapid eye movement sleep)
මෙහි NREM නින්ද අවධි හතරකට බෙදා දැක්වේ. එක් අවධියක් විනාඩි 5-15 දක්වා පවතී.

සාමාන්යයෙන් පුද්ගලයෙක් NREM හි 1 අවධියෙන් නින්ද පටන් ගන්නා අතර ක්රමයෙන් අවධි 2 සිට 4 පසුකර ගොස් කෙටි කාලයක් REM නින්දේ පසුවේ.

402ff3260426623


ඉන්පසු මෙම චක්රය නැවත ආරම්භ වන අතර එක් වරක් නිදා ගන්නා කෙනෙක් මෙවැනි චක්ර කිහිපයක් පසු කරයි. එක් සම්පූරණ චක්රයකට විනාඩි 90-110 පමණ ගත වේ.

මෙහිදී ක්රමක්රමයෙන් REM නින්දේ ගත කරන කාලය වැඩි වන අතර NREM නින්දේ ගත කරන කාලය අඩුවේ.

NREM Sleep
NREM නින්ද – 1 අවධිය – මෙහිදී අවදි වී සිටින තත්වයට සාපේකෂව ක්රියාකාරීත්වය අඩු වන අතර දෙනෙත් පියා සිටී. පහසුවෙන් අවදි කළ හැක. අවදි වූ විට අදාළ පුද්ගලයාට තමන් නිදා ගත් බවක් නොදැනේ.
විනාඩි 5-10 පමණ පවතී. ඔබට නින්දත් නොනින්දත් අතර කාලය ලෙස දැනෙන්නේ මේ අවධියයි.
වරින් වර සිදු වන ගැස්සීම් මෙහි දක්නට ඇති අතර ඒවා myoclonic jerks නමින් හැඳින්වේ. මෙම ගැස්සීම් නිසා ඔබට එක්වර උසක සිට වැටෙන්නාක් මෙන් හැඟීමක් ඇතිවිය හැක.

NREM නින්ද – 2 අවධිය – නින්දේ ගත කරන මුළු කාලයෙන් 50% ක් පමණ මෙම අවධියේ ගතවේ.
මෙහිදී ඔබේ ඇස් වල චලනයන් නැති වන අතර හෘද ස්පන්දන වේගය අඩු වේ. ශරීර උෂ්ණත්වය තරමක් අඩු වන අතර වරින් වර මාංශ පේශි සැහැල්ලු වීම දැකගත හැක.
මොළයේ විද්යුත් තරංග ක්රියාකාරීත්වය අධ්යනයේදී EEG තරංග වල සංඛ්යාතය අඩු වේ.

EEG තරංග සංසන්දනය

84f3e6260426741


[මොළයේ විද්යුත් තරංග ක්රියාකාරීත්වය අධ්යනයේදී භාවිතා කරන උපකරණය Electroencephalogram (EEG) නම් වේ]

විටින් විට ඇතිවන sleep spindles නම් සංසිද්ධිය EEG හි දැකගත හැක.

මොළයේ ක්රියාකාරීත්වයේ කෙටිකාලීන වැඩි වීම් මින් නිරූපණය වේ.

NREM නින්ද – 3 අවධිය – මෙය ගැඹුරු නින්දේ පළමු අවධියයි. සංඛ්යාතයෙන් අඩු “ඩෙල්ටා තරංග” EEG හි දක්නට ලැබෙන අතර පුද්ගලයා අවදි කිරීම ඉතා අපහසු විය හැක.
මෙම අවස්ථාවේ අවදි වූ විට විනාඩි කීපයක්ම අන්දමන්ද ස්වභාවයක් පෙන්විය හැක.

NREM නින්ද – 4 අවධිය – මෙය ගැඹුරු නින්දේ දෙවන අවධියයි. මෙහිදී EEG හි සම්පූර්ණයෙන්ම පාහේ දක්නට ලැබෙන්නේ සංඛ්යාතයෙන් අඩු “ඩෙල්ටා තරංග” වේ.
මෙහිදීද පුද්ගලයා අවදි කිරීම ඉතා අපහසු විය හැකි අතර මෙම අවස්ථාවේ අවදි වූ විටද විනාඩි කීපයක්ම අන්දමන්ද ස්වභාවයක් පෙන්විය හැක.

ගැඹුරු නින්ද – NREM හි 3 හා 4 අවධි දෙකෙන් ගැඹුරු නින්ද නිරූපණය වන අතර නින්දකින් ලැබෙන ප්රබෝධවත් ස්වභාවය සඳහා මේ නින්ද අත්යාවශ්ය වේ.
පුද්ගලයා වයසින් වැඩෙන විට ගැඹුරු නින්දේ ගත කරන කාලය අඩු වේ.

f1c914260426828


ගැඹුරු නින්දේදී ශරීරය පටක අළුත්වැඩියාව සිදු කරන අතර පේශි හා අස්ථි වර්ධනය කර ගනී. ප්රතිශක්තිකරණ පද්ධ්රතියද ශක්තිමත් වේ.

REM Sleep

REM නින්දේදී සිහින දැකීම සිදුවේ. නින්ද ආරම්භ වී විනාඩි 90 කට පමණ පසු පළමු REM නින්ද හටගනී. පළමු REM නින්ද විනාඩි 10 ක් පමණ පවතී. අවසන් REM නින්ද පැයක් පමණ පැවතිය හැක.

8cd814260426906


ළඳරුවා මුළු නින්දෙන් 50% ක් පමණ REM නින්දේ ගත කරන අතර වැඩිහිටියාගේ අගය 20% පමණ වේ.

මෙහිදී හුස්ම ගැනීම වේගවත් වන අතර එහි ක්රමාණුකූල බව නැතිවේ. ඇස් වේගයෙන් චලනය වන අතර (Rapid eye movement) මාංශ පේශි අක්රිය වේ. හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය වැඩි වේ.

පිරිමින්ට ලිඟුව ප්රාණවත් වීමක්ද දැකිය හැක.

EEG හි ඇල්ෆා තරංග (අවදි වී සිටින විට ඇති වන වේගවත් තරංග) දක්නට ලැබේ.

නමුත් මාංශ පේශි අක්රිය වන නිසා සිහින දැකීමේදී එම අත්දැකීම් ශාරීරිකව ක්රියාත්මක වීම වලකී. එනම් ඔබ අසළ නිදා ගන්නා පුද්ගලයා සිහිනෙන් පාපන්දු ක්රීඩාවේ යෙදේ නම් ස්වභාවිකව මාංශ පේශි අක්රිය නොවී තිබුණහොත් ඔබට පා පහර කෑමට සිදුවේ.

එක් රැයක පළමු වර ඇතිවන REM නින්ද කෙටිය. දෙවන වර හා ඉන් පසු වාරවලදී ඇතිවන REM නින්ද ක්රමයෙන් දීර්ඝ වන අතර එයට සාපේක්ශව ගැඹුරු නින්ද (NREM 3 හා 4 අවධි) අඩු වේ.

යම් පුද්ගලයෙකුගේ එක රැයක REM නින්ද කැඩුනහොත් ඊළඟ රාත්රියේදී පුරුදු පරිදි “නිදි චක්රය” ක්රියාත්මක නොවන අතර එක්වරම REM නින්ද කරා යයි.

මේ නිසා ශරීරය ලැබෙන REM නින්දේ ප්රමාණය මතක තබා ගන්නා බවක් පෙනේ.

REM නින්ද නැතිව බැරිද? – පර්යේක්ෂකයන්ට මෙම ගැටළුවට විසඳුම් සෙවීම අපහසු වී ඇත. මොළයට වූ හානියක් නිසා REM නින්ද සදහටම අහිමි වූ අයෙක් ඉතාම සාමාන්ය ජීවිතයක් ගත කළ අතර හොඳින් ඉගෙනීමේ කටයුතුද කළේය.
නමුත් වෙනත් පරීක්ෂණ වලදී REM නින්ද දිගින් දිගටම අහිමි කළ විට ක්රමයෙන් මානසික තත්වය පිරිහී යන බවද පෙන්වා තිබේ.

නිදා ගන්නා කාලය – නිදා ගන්නා කාලය වයස මත රඳා පවතී. අළුත උපන් ළදරුවා පැය 20 පමණද, අවු 4 ක දරුවා පැය 12 පමණද, අවු 10 ක දරුවා පැය 10 පමණද නිදා ගන්නා අතර වැඩිහිටියෙක් හට පැය 7-8 ක කාලයක් ප්රමාණවත් වේ.

නින්ද ගැන විත්ති
* අලි,ඇතුන් වැනි සතුන් NREM නින්දේ හිටගෙන සිටින අතර REM නින්ද සඳහා වැතිර ගනී.
* උරගයන්, ක්ෂීරපායීන් හා කුරුල්ලන් සියල්ල නිදා ගනී.
* මත්සයන් තම ශරීර ක්රියාකාරීත්වය හා පරිසරය ගැන සංවේදීකම අඩු කරගන්නා නමුත් අප මෙන් “සිහියකින් තොර” කාලයක් ගත නොකරයි.
* කෘමීන් නිදා ගන්නා බවක් නොපෙනේ.
* සිහින වැඩි හරියක් විනාඩි 5-20 දක්වා පවතී.
* සෑම අයෙක්ම දිනකට කිහිප වරක් සිහින දකී. මේවායින් වැඩි හරිය මතක් කර ගත නොහැක.
* සාමාන්ය ජීවිතයකදී වසර 6ක් පමණ අප සිටින්නේ සිහින ලෝකයේය.
* සිහිනය අවසන් වී විනාඩි 5 කින් එයින් 50% අමතක වේ.
* සිහිනය අවසන් වී විනාඩි 10 කින් එයින් 90% අමතක වේ.
* උපතින් අන්ධ අය වෙනත් සංවේදන මඟින් සිහින “දකී”.
* ගොරවන තැනැත්තා එම අවස්ථාවේ සිහින නොදකී.
* උරගයන් සිහින නොදකින අතර කුරුල්ලන් මඳ වශයෙන් දකී.
* සියළු ක්ෂීරපායීන් සිහින දකී.
 
Last edited:

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Michael Jackson මලෙත් ඔය REM sleep එක නැතුව දවස් 60 කට වැඩියෙන් ඉඳල තමයි. කියන විදියට michale තමයි ලෝකේ වැඩිම කාලයක් REM නින්ද නැතුව ජීවත් උන මනුස්සය.
     
    Jun 5, 2013
    68
    40
    0
    Michael Jackson මලෙත් ඔය REM sleep එක නැතුව දවස් 60 කට වැඩියෙන් ඉඳල තමයි. කියන විදියට michale තමයි ලෝකේ වැඩිම කාලයක් REM නින්ද නැතුව ජීවත් උන මනුස්සය.
    :sorry::sorry::oo::oo: