නින්ද

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    ඔයා නොදන්නවා උනාට නින්ද කියන්නෙ අපේ ඇඟ සහ මනස කියන දෙකම එකට විවේක ගන්න එකම ස්වභාවික තත්වයට. නින්ද කියන්නෙ අපේ ඇඟ අලුත්වැඩියා කරන කාල පරිච්ඡේදයක්. ඔයාට නිරෝගීව ඉන්න, ප්‍රබෝධමත් වෙන්න වගෙම ඔයාගෙ මානසික මට්ටම නිරවුල්ව තියාගන්න ඔයාට තියෙන හොඳම විදිහ තමයි මේ නින්ද.

    හොඳ නින්දකට පුළුවන් අපේ Mental Health එක වගෙම අපේ චිත්තවේගීය ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරන්න. ඔයාට Stress තියෙනවා නම් ඒකටත් ගැලපෙනම බෙහෙත තමයි හොඳ නින්ද. අන්න ඒ නිසයි ගොඩක් මනෝවිද්‍යාත්මක රෝග තත්ව වලදි හොඳ නින්දකට උදව් වෙන බෙහෙත් දෙන්නෙ.

    දුර්වල නින්දකට, අපිට වැඩි ආතතියක් (stress), කනස්සල්ලක් හෝ දුකක් ඇති කරන්න පුළුවන් වගෙම තීරණ ගැනීමට අපහසුවක් ඇති වෙන්නත් පුලුවන්. ප්‍රමාණවත් නින්දක් නොමැතිකම කාලයත් එක්ක මානසික සෞඛ්‍ය ගැටළු වලටත් හේතු වෙනවා.

    හොඳ නින්දකින් හැමවෙලේම අපේ මොලේ recharge කරන්න පුළුවන්. ඒකෙන් අපිට සන්සුන්ව, ධනාත්මකව සහ පැහැදිලි මනසකින් ජීවත්වෙන්න පුළුවන් වෙනවා.

    ඔයාට දැනට හොඳ නින්දක් ලැබෙන්නෙ නැත්තන් කාලසටහනක් හදාගන්න. සති අන්තයේ පවා සෑම දිනකම එකම වේලාවක නිදාගෙන අහරින්න. පොතක් කියවීම හෝ උණු වතුර ස්නානය වගේ සන්සුන් ක්‍රියාකාරකම් ඔයාගෙ ඇඟ නින්දට සූදානම් කිරීමට උපකාරී වෙනවා. නින්දට කලින් අඩුම් තරමේ පැයකට කලින්වත් phone එක අයින් කරලා තියන්න. හැමවෙලේම ඔයා නිදාගන්න කාමරය නිශ්ශබ්ද, අඳුරු සහ සිසිල් තැනක් කරන්න. නින්දට පෙර කැෆේන් සහ බර ආහාර ගන්න එපා මොකද කැෆේන් වලින් ඔයාව අවදියෙන් තියාගන්නවා.

    ඔයා කොච්චර busy උනත් ඒ වැඩ වලට දෙන වටිනාකම තරම්ම ඔයාගෙ "නින්ද" කියන දේටත් වටිනාකමක් දෙන්න. ඒක ඔයාව නීරෝගී මිනිහෙක් කරනවා වගෙම ඔයාගෙ ජීවිතේ නිදහස ආරක්ෂා කරනවා. මොකද සාර්ථක මිනිහෙක් හෝ සතුටින් ඉන්න මිනිහෙක් වෙන්නත්, අපි නීරෝගී මිනිහෙක් වෙන්න ඕනිනෙ. ඒ නිසා අනිවාර්යයෙන්ම අද ඉඳන්වත් හොඳට නිදාගන්න!

    Pramod Weerarathna
    Human Talent Development Trainer
    Life Coach | Career Coach
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,073
    7,227
    113
    Narcissistic Sociopath Manipulator
    පැය අටක් එක දිගට නිදියන්නේ නැතුව කඩල නිදියනවා නම් පට්ට.



    කොන්ෂස් මයින්ඩ් එකෙන් සබ්කොන්ෂසස් මයින්ඩ් එකට වැටෙද්දීම ඇහරුනා නං හරි. නැත්නම් ඕනේ දේවල් හිතන්න ඉමැජීන් කරන්න, සබ්මිනල් අහන්න ගන්න ඕනෙ. iykwim
     
    • Like
    Reactions: NRTG and SiEHRA