නිමල් ගමගේ හොර වෙදෙක්ලු
Doctor Nimal Gamage is not a doctor
තරුණ වෙන්න බේත් දුන්න හොර වෙදාගේ වත ගොත
විෂ එන්නතක් හේතුවෙන් වෛද්‍යවරියක් ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධියට අදාල රූපලාවන්‍ය ආයතනයේ වෛද්‍ය නිමල් ගමගේ අත්අඩංගුවට ගැනුනු අතර ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග ලැබුනා.
මේ වෛද්‍ය වරයා රූපලාවන්‍ය ගැන ඇතැම් මාධ්‍ය වල විවිධ වැඩසටහන් වලට සහභාගී වී උපදෙස් ලබා
දුන් ප්‍රසිද්ධකමක් උසුලන පුද්ගලයෙක්. එම මාධ්‍ය අතුරෙන් ජාතික රූපවාහිණියේ නුගසෙවන වැඩසටහනින් මොහුට ප්‍රමුඛතාවයක් ලබාදී තිබුනා.
ශ්‍රී ලංකා ප්ලාස්ටික් වෛද්‍ය වරුන්ගේ සංගමය විසින් නිමල් ගමගේ වෛද්‍ය වරයා ගැන හෙළිදරව්වක් සිදු කලා. මේ සංගමය පවසන අන්දමට මේ වෛද්‍ය වරයා මෙවැනි කටයුතු කිරීම් වලට නුසුදුසු පුද්ගලයෙක් බව පවසමින් මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වරයාට ලිඛිතව දැනුම් දී තිබුනා. 2011 වසරේ මාර්තු 10 දින නිමල් ගමගේ ශල්‍ය වෛද්‍ය වරයෙක් නොවන වගද සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර තිබුනා. මේ පුද්ගලයා විවිධ අයතා ක්‍රියා සම්බන්ධයෙන් වරදකරු වී ඇති බවත්, 1995 වර්ෂයේදී ඔහුගේ වෛද්‍ය බලප්‍රත්‍රය කැලිෆෝනියා වෛද්‍ය සභාව විසින් අහෝසි කර තිබු බවත් අමාත්‍යංශ ලේකම් වරයාට යැවූ ලිපියේ සදහන් කර තිබුනා. නිමල් ගමගේ විසින් 2009 වර්ශයේදී තම වෛද්‍ය බලපත්‍රය බලාත්මක කරන ලෙස කැලිෆෝනියා වෛද්‍ය සභාවෙන් ඉල්ලීම් කලද, එය ප්‍රතික්ෂේප වී තිබෙනවා. මේ හේතූන් නිසා මොහු මේ දක්වා වෛද්‍ය කටයුතු වල නියැලීම නිතී විරෝධී බව මේ සංගමය අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා. මේ හෙළිදරවිවත් සමග සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මොහු ගැන විශේෂ විමර්ෂනයක් සිදු කරනවා. කෙසේ වෙතත් 2011 දී මොහු ගේ වතගොත කියා ලැබුනු ලිපිය සැලකිල්ලට ගෙන මේ ගැන පරීක්ෂන සිදු කලේ නම් අද විෂ එන්නතක් ලබා දී මිය යෑමේ පුවතක් අපට නොඇසෙනු ඇති.