නිමාලි_ගේ_කථාව

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නිමාලි_ගේ_කථාව

    * රොහාන්ගේ මාසික වියදම ලක්‍ෂ 25 යි
    * පාවිච්චියට ලක්‍ෂ හාරසීයක හාමර් රථයක්‌
    * උපන්දින තෑග්ග කෝටි දෙකක බෙන්ස්‌ රථයක්‌


    ඒ 2009 වර්ෂය මුල් කාර්තුවේ එක්‌තරා දිනයකි. කොම්පඤ්ඤ වීදිය පොලිසිය අසල නතරකළ අතිසුඛෝපභෝගී ජීප් රථයකින් බැසගත් කාන්තාවකි.

    මනබඳිනා රූප සම්පත්තියකට හිමිකම් කියූ ඒ කාන්තාව බැලූ බැල්මට මහා ධනවත් තැනැත්තියක ලෙස පෙනිණි. කාන්තාව පොලිසියට ඇතුළු වුණේ තරමක කලබලයෙන්ය. කිසියම් නීතිමය ගැටලුවක්‌ නිරාකරණය කර ගැනීම සඳහා ඇය ඒ මොහොතේ රාජකාරියේ සිටි පොලිස්‌ පරීක්‍ෂකවරයකු මුණගැසුණාය.

    "මම නිමාලි.... පොඩි ප්‍රශ්නයක්‌ නිසා පොලිසියට ආවේ..."

    රූමත් කාන්තාව තරුණ පොලිස්‌ පරීක්‍ෂකවරයා මුණගැසී තමන් පැමිණි කාරණාව පැහැදිලි කරන්නට වූයේ කිසියම් පිළිසරණක්‌ බලාපොරොත්තුවෙන්ය.

    තරුණ පොලිස්‌ පරීක්‍ෂකවරයා ද මේ සුන්දර කාන්තාවගේ අවශ්‍යතාව කඩිනමින් විස¹ දීමට ඉදිරිපත් වුණේය. "මම අයි.පී. රොහාන්... මිස්‌ කිසිදේකට බය වෙන්න එපා. ඔයගොල්ලො වෙනුවෙන් සේවය කරන්න අපි බැඳිලා ඉන්නෙ. හදිසියේ කරදරයක්‌ උනොත් මට කතා කරන්න."

    පොලිස්‌ පරීක්‍ෂක රොහාන් තුසිත කුමාරසිංහ තමන් ඉදිරියේ පෙනී සිටින මේ සුන්දර කාන්තාව වෙත ජංගම දුරකථනයේ අංකය ද ලබාදෙන ගමන් කීවේය.

    ඒ වන විටත් අවිවාහකයකුව සිටි රොහාන් මේ රූමත් කාන්තාව කෙරෙහි කිසියම් උනන්දුවකින් පසුවුණේය. ඔහුගේ අකීකරු සිත ඔහුටත් නොදැනීම මේ කාන්තාව වෙත ඇදී යමින් තිබිණි.

    "මම කැකිරාවේ. කාලයක්‌ එස්‌.ටී.එµa. එකේ වැඩ කළා. රට බේරාගන්න අපි අවුරුදු ගාණක්‌ යුද්ධ කළා". රොහාන් තම පෞද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරු කිහිපයක්‌ නිමාලිට කියන්නට වූයේ ඇය කෙරෙහි ඇතිවෙමින් තිබූ උනන්දුව ටිකෙන් ටික වැඩිවෙමින් තිබූ නිසාය.

    "හරි පුදුමයි මගේ මහත්තයත් කැකිරාවෙ. ඒත් එයා දැන් කොළඹ ඉන්නෙ. මිස්‌ටර් රොහාන් කරපු උදව් අමතක වෙන්නෙ නැහැ. අපි නිවාඩු වෙලාවක ආයෙත් හම්බවෙමු..."

    නිමාලි තරුණ පොලිස්‌ නිලධාරියාට සිය නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරමින් ඔහුගෙන් සමුගත්තාය.

    මීට වසර 4 කට උඩදී ඒ හමුවීම රොහාන් නිමාලි මුල්ම හමුවීම ලෙස ඉතිහාසයට එක්‌ව තිබුණේය. ඒ සුන්දර කාන්තාවගේ හමුවීම කිසියම් දිනයකදී තම ඉරණම තීන්දු කරනු ඇතැයි රොහාන් මොහොතකටවත් සිතුවේ නැත. පසුදාම රොහාන් සිය ජංගම දුරකථනයෙන් නිමාලිට කතා කළේය, ඇයද රොහාන්ගේ ඒ දුරකථන ඇමතුම බලාපොරොත්තුවෙන් සිටි බවක්‌ පෙනෙන්නට තිබුණේය. දින කීපයක්‌ ගත වෙද්දී රොහාන් නිමාලි අතර සෑහෙන දුරට වර්ධනය වූ මිතුදමක්‌ ගොඩ නැගී තිබිණ.

    "ඔයා හැමදාම ටෙලි4න් එකෙන් කතා කර කර ඉන්නෙ ඇවිත් යන්න එන්නකො. ඔයාව බලන්නත් ආසයි..."

    නිමාලි දඟකාර යෞවනියක ලෙස තොදොල් වූවාය. ඒ ආරාධනයෙන් තව තවත් ප්‍රබෝධමත් වූ රොහාන් පසුදාම නිවසට යන්නට සූදානම් වුණේය.

    එය කොළඹ 7 මල්පාරේ පිහිටි සුවිසල් නිවසකි. නිමාලි අතිසුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කරන මහා ධනස්‌කන්ධයකට හිමිකම් කියන කාන්තාවක්‌ බව රොහාන් දැනගත්තේ ඇගේ සුවිසල් මන්දිරය වෙත පා තැබූ මුල්ම දිනයේ දීය. රොහාන් මේ සුවිසල් මන්දිරයට මුලින්ම පය තැබූ දින නිමාලි ඔහු පිළිගත්තේ මහත් උණුසුම් අන්දමින්ය.

    ඒ උණුසුම් පිළිගැනීම රොහාන්ගේ සිතේ නිමාලි කෙරෙහි තිබූ ප්‍රේමාන්විත හැඟීම් දෙගුණ තෙගුණ කරන්නට සමත් වුණේය.

    "මේ හැම වස්‌තු සම්භාරයක්‌ම මට ලැබුණෙ මගේ දෙමවුපියන්ගෙන්. පවුලෙ එකම දරුව නිසා මට මේ හැම දෙයක්‌ම තනිවම බුක්‌ති විඳින්න ලැබුණ."

    නිමාලි තමන් සතුව ඇති මහා වස්‌තු සම්භාරය පිළිබඳව රොහාන්ට තොරතුරු හෙළිකරන්නට වූයේ ඔහු ඒ තරමටම ඇගේ සිතට ළංවී සිටි නිසාය.

    නිමාලි තිදරු මවක වූවාය. රට පුරාම ඇයට හිමි ඉඩකඩම් විශාල ප්‍රමාණයකි. අක්‌කර සිය ගණන් විශාල ඉඩම්වලින් මාසිකව ලැබුණු ආදායම රුපියල් කෝටි ගණනකි. එමෙන්ම තවත් මහා ධනස්‌කන්ධයක්‌ ඇය කොටස්‌ වෙළෙඳපොළේද ආයෝජනය කර තිබුණාය. එහි ප්‍රතිලාභ ලෙස ද ඇය අති විශාල මුදලක්‌ ඉපයූවාය.

    පැලවත්ත ප්‍රදේශයේ නිමාලිට අයත් මහල් හයකින් යුත් සුවිසල් නිවසකි. බොරැල්ලේ සහ කොළඹ කුරුඳුවත්තේ තවත් මන්දිර දෙකකි. ඉන්ටකූලර්, පැජරෝ, ලෑන් කෲසර් වැනි අති සුඛෝපභෝගී ජීප් රථ දහයකට වැඩි ප්‍රමාණයක්‌ ඇයගේ පරිහරණයට තිබුණේය.

    මහ ධනස්‌කන්ධයකට උරුමකම් කියුවද ඇය කොයිම අවස්‌ථාවකදීවත් මසුරු කාන්තාවක නොවූවාය. නිමාලි යටතේ සේවය කළ පුද්ගලයන් විශාල පිරිසකි. ඔවුන් සියලු දෙනාටම එක ලෙස සැලකීම, ඔවුන්ගේ අවශ්‍යතා හොයාබලා ඒවාට පිළියම් යෙදීම, මිල මුදලින් උදව් උපකාර කිරීම නිමාලිගේ පුරුද්දක්‌ විය. නිමාලි යටතේ සිටි සියලුම සේවකයන් ඇයට දිවි හිමියෙන් ආදරය කළේ ඇගේ තිබූ මේ ගුණයහපත්කම් නිසාය.

    නිමාලි සිය ගමන් බිමන් යැමට යොදාගත් විශ්වාසවන්ත රියදුරන් දෙදෙනෙකි. ඔවුන්ගෙන් එකකුගේ මාසික වැටුප රුපියල් එක්‌ලක්‍ෂ දස දහසකි. (රු. 110,000/-)

    නිමාලි කන බොන හෝටල්වලින් රියදුරන්ටද ආහාර පාන ලබා දීම සාමාන්‍ය සිරිතකි. ඇය ඇඳුම් පැළඳුම් හෝ වෙනත් යමක්‌ මිලදී ගැනීමට ගිය විට ඇය සමඟ ඒ මොහොතේ සිටින සියලුම සේවකයන්ට අවශ්‍ය දේ මිලට ගෙන ඔවුන්ට ලබාදීම ඇය පුරුද්දක්‌ ලෙස කළාය.

    තමන් යටතේ සිටින සේවකයන්ට මේ ආකාරයට සැලකුවද නිමාලි තම සැමියා ගැන එතරම් සැලකිල්ලක්‌ දැක්‌වූයේ නැත. මධුවිතින් ජීවිතය ගෙවා දමන සැමියා නිමාලිගේ මාලිගයේ සිටියේ අවලංගු වූ කාසියක්‌ ලෙසය.

    "මගේ මනුස්‌සය බේබද්දෙක්‌. මිනිහා එක්‌ක ගෙවන ජීවිතේ මට අපායක්‌ වෙලා. මගේ වස්‌තුව කකා බිබී මිනිහා පිස්‌සු නටනවා."

    නිමාලි තම ජීවිතයේ එක්‌තරා ෙ€දාන්තයක්‌ පිළිබඳව රොහාන්ට කීවාය. කඩවසම් වූ පොලිස්‌ පරීක්‍ෂකවරයා කෙරෙහි ඇගේ සිත ඒවන විට ඇදී ගොස්‌ තිබිණි.

    "මම කැමතියි ඔයාව ආශ්‍රය කරන්න. මගේ මේ වස්‌තුව බලා කියා ගන්න කෙනෙක්‌ ඉන්නත් ඕනෙ. ඔයා බොහොම හොඳ කෙනෙන් බව මට පේනවා."

    දින ගණනක්‌ තිස්‌සේ තම හදවතේ සඟවා ගෙන සිටි රහස නිමාලි හෙළි කළේ තවදුරටත් එය ආරක්‍ෂා කර ගෙන සිටීම අපහසු වූ නිසාය.

    "ඔයාගෙ දුකේදි සැපේදි මම ළඟින් ඉන්නවා නිමාලි. කිසිදේකට ඔයා බය වෙන්න එපා."

    රොහාන් සිය පෙම්වතිය වූ නිමාලි සනසාලන්නට වූවේය. නිමාලි සිය අනියම් සැමියා ලෙස රොහාන් තෝරා ගත්තේ කාටත් හොර රහසේය. එහෙත් වැඩිකල් නොගොස්‌ එය බොහොම ප්‍රසිද්ධවූ රහසක්‌ බවට පත්වුණේය.

    එහෙත් කිසිවකුත් නිමාලිගේ තීරණයට විරුද්ධ වුණේ නැත. අඩුම තරමින් ඇගේ නීත්‍යානුකූල සැමියාවත් ඒ සම්බන්ධයට විරුද්ධත්වය ප්‍රකාශ නොකළේය. ඒ මන්ද යත් ඔවුන් සියලු දෙනා නිමාලිගේ මහා ධනස්‌කන්ධය නම් වූ වෘක්‍ෂයේ සෙවනේ සිටිය වුන් නිසාය.

    රොහාන්ගේ තරුණ ජවය හමුවේ උමතු ස්‌ත්‍රියක වූ නිමාලි ඔහුට තව තවත් ආදරය කරන්නට වූවාය. ඔයාට මම හොඳ ගෙයක්‌ අරගෙන දෙන්නම්. ඔය තැන් තැන්වල ලගින්න ඕනෙ නැහැ. එතකොට අපිට නිදහසේ හම්බ වෙන්නත් පුළුවන්. නිමාලි සිය අනියම් සැමියාට අති සුඛෝපභෝගී මහල් නිවසක්‌ කුලියට ගෙන දුන්නේය. ජුලියට්‌ මහල් නිවාස සංකීර්ණයෙන් ලබාගත් සුවිසල් නිවසේ පදිංචියට රොහාන් පැමිණියේය.

    එතැන් සිට නිමාලිට රොහාන් හමුවීමට කිසිදු බාධාවක්‌ නොවීය. රොහාන්ගේ පහස අවශ්‍ය වූ හැම විටම ඇය ටි්‍රලියම් නිවාස සංකීර්ණය වෙත පැමිණෙන්නට පුරුදු වූවාය.

    ඔයා ඔය සොච්චම් පඩියට පොලිසියෙ ඉන්න එපා. මම ඔයාට අවශ්‍ය කරන හැම සතයක්‌ම දෙන්නම්. මගේ මේ ව්‍යාපාරත් බලාගෙන ඔයාට ඉන්න පුළුවන්.

    නිමාලිගේ ඉල්ලීම මත පොලිස්‌ සේවය අතහැර දැමූ රොහාන් ඇගේ ව්‍යාපාරවලට උදව් කිරීමට පටන් ගත්තේය. ඒ වෙනුවෙන් ඇය ඔහුට විශාල වැටුපක්‌ ගෙව්වාය.

    හිටි හැටියේම තමන් වෙත කඩා ගෙන පාත්වූ මේ මහා වාසනාව ගැන රොහාන් සිටියේ දරාගත නොහැකිවූ සතුටකිනි. ඔහු මේ සියලු දේ පිළිබඳව තම මවුපියන්ට මෙන්ම පවුලේ සාමාජිකයන්ට කීමට අමතක කළේ නැත.

    ඉන් නොනැවතුනු රොහාන් සිය අනියම් බිරිඳ කැකිරාවට කැන්දාගෙන ගොස්‌ ඥතීන්ට හඳුන්වාදීමටද කටයුතු කළේය.

    මගේ පවුලෙ අය ගැන බලන්න ඉන්නෙ මම විතරයි. ඒ නිසා ඒ අයගෙ අවශ්‍යතාවන් ඉටු කරලා දෙන්න ඕනෙ. ඔයා මට ඒකට උදව් කරනව නේද?

    රොහාන් සිය අනියම් බිරිඳට මේ ගැන නිතර නිතරම කීවේය.

    ඔයාට ඕනෙ කරන හැම දෙයක්‌ම මම දෙන්නම්. මට දැන් ඔයාගෙන් තොර ලෝකයක්‌ නැහැ රොහාන්. රොහාන්ගේ ආදරය හමුවේ උමතුවෙන් සිටි නිමාලි කීවාය. රොහාන්ගේ ජීවිතය ටිකෙන් ටික කණපිට පෙරලෙමින් තිබුණේය. අතිසුඛෝපභෝගී ජීවිතයකට ඔහු හුරුවන්නට පටන් ගත්තේය.

    තම පවුලේ අයට අත දිග හැර වියදම් කළ රොහාන් ඔවුන්ගේ සියලු අවශ්‍යතා සපුරා දුන්නේය.

    කැකිරාව ප්‍රදේශයේ අති සුඛෝපභෝගී මාලිගාවක්‌ ඉදිකිරීමට පටන් ගත්තේ අනාගතයේ කිසියම් බලාපොරොත්තුවක්‌ ඇතිව විය යුතුය. නිවසට රුපියල් කෝටි ගණනක්‌ වැය කළේය. නිවස වටා අහස උසට ඉදිවූ විශාල තාප්පයට පමණක්‌ රුපියල් ලක්‍ෂ ගණනක මුදලක්‌ වියදම් කළේය.

    මේ හැම දේකටම මුදල් ලබා දුන්නේ නිමාලිය. ඒ වන විට රොහාන්ගේ මාසික වියදම රුපියල් ලක්‍ෂ 25 ඉක්‌මවූවේය. එමෙන්ම රොහාන් ගේ ඉල්ලීම් කිසිවක්‌ ඉවතලෑමට නිමාලිට ශක්‌තියක්‌ නොවීය.

    "මම ආසයි නිමාලි ලස්‌සන හමර් ජීප් එකක්‌ පාවිච්චි කරන්න."

    රොහාන් සිය අනියම් බිරිඳට තම ආශාවන් කියා සිටියේය. වැඩි දවසක්‌ ගත වුණේ නැත. රුපියල් ලක්‍ෂ 400 ක්‌ වැය කර රොහාන්ට හමර් ජීප් රථයක්‌ තෑගි කිරීමට නිමාලි කටයුතු කළාය. රොහාන්ගේ නිවසේ සුපිරි සාද පැවැත්වීම දිනෙන් දින ඉහළ යන්නට වූවේය. තමන්ට සාදයක්‌ පැවැත්වීමට අවශ්‍ය බව කීවොත් පැය කීපයක්‌ ඇතුළත එය ඉටුකර දීමට නිමාලි පියවර ගත්තාය.

    නිමාලි මගේ නංගිගේ වෙඩින් එක ලස්‌සනට කරන්න ඕනෙ. ඒ ගොල්ලො මගේ ගැන ලොකු විශ්වාසයකින් ඉන්නෙ. රොහාන් සිය නැගණියගේ මංගල උත්සවය උත්කර්ෂවත් අන්දමින් කළ යුතු බව කීවේය. නිමාලි ඒ සියලු අවශ්‍යතා ඉටුකර දුන්නාය. මංගල්‍ය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ ගණනක මුදලක්‌ වැය කළේ නිමාලිය.

    මංගල යුවළ කැකිරාවේ සිට කන්ඩලම හෝටලය රැගෙන යැමට හෙලිකොප්ටර් යානයක්‌ යොදාගත යුතු බව රොහාන් කීවේය. නිමාලි දෙවරක්‌ කල්පනා කළේ නැත. රොහාන්ගේ ආශාව ඒ අයුරින්ම ඉටුකර දීමට ඇය පියවර ගත්තාය.

    රොහාන්ගේ සොහොයුරිය මධුසමය ගත කිරීමට ගියේ හෙලිකොප්ටර් යානයෙන්ය. මේ ආකාරයට නිමාලි රොහාන් වෙනුවෙන් වියදම් කළ මුදල රුපියල් කෝටි ගණනකි.

    කල්ගතවෙද්දී රොහාන් සිය අවශ්‍යතාවන් කෙසේ හෝ නිමාලි හරහා ඉටුකර ගැනීමට පෙළඹී සිටියේය.

    රොහාන්ගේ උපන්දිනය වෙනුවෙන් සුපිරි තිළිණයක්‌ පිරිනැමීමට නිමාලි සිතුවාය. ඇය හොර රහසේම එය සැලසුම් කර උපන්දිනය සමරන දිනයේ රොහාන්ගේ නිවසට යෑවීමට කටයුතු කළාය. ඇය උපන් දින ත්‍යාගය ලෙස රොහාන්ට ලබාදුන්නේ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමෙන් යුත් බෙන්ස්‌ වර්ගයේ මෝටර් රථයකි. එහෙත් ඒ වන විට රොහාන් සිටියේ සිහින ලෝකයක පාවෙමින්ය. නිමාලිගෙන් ලැබුණු ත්‍යාගය ඔහුගේ හිතට මදිය. රොහාන් ඊටත් වඩා වටිනාකමෙන් යුත් දෙයක්‌ ඇගෙන් බලාපොරොත්තු වූවේය.

    හිමාලිගේ උපන් දින ත්‍යාගය ආපසු ඇය වෙත යෑවීමට රොහාන් කටයුතු කළේය. කාලය බොහෝ වේගයෙන් ගෙවී යන්නට විය. රොහාන්ගේ නිවසේ සේවය සඳහා ඔහුගේ ඥතියකු වන ප්‍රියන්ත නමැති තරුණයකු නතර වී සිටියේය. රොහාන්ගේ සියලු අවශ්‍යතාවන් සපුරා දෙනු ලැබුවේ ප්‍රියන්තය.

    පසුගිය ජුලි මාසයේ 21 වැනිදා රොහාන්ගේ ජීවිතයේ තීරණාත්මක දිනයක්‌ විය. එදින දහවල් රොහාන් සිය සේවකයා වූ ප්‍රියන්ත ද සමග තලංගම ආසිරි උයන ප්‍රදේශයේ බාබර් සාප්පුවක්‌ වෙත යන්නේ කොණ්‌ඩය කපාගැනීම සඳහාය.

    එදින දහවල් ප්‍රියන්තගෙන් නිමාලිගේ ජංගම දුරකථනය වෙත ඇමතුමක්‌ ලැබුණේය. ඔහු කථා කළේ මහා කලබලයකින්ය.

    මැඩම්... හරි වැඩේ උනේ කව්දොa කට්‌ටියක්‌ රොහාන් මහත්තයට ගහලා ජීප් එකක දාගෙන අරගෙන ගියා. අනේ මැඩම් මහත්තයව බේරලා දෙන්න.

    ප්‍රියන්තගේ දුරකථන ඇමතුමින් නිමාලි ද කලබල වූවාය. ඇය වහාම තලංගම පොලිසිය වෙත ආවේ තම අනියම් සැමියාට සිදුවූ විපත පිළිබඳව පැමිණිලි කිරීමටය.

    "අනේ මගේ රොහාන්ව කොහෙන් හරි හොයලා දෙන්න. ඒ වෙනුවෙන් මම කෝටි පහක්‌ උනත් වියදම් කරනවා. නිමාලි පොලිස්‌ නිලධාරීන් ඉදිරියේ හඬා වැටුණාය.

    තලංගම පොලිසිය රොහාන්ගේ පැහැරගෙන යැම පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කරන්නේ ඉන් පසුවය. දින කීපයක්‌ තිස්‌සේ කළ පරීක්‍ෂණවලින් හෙළි වූයේ මේ පැහැර ගැනීම පිටුපස නිමාලිගේ රියෑදුරු වන කැලුම් සිටින බවය. තලංගම පොලිසිය වහාම කැලුම් අත්අඩංගුවට ගත්තේය.

    "අනේ සර් මට කරන්න දෙයක්‌ නැහැ රොහාන් මහත්තයමයි මට කිව්වෙ ටික කාලෙකට කොහේ හරි හැංගිලා ඉන්න ඕනෙ කියලා එයාට තර්ජන තිබුණා. කට්‌ටියක්‌ එයා පස්‌සෙ පන්නනව කිව්වා. ඒ නිසා තමයි මම රොහාන් මහත්තයව ගිනිගත්හේන පැත්තට එක්‌කගෙන ගියේ. මහත්තයගෙම යාළුවො ටිකක්‌ දාලා පැහැරගත්ත විදිහට අපි පොඩි රංගනයක්‌ කළා. මහත්තය මගේ වාහනේම ගිහින් ගිනිගත්හේනෙන් බැහැලා ගියා.

    නිමාලිගේ රියෑදුරු කැලුම් සියලු තොරතුරු එකින් එක හෙළිකරන්නට වූවේය. අවසානයේ කැලුම් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. රොහාන්ගේ අතුරුදන්වීමට කැලුම් බන්ධනාගාරගත කෙරිණි. සති කීපයකට පසු කැලුම් නිදහස ලැබුවේය.

    මේ සියලු කරුණු කාරණා මෙසේ සිදුවෙමින් මාස කීපයක්‌ ගතවුණේය. රොහාන්ගේ සොහොයුරාගෙන් පොලිස්‌පති සහන මැදිරිය වෙත පැමිණිල්ලක්‌ ලැබෙන්නේ ඔය අතරතුරදීය.

    "අයියට තර්ජන තිබුණෙ නැහැ. එයාට පැනල යන්න හේතුවක්‌ තිබුණෙත් නැහැ. මේ අතුරුදන්වීම ගැන ලොකු සැකයක්‌ තියනවා."

    රොහාන්ගේ සොහොයුරාගේ පැමිණිල්ල වහාම විභාග කිරීමේ කාර්ය කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත භාර කෙරෙන්නේ ඉන් පසුවය.

    බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්aඨ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර ඇතුළු නිලධාරීන් රොහාන්ගේ අතුරුදන්වීම පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කළහ.

    රොහාන් යටතේ සිටි සේවකයන්ගෙන් මෙන්ම නිමාලිගේ සේවකයන්ගෙන් ද පොලිසිය කටඋත්තර ලබා ගත්තේය. ඔවුන් බොහෝ දෙනකුගේ ජංගම දුරකථන ඇමතුම් පිළිබඳ බිල්පත් ද පොලිසිය ලබාගත්තේ කිසියම් හෝඩුවාවක්‌ ලබාගැනීම සඳහාය.

    අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් කළ පරීක්‍ෂණවලින් සොයා ගත්තේ රොහාන්ට කිසිවකුගෙන් තර්ජනයක්‌ නොතිබූ බවයි. කිසිවකුටත් බියේ සැඟවීමට තරම් අවශ්‍යතාවක්‌ ඔහුට නොතිබූ බවද පොලිසිය සොයා ගත්තේය. අතුරුදන්වීම සිදුවූ දින නිමාලිගේ රියෑදුරු කැලුම් දුරකථන ඇමතුම් රාශියක්‌ ලබාගෙන තිබිණි. නිමාලිට ඔහු එක දිගට ඇමතුම් ලබාගත් බව හඳුනා ගත්තේය. එමෙන්ම තවත් අංක කීපයකට ඔහු ඇමතුම් විශාල ප්‍රමාණයක්‌ ලබාගෙන තිබිණි.

    අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ආර්. එල්. රණවීර මහතා මේ පරීක්‍ෂණය සඳහා පෞද්ගලිකව මැදිහත්ව සිටියේය. ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් සිල්වා, පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන නන්දන කළුආරච්චි, සමන් ප්‍රේමතිලක ඇතුළු කණ්‌ඩායමක්‌ දිවා රෑ නොබලා මේ පරීක්‍ෂණය සඳහා වෙහෙස වූහ.

    අවසානයේ රොහාන්ගේ අතුරුදන් වීම පිළිබඳව නිමාලිගේ රියෑදුරු කැලුම් අත්අඩංගුවට ගත්තේය. කැලුම්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ඇරැඹිණි. මාස ගණනක්‌ තිස්‌සේ වළ දමා තිබූ මහා අපරාධයක සුලමුල හෙළිවන්නට පටන් ගත්තේ කැලුම්ගෙන් ප්‍රශ්න කිරීම්වලදීය.

    "සර්... මේ හැම දෙයක්‌ම කළේ මම. රොහාන් මහත්තයා නිමාලි මැඩම්ට හරියට කරදර කළා. එයාගෙන් සල්ලි ඉල්ලලා බේරුමක්‌ නැතිව ගියා.

    ඒ කරදරවලින් බේරෙන්න බැරි තැන මැඩම් මට කිව්වා රොහාන් මහත්තයගෙන් බේරගන්න කියලා. මම කඩුවෙල පැත්තෙ ටීම් එකකට භාර දුන්නා රොහාන් මහත්තයව ඉවරයක්‌ කරලා දාන්න කියලා."

    කැලුම් තමන් කළ කී සියලු දේ පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කරන්නට වූවේය.

    රොහාන් නිමාලිගේ අනියම් සැමියා වීමෙන් පසු අති විශාල ධනස්‌කන්ධයක්‌ වැය කරන්නට පටන්ගත්තේය. පොලිසිය හෙළිකරගත් තොරතුරුවලට අනුව නිමාලි රොහාන්ට රුපියල් ලක්‍ෂ 2000 කට වඩා වැඩි මුදලක්‌ වියදම් කළේය.

    අවසානයේදී රොහාන් නිමාලිගෙන් මුදල් ලබාගත්තේ බලහත්කාරයෙන්ය. ඒ වන විට රොහාන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි නිමාලි සිටියේ දැඩි අකමැත්තකින්ය.

    "මෙහෙම සල්ලි නාස්‌ති කළොත් මගේ දරුවො හතරදෙනාට කවද හරි පාරට බහින්න වෙනවා." නිමාලි මේ ගැන නිතරම සිතුවාය. තම විශ්වාසවන්තම සේවකයා වන කැලුම්ට මේ පිළිබඳව නිමාලි කියා සිටියේ කිසියම් පිළිසරණක්‌ බලාගෙනය.

    ලීසිං නොගෙවන වාහන රැගෙන යන කණ්‌ඩායමක නායකයකු වන සුසන්ත හමුවී තම අවශ්‍යතාව කියූ කැලුම් ඊට උපකාරයක්‌ ඉල්ලුවේය.

    "හරි අපි මේ වැඩේ භාරගන්නවා අපිට ලක්‍ෂ 20 ක්‌ ඕනෙ. "සුසන්ත කොන්ත්‍රාත්තුව භාර ගත්තේය. රොහාන් ඝාතනය කිරීම පිළිබඳව මුල්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක රථගාලේය. ඒ සාකච්ඡාව සඳහා නිමාලි සිය රියෑදුරු කැලුම් සමග පැමිණියාය. දෙවැනි සාකච්ඡාව පැවැත්වෙන්නේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හෝටලයක ආලින්දයේය.

    "මැඩම් අපිට ඇඩ්වාන්ස්‌ එකක්‌ ඕනෙ. වැඩේ කළාට පස්‌සෙ ඉතිරි මුදල් ඕනෙ." සුසන්ත නිමාලි මැඩම්ට කීවේය. ඇය ද ඊට එකඟ වූවාය.

    පැයක්‌ ගතවන්නට පෙර අත්තිකාරම් මුදල සුසන්ත අතට පත් විය. රොහාන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක වන්නේ එතැන් සිටය. මේ සැලසුම සඳහා සුසන්ත තවත් සගයන් තිදෙනකු එක්‌කර ගත්තේය. කැලුම් ද මේ සඳහා සක්‍රීයව දායකව සිටියේය.

    සුසන්ත ඇතුළු සගයන් රුපියල් 16,000 ක මුදලකට පැජරෝ ජීප් රථයක්‌ දින දෙකකට කුලියට ගත්තේය. ඇමැති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් අඳින ඇඳුම්වලට සමාන ඇඳුම් ඔවුන් සියලු දෙනා මිලට ගත්හ.

    සැලසුම සඳහා මෝටරෝලා යන්ත්‍රයක්‌ ලබා දුන්නේ කැලුම්ය. රොහාන් ඝාතනය කිරීමේ සැලසුම් ජුලි 21 වැනිදාට යොදාගත්තේය.

    ජීප් රථයේ නැඟුනු සුසන්ත ඇතුළු සගයන් රොහාන්ගේ සුපිරි නිවස පිහිටි මහල් නිවාසය අසල රැකවල්ලාගෙන සිටියේය. රොහාන් කොණ්‌ඩය කැපීමට තලංගම යන්නට පිටත් වන්නේ ඒ අවස්‌ථාවේදීය. සුසන්ත ඇතුළු කල්ලිය තලංගම බාබර් සාප්පුවේදී රොහාන් පැහැර ගත්තේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ලෙස රංගනයේ යෙදෙමින්ය.

    රොහාන් පැහැරගෙන ගිය ජීප් රථය පැදෙව්වේ කැලුම්ය. අතුරුගිරිය ප්‍රදේශය පසුකරද්දී සුසන්ත ඇතුළු නරුමයන් රොහාන්ගේ ගෙල සිරකර ඔහු මරා දමනු ලැබූහ. ඔහුගේ නිසල සිරුර ජීප් රථයේ කාපට්‌ එකක්‌ යට සැඟවූ ඝාතකයන් එය සැඟවීමට ස්‌ථානයක්‌ සොයමින් කොළඹ - හැටන් මාර්ගයේ ගිනිගත්හේන දක්‌වා ගමන් කළහ.

    අවසානයේ කිතුල්ගල ඉංගිරියාවත්ත ප්‍රදේශයේ පාලු ස්‌ථානයකදී රොහාන්ගේ සිරුර ඇදගෙන ගොස්‌ කැලණි ගඟේ ගිල්ල වූ සුසන්ත ඇතුළු පිරිස එය ගසාගෙන නොයන ලෙස ගසක බැඳ දැමුවේය. ඔවුන්ට අවශ්‍ය වුණේ රොහාන්ගේ සිරුර කැලණි ගඟේ ගිලී කුණුවී විනාශ වී හඳුනාගත නොහැකි ලෙස විනාශ කිරීමටය.

    රොහාන් ඝාතනය කිරීමෙන් පසු ඔහු පැළඳ සිටි මුදුව ගලවාගත් කැලුම් එය නිමාලි මැඩම්ට භාර දුන්නේ තම කාර්ය නිවැරදි ලෙස කළ බවට සාක්‍ෂි ලෙස ඉදිරිපත් කිරීමටය.

    රොහාන්ගේ සිරුර කැලණි ගඟ පතුලේ සඟවා තැබුවද එය වැඩි දවසක්‌ එහි තිබුණේ නැත. කැලණි ගඟේ බෝට්‌ටු සංචාරයේ ගිය පුද්ගලයකු එය සොයා ගත්තේය. ඒ වන විට රොහාන්ගේ සිරුර දැඩි ලෙස කුණු වී විකෘතිව පැවතිණි.

    හඳුනා නොගත් පුද්ගලයකුගේ මළ සිරුරක්‌ ලෙස රොහාන්ගේ සිරුර රජයේ වියදමින් භූමදාන කිරීමට කිතුල්ගල පොලිසිය මීට මාස කීපයකට උඩදී පියවර ගත්තේය.

    රොහාන් ඝාතනය කිරීමෙන් පසු කොන්ත්‍රාත්තුවේ ඉතිරි මුදල ද ලබා දීමට නිමාලි කටයුතු කළාය. එහෙත් මේ මහා අපරාධය මුළු ලෝකයටම වසන් කරගෙන සිටීමට ඉඩ ලැබුණේ මාස 4 ක පමණ කාලසීමාවක්‌ පමණි. කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන්ගේ කැපවීමත් දක්‍ෂතාවත් මත ඝාතනයට සම්බන්ධ වූ සුසන්ත ඇතුළු සැකකරුවන් පස්‌දෙනා ද ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දුන් නිමාලි ද අත්අඩංගුවට ගත්තේය.

    තහනම් ආදරයේ රස බැලීමට ගිය නිමාලි අද මහ උළුගෙදරය. හය හතර නොතේරෙන ඇගේ දරුවෝ අද අනාථ වී සිටිති. හැම දේම බලයට මුදලට කළ හැකි බව සිතූ නිමාලිට වැරදුනේය.

    අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරි නුවන් වෙදිසිංහ මහතා ද, මේ පරීක්‍ෂණය සඳහා විශාල කැපකිරීමක්‌ කළේය. අපරාධ කොට්‌ඨාසයේ උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන අමිත් මෙත්තානන්ද, තුෂාර පෙරේරා, ගයාන් කරුණානායක, සැරයන්වරුන් වන (30501) යසරත්න, (8333) වික්‍රමනායක, (69333) නිරෝෂණ, (77511) චන්දන, (69987) රුවන්, (38633) බණ්‌ඩාර, (77828) අබේවර්ධන, (361) ගාමිණී සහ (73011) සමන් යන නිලධාරීන් මේ පරීක්‍ෂණය සඳහා වෙහෙස වූහ.




    හේමන්ත රන්දුණු

    divaina news paper
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    eka weradden weradi godak thanhawa nisai hamadema wela thiyanne .nimali weradi neeee eth nimali prashneta uththara hoyapu widiya hari ne
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ගොන් හරකා සුපිරි විදිහට ඉන්ඩ තිබ්බ චාන්ස් එක නැති කරගෙන අර ගැනිත් අමාරුවේ දාලා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    apita udaw karanna kawuruth ohomanane ,salli nathi kenekukuta ekaprata salli ahama ohomawenwa ,ekaathkata salli awashya pramamnyata thibbama nidahase jiwath wenna puluwan