නිම නොවන කොවිඩ් රැල්ල - රට පුරා හමු වූ ආසාදිතයෝ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 633ක් වේ.

    ඒ අතරින් 495 දෙනෙකු පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 138 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය ලෙස හඳුනාගනිණි.

    ඊයේ හඳුනාගත් ආසාදිතයින් 633 දෙනා අතරින් 264 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙනුත්,162 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙනුත්,18 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙනුත්,17 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙනුත් හඳුනාගෙන තිබේ.

    කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11 දෙනෙකු,රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5 දෙනෙකු,ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් සිව්දෙනෙකු,මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් තිදෙනෙකු බැගින් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දෙදෙනෙකු ඒ අතරට අයත් වේ.

    මාතර, හම්බන්තොට,සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ඊයේ හඳුනාගත් බව වාර්තා විය.

    මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ව්‍යාප්තිය ආරම්භ වී දින 26 ක් සම්පූර්ණ වූ ඊයේ දිනය වනවිට කිලිනොච්චිය හැර දිවයිනේ දිස්ත්‍රික්ක 24 කම ආසාදිතයින් වාර්තා වුණි.

    ඒ අතරින් ආසාදිතයින් බහුලවම වාර්තා වන්නේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලිනි.

    කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, කෑගල්ල, මහනුවර, රත්නපුර, අනුරාධපුර, රත්නපුර යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව වෛද්‍යවරු පවසති.

    දෛනිකව ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාවට සාපේක්ෂව රජයේ රෝහල්වල පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

    මේ අතර, ඉකුත් බ්‍රහස්පතින්දා බේරුවල ධීවර වරාය ආශ්‍රිතව සිදුකළ පීසීආර් පරීක්ෂණවලට අනුව එහි 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා සඳහන් කළේය.

    එම පිරිස අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට සම්බන්ධ වූ පිරිස්වලට අමතරව බේරුවල ධීවර වරාය ආශ්‍රිතව පමණක් සේවය කළ අය වේ.

    මෙම ආසාදිතයින් 30 දෙනා අතරින් අයෙකු ඉකුත් බ්‍රහස්පතින්දා පීසීආර් පරීක්ෂණයට සහභාගි වීමෙන් පසු ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් තිබූ අතර ඔහුද ආසාදිත බවට වාර්තා ලැබී තිබේ.

    ඒ අනුව යළි ඔහුව ගොඩබිමට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණි.

    වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පසුගිය දෙදින තුළ සිදු කළ PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පිරිමි පුද්ගලයින් 75 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ප්‍රදේශයභාර සෞඛ්‍ය අංශ ඊයේ මධ්‍යම රාත්‍රියේ පියවර ගත්හ.

    එම ආසාදිතයින් අතරින් බහුතරයක් වත්තල කෙරවළපිටිය ප්‍රදේශයේ පිහිටි සේවකයින් 1000 ක් පමණ සේවය කරන පෞද්ගලික කර්මාන්තශාලාවකින් හඳුනාගෙන තිබෙන අතර එම කර්මාන්තශාලාව දැනට තාවකාලිකව වසා දමා තිබේ.

    හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කළ බුලත්සිංහල පදිංචි සේවිකාවකට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනිණි.

    ඇයට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබුණේ එහි සේවකයින් 20 දෙනෙකු අතරින් සිදුකරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලදීය.

    අදාළ කම්හලේ 6000කට ආසන්න පිරිසක් සේවය කරන අතර මේ හේතුවෙන් දැනට එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

    ඒ අනුව හොරණින් අද වාර්තා වූ ආසාදිතයින් 24 දෙනාගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්හ.

    දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ බව ප්‍රදේශයභාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

    මොවුන් දෙදෙනා ආසාදිත බව හඳුනාගෙන තිබුණේ ඔවුන් විසින්ම ස්වේච්ඡාවෙන්ම කරගත් PCR පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසය.

    ඒ අනුව සේවකයින් 1900 ක් පමණ සේවයේ නියුතු එම ඇඟලුම් කම්හල අද (31) සිට තාවකාලිකව වසා දමා තිබෙන අතර සෙසු ආශ්‍රිතයින් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

    අවිස්සාවේල්ල සීතාවක නගරසභා බල ප්‍රදේශය තුළින් පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ කොවිඩ් ආසාදිතයින් හයදෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන් පුවක්පිටිය, ගලපිටමඩ සහ අවිස්සාවේල්ල විද්‍යාල මාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වන අතර ඉන් 6 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.

    සෙසු නව දෙනා මිරිස්වත්ත,ඇස්වත්ත,හිඟුරල හා වගවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.

    බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පුද්ගලයින් 30 දෙනෙකුගේ PCR පරීක්ෂණ අතුරින් කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොට්ඨාසය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අමිල ගුණසේකර මහතා සඳහන් කළේය.

    ඒ අතරින් 7 දෙනෙකු මාළු වෙළෙඳුන් වන අතර සෙසු සිව්දෙනා මීට පෙර හඳුනාගත් මාළු ව්‍යාපාරිකයෙකුගේ ආශ්‍රිතයින් බව හෙළිවී තිබේ.

    මහනුවර උඩදෙල්තොට පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

    එම සිසුවිය ඉකුත් ඔක්තෝබර් 5 වැනිදා අවසන් වරට විශ්ව විද්‍යාලය වෙත පැමිණ තිබූ අතර අනතුරුව මතු වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් කිහිපයකින්ම ඖෂධ ලබාගෙන තිබූ බව වාර්තා වේ.

    ඇයට වෛරසය ආසාදිත බව හඳුනාගැනුණේ ඉකුත් 23 වැනිදා සිදුකළ පීසීආර් පරීක්ෂණයේදීය.

    ඇයගේ ආශ්‍රිතයකු ලෙස හඳුනාගත් ඥාතියෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණි.

    මේ අතර, බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 13 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ සිදුකෙරුණු අතර ඉන් නිලධාරීන් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    මීට අමතරව වෙරළබඩ පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට සහ කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ හඳුනාගැනුණි.

    ඒ අනුව මේ වනවිට කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 78 දක්වා ඉහළ ගොස් තිබේ.

    මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රාජකාරි කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

    මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී දින 4 ක් ගතවුවත් කිසිදු රෝහලක් වෙත යොමු නොකළ මාළු වෙළෙඳන්දෙකු පිළිබඳව පිළියන්දල කහපොළ ප්‍රදේශයෙන් වාර්තා වේ.

    ඔහු ජීවත්වන නිවස ආශ්‍රිතව පවුල් 03ක් සහ දරුවන් 7 දෙනෙකුද වාසය කරන අතර මොහු PCR පරීක්ෂණයක් සඳහා යොමු වී තිබුණේ ස්වේච්ඡාවෙන්මය.

    මේ අතර අද දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයින් 137 දෙනෙකු වාර්තා වී තිබේ.

    ඒ අතරින් 99 දෙනෙකු මුල් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 38 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වේ

    ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 10,561 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අතරින්, 6142 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ ගණන 4399කි.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    අපිටඅපිට හැදුනට කාරි නෑ මැති ඇමතිලාට හැදෙන් නැතිව හ්ම්ම්
     
    • Haha
    Reactions: SLK_sri

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Horana case eka serious. Bodyline garment eke. Ahambu test ekak. Serious kiyanne ethana innawa mulu kaluthara, sabaragamuwa okkoma cover wenna kattiya. Ethanin giyoth muli area ekama iwarai. E awata inna hinda danne. Ai horana boi eke pcr kala tika denekge. Thama results awilla na wage.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    මේ පාර පැතිරෙන්නෙ නරක කෝවිඩ් 19 වර්ගයක් කියල මතයක් සමාජගත කෙරෙමින් පවතී

    Kiyala wadak na... fail nam fail kiyantath kondak thiyenna ona...

    Media walin thamai meka mechchara bo kare me parayo boru kiyala kiyalama...

    Kage unath ammala tathalata karadarayak nowunoth echcharai...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ පාර පැතිරෙන්නෙ නරක කෝවිඩ් 19 වර්ගයක් කියල මතයක් සමාජගත කෙරෙමින් පවතී
    ඒ කතාව නම් ඈත්ත. කලින් එකට වඩා කේස්, බෝ වෙන වේගය වයිරල් ලෝඩ් එක වෑඩි. මේක ඉන්දියාවෙන් ආපු එකක් වෙන්න ඕනේ බන්..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    ඒ කතාව නම් ඈත්ත. කලින් එකට වඩා කේස්, බෝ වෙන වේගය වයිරල් ලෝඩ් එක වෑඩි. මේක ඉන්දියාවෙන් ආපු එකක් වෙන්න ඕනේ බන්..

    මරු කතානේ බන් මේවා.. එතකොට අප්‍රේල් ආවේ කොවිඩ් නෙවේද? මුන් මේ කාවද රවට්ටන්නේ..

    හෙහ් හෙහ් හෙහ්.. රට වහලා කොහොමද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මරු කතානේ බන් මේවා.. එතකොට අප්‍රේල් ආවේ කොවිඩ් නෙවේද? මුන් මේ කාවද රවට්ටන්නේ..

    හෙහ් හෙහ් හෙහ්.. රට වහලා කොහොමද


    weraddak karala weradda pili ganne nethi ewungen ita wada deyak balaporoththu wenna epa ban.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මරු කතානේ බන් මේවා.. එතකොට අප්‍රේල් ආවේ කොවිඩ් නෙවේද? මුන් මේ කාවද රවට්ටන්නේ..

    හෙහ් හෙහ් හෙහ්.. රට වහලා කොහොමද
    වයිරස් මියුටෙට් වෙනවා. පොඩි පොඩි වෙනස් කම් වෙනවා. උදාහරණයකට ඩෙන්ගු වල ප්‍රභේද 4 ක් තියෙනවා. ඒ වගේම මේකට එන්නත් හදන්න අමාරු වෙන්නත් හේතුවක් ඔය වෙනස්වීම්. කලින් ලන්කාවෙ තෑන් තෑන් වලින්, කන්දකාඩු, නේවි වගේ ඒවායේ තිබුනට වඩා මේක වෙනස්.
    ටිකක් කියවලා බලපන් අනිත් රටවලත් එහෙම තමා
    https://www.smh.com.au/national/the...stralian-and-a-tiger-how-20200622-p554wq.html
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මාර්තු වල ආපු කොරොනා මොඩල් එකට වඩා මේ පාර ස්ප්‍රෙඩ් වෙන මොඩල් එක වෙනස් සහ කලින් පාරට වඩ ඩෙවලොප් වෙච්ච සීන් එකක් තියෙන්නේ
    ස්ප්‍රෙඩින් ස්පීඩ් එක වැඩී වගේම දැනගන්න තියෙන දේ තමයි අපි හිතමු එකම කෙනාට පී.සී.ආර් තුනක් කොරොත්
    ෆස්ට් එක පොසිටිව්
    දෙවනි එක නෙගටිව්
    තුන්වෙනි එක පොසිටිව්

    මෙන්න මේ සීන් එක වෙනව කියලා කියනව ඩොක්ටර්ස්ල
    අද දෙරණෙ ඔය ගැන ගියා රිපෝර්ට් එකක් ජපුර කැම්පස් එකෙන් කරපු
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,387
    113
    - උඩරට -
    උබලා බය වෙන්න එපා උම්මාදේවී ඉන්න කම් මැරෙන්න දෙන්න නෑනේ තරුණ අයට දැනුවත්ව..:lol:
    උම්මා දීලා හරි බේර ගන්නවා ඒක සුවර් :lol:
     
    • Like
    Reactions: malakadss

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    anagaththata passe kiyana puluwan lesima de okai. ehama beluwanam china valata mulima apu velava lokema dan nethi virus ekak un manage kare. karana vanam karanna puluwan boruwata prabalai kiyan nethuwa. thailnd, singapore unuth manage kara gaththa na
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    anagaththata passe kiyana puluwan lesima de okai. ehama beluwanam china valata mulima apu velava lokema dan nethi virus ekak un manage kare. karana vanam karanna puluwan boruwata prabalai kiyan nethuwa. thailnd, singapore unuth manage kara gaththa na
    un eka bari kamata kiyanawa wenna puluwan. eth kathawa aththa. me virus strain eka wenas.. ethakota treat karana widiha wenas wenna puluwan. prashne ethana neme... kohomada meka rata atulata awe..?