නියඟයට_සූදානම්ද? -රනිල්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    නියඟයට_සූදානම්ද? -රනිල්

    නියඟයට දැන් සිටම සූදානම් වන්නැයි අගමැතිගෙන් උපදෙස්


    ලබන මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාවට බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙන දරුණු නියඟයට මුහුණදීම සඳහා දැන් සිටම සූදානම් වන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

    ඊට අදාළ යාන්ත‍්‍රණයක් දැන් සිටම සකස් කරන ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

    ජනතාවට අවශ්‍ය පරිදි අඛණ්ඩ පානීය ජලය සැපයීම, වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය ප‍්‍රමාණවත් පරිදි මුදාහැරීම ඇතුළු කටයුතු රැුසක් සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කෙරෙනු ඇති.

    නියඟය ඇතිවුවද දෛනික ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

    නියඟයට මුහුණදීම සඳහා විශේෂ කාර්යසාධක බළකායක් ද පිහිටුවීමට නියමිතයි.


    nethnews





    තව හම්බයොන්ට කැලෑ ටිකක් එළිකරන්න දුන්නනම් හරි..මහින්දගේ කාලේ උන් කැලෑ පටන් ගත්ත ඒවා තාමත් ඒ විදිහටම වෙනවානේ..වෙනස!


    4956-deforestation-proposing-land-lots-near-wilpattu-national-park1148750581.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නියගෙට සුදානම් වෙන්න ලක්ෂෙකින් පඩිත් වැඩි කලානේ....