මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපං. අන්තිම වෙනකොට හාල තියෙන්නේ හැබැයි." බුදුහුන් වඳින ගාථා ඔක්කොම පස්සෙ හදපුවා. බුදු හාමුදුරුවො පාරෙ යනකොට මිනිස්සු 'පූජේමි බුද්ධං කුසුමේ නේන' එහෙම කිව්වෙ නෑ කවුරුවත්. පශ්චාත් කාලීනව ගාථා සංවර්ධනය වුනා. ගාථා ලිව්වා. අට විසි පිරිත, ජය පිරිත, ජිනපංජරය, මේ මෑත කාලෙ හදපුවා. ජල නන්දන පිරිත වගේ ඒව මහායානික ආභාෂයෙන් සංවර්ධනය වෙච්ච. සීවලී පිරිත පස්සෙ හැදිච්ච. සීවලී දැහැන.....මේ ඔක්කොම පස්සෙ ලියපුව.
ජයමංගල ගාථා කොහෙන්ද ආවෙ? 'බාහුංසහස්ස මබිනිම් මිත සායුදන්ය්තං....."
කියල ඔය මඟුල් ගෙවල් වල කිව්වට, තායිලන්තෙන් ඇවිල්ල තියෙන්නෙ. ලංකාවෙ ඒව නෙවෙයි ඒව.
ඉදිරි පරම්පරාවට මේව ඉගැන්නුවට කමක් නෑ.....හැබැයි දෙකම. 'පුතේ මේව පස්සෙ ලියපුව. මේක තමයි Early Buddism...මුල් බුදු සමය, බුදුවරු කියන්නෙ මේ කතන්දර ටික. මෙන්න මේක තමයි නිවන් දකින්න ඕන ටික. මේක අපේ සංස්කෘතිය. මේ දෙක පෙන්නල දෙන්න ඕන. නැත්නම් ළමයි අමාරුවෙ වැටෙනව. මොට්ට වෙනව. ඒ ළමයි හිතනව මේ තමයි බුද්ධාගම කියල. එතකොට ඒ ළමයින්ට ප්‍රශ්න එනව. අර ඇත්ත කතාව, මුල් බුදු සමයෙ කතාව කිව්වනම් කිසි අවුලක් නෑ. ඒකෙ තමයි ජීවත් වෙන විදිය තියෙන්නෙ. අරකෙ තමයි සංස්කෘතිය තියෙන්නෙ. ගොඩාක් ඒව පස්සෙ සංවර්ධනය වෙච්ච. බුද්ධ ප්‍රතිමා නිර්මාණය, විහාර නිර්මාණය, චෛත්‍ය නිර්මාණය, ඒව ගොඩාක් සංවර්ධනය වෙලා තියෙනව.
දැන් අපි දන්නව මුල්ම චෛත්‍ය වල කොත් කැරැල්ලක් තිබුනෙ නෑ. ජත්‍ර පිහිටවීමක් තිබුනෙ. ඔයගොල්ලො ඒව එච්චර Study කරල නැති නිසා මං විස්තර කියන්න යන්නෙ නෑ, තේරුමක් නැති නිසා, හොයල බලන්න මේ කියන ඒව.
දැන් ලංකාවෙ බෝධි වන්දනාව සංවර්ධනය වුනා, හේතුව මිහිඳු හාමුදුරුවො ලංකාවට එනකොට තිබුනෙ වෘක්ෂ ඇදහිල්ල. වෘක්ෂ ඇදහිල්ලට විකල්පයක් දුන්න. එච්චරයි. ලෝකෙ වෙන රට වල බෝධි වන්දනාව මෙච්චර සංවර්ධනය කළේ නෑ. දැන් තායිලන්තයේ බෝධි වන්දනාව ඕනවට වඩා සංවර්ධනය වෙලා නෑ. අනෙත් රට වල කොහෙත්ම නෑ. ලංකාවෙ ගොඩක් සංවර්ධනය කළා. හේතුව ලංකාවෙ ආදි මිනිස්සු ගස් වලට වැන්දා. මිහිඳු මහ රහතන් වහන්සේ කළේ මොකක්ද, ගස් වලට වඳින්න එපා, මේ ගහට වඳින්න කියල වෙන එකක් කිව්ව. ඒ අරකෙ හැඩය වෙනස් කළා. මොකද 100%ක් ඒකෙන් මිනිස්සු ගොඩ ගන්න බැරි නිසා.
ඒ නිසා මේ කතාව අපි තේරුම් ගන්න ඕන. නැත්නම් අපි හරි මෝඩයි. ඒ කියන්නෙ මේ දර්ශනය හදාරන්න ඕන. ඒකට ඉතින් වයසක්, උගත් කමක්, ඒව මුකුත් අවශ්‍ය නෑ. ඒව කතන්දරනෙ.
දැන් මං අහන්නෙ, සුනීත සෝපාකලා ඉස්කෝලෙ ගියෙත් නෑ. අකුරු දන්නෙත් නෑ, ඒ වුනාට රහත් වුනානෙ. අඩු කුලේ මිනිස්සු, ඉස්කෝලෙ යන්නත් තහනම්, අකුරු අහන්නත් තහනම්, වේද මන්ත්‍ර ඇහුනොත්, කණට ලාකඩ වක් කරනව, වේද කියන්නෙ අපි පිරිත් කියනව වගේ ඒගොල්ලො වේදය කියනව හින්දු ආගමේ, ඒව අහගෙන හිටියොත් අඩු කුලේ කෙනෙක්, ඇදල අරගෙන, මෙහෙම හරවල, ලාකඩ උණු කරල කණට වක් කරනව. වේද මන්ත්‍ර කිව්වොත්, දිව ඇදල කපල දානව. ඒ තමයි භාරතයේ තිබිච්ච නීති. ඉතින් එච්චර හිර වෙලා ඉඳල අන්තිමේ රහත් වුනානෙ. කිසිම වේද මන්ත්‍රයක් දන්නෙ නෑ, කිසිම බණක්, භාවනාවක් දන්නෙ නෑ, අකුරක්වත් දන්නෙ නෑ, රස්සාව කරගෙන හිටිය. කුණු ඇද ඇද හිටිය. කොහොමහරි රහත් වුනා. අන්න ඒ කතාව හොයා ගන්න. අකුරු දන්නෙ නැතුව රහත් වෙන විදිය හොයා ගන්න.
මං කියන්නෙ ඒක හරි කියල. දැනුම,,එහෙම නැත්නම් අක්ෂර භාවිතයයි නිවනයි කියන්නෙ 2ක්. අධ්‍යාපනයයි, ධ්‍යාපනයයි කියන්නෙ 2ක්, ධ්‍යාපනය තමයි නිවන, අධ්‍යාපනය ජීවත් වෙන්න. ධ්‍යාපනය ඕන නිවන් දකින්න. මේ දෙක හොඳට අපි වෙන් කරල තේරුම් ගන්න ඕන. එතකොට අපට කිසි අවුලක් නෑ. ජීවිතය කිසිම අවුලක් නෑ. ජීවිතේ කිසිම විඳවීමකුත් නෑ. අපිමයි විඳවන්නෙ. ඒ විඳවන Points ටික හොඳට හොයල අරගෙන ඒවට උත්තර දෙන්න ඕන. එතකොට මේ දුක ඉවරයි. ඉතින් ඔච්චරයි බුද්ධාගම. එතකොට එයාට හොඳ සමාජ දැක්මක් තියෙනව. ලෝකෙ පිළිබඳ පුළුල් විග්‍රහයක් තියෙනව. කිසි දේකට එයා කම්පා වෙන්නෙ නෑ. හදිසි තීරණ ගන්නෙ නෑ.
https://elakiri.com/threads/නිවණ-දුර-ඇයි.1886965/
