නියම මිනුම් එකක !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
නියම මිනුම් එකක !

මේ "ටිකක් හිනාවෙන්න " බ්ලොග් එකේ මම කියවපු ලිපියක කැල්ලක් , ෆුල් ආතල් , උබලටත් මේවගේ අත්දැකීම් , මිනුම් ක්‍රම එහෙම මතක ඇති ,,:D:D:D:D


12179112998Sf8x5.jpg


සම්මත මිනුම් ක්‍රම වගේම කට වහරින් එන මිනුම ක්‍රම ගොඩාක් අපේ සමාජයේ තියෙනවා.. ඉස්සර හිටපු අපේ මුතුන් මිත්තෝ වෙලාව කිව්වේත් ඉර දිහා තරු දිහා බලලනේ.... ඉතින් ඒ වගේ කතා කිහිපයක් තමයි මේ....


ඉන්දික කියලා මගේ යහලුවෙක් හිටියා කටුගස්තොට.. මිනිහගේ ගෙදරට යන පාර අපට කිව්වේ මෙහෙමයි...


මචන්, දෙවෙනි පටුමගේ හතරවෙනි ගෙදර......


හික්.. දෙවෙනි පටුමගේ හතරවෙනි ගෙදරට කිලෝමීටර එක හමාරක් යන්න ඕන... අහන මිනිහා මොන තරම් මුලාවක වැටෙනවද?

නුවර එළිය පැත්තේ කට්ටිය වංගු වලිනුත් දුර කියනවා...


තව වංගු තුනයි...


අයියෝ.. ඔය හතර වෙනි වංගුවේ තියෙන ගෙදර..



නමුත් ඒ පැත්තේ වංගු ගනින්න මාර ගේමක් දෙන්න ඕන.. මොකද, ඔවුන් වංගු ගනින්නේ පොඩි වංගු අත ඇරලා...


දුර මනින නවීනතම මිනුම් ඒකකය මට ලබුනේ ගිය සෙනසුරාදා... මාතර පැත්තේ ගෙදරක යන්න ගිහින්... මේ තියෙන්නේ දෙබස...



මේ හරියට වරකාපිටිය කියලද කියන්නේ....


ඔව් මහත්තයා...

අර බන්දුල මහත්තයාලගේ ගෙදර කොහෙද?


මේ පාරේ තව ටිකක් යන්න ඕන... තැපල් පෙට්ටියක් තියෙනව ඔන්න ගෙදර ඉස්සරහා.. ඔහෙලා කොහෙයි?


අපි ටිකක් ඈත... කොච්චර විතර දුරද සමාන්‍යයෙන්..?



අනේ.. වැඩි දුරක් නෑ.. තව බෝක්කු තුනයි.....


:D:D:D:D:D:D:D:D:D:D:D
 
  • Like
Reactions: Sachchaka