මචන් මම අලුතෙන් annex එකකට යනව කොලඹ අවටම. එහෙම යන්න ඕනකමක් නෑ, මම wfh, ඒත් දැන් 30ට ලඟයි. මට හිතෙනව තනියම ඉන්න ඕනා කියල ටික කාලයක් හරි. මම එහෙම කලින් ගෙදරින් පිට ලොකු කාලයක් ඉඳලම නෑ. මම දන්නවා කට්ටක් කන්න වෙනව කියල. මට අයිති වාහනයක් නෑ. ගෙදර කාර් එකනම් ඉඳල හිටල ගේන්න පුලුවන් ඕන උනොත්. අපේ ගෙදරට 90+ km තියේ කොළඹ ඉඳන්. ගෙදර අයගෙනම් ලොකු කැමැත්තක් නෑ. අවශ්‍යතාවයකුත් නැතුව rent ගෙව ගෙව ඉන්නෙ ඇයි අහනවා. ඉතිරි කරපු සල්ලි වලින් අවශ්‍ය furnitures එහෙම ටිකක් ගත්ත. මට ඉතින් මේකෙ ඉන්න අයියලගෙන් උපදෙස් ටිකක් ගන්න ඕන මේ ගන්න යන තීරණය ගැන. මෝඩ වැඩක් වගේද? පොඩි බයකුත් නැතුවාම නෙවෙ ඔක්කොම manage කරගන්න පුලුවන් වෙයිද කියල. තව කොළඹ කොහෙද අඩුවට ගෙවල් වලට අවශ්‍ය බඩු ගන්න පුලුවන් places තියෙන්නෙ?
Last edited:
