නියස්ටික විනාසයක් ගෝටා ඉන්දියාවෙන් ගනී

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    නියස්ටික විනාසයක් ගෝටා ඉන්දියාවෙන් ගනී

    ගෝඨා ඉන්දියාවත් මුලා කර මව්බිම න්‍යෂ්ඨික අනතුරක ‌හෙලයි; න්‍යෂ්ඨික ව්‍යාපෘතියකට කච්චතිව් දූපත චීනයට; පෝට් සිටියට තවත් හෙක්ටයාර 400 ක් ගොඩකර චීනයට..!

    (ලංකා ඊ නිව්ස් -2019.නොවැ.30, ප.ව.8.15) ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවට ගියේ ඉන්දියාව රවටා චීනය සමග එක්ව ශ්‍රී ලංකාව යලි ගොඩ ගත නොහැකි න්‍යෂ්ඨික අනතුරකට හෙළා බව රටවැසියන් වෙත ලංකා ඊ නිව්ස් වගකීමකින් යුතුව හෙළිදරව්කර සිටිමු.

    ලංකාවට උතුරින් ඉන්දියාවට ආසන්නයේම පිහිටි ලංකාවට අයත් කච්චතිවු දූපතේ වෙළඳ නොවන හමුදාමය න්‍යෂ්ඨික ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් කොළඹ පෝට් සිටි නගරයට තවත් හෙක්ටයාර 400 ක් ගොඩ කර එය චීනයට සින්නක්කර ලබා දීමටත් ගෝඨාභය ඡන්දයට පෙරම චීනය සමග රහස් ගිවිසුමක් ගසා තිබේ. ගෝඨාභයගේ ඡන්ද ව්‍යාපාරයට චීනය අත දිග හැර වියදම් කර ඇත්තේ ඒ නිසා ය.

    ඡන්දය ජය ගෙන 18 දා දිව්රුම් දීමෙන් පසු 21 වැනි බ්‍රහස්පතින්දාම චීනය මේ සඳහා වැඩ කටයුතු ආරම්භ කර තිබේ. චීන මධ්‍යම රජයේ කොඳු නාරටිය වන් Dongfang Electric Corporation (DEC) නමැති න්‍යෂ්ඨික බලය පිළිබඳ කටයුතු කරන සමාගමක නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ශ්‍රී ලංකාවේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් සමග 21 දා කච්චතිවු දූපත වෙත හෙළිකොප්ටරයකින් ගොස් නිරීක්ෂණ චාරිකාවක යෙදී තිබේ.

    කච්චතිව් දූපතේ කිසිවෙකු පදිංචි නැති අතර එහි ඇති ශාන්ත අන්තෝනී දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍ය­යට පමණක් ලාංකිකයන් ‌සේම ඉන්දියානුවන් ද පැමිණීම වසරකට වරක් සිදුකෙරේ. එහි න්‍යෂ්ඨික ව්‍යාපෘතියක් හැදුවහොත් මහජනයාට එහි පිවිසීම ද තහනම් ‌කෙරෙනු ඇත.

    තමන් කච්චතිවුහි චීනය සමග කරන්නට යන්නේ න්‍යෂ්ඨික බලයෙන් විදුලිය නිපදවීමට කටයුතු කිරීම යැයි ‌අපගේ ‌හෙළිදරව්වෙන් පසු ‌ගෝඨාභය ආණ්ඩුව ප්‍රකාශ කිරීමට ඉඩ ඇතත් සිදුවීම් වල පිටුපස ඇත්තේ ‌වෙනත් කතාවකි. ‌මේවා රහසින් කරගෙන යන්නේ ඒ නිසා ය.

    මේ පිලිබඳ ඉන්දීය බලධාරීන්ගේ ඇස් වසා මුලා කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය මාධ්‍ය කරුවෙකු සමග සම්මුඛ සාකච්ඡාවක් සූදානම් කරමින් තමන් හම්බන්තොට වරාය චීනයට දීම පිළිබඳ නැවත සලකා බැලීමට කටයුතු කරන බව කියමින් ඉන්දීය සංචාරයට පෙර තමා ඉන්දීය හිතවතෙකු බව ඇඟවීමට කටයුතු කළේය.

    කච්චතිවුහි චීන න්‍යෂ්ඨික ව්‍යාපෘතිය නිසැක වශයෙන්ම ඉන්දියාව බරපතල අනතුරක හෙළන්නක් වන අතර කොළඹ පෝට් සිටි නගරයට තවත් හෙක්ටයාර 400 ක් එක් කර චීනයට සින්නක්කර දීම ද කලාපයේ චීන බලය ශක්තිමත් කරන්නකි. ඒ සමගම සිදුවන්නේ මව්බිම සදා ගොඩ ගත නොහැකි ලෙස ලෝක බලවතුන්ගේ පන්දු පිටියක් බවට පත්වීමය.

    ගෝඨාභය මේ පිළිබඳ සැමට කොළේ වසා කටයුතු කළද යුරෝපීය බුද්ධි අංශ වලට කොලේ වැසීමට නොහැකි වී ඇත. ගෝඨාභයගේ පදවිප්‍රාප්තිය පිළිබඳ යුරෝපයේ රටවල් සුබ නොපැතීමට මෙයද එක් හේතුවක් බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    මාණ්ඩලික වාර්තාකරුවෙක් විසිනි
    ---------------------------
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    කච්චති විකුනුවා.මේක ලීක් උනොත් සිංහලු මාරකය.දැන් ඉන්දියවේ යනවනම් ඔක්සිජන් කැනිස්ටර් එකක් අරෙගන යන්න ඕන.ඉන්දියාවම ඔක්සිජන් නැති රටක්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    රට බයිලා. සඳරුවන් කාරයා බීලා ඔලුවට එන මනස්ගාත නිව්ස් වගේ ලියනවද කොහෙද
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    කච්චති විකුනුවා.මේක ලීක් උනොත් සිංහලු මාරකය.දැන් ඉන්දියවේ යනවනම් ඔක්සිජන් කැනිස්ටර් එකක් අරෙගන යන්න ඕන.ඉන්දියාවම ඔක්සිජන් නැති රටක්

    කෝ ඕයි අර මනුස්සයා
    ඇන්ජිම නතරව්ව්ලා ද
    ඩයිනමොව හිටලද
    නත්තම් චැසිය දිරලඩ :oo:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    LankaEnews මේ දවස්වල උපරිම නිර්මානශීලීත්වයෙන් වැඩ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සුට්ටෝ ඒක.. සදරුවන් කියන්නේ සුජිට් ප්‍රසන්න ආරච්චිගේ නිවුන් සහෝදරයෙක්ද බන්? යකෝ සුරන්ගනා කතා හරි යන්නේ ලව් ස්ටෝරි වලට දේශපාලනයට ඕවා හරි යන්නේ නෑ. අනික මුන්ගේ පච ලිවීමේ හෑකියාව 2015 දී කෑපිලා පෙනුනට දෑන් අතේ මාට්ටු වෙනවා. කච්ච තිව් දූපතේ මොන නයෂ්ටික වෑඩද බන්.. ඔච්චර මාට්ටු වෙන තෑනක කරන්න උන්ට පිස්සුද? උන්ට ඕවා කරන්න ඕන තරම් තෑන් නෑතිවද?

    :rofl::rofl::rofl::rofl: