නියාමනය කිව්වට අපි වෙබ් සයිට් රෙජිස්ටර් කරනවා විතරයි

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    කිසිදු වෙබ් අඩවියක් නියාමනය කිරීමට රජයට අවශ්‍ය නැතිමුත් සියළු වෙබ් අඩවි අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

    සියලු වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී 2014 වර්ෂයේ හඳුන්වා දුන් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ඒ අවස්ථාවේ වෙබ් අඩවියක් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලකුත් වාර්ෂිකව බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් 25,000ක මුදලකුත් අය කිරීමට තීරණය කල බවත් එහෙත් විවිධ පාර්ශව වලින් කෙරුණු ඉල්ලීම් මත ලියාපදිංචි ගාස්තුව රුපියල් 25,000 දක්වාත් බලපත්‍රය අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 5000 දක්වා අඩු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    එහෙත් පසුගිය වසර පහ තුළ මේ සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් සිදුව නැති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ අදහස් පළ කළේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
     
    • Like
    • Haha
    Reactions: Lokka Bro and NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113

    ahawal ekatada yako site ekak register karanna 25000k gewanne. mulin register karala passe register nokarapuwa block karanawa. simple
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මොන රෙද්දකටද යකෝ සල්ලි දීලා රෙජිස්ටර් කරන්නේ. ".LK" ඒවගෙන් නම් සල්ලි ගනියි. ඒත් අනිත් ඒවා ලංකාවෙම සයිට් කියලා කියන්නෙ කොහොමද? නිකමට හිතපන් මමwww.xyz.com කියලා සයිට් එකක් කරනවා ඉංග්‍රීසියෙන්. ඔක්කොම කන්ටෙන් ඉංගිසියෙන් තියෙන්නෙ. දැන් රජය කොහොමද බන් ඕක ලංකාවේ එකෙක්ගේ සයිට් එකක් කියලා හොයා ගන්නේ. දැන් කවුරු හරි තර්ක කරයි සිංහලෙන් වෙබ් සයිට් හැදුවොත් ඒ ඔක්කොම මේකට අහු වෙයි කියලා. එතකොට බන් දෙමළ අයත් වෙබ් සයිට් හදනවනේ. දෙමළ කතා කරන උන් වෙන රටවල්වලත් ඉන්නවා, එයාලත් වෙබ් සයිට් හදනවා ඒ භාෂාවෙන්. උන්ව අල්ලන්නෙ කොහොමද බන්? එකින් එක හොයන්න පුළුවඳ බන්. මේවා මහ විහිළු වැඩ. :rolleyes:
     
    • Like
    Reactions: viribus and dilann

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඊට කලින් රජයේ ආයතනවල CodeIgniter ලබ්බවල් අප්ඩේට් කරලා ssl certificate එකක් දාගත්තා නම් නරක ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මොනවද ඕයි මේ විහිළු ? :rofl:

    ඔක්කොම වෙබ්සියිට් ද , නිව්ස් වෙබ්සියිට් ද ? කවුද බන් ඕවා ගෙවන්නේ. අදාළ ක්ෂේත්‍රය ගැන මෙලෝ මගුලක් දන්නේ නැති උන්ව ඇමතිලා කරාම ඔහොම තමා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිති නැත්තන් හදන්ඩයි තියෙන්නෙ මඩ ගහන්ඩ හදන මඩ කරින්ට යස පාඩම, :yes: :yes: :yes: :yes: :yes: