නිරය - 2 කොටස ( දේවදූත සුත්‍රය )
පලමු කොටසෙ ඉතිරිය
පලමුවන කොටස මෙතනින් කියවන්න - http://www.elakiri.com/forum/showthread.php?p=14219213#post14219213
ඉන්පසු නිරිපල්ලන් විසින් මොහුව ගිනිගෙන දිලිසෙන පොළොවක් මත ඇවිද්දවයි.මෙසේ නිරිපල්ලන්ගෙන් පහර කමින් දැඩි වේදනාවෙන් අවුරුදු දස දහස් ගණනක් අපායේ දුක් විදින මොහුට ඉන්පසු සිදුවන්නේ ගිනිඅගුරු පර්වතයකට නැගීමටය.නිරිපල්ලන්ගේ පහරදීම් නිසා ඔවුන්ගේ
අණට යටත්වීමට ඔහුට සිදුවේ.අගුරු වලට තම පය පිලිස්සීම හේතුවෙන් මොහු තව ස්ථානයකට පනින්නේ තමන්ට එතනවත් ගැලවීමක් ඇතියි යන අදහසින්ය.
ලෝකුඹු නිරය - ගිනිඅගුරු පර්වතයෙන් පනින නිරිසතාව ඉන්පසු වැටෙන්නේ මෙම ලෝකුඹු නිරයටය.මෙය උනුසුම් ලෝදිය සහිත විශාල භාජනයක් වැනි ස්ථානයකි.මෙයට වැටෙන නිරිපල්ලාවගේ ශරීරය උනුවී පෙන ගුලියක් බවට පත්වේ.අපව ගින්දරට පිව්චුනහොත් කොතරම් වේදනාවක් දැනේවිද? නමුත් ලෝදියට පිච්චෙන විට ඇතිවන වේදනාව ඉතා දැඩිව
මෙම කර්මානුරෑපී නිරිසතාට දැනුනත් චුත වීමක්නම් නොමැත.මෙහිම උඩට පහලට පිලිස්සෙමින් යමින් බොහෝ කලක් දුක් විදී.කාලයකට පසු නිරිපල්ලන් විසින් කොකු වැනි යමක් දමා මෙම සත්තවයින්වඋඩට ඇද මහා නිරයට විසි කරයි.
මහා නිරය - යොදුන් 100 දිග,පළල ඇති සතර වටින්ම ගිනිදැල් විහිදෙන ගිනිගෙන දිලිසෙන බිත්ති සහිත ස්ථානයකි.උතුරු බිත්තියෙන් එන ගිනිදැල් දකුනු දොරටුවේ වැදේ.එමගින් අපට තේරුම්ගත හැක්කේ මෙම මහා නිරයම ගිනිදැල් වලින් පිරී ඇති බවයි.මෙයට තුළට ඇතුල්වන නිරිසතාගේ හම,නහර,මස් පිච්චී ඇට සැකිල්ලෙන් දුම් දමන මට්ටමටම පිච්චෙයි.නමුත් නැවත එතනම උපදියි.
කාලයකට පසු මෙහි එක දොරටුවක් විවෘත වේ. එම දොරටුවෙන් පිටවීම සදහා නිරිසතුන් දහස් ගණනක් එක රොත්තට දිව යයි.යොදුන් ගණනක් දුවගෙන ගොස් දොරටුවෙන් නිකුත්වන ගිනිදැල් වලට පිලිස්සී දොරටුව ලගටම එනවිට ඇත්තේ ඇටසැකිල්ලක් පමණි.නමුත් එම දොරටුව වැසී යයි.ඉන්පසු දකුණු පෙදෙසින් දොරටුවක් විවෘත වේ. එහිදීද පෙර සේම වේ.මෙසේ බොහෝ කලක් මෙසේ එහාට මෙහාට දුවමින් පිලිස්සෙමින් මහා දුකක් විදින සත්වයාට පිටවීම සදහා එක් දොරටුවක්
විවෘත වේ.
ඝෝත නිරය - අසූචි ගද ඇති ඉදිකටු මෙන් සියුම් පනුවන් ලක්ෂ ගණනක් ඇති නිරයකි.ඔවුන් මෙම නිරිසතුන්ගේ සම්,මස්,ඇට විදගෙන ඇට මිදුලු දක්වාම ගොස් ශරීරය ආහාරයට ගනී.මෙම පනුවන් මොවුන්ව වටකරගෙන හැම පැත්තෙන්ම ආහාරයට ගන්නා අතර එවිට එම නිරිසතා වේදනාවෙන්
විලාප දෙයි.මෙය උණුඅලු සහිත නිරයකි.මෙහිදීද මෙම සත්වයින් බොහෝ කලක් දුක් විදියි.ඉන්පසු ඔවුන්ව වැටෙන්නේ කුක්කුල නිරයටය.
කුක්කුල නිරය - උල් සහිත කටු ඇති කටු ඉඹුල් ඇති කැලයකි.මෙම කටු ශරීරය විනිවිදගෙන ගොස් එහාපැත්තෙන් මතුවෙයි.නිරිපල්ලන්ගෙන් පහර කකා එම ගස් වලට නගින මොවුන් බොහෝ කාලයක් දැඩි සේ වේදනා විදියි.ඉන්පසු ඔවුන්ව වැටෙන්නේ අසිපත් වනයටයි.
අසිපත් වනය - අසිපත් වනය යනු තියුණු දෙපැත්ත කැපෙන කඩු වැනි කොළවලින් සමන්විත ගස් ඇති නිරයකි.මෙම ගස් අතරින් නිරිසතුන් යන විට මෙම කඩු වැනි කොල කඩාගෙන වැටේ.එවිට නිරිසතුන්ගේ අතපය කැඩී වැටෙයි.ශරීරය දෙකඩ වෙයි.නමුත් කර්මානුරූපීව නැවත මෙහිම උපදියි.
වේතරණී නිරය - මෙය රත් වී ගිනිලෙන දිලිසෙන ලුණු සහිත ලෝදිය වලින් සැදුම්ලත් ස්ථානයකි.අසිපත් වනයෙහිදී කැපී හටගත් තුවාල වලට මෙම ලෝදියෙහි අඩංගු ලුණු වැදෙන විට විශාල වේදනාවක් ඇතිවේ. එලෙස මොහු බොහෝ කාලයක් වේදනාවෙන් විලාප දෙමින් ජීවත් වේ.
ඉන්පසු නිරිපල්ලන් මෙම නිරිසතාව අල්ලාගෙන ''නුඔට මොනවද වුවමනා යැයි'' අසයි.එවිට නිරිසතා ''බඩගිනියි'' කියයි.ඉන්පසු එම නිරිපල්ලන් මොහුගේ කට දෙපැත්තට ඇද ගිනිගත් යකඩ උලක් හරහට තබා ලෝදිය
ගුලියක් මුඛයට දමයි.එවිට මොහුගේ බෙල්ල,උගුර,උගුරු දඩු පිල්ස්සී අධෝමුඛයෙන් පිටවී යයි.එලෙස නැවත අසන විට ''තිබහයි'' යැයි කියයි.එවිටද පෙර සේ කරයි. මෙසේ බොහෝ කලක් දුක් විදින නිරිසතාව යමපල්ලන් විසින් නැවතත් මහා
නිරයට විසි කර දමයි.තමා කල අකුසලායේ විපාක අවසන් වන තෙක්ම පිලිවලින් මෙම නිරයවල්වල නැවත නැවත මෙම සත්ත්වයින් දුක් අනුභව කරයි.
මෙම දේශනාව අවසානයේදි බුදුරදුන් ප්‍රකාශ කරන්නේ මෙම සත්ත්වයින් විදවන දුක් දැක නිරයෙහි අධිපති වන යමරජුන්ටත් මෙවැනි සිතුවිල්ලක් ඇතිවූ බවය.
''අනේ මටත් බුදුකෙනෙකුන් පහළ වූ කාලයක මේ තනතුරෙන් මිදී මිනිස් භවයක් ලබාගෙන බණ අසා දුකින් මිදෙන්න අවස්ථාවක් ලැබෙනවානම් කෙතරම් යහපත්ද..''
ඒ එම සිතුවිල්ලයි.
එසේම අප බුදුපියාණන් මෙසේ ද දේශනා කරයි.
''මහණෙනි,මේ දේශනාව බුදුන් වහන්සේ කළේ කාගෙන්වත් අසා දැනගෙන නොවේ. බුදුන් වහන්සේ තම ඥානයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන,ණුවනින්ම දැකලමයි''
සාධු.........සාධු..........සාධු........
-----------------------------------------------------------------------------
බුදුඇසින්ම දැක ප්‍රත්‍යක්ෂ කරගත් මෙවැනි දේශනා අප විසින් පිළිගත යුතුය.
ඒ යම් බුද්ධ දේශනාවක් සැක කළහොත් එය තමාට බොහෝ කාලයක් අනර්ථය පිණිස පවතින නිසාය.මෙම නොපෙනෙන ලෝක සියල්ලම කර්මානුරූපීව මැවුනු ඒවා බව සිහිතබා
ගත යුතුය.එමෙන්ම තවත් කරුණක් තිබේ.මෙවැනි නොපෙනෙන ලෝක බුදුවරුන් පහළ වුවත් නැතත් තිබෙන ඒවාය.ඒ මහා පුරුෂෝත්තමයන් වහන්සේලා විසින් සිදුකරන්නේ මෙවැනි
ලෝකවල ඇති භයානක බව අපට පෙන්වා දී ඒවායින් නිදහස් කරවීමයි. ඉතින් අපි විසින් සිදු කල යුත්තේ සතර අපායට වැටීමේ ඇති අවදානම දැනගෙන ඒවායින් නිදහස් වීම සදහා
සියලු පව් වලින් මිදී අප්‍රමාදීව කුසල් වැඩීමයි.
බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත අප්‍රමාණ වූ ගුණයන්ට අපගේ නමස්කාරය වේවා.. —
උපුටාගත්තේ - http://www.facebook.com/pages/භව-කර්ම-Bawa-Karma/541364085893036

Last edited: