නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_3163718ef7.jpg


    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් කුලියාපිටියේදී මාර්තු 10 ඉරිදා ජන රැලියක් පවත්වනු ලබන අතර අකිල විරාජ් කාරියවසම් එහිදී නව හැඳින්වීමක් ලබා දීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

    “සැබෑව“ යනුවෙන් නම් කර තිබෙන මෙම රැලියේදී රනිල් වික්‍රමසිංහ “නිර්පාක්ෂික පොදු අපේක්ෂක“ යනුවෙන් නව හැඳින්වීමකින් කලඑළි දැක්වීමට නියමිත ය.

    නිර්පාක්ෂික අරගලකරුවන් යනුවෙන් නම් කරමින් ගෝල්ෆේස් පිටියේ පැවති මහජන අරගලය තුළ මෙනමින් හඳුන්වා ගත් කණ්ඩායමක් ද සිටිය.

    රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා එම හැඳින්වීම ආදේශ කිරීම අකිල විරාජ්ගේ සැලැස්ම වී තිබෙනවා.

    රවී කරුණානායක ප්‍රමුඛ පිරිසක් රනිල් වික්‍රමසිංහ “පොදු අපේක්ෂකයා” යනුවෙන් මෙයට පෙර නම් කර තිබිණි.

    අකිල විරාජ් තව දුරටත් ඉදිරියට යමින් ‘නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා” යනුවෙන් නම් කර තිබෙනවා.

    https://dasathalankanews.com/අකිලගෙන්-රනිල්⁣ට-අලුත්-න/