නිර්මාංශ ප්‍රශ්නය

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113









    මස්‌ මාංශ අනුභව කරන කුස සුසානයක්‌ නම්

    පිංවත් ඔබ මෙහෙම හිතන්න.

    මෙය සටහන් කරන භික්‍ෂුව දන් වළඳනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්‌. දායක මහත්මයෙක්‌ මේ මාළු කෑල්ල දැක භික්‍ෂුවට කියනවා ‘හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක්‌ නේද?’ කියලා. මෙන්න මේ ගැටලුවට භික්‍ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා.

    භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ හරි උපත ලබායි තිබෙන්නේ. සමහර විටෙක මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, එසේත් නැතිනම් නැවත මාළුවෙක්‌ වෙලාද ඉපදිලා ඉන්න පුළුවන්. එය ධර්මතාවයක්‌. භික්‍ෂුව දකින්නේ පාත්‍රය තුළ තිබෙන්නේ සතර මහා ධාතූන්ගෙන් සැදුන මාළු නැමැති සංයුතියෙන් හැඳින්වෙන රූපයක්‌ පමණයි. භික්‍ෂුව පරිප්පු, පොළොස්‌, මැල්ලුම් දකින්නේ යම්සේද මාළු කැබැල්ලත් භික්‍ෂුව දකින්නේ එම අර්ථයෙන්මය.

    පිංවත් ඔබ මාළු කැබැල්ල තුළ මාළුවෙක්‌ දකිනවා නම්, මස්‌ කැබැල්ල තුළ කුකුලෙක්‌ දකිනවා නම් එය දැඩි ආත්මීය දෘෂ්ඨියකි. අපි මේ ධර්ම මාර්ගයේ වීර්යයෙන් ගමන් කරන්නේ තමා තුළත් සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැහැය කියන කාරණය අවබෝධයෙන් හේතුඵල ධර්මයන්ට අනුව දැකීමටය.

    එමනිසා භවයේ කොතැනක හෝ නැවත උපත ලබා ජීවත්වන සත්ත්වයකුගේ, අතීත රූපය මගේ කොටගෙන දෘෂ්ඨි කාන්තාරවල අතරමං වීම ඔබ නැවත නැවත උනන්දුවෙන් මෙනෙහි කළ යුතු කරුණකි. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන මාළුවා කව්රුන් හෝ ධීවර මහතෙක්‌ විසින් මරන ලද මාළුවෙකි. එම මාළුව මරපු අයට එම සත්ව ඝාතන, සත්ව හිංසා අකුසලය අනිවාර්යයෙන්ම විපාක දෙනු ඇත. ඔය ආකාරයට සත්තු මරන අයමයි නැවත එය මාළු වෙලා උපදින්නේ. පිංවත් ඔබ ඔය නොදැනුවත් කම නිසා පෙනී සිටින්නේ, පෙර ජීවිතයේ මාළු මරලා එහි කර්ම විපාකයෙන් මේ ජීවිතයේ මාළුවෙක්‌ව ඉපදුනු සතෙක්‌ වෙනුවෙන්. ඒ විදිහට මැරුම්කන්නයි ඒ සතා මාළුවෙක්‌ව ඉපදෙන්නේ. එම සතා දැළට හසු නොවුනා නම්, ලොකු මාළුවෙක්‌ට අසුවෙලා, ගොදුරුවෙලා ජීවිතය පූජා කරාවී. සත්ත්වයාගේ කුසල් පාලනය කරන්න ඔබට මට බැහැ. ඒවා ධර්මතාවයන්. හෙට පටන් රජය නීතියක්‌ පනවලා මුහුදු තීරයේ මාළු ඇල්ලීම තහනම් කළොත් මුහුදේ මාළු ගහනය ශීඝ්‍රයෙන් වැඩිවේවි. තෝරු, මෝරු, තල්මසුන් වැනි විශාල මාළු සුවසේ සැපසේ පහසුවෙන් එම මාළු ගොදුරු කරගනීවි. පිංවත් ඔබ මාළු නොඇල්ලුවත්, පෙර කර්මය නිසා ආයුෂ අහවර වුණු මාළුවා, තව සතෙක්‌ට ගොදුරු වී මියයාවී.

    පිංවත් ඔබට ඉන් පසුව සිදුවන්නේ තෝරු,මෝරු, තල්මසුන්ට නිර්මාංශ වීමට කියා බලකිරීමටයි. එය කළ හැකිද නොහැකිද යන්න පිංවත් ඔබම තීරණය කරන්න. භික්‍ෂුව සමග විරසක වෙන්න එපා. මම අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් තව මොහොතකින් මාවත් කව්රුහරි මරාදමන්න පුළුවන්. එම නිසා ඉහත අදහසට පිංවත් ඔබ එකඟ නැතිනම්, එම අදහස අත්හැර දමන්න.

    පිංවත් ඔබට නැවතත් මතක්‌ කරමි. ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත් වෙන්න. කැමතිනම් මස්‌ මාංශ අනුභව කරන්න. ඔබේ කැමැත්තට පටහැනි අයව විවේචනය කරන්න යන්න එපා. එසේ කොට අකුසල් රැස්‌කරගන්න එපා.

    පිංවතුන්ලාගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ වැඩීමේ ස්‌වභාවය විවිධයි. ඒ නිසා දෘෂ්ඨි, මතවාද, පරස්‌පර අදහස්‌ ඇතිවීම ධර්මතාවයක්‌. එහෙම නොවුනොත් තමයි පුදුමය. මතවාද දෘෂ්ඨි වලින් ගහන ලෝකයේ පිංවත් ඔබ ධර්මයේ විවෘත ස්‌වභාවයට එන්න. ආත්මීය ස්‌වභාවයෙන් බැහැරව පටිච්ඡ සමුප්පන්නව ලෝකය දකින්න. දැලට හසුවී මැරෙන මාළුවා මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌… එසේත් නැතිනම් නැවත තිsරිසන් ලෝකයේම උපත ලබනවා. ඒ මාළුවාගේ අතීත රූපය බදාගෙන අපි සන්ඩුවෙනවා.

    ඊළඟ කාරණය තමයි, මස්‌ මාළු අනුභව කරන අයගේ කුස සුසාන භූමියක්‌ය කියලා නගන චෝදනවා. ඒ කියන්නේ පිංවතුනේ නිර්මාංශව ජීවත්වෙන පිංවතුන්ලාගේ කුස, සුවඳ දුම් සුගන්ධය වහනය වන රත්තරං ගුහාවක්‌ද? මස්‌ මාළු කෑවත් නොකෑවත් පිංවතුනේ මේ කුස සුසාන භූමියක්‌ම තමයි. නිර්මාංශ පිංවතාගේ කුසත් ලේ, සැරව, මේදය, වමනය, අසූචි, මුත්‍ර බොකු බඩවැල් වලින්මයි පිරිලා තිබෙන්නේ. නිර්මාංශ පිංවතුන් ඔබ සිතනවා නම් ඔබගේ කුස සුසාන භූමියක්‌ නොවේය, එය රත්තරං ගුහාවක්‌ය කියලා පිංවත් ඔබලාට කවදානම් සතර සතිපට්‌ඨාන ධර්මයක්‌, අසුභයක්‌ පිළිබඳ දැනීමක්‌ සකස්‌වෙන්නද? මන්ද ඔබ සුබ සංඥාවෙන්මයි මේ ජීවිතය දකින්නේ. මේ කය දකින්නේ. මගේ ශරීරය පිරිසිදුයි කියන නිත්‍ය සංඥාවමයි ඔබට වැඩෙන්නේ. අකුසල් සංස්‌කාර හේතුවෙන් මියයන සත්වයෙක්‌ නිසා, පිංවත් ඔබ අහිමි කරගන්නා වූ ශාසනයේ අර්ථය මොන තරම් විශාලද.

    ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කළ ධර්මය ඉක්‌මවා යන්න එපා. එසේ වුවහොත් නිර්මාංශ වුවද, මස්‌ මාළු වලට කෑදර වුවද එය ප්‍රමාදයක්‌මය. නිර්මාංශ වීම තුළත්, මස්‌ මාළු අනුභවය තුළත් නිත්‍ය සැප ආත්මීය වශයෙන් දෘෂ්ඨිගත වෙන්න එපා.

    කෙනෙක්‌ මාස්‌ මාළු කනවා ශරීරය නිරෝගී, ශක්‌තිමත් කරගන්න. තව කෙනෙක්‌ නිර්මාංශ වෙනවා ශරිරය නිරෝගී, ශක්‌තිමත් කරගන්න. මේ කාරණා දෙකේදීම ඔබ තුල වැඩෙන්නේ ආත්මීය දෘෂ්ඨියක්‌. මේ සා ශ්‍රේෂ්ඨ බුදුදහමක්‌ අභියස දෘෂ්ඨි කාන්තාරවල අතරමං වෙන්න එපා. පිංවත් ඔබ කල්ප සියක්‌කෝටි ගණනාවක සිට, මස්‌ මාංශ අනුභව කරලා ඇති. සිංහයෝ, කොටි, කිඹුල්ලු, මාළු වෙලා අනුන්ගේ මස්‌ අපි කොච්චර කන්න ඇතිද? ඔබේ මස්‌ අනුන් කොච්චර කන්න ඇතිද? මස්‌ මාංශ නිසා දෘෂ්ඨිගත වෙලා කොච්චර සතර අපායන්ට වැටෙන්න ඇතිද? බත්, පරිප්පු, පොළොස්‌, මැල්ලුම්, තණකොළ මොන තරම් කන්දරාවක්‌ අතීතයේ අපි කන්න ඇතිද?

    ඒත් අපි දෙගොල්ලන්ටම තවම සුගතියක්‌ නම් වෙලා නැහැ. මැරෙන ලෙඩවෙන නැවත ඉපදෙන ස්‌වභාවයෙන්මයි සිටින්නේ. කෙනෙක්‌ මස්‌ මාංශ වලට කැමතියි. තව කෙනෙක්‌ මස්‌ මාංශ වලට අකමැතියි. කැමැත්තත් , අකමැත්තත් විඳීම කියන ධර්මතාවයේ කාසියේ දෙපැත්ත වගේ. මේ දෙපැත්ත තුළින්ම ඔබ අල්ලාගන්නේ සංස්‌කාරමයි. සංස්‌කාර ඔබව රැගෙන යන්නේ භවයටමයි. මාළු කැබැල්ලක්‌, පරිප්පු හොද්දක්‌ කරන විකාරයක හැටි බලන්නකෝ. මනුෂ්‍යයාව ඇද දමන මුලාව දෙස බලන්නකෝ. එමනිසා මින්පසු මාළු කැබැල්ල දෙස, පරිප්පු ව්‍යංජනය දෙස නොව, ඒවා කෙරෙහි ඔබ තුළ සකස්‌වෙන තෘෂ්ණාව දෙස බලන්න. තෘෂ්ණාවමයි දුක සකස්‌ කරන්නේ. මේ ලැබුණු උතුම් ජීවිතයේදී ධර්මාවබෝධය, සම්මාදිට්‌ඨිය උදෙසා ගමන් කිරීමට අවශ්‍ය ජවය ශක්‌තිය ශරීරයට ලබාගැනීම උදෙසාම ආහාර අනුභව කරන්න. මාළු කැබැල්ල තුළ මාළුවෙක්‌ නොව, පරිප්පු ව්‍යංජනය තුළ පරිප්පු නොව, ඒවා අසූචියක්‌, වමනයක්‌, මුත්‍රා කෝප්පයක්‌, රුධිරය කෝප්පයක්‌ වශයෙන් දකින්න. ආහාරය කුමක්‌ වුවද එහි ඵලය ආයුෂ, වර්ණය, සැපය, බලය, අනිත්‍ය බව සිතමින්ම, දකිමින්ම ඒවා ආහාරයට ගන්න. නිත්‍ය සංඥා, සැප සංඥා, ආත්මීය සංඥා මාළු නිසා ඇතිවුවද, පරිප්පු නිසා ඇතිවුවද ඒවා පිළීගඳ ඇති කෙළෙස්‌ම බව දකින්න.


    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...තෙරුවන් සරණයි 🙏🙏🙏
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    bump

    මස් මාළු කියන්නෙත් අනිත් කෑම වගේම අජීවී පදාර්ථ. කලින් හිටපු සතා ගැන හිතන්න ඕනද .
    BUMP
    Ow mchn matath oka hithuna.anika api e sathawa maranna dayaka welath nene wachanayakinwath.
    ------ Post added on May 30, 2021 at 7:14 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හප්පා මට ඕක ගලප ගන්ඩම බෑනෙ

    කාලයක් ෆුල් වීගන් වෙලා උන්නා.
    මගුල් ගෙදරකටත් වත් යන්නෙ නෑ, පවුල උයන එකක් තමා. ( කේක් කෑල්ලක්වත් කන්නෙ නෑ )

    පස්සෙ කොන්ඩෙ ගිහිල්ල, dizzy වගෙ ඇවිල්ලා බේත් ගත්ත.

    දැන් අනිත් පැත්ත, මස්/මාලු නැත්නන් කන්ඩ බෑ. :baffled:

    හිතෙනවා, අපි ඉල්ලන නිසානෙ මසට ඉල්ලුම ඇති වෙන්නෙ, ඒ නිසානෙ මස් කඩේ එකා මරන්නෙ
    ඒ පව අපිටත් තියනවනෙ කියල :cry:


    මැද ඉන්ඩ බෑ බන්, අන්තෙකටම යනවා, එක්කො කන්නෙම නෑ, එක්කො මස් මයි කන්නෙ :baffled:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මෙහෙම ලේසියෙන් අපි කරන දේවල් වලින් බේරේන්න පුලුවන් කියලා ධර්මයක් ද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙත් :unsure:

    මෙතන කියලා තියෙන්නේ හාමුදුරුනමකට අහඹු විදියට දානේ වේලකදි දුන්න මස්, මාළු ගැන කතාවක් නම් පිලිගන්නවා. ඒක හාමුදුරුවෝ කලින් ඉල්ලලා හදපු මස්, මාළු නෙවෙයි නිසා වළඳන එක පවක් වෙන්න බෑ.

    ඒත් මේ විදියටම අපි මස් කන්න සත්තු මරණ එක සාධරණීයකරණය කරන්න පුලුවන්ද?

    "එම මාළුව මරපු අයට එම සත්ව ඝාතන, සත්ව හිංසා අකුසලය අනිවාර්යයෙන්ම විපාක දෙනු ඇත"

    ඉබේ මැරුණ සත්තුන්ගේ මස් කන එකත් පවක් නෙවෙයි. ඒත් රැකියාවක් විදියට කෙනෙක් මාළු මරන්නේ මාළු කන්න ඉල්ලුමක් තියෙන නිසානේ. අපිට ඒ කෙනා නිකන් මාළු බෙදනවා නම් අපිට පවක් නෑ, අපි ඉල්ලලා නෙවෙයිනේ. ඒත් අපි සල්ලි දීලා මාළු ගන්නවා කියන්නේ අපිත් ඒ පවට දායක වෙනවා කියන එක නෙවෙයිද

    "එම සතා දැළට හසු නොවුනා නම්, ලොකු මාළුවෙක්‌ට අසුවෙලා, ගොදුරුවෙලා ජීවිතය පූජා කරාවී"

    මං හොරකන් කරේ නැතත් වෙන කෙනෙක් හොරකන් කරන නිසා මං හොරකන් කරාට කමක් නෑ වගේ තර්කයක්නේ. ආහාර දාමේ ඉන්න සත්තු එකිනෙකව කන්නේ උන්ව හැඩගැහිලා තියෙන්නේ ඒ විදියට නිසා. උන්ට වෙන විකල්පයක් නෑ. ඒත් මනුස්සයෙක් විදියට ඉපදුන අපිට විකල්පයක් තෝරගන්න පුලුවන්කම තියෙනවා. මුහුදේ මාළු කොහොමත් මැරෙනවා, අපි කෑවේ නැතත් කුකුල්ලු මැරෙණවා කියලා අපිත් මරන්න දායක වෙන එක මෙහෙම සාධරණය කරලා පව් වලින් බේරෙන්න පුලුවන්ද?

    කවුරුහරි කැමැත්තෙන් මස් කන එක ඒ කෙනාගේ තේරීම. ඒක වෙනස් කරන්න මට ඕනි කමක් නෑ. මමත් මස් මාළු කනවා තවම. ඒත් මේ කියලා තියෙන විදියට අපි දායක වෙන පාප කර්ම වලට අපි සම්බන්ධ නෑ කියලා ඇඟ බේරගෙන මාරුවෙන්න පුලුවන්ද
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ස්වභාවිකව මැරිච්ච සතෙක්ගේ මස් කෑවට ඔය කතාව අදාලයි. නමුත් දැන් කරන්නේ මරලා විකුණන එක. එතකොට ප්‍රාණඝාතය නැහැ කියන්නේ කොහොමද?
    අපි කඩේට ගිහින් සල්ලි ගෙවලා ඒ වෙනුවෙන් හිලවු කිරීමක් /වන්දි ගෙවීමක් කරන්නේ.

    නොකළ යුතු වෙළඳාම් පහට මස් මාංස විකිණීමත් ඇතුලත් නේද?

    එයා විකුණන හින්ද මම කනවා කියන්න බෑ නේද එතකොට? බෝධිය දිහාට කකුල දාන එක පවක් නම් මේක ඊට වඩා පවක්.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    මෙහෙම ලේසියෙන් අපි කරන දේවල් වලින් බේරේන්න පුලුවන් කියලා ධර්මයක් ද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙත් :unsure:

    මෙතන කියලා තියෙන්නේ හාමුදුරුනමකට අහඹු විදියට දානේ වේලකදි දුන්න මස්, මාළු ගැන කතාවක් නම් පිලිගන්නවා. ඒක හාමුදුරුවෝ කලින් ඉල්ලලා හදපු මස්, මාළු නෙවෙයි නිසා වළඳන එක පවක් වෙන්න බෑ.

    ඒත් මේ විදියටම අපි මස් කන්න සත්තු මරණ එක සාධරණීයකරණය කරන්න පුලුවන්ද?

    "එම මාළුව මරපු අයට එම සත්ව ඝාතන, සත්ව හිංසා අකුසලය අනිවාර්යයෙන්ම විපාක දෙනු ඇත"

    ඉබේ මැරුණ සත්තුන්ගේ මස් කන එකත් පවක් නෙවෙයි. ඒත් රැකියාවක් විදියට කෙනෙක් මාළු මරන්නේ මාළු කන්න ඉල්ලුමක් තියෙන නිසානේ. අපිට ඒ කෙනා නිකන් මාළු බෙදනවා නම් අපිට පවක් නෑ, අපි ඉල්ලලා නෙවෙයිනේ. ඒත් අපි සල්ලි දීලා මාළු ගන්නවා කියන්නේ අපිත් ඒ පවට දායක වෙනවා කියන එක නෙවෙයිද

    "එම සතා දැළට හසු නොවුනා නම්, ලොකු මාළුවෙක්‌ට අසුවෙලා, ගොදුරුවෙලා ජීවිතය පූජා කරාවී"

    මං හොරකන් කරේ නැතත් වෙන කෙනෙක් හොරකන් කරන නිසා මං හොරකන් කරාට කමක් නෑ වගේ තර්කයක්නේ. ආහාර දාමේ ඉන්න සත්තු එකිනෙකව කන්නේ උන්ව හැඩගැහිලා තියෙන්නේ ඒ විදියට නිසා. උන්ට වෙන විකල්පයක් නෑ. ඒත් මනුස්සයෙක් විදියට ඉපදුන අපිට විකල්පයක් තෝරගන්න පුලුවන්කම තියෙනවා. මුහුදේ මාළු කොහොමත් මැරෙනවා, අපි කෑවේ නැතත් කුකුල්ලු මැරෙණවා කියලා අපිත් මරන්න දායක වෙන එක මෙහෙම සාධරණය කරලා පව් වලින් බේරෙන්න පුලුවන්ද?

    කවුරුහරි කැමැත්තෙන් මස් කන එක ඒ කෙනාගේ තේරීම. ඒක වෙනස් කරන්න මට ඕනි කමක් නෑ. මමත් මස් මාළු කනවා තවම. ඒත් මේ කියලා තියෙන විදියට අපි දායක වෙන පාප කර්ම වලට අපි සම්බන්ධ නෑ කියලා ඇඟ බේරගෙන මාරුවෙන්න පුලුවන්ද
    01. තමන් වෙනුවෙන් වෙන කෙනෙක් මැරූ මස් අනුභවය පවක්. භික්ශූන් වහන්සේ වලදන්නේ ත්‍රිකෝටික පාරිශුද්ද මාංශ. ඒකියන්නෙ මැරුවේ තමන් වෙනුවෙන් නොවන මැරුවේ තමන් වෙනුවෙන් යැයි නොඇසූ මැරුවේ තමන් වෙනුවෙන් යැයි සැක නොමැති මාංශ.

    2. කිසිම දෙයක් ඉල්ලන්න අවසර නෑ දන්න තරමට.
    3. කිසියම් කෙනෙක් මංශ පූජා කරනවානම් පාත්‍රයට දැමීමට පෙර අසා දැන ගන්න ඕන මාංශ වර්ගය. භික්ශූන්ට අකැප දශ මාංශ නොවිය යුතුයි.

    2. සල්ලි දීල මස් අරන් කෑවොත් පව්ද? එතන ප්‍රාණ්ගාත අකුසලයක් නෑ ප්‍රාණගාත අකුසලයට කාරනා පහක් සම්පූර්න වෙන්න ඕන. ඒ පහෙන් එකක් වෙන සතා මැරීමට ඇති අරමුණක සල්ලි දීලා ගනිද්දී නෑ. ඕක ලොකු මාතෘකාවක් ගොඩක් කරුණු තියෙනවා කියන්න. මරන කෙනාට පව් සිද්ද වෙනවා.

    මෙතනදී ඇගබේරා ගැනීමක් සිදුවෙන්නෙ නෑ. අපි මිලදී ගන්නේ මලකුනක් මිස ප්‍රාණියෙක් නොවේනම්.
    ස්වභාවිකව මැරිච්ච සතෙක්ගේ මස් කෑවට ඔය කතාව අදාලයි. නමුත් දැන් කරන්නේ මරලා විකුණන එක. එතකොට ප්‍රාණඝාතය නැහැ කියන්නේ කොහොමද?
    අපි කඩේට ගිහින් සල්ලි ගෙවලා ඒ වෙනුවෙන් හිලවු කිරීමක් /වන්දි ගෙවීමක් කරන්නේ.

    නොකළ යුතු වෙළඳාම් පහට මස් මාංස විකිණීමත් ඇතුලත් නේද?

    එයා විකුණන හින්ද මම කනවා කියන්න බෑ නේද එතකොට? බෝධිය දිහාට කකුල දාන එක පවක් නම් මේක ඊට වඩා පවක්.
    මස් මරන කෙනාට පව එලෙසෙම තියෙනවා.මස් මරන කෙනාගේ අරමුන මස් කන අය නෙමෙයි සල්ලි. එයා මරන්නෙ සල්ලි වෙනුවෙන්. ඒකයි අරමුන. මස් කන අය වෙනුවෙන් මරනවානම් සල්ලි නොදුන්නත් මස් අපිට දෙන්න ඕන. එහෙම දෙන්නෙ නෑනෙ.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මස් ඇලජික් නම්, අප්පිරියයි නම්, ප්‍රතිපත්තියක් විදිහට කන්නැත්තං නොකා ඉන්න.
    නමුත් "මස් කෑමෙන් පව් සිදු වේ" කියලා දෘෂ්ඨියක් ඇති කරගත්තොත් ඒක මිත්‍යා දෘෂ්ඨියක්.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    ගැටලුවක් තියෙනම් අහන්න. මාත් උත්තර දෙන්නෙ මට අහුනොවිච්චි තැන් තිඋඑද කියල හොයන්නත් එක්ක. 😊
    Hamuduru kenek dena de waledena eka wenama kathawak ……gihiyo peretha kemata kana eke wenema kathawak :baffled:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    Hamuduru kenek dena de waledena eka wenama kathawak ……gihiyo peretha kemata kana eke wenema kathawak :baffled:
    ඔව්. හාමුදුරුවෝ දෙන දේ වැලදුවට, දෙන කෙනාට කියල තියෙන්නෙ තමන් කැමතිම දේවල් දෙන්න කියල.

    ගිහියෝ පෙරේත කමට කන එක ප්‍රාණගාත අකුසලයට වැටෙන්නෙ නෑ ඒත් ඒකෙන් සංස්කාර රැස් වෙනවා තණ්හාවට කද්දී.

    ආමගන්ද සූත්‍රයේ ඒකයි ආමගන්දය කියන්නේ තන්හාව ක්‍රෝදය වගේ අකුසල් සංස්කාර වලට කියල බුදු හාමුදුරුවෝ දේශනා කලේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,134
    113
    - උඩරට -
    :yes:
    _ B U M P _
    :yes:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕකට පව් පින් කතා ඕන නෑ.තමන්ට බුද්ධියක් තියෙනවනේ.හිතල බලන්න.මරන නිසා කනවා නෙවෙයි.කන නිසායි මරන්නේ.පව් පින් කෙසේ වෙතත් මස් කන එක morally වැරදියි කියලයි මම නම් හිතන්නේ.
    මමත් මස් කනවා.ඒත් මම ඒක වැරදි බව පිලිගන්නවා.තමන් කරන්නේ වරදක් බව පිලිගන්න බැරිකමත් ඔතන තියෙනවා.ඒ නිසා මොකක් හරි මාර්ගෙකින් ඒක සාධාරණීකරණය කරනවා.ඔතන වෙන්නෙ ඒක.