නිර්මාංශ ව අවසන් කළ පුජනීය මෙහෙයුම

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
නිර්මාංශ ව අවසන් කළ පුජනීය මෙහෙයුම

a6f7e66a6031337001655d616ce68fc7_XL.jpg


ශ‍්‍රි පාද මළුවේ ස්ථාපිත කිරිම සදහා නල්ලතන්නියේ ලක්ෂපාන කි‍්‍රඩාංගනයට රැගෙන විත් තිබු ශෛලමය දොළොස්මහේ පහණ හා ඝාණ්ඨාරය ශ්‍රිපාදස්ථානය කරා ගෙනයාමේ ගුවන් මෙහෙයුම අවසන් කෙරේ.

දින 07 ක් පුරා පැවති මෙම ගුවන් මෙහෙයුම අද උදැසන 8.00 ට සාර්ථකව අවසන් කෙරින.

ඉකුත් දෙවෙනිදා උදැසන සිට ආරම්භකල මෙම භාණ්ඩ ප‍්‍රවාහනයට ගුවන් හමුදාවේ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානය යොදාගෙන තිබුණි. දොළොස්මහේ පහණ ඝාණ්ඨාරය හා ඝාණ්ඨාර කුළුන ඇතුලූ කිලෝ 26000 ( විසිහයදාහක ) බර ප‍්‍රමාණයක් ගුවන් ගමන් වාර 16 දි ලක්ෂපාන ක‍්‍රිඩාංගනයේ සිට ශ‍්‍රි පාද මළුව දක්වා මෙහිදී රැගෙන ගියේය.

මෙම ගුවන් මෙහෙයුම අවසන් කිරිමෙන් අනතුරුව අදහස් දැක්වු එම හෙලිකොප්ටර් යානයේ ප‍්‍රධාන නියමු කාලිංග මහීපාල මහතා පැවසුවේ ගුවන් හමුදා ඉතිහාසයේ මුහුදු මට්ටමේ සිට අඩි 7400 ක් ඉහල වු කදු මුදුනකට භාණ්ඩ ප‍්‍රවාහනය කල පලමු අවස්ථාව මෙය බවයි. මෙම භාණ්ඩ ප‍්‍රවාහනය ගුවන් හමුදාවට භාරදුන් අවස්ථාවේ අභියොගයක් ලෙස තමන් එය භාරගත් බවත් මේ සදහා තමන් ඇතුළු ගුවන් නියමුවන් 7 දෙනෙක් හා ගුවන් හමුදාවේ 40 දෙනෙක් ඇතුළු යුද හමුදාවේ හා කේ.සි.සි. ආයතනයේ නිළධාරින් ඇතුළු 150 දෙනෙකු මෙම මෙහෙයුමට සහභාගි වු බව ප‍්‍රධාන නියමු වරයා සදහන් කළේය.

ශ‍්‍රි පාද මළුවේ වරින් වර පවතින මිදුම් තත්වයත් දැඩි සුලං තත්වයක් හේතුවෙන් දින දෙකක මෙහෙයුම දින 7 ක් දක්වා කල් ගිය බවත් ගුවන් වාර 16 ක බඩු රැගෙන යාමට ගුවන් වාර 23 ක් දක්වා පියාසර කිරිම සිදුවු බවත් මුළු ගුවන් මෙහෙයුම සදහා ගුවන් පැය 10.25 ක් වැය වි ඇතිබව පවසන ප‍්‍රධාන ගුවන් නියමු වින්ග් කමාන්ඩර් කාලිංග මහීපාල මහතා පවසයි.

ඇතැම් අවස්ථාවල ලක්ෂපාන ක‍්‍රිඩාංගනය සිට භාණ්ඩ රැගෙන ශ‍්‍රි පාද මළුව දක්වා පියාසර කිරිමෙන් අනතුරුව ශ‍්‍රි පාද මළුවේ පවතින මීදුම තත්වය හේතුවෙන් එම භාණ්ඩ නැවත රැගෙන ඒමට සිදුවු බවත්, ඒ මහතා කියයි.

ශ‍්‍රි පාද මළුවට ඉහලින් තමන්ට ගුවන් යානය එකතැන නතර කරගෙන සිටිමට සිදුවන නිසා රාජකාරියට වඩා ආගමික කටයුත්තක් සේ සලකා තමන් ඇතුළු ගුවන් නියමුවන් හා මෙම මෙහෙයුමට සම්බන්ධ වු සියළුම දෙනා මෙහෙයුම ආරම්භ වීමට ප‍්‍රථම පෙහෙවි නිර්මාංශව මෙම මෙහෙයුම සිදුකල බවත් පැවසීය.

මෙම මෙහෙයුම ආරම්භ කිරිමට ප‍්‍රථම මාඋස්සාකැලේ සමන්දේවාලයට භාරයක් වු මෙම ගුවන් නියමුවා ඇතුළු කණ්ඩායම අද මෙහෙයුම අවස් කිරිමෙන් අනතුරුවත් මාඋස්සාකැලේ සමන් දේවාලයට ගොස් ආගමික වතාවන්ද පැවැත්වීය.

ශ‍්‍රි පාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න නායක ස්වාමින් වහන්සේගේ අදහසක් අනුව මෙම කිලේ 8613 ක බරකින් යුතු කළු ගලින් නිර්මාණය කරන ලද දොළොස් මහේ පහණ සහ කිලෝ 9000 ක බරකින් යුත් ඝාණ්ඨාරය හා ඝාණ්ඨාර කුළුණ රත්නපුර ලෙල්ලූපිටිය හා මොරටුව හා මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදි කොටස් වශයෙන් නිර්මාණය කර තිබුණි. මේ සදහා පුර්ණ දායකත්වය කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේන මහතා විසින් දරණු ලැබීය. ගුවන් මගින් මෙම භාණ්ඩ ප‍්‍රවාහනය කිරිම සදහා එම දැල් කූඩ ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය මගින් සකස්කර ගුවන් හමුදාවට ලබා දී තිබේ.

p18don3u411c20mq7r143ms1tn94.jpg


p18don3u42143dsjh5rs6utg3g9.jpg


p18don3u421583rnd1gqi1bupi6q8.jpg


p18don3u42coa1jgn9d818pd1fdf6.jpg


p18don3u42v3514n91e07pvh8ja5.jpg


p18don3u431p0r10q3jk71fdm1g8pa.jpg


p18don3u432fkb5r1nok1msp9hfc.jpg


p18don3u43uov1035btdf7511bbb.jpg



උපුටා ගැනීම: LFN
 
Last edited:

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කරපු දේ නම් ගොඩක් හොද වෙන්න පුලුවන්. ඒත් සිරීපාද කදු මුදුනට ඔයතරම් බරක් පටවපු එක නම් එතරම් හොද දෙයක් නෙවෙයි කියලා මට හිතෙනවා. අති පූජනීය සිරිපාද කන්ද මුදුනේ තිබුණු පැරණි ගන්ටාර කුළුන ඒ තරම් බර දෙයක් නෙවෙයි. ඒ බර කන්දට නොදැනෙනවා කියලා කියන්න පුලුවන්. ඒත් දවසකට මිනිස්සු කී දාහක් කන්ද මුදුනට කරැණා කරණවද. ඒ අයගෙ බරයි එතන තියන ගොඩනැගිලි වල බරයි ඔක්කමෙ එකතු වුනාම අපිහිතනවට වඩා වැඩි පීඩනයක් කන්ද මතුපිටට ඇතිවෙනවා නේද.

    ane ube mole :lol:
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන් කව්රු මොන කිව්වත් හොඳ මිනිස්සු ,හොඳ සිතුවිලි කියන දේවල් අපේ මිනුස්සුන්ගෙන් තාම නැතිවෙලා නෑ කියල හිතෙනවා....හොඳ වැඩක්.....:yes::yes::yes::cool::cool:
    rep + ජය වේවා~~~!!!!