නිර්මාණාත්මක_අපරාධය

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    නිර්මාණාත්මක_අපරාධය

    ලෝකයේ තියෙන ලස්සනම දඬුවම ලැබුණේ මට


    Philippe-Petit-009.jpg



    rpstn.jpg



    petit1-e1444516624128.jpg


    සැබැවින්ම මේ කතාව විශ්වාස කරන්න අමාරුයි. මේ කතාව අහපු ගමන්ම ඕනෑම කෙනෙක්ගේ හිතට එහෙම අදහසක්? ඒක ඇත්තද? ඕක ෆිල්ම් එකක ගිය කතාවක්ද? අන්න ඒ වගේ ප්‍රශ්න නැඟෙන එක සාමාන්‍යයයි. එහෙත් අපිට එය විශ්වාස කරන්න සිද්ධ වෙනවා. මන්දයත් දැනටමත් එය සිද්ධවෙලා අවසානයි. මිනිසුන්ට කළ නොහැකි දෙයක් නැහැ කියලා පෙන්වන්න එය කදිම නිදසුනක්. ඒක මොකක්ද?

    සියවසයේ නිර්මාණාත්මක අපරාධය(Artistic crime of the century)
    සියවසයේ නිර්මාණාත්මක අපරාධය කියලා මෙය හඳුන්වන්නේ එය කළ පුද්ගලයාමයි. ඔහු ප්‍රංශ ජාතික පිලිප් පෙටිට්Philippe Petit).. මොකද්ද ඔහු කළ ඒ මහා අපරාධය? 1974 අගෝස්තු 04 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ඉදිකළ තට්ටු 110ක් උස නිවුන් කුලුනTwin Towers ලෙස හඳුන්වන ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිලි(World Trade Center) දෙක හරහා යකඩ වයරයක් දිගේ නීත්‍යනුකූල අවසරයක් නොගෙන, කිසිදු ආරක්ෂිත උපකරණයක් පලඳින්නේ නැතිව නිදහස් ආකාරයට ගමන් කිරීමයි. සාමාන්‍යයෙන් නම් මෙවැනි දේවල් සමාජයේ හඳුන්වන්නේ මොළයක් තියෙන මිනිහෙක් කරන්න හිතන්නේවත් නැති වැඩ විදියටයි. නමුත් ඔහු එය කළා.


    ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු දෙක ගැන ලෝකයේ මෑතකදී අවධානයට යොමුවුණේ 2001 සැප්තැම්බර් 11 වැනිදා ඊට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟයි. මෙම කුලුනු දෙක හදලා විවෘත කරන්නේ 1973 අප්‍රේල් 04. මෙහි පළමු කුලුන අඩි 1,368 උසයි. එය මීටර්වලින් නම් මීටර් 417ක්. අනෙක් කුලුන අඩි 1362ක් උසයි. එය මීටර්වලින් 415යි. තට්ටුවලින් නම් තට්ටු 110ක්. නිකමට හිතන්න තට්ටු 110ක් උස දැවැන්ත ගොඩනැඟිලි දෙකක් අතර යකඩ කම්බියක් නීත්‍යනුකූල අවසරයකින් තොරව බැඳලා, ඒ ඔස්සේ ගමන් කරනවා කියන දේ ඇත්තටම පිස්සුවක් වගේ දෙයක් තමයි. මෙම කුලුනු දෙක අතර දුර අඩි 200යි. මෙම මහා නිර්මාණාත්මක අපරාධය කළ පිලිප් පේටිට් මෙම කුලුනු දෙක අතර එක පැත්තකට ගමන් කරලා නැවැතුණේ නැහැ. ඔහු යළිත් අනෙක් පැත්තටත් ආවා. ඒ විතරක් නෙවෙයි ඔහු කම්බියේ මැද නිදාගෙන වගේම වාඩි වෙලත් හිටියා. ඔහු කුලුනු දෙක අතර බැන්ද යකඩ වයරයේ ගත කළ කාලය විනාඩි හතළිස් පහක්.


    සිහින දිගේ ඇවිදගෙන යන්න
    එය 1968 වසරේ දවසක්. ඔහුට වයස අවුරුදු 18යි. පිලිප් දත් කැක්කුමකට බෙහෙත් ගන්න දන්ත වෛද්‍යවරයෙක් හමුවෙන්න එනවා. ඔහුට මඳ වෙලාවක් පෝලිමේ වාඩිවෙලා ඉන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේදී ඔහු නිකමට වගේ සඟරාවක් බලන්න පටන් ගන්නවා. ඔහු ඒ වන විට සර්කස්කරුවෙක්. මිනිස්සු වට කරගෙන සර්කස් පෙන්වලා කීයක් හරි හොයා ගන්නවා. එහෙත් ඔහු නිතරම ඔහු හඳුනාගෙන හිටියේ මහා නිර්මාණාත්මක බලයක් හිමි පුද්ගලයෙක් කියලා. සල්ලි හොයා ගන්න සර්කස් පෙන්නුවත්, සර්කස් තුළ පවතින කලාව තේරුම් ගන්න ඔහු උත්සාහ ගත්තා. පිලිප් වඩාත් කැමැතිම සර්කස් එක තමයි කම්බියක් හෝ කඹයක් දිගේ උස් ස්ථාන අතර ගමන් කිරීමට (ඩ්ඪඨඩ එඪපඥ ර්ථීඥපටධපථචදජඥ).


    මෙහෙම සඟරාව කියවන විට පිලිප් දැක්කා ඇමෙරිකාවේ ඉදිරි වසර කීපය තුළ ඉදිකරන්න නියමිත ලොව උසම කුලුනු දෙකේ දළ සැකැස්මේ පින්තූරයක්. එය ඉදිකරලා ඉවර වුණු ගමන්ම තමන් ඒ කුලුනු දෙක අතර වයරයක් නීත්‍යනුකූල අවසරයක් නොගෙන බැඳලා ඒ හරහා ගමන් කරනවා කියලා හිතුවා. ඔහු එම පින්තූරය හොරෙන් කඩාගෙන සාක්කුවේ දාගෙන ගෙදර ආවා. දත් කැක්කුමට ඔහු බෙහෙත් ගත්තේ නැත්තේ තමාගේ හිතට එම සිහිනය ආවාට පස්සේ ඔහුගේ දත් කැක්කුම කොහෙන් ගියාද කියලා ඔහුට මතක නැති වුණු බවයි.
    ඔහු තමාගේ පිස්සු සිහිනය අඩංගු පත්තර කෑල්ල ඉතා සුරක්ෂිතව තැබුවා. ඉන්පසුව ඔහු 1968 සිට 1973 දක්වා විවිධ සර්කස් සන්දර්ශන පෙන්නුවත් ඔහුගේ මහා සන්දර්ශනය ඔළුවේ තියාගෙන වැඩ කළා. එනම් ඔහු වසර ගණනාවක් ප්‍රංශයේ සිට ඇමෙරිකානුවන් පුදුම කරන ආකාරය ගැන දහසක් හීන දැක්කා. මේ කාලය අතරතුර ඔහු වයර් දිගේ ස්ථාන කීපයකම ගමන් කළා.


    ජීවිතයේ පළමු ජයග්‍රහණය
    සෑම වීරයෙක්ටම කණ්ඩායමක් ඉන්න ඕනෑ කියලා කතාවක් තියෙනවා. එම නිසා පිලිප් තමාගේ සිහිනයට යන්න තම කණ්ඩායම හොයනවා. ඔය අතරේ තමයි ගිටාරයක් වයමින් ගීත ගායනා කරන ඇනී නම් යුවතිය ඔහුට හමුවෙන්නේ. ඔහු එය ඔහුගේ ජීවිතයේ ර්ර ටඪපඵබ චජජථනතඪඵඩථඥදබ ලෙස හඳුන්වනවා. ඔහු ඇනීට තමාගේ සිහිනය කියනවා. 'මීටර් 450ක් විතර උස බිල්ඩින් දෙකක් අතර ආරක්ෂාවක් නැතිව යනවා කියන එක මිනිහෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.' මුලින්ම ඇය බයවෙලා දක්වන්නේ එවැනි අදහසක්. එහෙත් ඇය පිලිප්ගේ දැඩි විශ්වාසයට උදවු කරනවා. කළ නොහැකක් කරන්න හදන මිනිස්සු වටේ එකතු වෙන්නේ ඉතා සුළු මිනිස්සු ප්‍රමාණයක්. පිලිප්ටත් පිලිප් ගැන විශ්වාසය තියෙන මිතුරන් එකතු වෙනවා. කෙසේ වෙතත් ඇනී ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව සමුගන්නවා. මන්දයත් ඔහු නිව්යෝර්ක්වල නවතින්න තීරණය කරන අතර ඇනී ප්‍රංශයට යනවා.


    ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු දෙකේ ඉදිකිරීම්වල අවසානය සිද්ධ වෙන එම කාලයේ ප්‍රංශයේ ඉඳලා ඇවිත් ඊට හොරෙන් ඇතුළුවෙලා, හය හත් දෙනෙක්ගේ උදව්වෙන් වානේ කම්බි ගොඩනැඟිලි දෙක අතර රැයකදී බැඳීම හිතන තරම් ලෙහෙසි වැඩක් නෙවෙයි. පිලිප් ඇතුළු කණ්ඩායම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආකෘතියක් නිවෙසේ හදලා තවත් සර්කස් කරන ප්‍රවීණයන්ගේ උපදෙස් රැසක් අරගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. සමහර අවස්ථාවල ඔවුන් එහි වැඩ කරන කම්කරුවන් වගේ ඇඳගෙන ඇවිත් තොරතුරු සොයලා ඔවුන් කරන්න යන වැඩේ ගැන අදහසක් ලබා ගත්තා. එම දැවැන්ත සහ රහසිගත සැලැසුම වෙනමම කතාවක්. අදාළ වික්‍රමයෙන් අනතුරුව එම මොහොතේම පිලිප් අත්අඩංගුවට ගන්නවා. ඔහුගේ අරමුණ වුණෙත් එයමයි.
    'ලෝකයේ තියෙන ලස්සනම දඬුවම ලැබුණේ මට.' පිලිප් එහෙම කියනවා. මන්දයත් ඔහුට ලැබුණු දඬුවම වුණේ නිව්යෝර්ක් නගරයේ ළමා උද්‍යානයක ළමයින්ට සතියට වරක් නොමිලේ සන්දර්ශනයක් පැවැත්වීමයි. ඔහු එය කැමැත්තෙන් කළා.


    ජීවිතයත් මරණයත් අතර ඇවිදීමක්
    'ඔබ කරන දෙයට ඔබ ආදරය කරන්නේ නැත්නම් ඔබට එය කළ නොහැකියි. මගේ ජීවිතයේ උදාන පාඨය එයයි.' පිලිප් එහෙම කියනවා. සැබැවින්ම ඔහුට වැරැදුණා නම් ඔහු තට්ටු 110කින් පහළට වැටුණාම ඔහුට වෙන දේ ඔබට සිතාගත හැකියි. පිලිප් යනු තමා කරන දේ ගැන 100%ක විශ්වාසයක් තියෙන පුද්ගලයෙක් බව පැහැදිලියි. සැබැවින්ම දශමයක හෝ අවිශ්වාසයක් ඔහුගේ හිතේ තිබුණා නම් ඔහුට එය කළ නොහැකියි. පිලිප් මිනිසාගේ බලය ඔප්පු කරලා ලොවට පෙන්නූ විශිෂ්ට චරිතයක්. ඔහු එම දැවැන්ත වික්‍රමය කළේ දේව බලයකින් නොවේ. එය පැහැදිලිවම මිනිස් සිතක අසීමිත බලය සහ විශ්වාසයේ ප්‍රතිඵලයයි. ඔබ විශ්වයේ කොටසක් නොව ඔබ විශ්වයයි කියලා කියන්නේ නිකම් නෙවෙයි.


    'කළ නොහැක්ක රැවීටම තමයි මගේ ජීවන අරමුණ. මෙලොව කළ නොහැකි දේවල් නෑ. පුංචි කාලේ ‍ෙදාඩම් ගෙඩි තුනක් දැක්කාම ඒවා වට්ටාගන්නේ නැතිව උඩ දාලා සෙල්ලම් කරන්න පුළුවන් කියලා මට හිතුණා. මම එය කළා. ලොකු වුණාම ලොකු බිල්ඩින් දෙකක් දැක්කා. ඒවා අතර වයරයක් දිගේ යන්න පුළුවන් කියලා මට හිතුණා. ඉතින් මම ඒක කළා.' වයර් මිනිසා ලෙස සලකන මේ අසාමාන්‍ය දේවල් කරන සාමාන්‍ය මිනිසා අපිට එහෙම කියනවා.
    'එහෙනම් කළ නොහැකියි කියන ඍණාත්මක සංකල්පය ඔබව රවටන්න කලින් ඔබ කළ නොහැක්ක රවටන්න.'
    තවත් දෙයක් අදටත් පිලිප් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ජීවත් වෙනවා. ඔහු වත්මනේදී මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන දේශකයෙක්.

     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,328
    16,028
    113
    Colombo
    The Walk..........සුපිරි ෆිල්ම් එකක් පොඩ්ඩක් බොරින් වගේ උනාට