නිර්වාණය කරා ලඟා වීමට රථයක්

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
නිර්වාණය කරා ලඟා වීමට රථයක්

වරක බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල්හි රාත්‍රී කාලයේදී එක්තරා දෙවියෙක් දහසක පමණ වු පරිවාර දෙවිවරුත් සමග ආලෝකය විහිදුවමින් පැමිණ වැඳ එකත්පස්ව උන්නේය. එම දෙවියාගේ සිරුරින් ආලෝකය විහිදෙමින් තිබුනත් දක්නට ලැබුනේ ආලෝකමත් ස්වභාවයක් නොවේ. බුදුරජාණන් වහන්සේට ගෞරව කරනු ලැබූ ඒ දෙවියන් මෙසේ උන්වහන්සේගෙන් විමසන ලදි.

බුදුරජාණන් වහන්ස, දිව්‍ය ලෝකයේ ඇත්තේ මහත් ඝෝෂාවකි. මේ සියළු දෙවියන්ගෙන්ම ඇත්තේ කරදරයකි. මට ඔවුන්ව පෙනෙන්නේ ප්‍රේතයන් ලෙසයි. මට ඒ භූමිය එපා වී ඇත. ඉන් මිදීම සඳහා කරුණාකර මාර්ගයක් පෙන්වා දෙනු මැනවි.,

මෙම කථාව දෙවියෙක් විසින් කරනු ලැබූ බව කිසියම් අයෙක් ඇසූ කල්හි ඔහුට පුදුම හිතෙනු ඇත. මක් නිසාද යත් දිව්‍ය ලෝකයේ යාමට කැමති දැයි අපෙන් විමසූ විට අපි කියන්නේ එසේය කැමතියි බවයි. නමුත් මොහුට එය ප්‍රේත විමානයක් වැනිය. ප්‍රේතයන් යනු අපි දක්නට අසන්නට ඇසුරු කිරීමට අකමැති කොට්ඨාශයකි. නමුත් මෙම දෙවියාට අනෙකුත් දෙවියන් ව ප්‍රේතයන් ලෙස පෙනෙන බව දක්වා සිටී.

බුදුරජාණන් වහන්සේ දෙවියන් එසේ පැවසූ කල්හි තම දිවැස මෙහෙයවා ඔහුගේ අතීතය විමසන ලදි. මෙයට පෙර භවයේදී එම දෙවියා මනුෂ්‍යයෙක්ව සිට ධර්මය පුහුණු කරන්නෙක් විය. තරුණ වියේදීම බෞද්ධ ඉගැන්වීම් කෙරේ පැහැදුන ඔහු ඒ පිළබඳව විශ්වාසය ඇති කර ගෙන භික්ෂුවක් බවට පත් විය. නියමිත පස් අවුරුදු කාලය ගුරුවරයෙකු ලඟ ගත කල ඔහු ඒ අවසානයේ නිවන් ලබා ගැනීමේ එකම අරමුණින් නියමිත කමටහන්ද ලබාගෙන් ආරණ්යගත විය. රහත් භාවයට පත්වීමට තිබූ දැඩි ආශාව නිසාම මෙම භික්ෂුව ඉමහත් වීර්යයෙන් යුතුව භාවනා කළේය. නින්ද අඩු කර ඒ කාලයද භාවනාවට යොදා ගත්තේය. ආහාර සොයා ගැනීමටද වැඩි කාලයක් ගත නොකල ඔහු වැඩි කාලයක් යොමු කරනු ලැබුවේ භාවනාවටමය. මෙසේ කටයුතු කරන ඔහුට නිසි ලෙස නින්ද හා ආහාර නොලැබීම නිසා සෞඛය පිරිහීමට පත් වන්නට සිදු විනි. නමුත් ඒ ගැන නොසිතූ ඔහු සිරුරින් කොපමණ වේදනා ගෙන දුන්නත් දිගින් දිගටම භාවනා කරනු ලැබීය. දිනක් සක්මන් භාවනාවේ යෙදී සිටියදී ‍රෝගාබාධ උත්සන්නවූ භික්ෂුව සක්මන් භාවනවේ අතර තුරදීම අපවත් වන ලදි.

මෙසේ අපවත් වූ මේ භික්ෂුව ක්ෂණිකවම තව් තිසා දෙව් ලොව උපත ලද්දේය. රත්රන් පිරි ඇඳුම් වලින් සැරසී සිටි ඔහු විශාල දෙව් විමානයක් දොරටුව අභියස සිටගෙන සිටියේය. එම විමානය තුල ඔහුව පිළිගැනීම සඳහා ඔහුට ඇති වූ පිරිවර දෙවිවරු දහසක් පමණ සූදානම් වී සිටිති. මොහු උපත ලබා තිබුණේ ඔවුන්ගේ ස්වාමියා ලෙසටයි. ඔවුන් ජයඝෝෂා නගමින් අළුත උපන් දෙවියන් දේව විමානයට ඇතුළු වන තෙක් බලා සිටී.

කෙසේ වෙතත් දෙවියන්ට භික්ෂුවක්ව සිටි තමන් මියගොස් දෙව් ලොව දෙවියෙක් ලෙස උපත ලස බව වැටහී නොයාම නිසා මේ තමන්ට සත්කාර කිරීමට පැමිණි උපාසක උපාසිකාවන් පිරිසක් යයි සිතාගෙන ඒ දෙස නොබලා දෙව් විමානයට ඇතුළු නොවී බිම බලා සිටියේය. පිරිවර දෙවියන් මේ බව දැන ඔහු දිව්‍ය ලෝකයේ තමන්ගේ සිවාමියා ලෙස උපත ලබා ඇති බව කියා සිටියහ. නමුත් ඔහු එය විශ්වාස නොකිරීම නිසා ඔහුට කැඩපතකින් ඔහුගේ රුව බැලීමට පිරිවර දෙවියන් විසින් සලස්වන ලදි. ඒ අනුව තමා දැන් දෙව් ලොව ඉපිද ඇති බව ඔහුට පසක් විය. එසේම තමන් තව දුරටත් භික්ෂුවක් නොවන බව තේරුම් ගත් දෙවියා දැන් තමන්ට භාවනා පුරුදු තිරීමට ඉඩ නොලැබෙන බව දැන මහත් සංවේගයට පත් විය.

සංවේගයට පත් ඔහුගේ සිත තුල නිවස අත් හැර සිවුරු දරා ගත් මම බලාපොරොත්තු වුනේ අර්හත් භාවයයි. දැන් මම රන් පදක්කමක් බලාපොරොත්තුව මල්ලව පොර පිටියට පිවිස කුණූ ගොඩක් හම්බ වුණ මල්ලව පොර කරුවෙක් වැනිය යන සිතිවිල්ල ඇති විනි. මේ සිතිවිලි සමග එම දෙවියන්ට තමන්ට පහල වූ දේව විමානයට අඩිය තිබීමටත් බිය ඇති විය. එක් වරම ඔහුට දෙවියෙකු ලෙස තමන් සතු ශක්තිය මගින් මනු ලොව වසන බුදුරජාණන් වහන්සේ මුණ ගැසිය හැකි බව සිහි වී ක්ෂණයකින් ආලෝකය පතුරුවමින් පෙර දැක්වූ පරිදි ජේතවනාරාමයට පැමිණි අතර ඔහුගේ පරිවාර දෙවියෝද තම ස්වාමියා පසු පස ජේතවනාරාමයට බුදුන් දැක්මට පැමි‍ණියෝය. එසේ පැමිණි මේ දෙවියන් විසින් පෙර කී ලෙස විමසන ලදි.

මේ බව තම දිවැසින් විමසා බලා දැනගත් බුදුරජාණන් වහන්සේ ඔහුට මෙසේ පිළිතුරු සැපයූ සේක.

දිව්‍ය පුත්‍රය, ඔබ තෝරාගත් මාර්ගය දිගේ ඉදිරියටම යන්න. එය දිව්‍ය සම්පත් වලටත් වඩා සැප ගෙනදෙන, කිසිදු බියකින් තොර වන්නා‍ වූ ඔබගේ අරමුණට ඔබ ගෙන යනු ඇත. ඒ සඳහා ඔබ නිශ්ශබ්ද රථයක් (කරත්තයක්) පාවිච්චි කරන්න. එහි රෝද දෙක වන්නේ මානසික හා භෞතික වීර්යයි. පිටුපස ආධාරකය වන්නේ හෘද සාක්ෂියයි. මේ රථය (කරත්තය) වට කර ඇති සන්නාහය සතිය වන අතර එය පදවන රියදුරා සම්මා දෘෂ්ටිය වන්නේය. ස්ත්‍රී පුරුෂ කවුරුන් හෝ වේවා මෙවන් රථයක නැගී එය හොඳින් පදවන්නේ ද ඔහු විසින් කිසිදු සැකයකින් තොරව නිර්වාණයට ලඟා වන්නේය.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
නාමල්ට විශ්ණු දෙවියන් හමුවීම
namal-DSC_3454-copy.jpg
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0

දිව්‍ය පුත්‍රය, ඔබ තෝරාගත් මාර්ගය දිගේ ඉදිරියටම යන්න. එය දිව්‍ය සම්පත් වලටත් වඩා සැප ගෙනදෙන, කිසිදු බියකින් තොර වන්නා‍ වූ ඔබගේ අරමුණට ඔබ ගෙන යනු ඇත. ඒ සඳහා ඔබ නිශ්ශබ්ද රථයක් (කරත්තයක්) පාවිච්චි කරන්න. එහි රෝද දෙක වන්නේ මානසික හා භෞතික වීර්යයි. පිටුපස ආධාරකය වන්නේ හෘද සාක්ෂියයි. මේ රථය (කරත්තය) වට කර ඇති සන්නාහය සතිය වන අතර එය පදවන රියදුරා සම්මා දෘෂ්ටිය වන්නේය. ස්ත්‍රී පුරුෂ කවුරුන් හෝ වේවා මෙවන් රථයක නැගී එය හොඳින් පදවන්නේ ද ඔහු විසින් කිසිදු සැකයකින් තොරව නිර්වාණයට ලඟා වන්නේය.
:yes::yes::yes:
 
cd_akhila

Member
Feb 25, 2008
106
19
0
බොහොම ස්තුතියි, බොහොම පින්:):):yes::yes:

ඉතින් ඒ දෙවියෝ ඒ බවේදිම සසර කෙළවර කළාද..
 
hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

ඔයාලා මේ ගැන උනන්දු නම් මන් ඉතිරි ටිකත් ලියන්නම්. ඇත්තටම මන් මේ පෝස්ට් එක පටන් අරන් ටිකක් කල්. ඒත් කාගේවත් වැඩි අවදානයක් යොමු නොවුන නිසා ඒක ලියලා ඉවර කරන්න බැරි වුනා.

මේ පෝස්ට් එක ලියන්න මන් මුල් කරගත්තේ සංයුක්ත නිකායේ එන සූත්‍රයක්. බොහොම පොඩි සූත්‍ර දේශනාවක්. ඒත් ඒ සූත්‍රයේ අර්ථය ඉතාමත් ඉහලයි. ඇත්තටම මේ කියන වර්ගයේ රථයක් තියේ නම් නිවන් මාර්ගයට ලන් වීම හරිම ලේසියි. ඒ බව ඉදිරියේදී මන් ඔයාලට හිමින් සැරේ කියලා දෙන්නම්..
 
hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
බොහොම ස්තුතියි, බොහොම පින්:):):yes::yes:

ඉතින් ඒ දෙවියෝ ඒ බවේදිම සසර කෙළවර කළාද..

ම් ම්. ඒ බව මේ විදියට කියන්න පුළුවන්. සසර කෙලවර කිරීම කියන්නේ නිවන් අවබෝධ කලා කියන එකනේ. නිර්වාණයත් ආකාර කීපයක් තියෙනවානේ. ඒ දෙවියෝත් ඉන් එක් ආකාරයෙකින් ඒ බවයේදිම සසර කෙලවර කලා කිව්වෝතින් හරි...
 
hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
[FONT=&quot]මෙම දෙවියෙක් වූ භික්ෂුවගේ කථා පුවත සංයුක්ත නිකායේ දක්නට ලැබෙන්නකි. එය භාවනා පුහුණුව සම්බන්ධව බොහෝ කරුණු ඉදිරිපත් කරණු ලබයි. අපි එය පියවරෙන් පියවර විමසමු. කෙසේ වෙතත් මෙහිදී ඔබ විසින් ඇසිය හැකි ප්‍රශ්ණයකි දෙව් ලොව ඉපදීම සම්බන්ධයෙන් කෙනෙක් ප්‍රශ්න කරන්නේ ඇයි යන්න.

දේශනාවට අනුව දෙව් ලොව යනු සියළුම ඉන්ද්‍රියන් පිනවීමට ලැබෙන කාම භූමියකි. [/FONT]

[FONT=&quot]මෙම දෙවියාගේ ප්‍රතික්‍රියාව වටහා ගැනීම සඳහා ඔහු මියගොස් දෙව් ලොව උප්පත්තිය ලැබීම අත්‍යවශ්‍ය කරුණක් නොවේ. අප වාසය කරන ලෝකය තුලම උවමනා තරම් කාම භූමි දක්නට ලැබේ. ඒ එකදු ස්ථානයකදී වත් සත්‍ය හා සදාකාලික සන්තුෂ්ටිය සොයා ගත හැකිද? උදාහරණයකට ඇමරිකා එක්සත් ජනපදය සලකමු. අපි එය හඳුන්වන්නේ සුර පුරයක් ලෙසයි. එ වෙනකක් නිසා නොව අපට අවශ්‍ය වන්නාවූ සියළුම සැප එහිදී සපුරා ගැනීමට ඉඩ සැලසෙන නිසාවෙනි. එහි ඒ සැප සම්පත් වලින් මත් වී ජීවත් වන්නන් කොයි තරම් නම් සිටිනවාද? වැඩි දෙයක් නොවේ එතරම් සුඛෝපභෝගී නොවන ලංකාවේ කී දෙනෙක් නම් සැප සම්පත් වලින් මත් වී ජීවත් වනවාද? නමුත් ඔබ ඔබෙන්ම විමසා බලන්න, ඔවුන් තමන්ගේ පැවැත්ම පිළිබඳ සත්‍ය ගැන ගැඹුරින් සිතනවාද කියා? නැත්නම් ඔවුන් ඇත්තටම සතුටින් සිටිනවාද කියා? [/FONT]
[FONT=&quot]
අපේ කථාවේ සිටින දෙවියන් මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වන කාලයේදී ඔහුට බුදුන්ගේ ඉගැන්වීම් පිළිබඳව බලවත් ශ්‍රද්ධාවක් තිබූ අතර උත්තරීතර සැපය ධර්මය පුහුණු කිරීමෙන් ලැබෙන බව විශ්වාස කළේය. මෙම සැපය සෙවීම සඳහා ඔහු ලෞකික සැප සම්පත් අතහැර දමා භික්ෂුවක් බවට පත්විය. රහත් බවට පත් වී ‍මේ ඒකායන අරමුණෙන් ඔහු කටයුතු කළේය. එහි තද බව කෙතෙක්ද යත් එය ඔහුට මරණයද ලඟා කරවීය. ක්ෂණයෙන් ඔහු විසින් අත් හැර දැමූ ලෞකික සැපයටත් වඩා වැඩි කම් සැප ඔහු වටා පිරී පවතින බව දක්නට ලැබුණ විට ඔහු පත්වූ කනස්සල්ල ගැන ඔබට සිතා ගත හැකි නේද? [/FONT]

[FONT=&quot]
ඇත්තටම මරණය යනු අළුත් දෙයක් නොවේ. එය විඤ්ඤාණයේ ගමන් කිරීමක් පමණි. චුති සිත හා උප්පත්ති සිත අතරේ පවත්නා අන්තර් චිත්තයක් නොමැත. එසේම දෙවියන් සම්බන්ධව ගත් විට ඔවුන්ගේ උප්පත්තිය මනුෂ්‍ය උප්පත්තිය තරම් වේදනාත්මක එකක්ද නොවේ. එසේ හෙයින් භාවනානුයෝගියාට එක් ජීවිතයක සිට තවත් ජීවිතයකට ගමන් කිරීම නිසා භාවනාවේ වෙනසක් සිදු නොවේ. අනෙක් අතට මෙම දෙවියා දෙව් ලොව ඝෝෂාව පිළිබඳව පැමිණිලි කිරීමද පුදුමයට කරුණක් නොවේ. ඔබ ගැඹුරු ලෙස භාවනා කරමින් සිටින විට දී ටෙලිපෝනය නාද වුනැයි සිතන්න. සමහර විට ඒ ඔබේ හොඳම යාළුවෙක් වන්නට පුළුවන. මේ ශබ්දය සමග ඔබ එතෙක් වෙලා ලබාගෙන සිටි සමාධියට කුමක් සිදු වේද? යාළුවා පිළිබඳව කුමනාකාරයේ සිතිවිල්ලක් ඇති වන්නේද? ඉදින් මේ භාවනානුයෝගීයාට දෙව් ලොව ශබ්දය ඝෝෂාවක් වීම පුදුමයක් ‍නොවන බව ඔබට වැ‍ටහෙනු ඇත. [/FONT]

[FONT=&quot]
භාවනානුයෝගී දෘෂ්ටි කෝණයෙන් බලන විට ඔබද ලෞකික සැපතේ පවත්නා අස්ථිරත්වය පිළිගනු ඇත. ඔබගේ අරමුණ මෙම භාවානානුයෝගී භික්ෂුව මෙන රහත් භාවය ලබා ගැනීම විය හැකි අතර සමහර විට එසේ නොවිය හැක. භාවනාව තුලින් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය කුමක් වුවත් ඒ තුලින් විඳීමට ලැබෙන සමාධිය හා ඒකාග්‍රතාවය ඔබ විසින් අගය කරනු ඇතැයි සිතමි. මෙම අරමුණ අත් කර ගැනීම සඳහා යම් තරමක කැප කිරීමක් එනම් අත්හැරීමක් සිදු කිරීමට ඔබට සිදු වන්නේය. පැයක කාලයක් සඳහා භාවනා කිරීමට ඔබ වාඩි වූවායැයි සිතන්න. ඒ පැය තුල ඔබ විසින් කිසිදු භාහිර දෙයක් පිළිබඳව බැඳීමක් ඇති කරගන්නේ නැත.ඒ තුලින් අපේ මනසට කොයි තරම් නම් සැනසීමක් ලැබෙන්නේද? හිතන්න භාවනා මධ්‍යස්ථානයක දින කීපයක් තිස්සේ පවත්වනු ලබන භාවනා වැඩමුළුවක් ගැන. එයට ඔබ සම්බන්ධ වන්නේ නම් ඒ කාලය තුල ඔබේ පවුල යාළුවන් නෑයන් මේ ආදී සියල්ලෙන්ම ඔබ වෙන්ව සිටී. මෙහිදී ලැබෙන සැපය ගැන කුමන කථාද.. මේ කැප කිරීමේ ඵලය එවැන්නකට සම්බන්ධ වන්නෝ දනිති. [/FONT]

[FONT=&quot]
දිව්‍ය ලෝකයේ සැප පිළිබඳව ප්‍රශ්ණ කල මේ කථාවේ දෙවියන් දෙව් ලොව ජීවන රටාව පිළිබඳ විමසුමක් නොකළේය. ඔහු වඩාත් දුක් වූයේ තම අරමුණ ඉටු නොවීම පිළිබඳවයි. සිතන්න කිසියම් වැඩක් නිම වූ විට රුපියල් 1000ක් ලැබෙන පොරොන්දුව පිට ඔබ වැඩක් භාර ගත්තේ යැයි කියා. ඒ සඳහා මහන්සි වී කටයුතු කලත් ඔබට එය නිසි ලෙස අවසන් කිරීමට නොහැකි වීම නිසා රුපියල් 100 ක් ලැබිනි යයි කියා. ඔබට කුමන ආකාරයේ සිතිවිල්ලක් ඇති වේද? ඒ ලෙසටම මේ භික්ෂු-දෙවියාද කනස්සලු වූවේ එය මල්ලව පොර තරඟයට සම්බන්ධවී කුණු ගොඩක් ලැබුණු තැනැත්තෙක් ලෙසට සම කොට දැක්විය. [/FONT]

[FONT=&quot]
ඔබ මනා ලෙස ධර්මයේ පිහිටන්නේ නම්, භාවනාව පිළිබඳව වන්නාවූ ඔබගේ ආශාව ඔබ අත් නොහැර ඔබ පසු පසම යන්නේය. මේ කථාවේදී මෙන් දෙව් ලොවට වුව යන්නේය. එසේ නොවන්නේ නම් ඔබ ඉතා ඉක්මණින් අවට පරිසරයෙන් ලැබෙන්නාවූ නොයෙක් සුඛයන් සමග පැටලැවෙන අතරම එයම ධර්ම ගවේෂකයෙකු ලෙස ඇති ඔබගේ චරිතයේ අවසානයද වන්නේය.

[/FONT]
[FONT=&quot]එසේනම් දැන් අපි විමසා බලමු මෙම භාවනා යෝගීයා ඔහුගේ පුහුණුව ඇති කරගත් ආකාරය.තනිවම ආරණ්‍යගත වීමට පෙර ඔහු විසින් අවුරුදු 5ක කාලයක් ගුරුවරයෙක් මත යැපුනු අතර ‍අනෙකුත් සංඝයා වහන්සේලා සමග ජීවත් විය. ඔහු තම ගුරුවරයාට නොයෙක් ආකාරයෙන් උපකාර කරමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හදාරමින් සමාජීය වශයෙන් තමන්ගෙන් විය යුතු යුතුකම් කොටස මැනවින් ඉටු කලේය. [/FONT]
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
mchan Diviyan ekaparatama upadinawa nathiwenawalu ne? anik hama lokayakma ehemada? (except Humans & Animals) mama ahala theyenawa enik ayata thamage athithaya mathakai kiyala ? is it true?
 
ඉතාම වට්නා අයුරින් බොහොම ලස්සනට මේ දේවල් පැහැදිලි කර දෙන ඔබට බොහෝ පින්, ඔබතුමා මේ කරන කාර්යය හරිම ප්‍රයෝජනවත්. :):):):):yes::yes::yes::yes:
 
hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
mchan Diviyan ekaparatama upadinawa nathiwenawalu ne? anik hama lokayakma ehemada? (except Humans & Animals) mama ahala theyenawa enik ayata thamage athithaya mathakai kiyala ? is it true?

ow machan.anik hama lokayakamath ehemai. upadina swabaya witharai wenas. apith, thirisan satwayoth, prethayot, vinipathikayoth, mrahmayoth me hamoma eka sarayatamai upadinne. e wagema me hamotama thamnge athithaya mathakai. namuth manussayatai thirisan sathwayata witharak ipadila kal yaddi atheethaya amathaka wenawa. e wena kisi deyak nisa nemei awidyawa nisa. me gana thawa danaganna. awdanayen inna
 
hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]‍මෙම පුද්ගලයාගේ වටපිටාව භාවනානුයෝගීන් ලෙස අපට සුවිශේෂ වේ. ඔහු මෙන් සෑම භාවනානුයෝගියෙක්ම තම ජීවිතය යහපත් කරන්නාවූ හා ජීවිතය පිරිසිදු කරන්නාවූ ශීලය ආරක්ෂා කිරීම අවධානය යොමු කල යුතුය. එසේම මෙලොව ජීවත් වන විට අන් සියළු දෙනා සමග ජීවත් වීමේදී අප සතුවන වගකීම්, යුතුකම් ගැනද අවධානයෙන් සිටිය යුතුය. කාරුණික හා උපකාරී ආකාරයට අන් අය සමග සන්නිවේදනය කිරීමේ ආකාරයන් අපි ඉගෙන ගත යුතුය. භාවනාවේදී, විදර්ශනා ඥාණ සම්පූර්ණ කර ගන්නා තෙක්, උසස් පුහුණුවක් ලබා ගන්නා තෙක් දක්ෂ හා විශ්වාසය තැබිය හැකි ගුරුවරයෙක්ගේ ආශ්‍රයද අවශ්‍ය බව මෙහිදී කිව යුතුය. මතක තබා ගන්න තමන් භාවනා කර ඒ සම්බන්ධව අත්දැකීම් ඇති බව කියමින් අසරණ බෞද්ධයන් රවටා මුදල් ගරා ගන්නා බොහෝ පිරිස් ලංකාවේ වසන බව. ඔවුන්ගේ ආශ්‍රය සමහර විටදී ඔවුන් ආශ්‍රය කරන්නන්ගේ මනස විකෘති වීමට වුවද හේතු විය හැක. [/FONT]

[FONT=&quot]මෙම භික්ෂුව මූලික ස්ථානය ලබා දුන්නේ සත්‍ය අවබෝධය කිරීම සඳහායි. අනෙක් සියළුම දේ ඊට දෙවැනි විය. මෙය බෞද්ධයෙක් ලෙස නිර්වාණවබෝධය අපි අපේක්ෂා කරන්නේ නම් මතක තබා ගත යුත්තකි. තමාට අවශ්‍ය දේ තෝරා ගෙන අනවශ්‍ය දේ බැහැර කිරීමට නිතරම කටයුතු කල මෙම භික්ෂුව හැකි සෑම විටම ඒ ගැන සිහිය පිහිටුවාගෙන සිටීමට උත්සාහ විය. [/FONT]

[FONT=&quot]අපගේ වගකීම් ප්‍රමාණය හැකි තාක් සීමා කොට භාවනාව සඳහා වැඩි කාලයක් යොදා ගැනීම අපි හැමගේම යහපතට හේතු වේ. සමහරක් විටදී ප්‍රායෝගිකව මෙසේ කාලය යොමු කිරීම ඔබට අපහසු විය හැක. එවන් විටකදී එළදෙනගේ කථාව මතක් කර ගන්න. ඔබ දන්නවා ඇති හරක් දවසෙන් වැඩි කාලයක් වැය කරන්නේ තණකොළ කෑමට බව. ඉතින් මන් මේ කියන එළදෙනට දඟකාර වසු පැටියෙක් සිටියා. මේ දඟකාර කම නිසා එළදෙන නිරන්තරයෙන්ම වසු පැටියා දිහාවට තම ඇස යොමා ලෙන සිටියේ ඌ කුමනාකාරයේ කරදරයක් මේ දඟකාර කම් නිසා කර ගනීවිද යන්න ගැන ඇයට තිබු සැකය නි‍සායි. අනෙක් අතට ඇය නිතරම දවස පුරාම වසු පැටියා දෙස අවධානය යොමු කර ගෙන සිටීම තුලදී ඇයගේ එදි නෙදා ආහාර ලබා ගැනීම අපහසු වුනා. මෙනිසා මේ එළදෙන තණකොළ කමින්ම හිමින් සීරුවේ වසු පැටියා දිහාවටද තම ඇස යොමු කරමින් සිටියා. ඇගේ කාර්යයන් දෙකම සම්පූර්ණ වෙනවා මේ ආකාරයට. යම් කාර්යයක් කිරීමට නියමිත භාවනානුයෝගී පුද්ගලයාත් මේ කී එළදෙනගේ ක්‍රියාව අනුගමනය කිරීමේ කිසිදු වරදක් නැත. ඔබ කිසියම් කාර්යයක නිරත වෙද්දී ධර්මය පිළබඳව ඔබගේ ඇස් ඇරගෙන සිටින්න. නිරන්තරයෙන් එහෙ මෙහෙ දුවන්නට උත්සහ කරන ඔබේ මනස එසේ නොදුවන ආකාරයට තබා ගැනීමට වීර්යයෙන් හා අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න. ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට එය ඔබට මනා උපකාරයක් වන බව නොඅනුමානයි.[/FONT]