නිර්වාණය යනු සදාකාලික මරණයක්ද?

NoGod

Member
Feb 7, 2011
134
33
0
නිර්වාණය යනු සදාකාලික මරණයක්ද?

දේවවාදී ආගම් විමුක්තිය ලෙස සලකන්නේ සදාකාලික ජීවිතයකි.මෙය වේදනා දුක් රහිත සැප පමණක් ඇති ස්වර්ගයේ නැවත ඉපදීමකි.මේක ක්‍රිස්තියන්, මුස්ලිම් චින්තනයට පොදුය. බුදු දහමේ විමුක්තිය නිර්වාණයයි.එනම් නැවත නොඉපදීමය. මට හැ‍ඟෙන විදිහට මෙය සදාකාලික දිවි නසා ගැනීමක්ය.එසේ නැත්නම් සදාකාලික මරණයක් වේ.කාලය, අවකාශය , සංවේදිතාවය, මමත්වයෙන් ඉවත් වීම සදාකාලික මිය යාමක්ද?
:confused::confused::confused:
 
Last edited:
  • Like
Reactions: Oyage_sudu_kella

Mujaahid

Member
May 30, 2010
268
30
0
දේවවාදී ආගම් විමුක්තිය ලෙස සලකන්නේ සදාකාලික ජීවිතයකි.මෙය වේදනා දුක් රහිත සැප පමණක් ඇති ස්වර්ගයේ නැවත ඉපදීමකි.මේක ක්‍රිස්තියන්, මුස්ලිම් චින්තනයට පොදුය. බුදු දහමේ විමුක්තිය නිර්වාණයයි.එනම් නැවත නොඉපදීමය. මට හැ‍ඟෙන විදිහට මෙය සදාකාලික දිවි නසා ගැනීමක්ය.එසේ නැත්නම් සදාකාලික මරණයක් වේ.කාලය, අවකාශය , සංවේදිතාවය, මමත්වයෙන් ඉවත් වීම සදාකාලික මිය යාමක්ද?
:confused::confused::confused:

සදාකාලික දිවිනසා ගැනීම, අනේ නිකන් වඳුරු කුනුහරුප දාන්න එපා බන් ගොනෙක් වගේ..:D
 
May 25, 2010
554
27
0
Bakery

බූරුවෝ, බූරු කතා නොකියා දන්න ලබ්බක් කතාකරපන්. තෝ ඉස්සෙලා Paul Feyerabend ගේ against the method කියවලා වරෙන්. බුදුදහමේ දාර්ශනික පැත්ත ගැන ඒ ගෞරවය දීල කතාකරපන්. අනාත්මයි කියන එක අන් ආගම් වල නොමැති සුවිශේෂි එකක්.
 
NoGod

Member
Feb 7, 2011
134
33
0
සදාකාලික දිවිනසා ගැනීම, අනේ නිකන් වඳුරු කුනුහරුප දාන්න එපා බන් ගොනෙක් වගේ..:D
එහෙම නැත්නම් සංවේදනා රහිත ලොවක සදාකාලික ජීවිතයක්ද? දුක හෝ සැප නොමැති ලොවක උත්පත්තියක්ද?
ඉංග්‍රිසි බාෂාවෙන් කියනවනම් non existence
 
sam2044

Member
Sep 1, 2007
146
5
0
මේ මට තේරෙන විදිය. නිර්වාණය දී වෙන්නේ අපේ මනස (සහ සිරුර) සැදී ඇති මුලධර්ම පරිසරය පුරා විසිරී යාමයි. කලින් තණ්හාව නිසා මෙමෙ මූලධර්ම එකතුවී මමය කියා කෙනෙක් සිටිනවා. තණ්හාව නැති තැන (එනම් රහත් හෝ බුදු බව ලැබුවිට) මමය මාගේය කියා දෙයක් නැතිවන අතර එම නිසා මුලධර්ම තවදුරටත් එකතුවී සිටීම නවතිනවා.

හැබැයි තව නම් විස්තර අහන්න එපා ........... මමත් දන්නේ නෑ
 
Last edited:

ela kaviya

Member
Jul 7, 2010
156
24
0
එකමත් එක රටක
දේවවාදී ආගම් විමුක්තිය ලෙස සලකන්නේ සදාකාලික ජීවිතයකි.මෙය වේදනා දුක් රහිත සැප පමණක් ඇති ස්වර්ගයේ නැවත ඉපදීමකි.මේක ක්‍රිස්තියන්, මුස්ලිම් චින්තනයට පොදුය.
වේදනා දුක් රහිත සැප පමණක් ඇති ස්වර්ගයක් සදාකාලික ජීවිතයක් දෙවියන්ට ලබාදිය හැකිනම් වර්ථමානයේ එය ලබා නොදුන්නේ මන්ද?
දෙවියන් ලෝකය මැවීමේදී විවිධ පුද්ගලයන්ට විවිධ ආකරයෙන් සලකමින් විවිධ පුද්ගලයනිට අසාධාරණ කරමින් විවිධ බේද ඇති නොකලානම්,
මුලින්ම දුක්කරදර වලින්තොර සැප පමණක් ඇති ස්වර්ගයක් ලෙස සැමටම සමාන අයිතිවාසිකම් සහ සමාන සැලකීම් සිදුකරමින් ලෝකය මැවුවානම් දෙවියන්ට මිනිසුන් පරීක්ෂාවකට ලක්කර යුතු නැත. කොටසක් ස්වර්ගයටත් කොටසක් අපායටත් යැවිය යුතු නැත.
ඒ කුමක් නිසාද කියනවානම් දුක් කම්කටෝලු/ රෝගපිඩා /දුප්පත් පොසත් බේදයකින් තොරව සැමට සමාන ලෙස සැප පමණක් ඇති ස්වර්ගයක් වැනි ලොකයක මිනිසුන් මැවුවානම් මිනිසුන් අතර අයහපත් ක්‍රියා සිදු නොවනු ඇත.
එසේනම් දෙවියන්ට අලුතෙන් පරීක්ෂාකිරීමට සිදුවන්නේ නැත.
ලෝකය මැවීමේදී එය කරගැනීමට නොහැකිවූ දෙවියෙකුට එය හරි ආකාරව යලිත්වරක් කෙසේ කරයිද?
ඔය කියන ස්වර්ගයේත් විවිධ පුද්ගලයන්ට විවිධාකරයෙන් සැලකීමට ගොස් ඒතන මීටත් වඩා අන්ත තැනක් වනවා නොවනුමානය. ඒ ස්වර්ගය සදාකාලික නිසා.:P
 
mahasoana

Member
Aug 6, 2010
149
9
0
දේවවාදී ආගම් විමුක්තිය ලෙස සලකන්නේ සදාකාලික ජීවිතයකි.මෙය වේදනා දුක් රහිත සැප පමණක් ඇති ස්වර්ගයේ නැවත ඉපදීමකි.මේක ක්‍රිස්තියන්, මුස්ලිම් චින්තනයට පොදුය. බුදු දහමේ විමුක්තිය නිර්වාණයයි.එනම් නැවත නොඉපදීමය. මට හැ‍ඟෙන විදිහට මෙය සදාකාලික දිවි නසා ගැනීමක්ය.එසේ නැත්නම් සදාකාලික මරණයක් වේ.කාලය, අවකාශය , සංවේදිතාවය, මමත්වයෙන් ඉවත් වීම සදාකාලික මිය යාමක්ද?
:confused::confused::confused:

ඔව් ඒක එක පැත්තකින් බැළුවොත් හරි... සත්වයාගේ මරණය ඇත්තටම සිද්ධ වෙන්නේ නිවනේදි...

නිවන කියන්නේ තැනක් නෙමෙයි. රාග ද්වේශ මෝහ වැඩ පිලිවල 100% නැවත්වීම තමයි නිවන කියන්නේ...
 
Insight

Member
Nov 8, 2010
297
32
0
බුදු දහමේ විමුක්තිය නිර්වාණයයි.එනම් නැවත නොඉපදීමය. මට හැ‍ඟෙන විදිහට මෙය සදාකාලික දිවි නසා ගැනීමක්ය.එසේ නැත්නම් සදාකාලික මරණයක් වේ.කාලය, අවකාශය , සංවේදිතාවය, මමත්වයෙන් ඉවත් වීම සදාකාලික මිය යාමක්ද?
:confused::confused::confused:

අපි මැරි මැරි තමයි ඇවිත් තියෙන්නේ. උපන්නේත් මැරුණු නිසානේ. මේ ජීවිතෙත් අනිවාර්යෙන් මැරෙන්න සිද්ධ වෙන වා නේ. ආයේ උපන්නොත් මැරෙන්නම වෙනවා. එක වෙනස් කරන්න බෑනේ. අපි හැමෝම මරණයට නියම වෙච්ච අය තමයි. හිර ගෙදර මරණෙට නියම වෙච්ච අය අඩුම ගානේ කවදාද කියල දන්නවා . අපි එකවත් දන්නේ නැහැ. ඉතින් මේ මැරි මැරි ඉපදී ඉපදී යන ගමන නැවැත්වීම තමයි නිර්වාණය කියන්නේ :)
 
dilko99

Member
Nov 17, 2009
3
0
0
වේදනා දුක් රහිත සැප පමණක් ඇති ස්වර්ගයක් සදාකාලික ජීවිතයක් දෙවියන්ට ලබාදිය හැකිනම් වර්ථමානයේ එය ලබා නොදුන්නේ මන්ද?
දෙවියන් ලෝකය මැවීමේදී විවිධ පුද්ගලයන්ට විවිධ ආකරයෙන් සලකමින් විවිධ පුද්ගලයනිට අසාධාරණ කරමින් විවිධ බේද ඇති නොකලානම්,
මුලින්ම දුක්කරදර වලින්තොර සැප පමණක් ඇති ස්වර්ගයක් ලෙස සැමටම සමාන අයිතිවාසිකම් සහ සමාන සැලකීම් සිදුකරමින් ලෝකය මැවුවානම් දෙවියන්ට මිනිසුන් පරීක්ෂාවකට ලක්කර යුතු නැත. කොටසක් ස්වර්ගයටත් කොටසක් අපායටත් යැවිය යුතු නැත.
ඒ කුමක් නිසාද කියනවානම් දුක් කම්කටෝලු/ රෝගපිඩා /දුප්පත් පොසත් බේදයකින් තොරව සැමට සමාන ලෙස සැප පමණක් ඇති ස්වර්ගයක් වැනි ලොකයක මිනිසුන් මැවුවානම් මිනිසුන් අතර අයහපත් ක්‍රියා සිදු නොවනු ඇත.
එසේනම් දෙවියන්ට අලුතෙන් පරීක්ෂාකිරීමට සිදුවන්නේ නැත.
ලෝකය මැවීමේදී එය කරගැනීමට නොහැකිවූ දෙවියෙකුට එය හරි ආකාරව යලිත්වරක් කෙසේ කරයිද?
ඔය කියන ස්වර්ගයේත් විවිධ පුද්ගලයන්ට විවිධාකරයෙන් සැලකීමට ගොස් ඒතන මීටත් වඩා අන්ත තැනක් වනවා නොවනුමානය. ඒ ස්වර්ගය සදාකාලික නිසා.:P

TOTALLY AGREE WITH U...
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    දේවවාදී ආගම් විමුක්තිය ලෙස සලකන්නේ සදාකාලික ජීවිතයකි.මෙය වේදනා දුක් රහිත සැප පමණක් ඇති ස්වර්ගයේ නැවත ඉපදීමකි.මේක ක්‍රිස්තියන්, මුස්ලිම් චින්තනයට පොදුය. බුදු දහමේ විමුක්තිය නිර්වාණයයි.එනම් නැවත නොඉපදීමය. මට හැ‍ඟෙන විදිහට මෙය සදාකාලික දිවි නසා ගැනීමක්ය.එසේ නැත්නම් සදාකාලික මරණයක් වේ.කාලය, අවකාශය , සංවේදිතාවය, මමත්වයෙන් ඉවත් වීම සදාකාලික මිය යාමක්ද?
    :confused::confused::confused:

    නැහැ මිත්‍රයා. නිර්වාණයෙදි 'කාලය' කියල දෙයක් නැහැ.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    එතකොට අවකාශය

    මම කාලය ගැන විතරක් කිව්වෙ උඹ 'සදාකාලික' කියල කිව්ව නිසා මිත්‍රයා. කාලය, අවකාශය වගේ දේවල් සංකල්ප පමණයි කියල නූතන විද්‍යාව වුණත් පිලි ගන්නව නෙ. නිර්වාණයෙ සංකල්ප, සංස්කාර කිසි දෙයක් නැහැ. කොටින්ම ශූන්‍යත්වය වත් නැහැ. උඹ නිර්වාණය දැකල නැත්නම් මට තියා බුදු කෙනෙකුට වත් උඹට ඒක මෙන්න මෙහෙම දෙයක් කියල විස්තර කරල දෙන්න බැහැ මිත්‍රයා. තමන්ටමයි දැකගන්න පුළුවන්. දැකගන්න ක්‍රමේ නම් කියල දෙන්න පුළුවන්
     
    keppatipola

    Member
    Jan 26, 2011
    158
    21

    නිර්වාණය කියන්නේ කියලා මම අදහස් කරන්නේ non existance කියන එක.ලෝකයේ තියෙන ප්‍රබල විශ්වාසයක් තමයි මරණයෙන් පසු ජීවිතයක් නැත කියන එක. මේකත් ස්වර්ගය, පුනර්භවය වගේ විශ්වාසයක්.(cease to exist)
    .
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    මම කාලය ගැන විතරක් කිව්වෙ උඹ 'සදාකාලික' කියල කිව්ව නිසා මිත්‍රයා. කාලය, අවකාශය වගේ දේවල් සංකල්ප පමණයි කියල නූතන විද්‍යාව වුණත් පිලි ගන්නව නෙ. නිර්වාණයෙ සංකල්ප, සංස්කාර කිසි දෙයක් නැහැ. කොටින්ම ශූන්‍යත්වය වත් නැහැ. උඹ නිර්වාණය දැකල නැත්නම් මට තියා බුදු කෙනෙකුට වත් උඹට ඒක මෙන්න මෙහෙම දෙයක් කියල විස්තර කරල දෙන්න බැහැ මිත්‍රයා. තමන්ටමයි දැකගන්න පුළුවන්. දැකගන්න ක්‍රමේ නම් කියල දෙන්න පුළුවන්
    නිර්වාණය කියන්නේ දුක සහ සැප නැති ලෝකයක්ද?
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    නිර්වාණය කියන්නේ දුක සහ සැප නැති ලෝකයක්ද?

    නිර්වාණයේ දුක නැහැ, සැපත් නැහැ, ලෝකයකුත් නැහැ
    පැවැත්මක්, නාම හෝ රූප නැහැ. සංස්කාර නැහැ. යතාර්ථය නැහැ. යතාර්ථය කියල කියන්නෙ අපි මුලා වෙලා ඉන්න පුස්සක්. ඉතිං අපි ලොජික් කියල හිතාගෙන ඉන්න දේත් ඒ වගේම අපි සංස්කරණය කරගත් අනික් සියලුම දෙයිනුත් ඉවත් වීමක් ඒක. හිස් බව හෝ නිර්වාණයේ නැහැ.

    Last edited: