නිරුපමා රාජපක්ෂ රට හැර ගියාද ගෙදර ගියාද?

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    නිරුපමා රාජපක්ෂ රට හැර ගියාද ගෙදර ගියාද?​

    4/06/2022 09:18:00 AM
    nirupama-thiru-london


    නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සනාථ කර තිබේ.

    රාජපක්ෂ පවුලේ ඥාති දියණියක වන නිරුපමා රාපපක්ෂ මහත්මිය පසුගිය 2021 ඔක්තෝබර මාසයේදී පැන්ඩෝරා අනාවරණය මගින් ඩොලර් මිලියන ගණනක වත්කම් තහවුරු නොකළ මුදල් විශුද්ධිකරණ චෝදනා ලබා ඇත.

    නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා නඩේසන් එක්ව ලන්ඩනයේ සහ සිඩ්නි හි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට සහ ආයෝඡනය කිරීමට භාවිතා කළ ෂෙල් සමාගමක් පාලනය කළ බව කාන්දු වූ ලිපි ගොනු වලින් පැන්ඩෝරා හෙලිදරව්ව සිදු කර තිබුණි.
    නිරුපමා රාජපක්ෂට රටවල් ගණනාවක ගෙවල් ඇති බව කියැවේ.
    ලන්ඩන්හි සිය දරුවන් සිටින නිවසට ඇය වරින්වර ගොස් තිබේ. එසේම සිංගප්පුරුවේ හා ඩුබායිහිද ඇයට හා සැමියාට නිවාස තිබේ.

    මෙම පවුලේ අය ඉහළ මට්ටමේ ධනවතුන් ලෙස හැසිරෙන අතර රටරටවල් වල ව්‍යාපාර බැංකු ගිණුම් ඇති අයයි. වරින්වර රට රටවල් වලට ගමන් කරනුයේ සාමාන්‍ය ගමන් බිමන් යන ආකාරයටය.
    ඇගේ ඩුබායි ගමන එහි ඇති නිවසට යාමක්ද රට හැර පළායාමක්ද යන්න නම් කිරීම අවිනිශ්චිතය.
     
    • Like
    Reactions: rahal jayasekara