මට නං කියන්නෙ තියෙන්නෙ,
හරි හැටි කැමරාවක් නැති,
හරිහැටි මොඩ්ලර්ස් ල නැති,
හරි හැටි රිගින් කරන උන් නැති,
හරි හැටි කොම්පොසයිටින් කරන උන් නැති,
හරි හැටි ක්ලෝත් මොඩ්ලිං කරන උන් නැති,
හරි හැටි හෙයා මොඩ්ලිං කරන උන් නැති,
හරි හැටි එක්ස්ප්රෙශන් රිගින් කරන උන් නැති,
හරි හැටි මෝකැප් කරන උන් නැති,
හරි හැටි මේකප් කරන උන් නැති,
හරි හැටි ලයිටින්ග් කරන උන් නැති,
හරි හැටි ශේඩින් කරන උන් නැති,
හරි හැටි රෙන්ඩරින් කරන උන් නැති,
හරි හැටි හියුමේන් ඇසෝසියේශන් වගේ සංවිධානයකින් නිරීක්ෂණය කරන්නෙවත් නැති,
රෝල් රෝල් පටි පුරවපු, තිරේ පුරා මැස්සො පේන, කෝටු මයික් අටෝගත්තු
අඩුම ගානෙ පාටවත් හරියට නැති
දෙකයි පනහෙ බයිස්කෝප් බලනවට වඩා,
චීන සබ්ටයිට්ල් ටිකක් දාං, සද්දෙ මියුට් කරං හොලිවුඩ් ෆිල්ම් එකක් බලනව සැපයි කියල..
ලඞ්කාවෙ ෆිල්ම් බල බල ජීවිතෙන් වටිනා පැයක් පැය දෙකක් අපතේ අරින්න වෙලාව තියෙන්නෙ කාටද දෙයියනේ ? යකෝ ඒ පැය දෙකේ බලපල්ලකො ජුරාසික් පාක් ඩයිනෝලම්භන ප්රීතිය ඉස්ම යන්න නඟිනවනෙ..
බුදු හාමුදුරුවො ගැනයි, ධාතූන් වහන්සෙල ගැනයි ලඞ්කාවෙ ෆිල්ම් ගහනව කියන්නෙ බුදු හාමුදුරුවන්ටයි, ධාතූන් වහන්සෙලටයි කරන අගෞරවයක්..
සැ. යු. හරි හැටි පේලි ටිකෙන් ඇනිමේටර්ස් ලට අපහාසයක් වුනා නං සමාවෙන්න.. ඇනිමේටර්ස්ල කන කට්ට හොඳටම දන්නව.. වැරැද්ද ඇනිමේටර්ස් ල අතින් දුර්වල නිර්මාණ බිහිවීම නෙමේ, හොලිවුඩ් වල ඇනිමේටර්ස්ල සීයක් දෙසීයක් එකතුවෙලා කරන්න ඕනෙ වැඩ, මෙහෙ පටි රෝල්ලු (ගල් යුගේ තාක්ෂණෙන් ෆිල්ම් හදන උන්) ඇනිමේටර්ස් ල දෙතුන් දෙනෙක්ගෙන් බලාපොරොත්තු වීම..