දොන් ඩේවිඩ් රාජපක්ෂ, විදානෙ ආරච්චි මහතා විවාහ වූයේ දෝන ගිමාරා මුණසිංහ මැතිණිය සමඟය. ඔවුන්ට දරුවන් සිවුදෙනෙකු වුයේ දොන් චාර්ල්ස් කොරොනේලිස් රාජපක්ෂ, දෝන කැරොලිනා (කැර්ලිනා) බණ්ඩාර වීරමන්, දොන් මැතිව් රාජපක්ෂ (1896-1945) සහ දොන් ඇල්වින් රාජපක්ෂ යන අයයි. (මහින්ද රාජපක්ෂ මහතාගේ පියා) ඔවුන් දෙපළට ලක්ෂ්මන්, ජෝර්ජ්, එස්තර් ගර්ලි රූපසිංහ, පර්ලි ජයන්ති ගුණරත්න, කමලා වික්රමසූරිය, නීල් කුමාරදාස රාජපක්ෂ, රූබි ලලිතා රාජපක්ෂ යනුවෙන් දරුවන් හත් දෙනෙකු විය.
ජෝර්ජ් රාජපක්ෂ මෙරට සෞඛ්ය ඇමති, මුල්කිරිගල පාර්ලිමේන්තු මත්රිවරයා වූ අතර(1960-76) ඔහු විවාහ වූයේ ලලිතා සමරසේකර සමඟය.
රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ජෝර්ජ් දක්ෂ කථිකයෙකු මෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක් වූ අතර ඔහු රාජකීය විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ ඔහු පාසල තුළ විප්ලවීය චරිතයක් ද විය. එවන් වූ විප්ලවීය චරිතයක් වූ ජෝර්ජ් ඉගෙනීමට අති දක්ෂයෙකු වූ අතර උසස් පෙළින් පසු ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වූ ඔහු 1954 වසරේ අධි නීතිඥයෙක් ලෙස දිව්රුම් දුන්නේය.
මාතර, ගාල්ල, හම්බන්තොට යන දකුණේ කැපී පෙනෙන ජෝර්ජ් එම පළාත නියෝජනය කළ දක්ෂතම නීතිඥයා වූවේය. හැමවිටම අසාධාරණයට එරෙහිව සටන් වැදුණු ඔහු 1960 වසරේ මාර්තු මස පැවති මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණෙන් තරග බිමට පිවිසියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරංග කර ජෝර්ජ් 1960 ජුලි පැවැත්වු මහ මැතිවරණයෙන් ද ජය ලැබුවේය.
නිරූපමා රාජපක්ෂ යනු 1962-04-13 දින ජෝර්ජ් රාජපක්ෂට දාව ඉපදුන දියණියයි. සැබෑ මැදමුලන වලව්වේ ප්‍රවේණිගත හිමිකරුවන් මොවුන්ය. නිරූපමා රාජපක්ෂ එවකට ජල සම්පාදන සහ ජලාපවාහන නියෝජ්ය අමාත්‍යවරිය ලෙස හම්බන්තොටින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විය. ඇය විවාහ වූයේ කෝටිපති වියපරිකයකු වූ තිරුකුමාරන් නඩේසන් සමඟය. ශාම්ලාල් රාජපක්ෂ යනු නිරූපමාගේ සහෝදරයා වූ අතර ඔහු දකුණු පළාත් සභාවේ මන්ත්‍රී කෙනෙකි. (1999-2004) ඔහු විවාහ වූයේ ප්‍රශාන්ති මහත්මිය ද සල්ලිකාර පවුලකි. කමලා වික්‍රමසුරියගේ අනුප්‍රාප්තිකයින් වූ අනෝමා ලෆීර් හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරියක වූ අතර එම පවුලේම ජාලිය වික්‍රමසුරිය සහ ප්‍රසන්න පිළිවෙළින් ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රීලංකා මහකොමසාරිස් සහ ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිධූරය ඉසිලීය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් හාල් සලාකය සේරු භාගයකින් කපා දැමීමට තීරණය කළ අතර ඊට ජෝර්ජ් රාජපක්ෂයන් විරුද්ධ වූ අයුරු දේශපාලන ඉතිහාසයේ සඳහන් වේ. ජනතාවගේ නායකයෙක් ලෙස කටයුතු කළ ඔහු ඔහුගේ නියෝජ්ය මුදල් ඇමැති ධුරයෙන් ද ඉල්ලා අස්වුණේය. එහෙත් කිසිදු විටක විරුද්ධ පක්ෂය සහ එකතු වූයේ නැත. 1965 වසරේ නැවත මැතිවරණයක් පැවැත්වූවේය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වු අතර හම්බන්තොටින් තරග කළ ජෝර්ජ් රාජපක්ෂයන් පමණක් ජයග්රහණය කළේය. විරුද්ධ පක්ෂයේ සිටිමින්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ සහය ලබාගත් ඔහු මුරුතවෙල යෝජනා ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරුවේය.
1970 පැවති මැතිවරණයෙන් නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනග්‍රහණය කළේය. එහිදීද සුවිශාල ජයග්‍රහණයක් ලබා ගත් ජෝර්ජ් හම්බන්තොටින් බිහිවූ පළමු ඇමැතිවරයා වීමේ ගෞරවය ලබා ගත්තේය. ඔහුගේ දක්ෂතාව නිසාම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඔහුට සෞඛ්ය ඇමැති ධුරය හා ධීවර ඇමැති ධුරය ලබා දුන්නේය. අමාත්‍ය පදවි දෙකම සාර්ථකව දරා සිටිමින් මහජන සේවයේ නිරත වු අපරාජිත නායකයා හම්බන්තොට ජනතාවගේ ඩබල් ඇමැති වශයෙන් ද හැඳින්විය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වූ දොන් ඇල්වින් රාජපක්ෂ මහතා උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජ්ය කතානායකවරයෙකු, රජයේ ඇමතිවරයකු මෙන්ම සහ බෙලිඅත්ත ආසනයේ මන්ත්‍රී වශයෙන් සේවය කල අතර ඔහු විවාහ වූයේ දන්දිනා සමරසිංහ දිසානායක මහත්මිය සමඟය. ඔවුන්ට දාව දරුවන් අට දෙනෙකු උපත ලැබූ අතර ඔවුන් පිළිවෙළින් චමල් රාජපක්ෂ, ජයන්ති රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, මිහිරි රාජපක්ෂ සහ ප්රීති රාජපක්ෂ යන අයවලුන් වෙති. ඔවුන්ගේ දේශපාලන ගමන මෙන්ම ඔවුන්ගේ දරුවන්ද දේශපාලනයට එක්වෙමින් කළකි දේ අමුතුවෙන් සටහන් කල යුතු නැත.
නිරූපමා උපතින්ම ධනවත් පවුල් ගසක සාමාජිකාවක් වන අතර ඔවුන්ගේ පවුල් වලට සම්බන්ද වන සාමාජිකයින්ද සල්ලිගස් වල අතු රිකිලිය. ජල සම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාරන් නඩේසන් මහතාට ඉන්දියාවේ රාමේෂ්වරම්හිදී ප්‍රහාරයක් එල්ල වූ කතාව ද මතකය. ව්‍යාපාරිකයෙකු වන තිරුකුමාරන් නඩේසන් යනු ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රබල අදෘශ්‍යමාන හස්තයකි.