නිරූපමා රාජපක්ෂ - ලෝක නායකයන්ගේ රහස් එළියට

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන්ගේ බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අනාවරණය වූ 'පැන්ඩෝරා පේපර්ස්' (පැන්ඩෝරා පත්‍රිකා) අතරේ, ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම ද සඳහන් වෙයි.

    'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය සිදු කළේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. ලොව ප්‍රධන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් මෙම අනාවරණය සිදු කිරීමට දායක වී ඇත.

    ඒ, වසර 7 ක් තිස්සේ ගෝලීය මූල්‍යායතන 14කින්එක්රැස් කරගත් මූල්‍ය ලේඛන පාදක කර ගනිමිනි. ඒ අනුව ඊයේ (3) පැන්ඩෝරා පෙපර්ස් හරහා ප්‍රසිද්ධියට පත්වුණු වාර්තා සහ ලිපි ගොනු ගණන මිලියන 12 ඉක්මවයි. ලෝක ඉතිහාසයේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා අනාවරණයක් සිදුවුණු පළමු අවස්ථාව මෙයයි.

    නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සමග එක්ව ඇය ව්‍යාජ සමාගමක් පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා අනාවරණය කර තිබේ.

    16vkTa4.png

    'පැන්ඩෝරා පේපර්ස්' හරහා මූල්‍ය අකටයුතුකම්වලට සම්බන්ධ වූ බව අනාවරණය වූ රාජ්‍ය නායකයන් සහ පුබලයන් අතර ඉදිරියෙන්ම පසුවන්නේ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුය. දෙවැනි අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ පවුම් මිලියන 70ක් දේපළ රහසිගතවරැස් කර තිබේ.

    බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ චෙරීගේ නම 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණයට ඇතුළත් වෙයි. දෙදෙනා පවුම් මිලියන 6.45 ක මුදලක් ගෙවා දේපල මිලදී ගත් අවස්ථාවේදී ඒ වෙනුවෙන් ගෙවිය යුතු පවුම් තුන් ලක්ෂ දොලොස් දහසක මුද්දර ගාස්තු නොගෙවා ඇති බව 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය කර ඇත.

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අයත් මොනාකෝ රාජ්‍යයේ රහසිගත දේපළ ඇති බව 'පැන්ඩෝරා පේපර්ස්'අනාවරණය කරයි. මහ මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටින චෙක් අග්‍රාමාත්‍යඇන්රේච් බබීස් පවුම් මිලියන 12 ක මුදලක් ගෙවා දකුණු දිග ප්‍රංශයෙන් මන්දිර දෙකක් මිලදී ගෙන ඇත.

    සිය රටේ දේපල කොල්ලකන බවට චෝදනා ලැබ සිටින අසර්බයිජානයේ ජනාධිපති ඉලාම් අලියෙෆ් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් එක්සත් රාජධානියෙන් ලබාගෙන ඇති දේපලවල වටිනාකම ඩොලර් මිලියන 400 කට අධිකයැයි 'පැනමා පේපර්ස්' අනාවරණය පෙන්වා දෙයි. ජනාධිපති ඉලාම් අලියෙෆ් සිය 11 හැවිරිදි පුතුටද ලන්ඩනයෙන් ඩොලර් මිලියන 30 ක ගොඩනැගිල්ලක් මිලදී ගෙන ඇතැයි පැවැසෙයි.

    ඊට අමතරව, චෙක් අග්‍රාමාත්‍යඇන්රේච් බබීස්, කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සුපිරි පොප් ගායිකාෂකීරා, නිරූපිකා ක්ලෝඩියා ෂිෆර් මෙන්ම ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි ඇතුළු තවත් බොහෝ දෙනකු අයථා මුදල් එක් රැස් කිරීම් සම්බන්ධයෙන් 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය කර ඇතැයි පැවැසෙයි.

    අනාවරණයෙන් පසු ෂකීරා සහ තෙන්ඩුල්කාර්ගේ නීතීඥවරුන් පවසා ඇත්තේ ආයෝජන පිළිබඳ අදාල බලධාරීන් දැනුවත් කර ඇති බවය. ෂකීරාගේ නීතීඥයා පවසා ඇත්තේ ඇයට එම ආයෝජනවලින් කිසිදු බදු සහනයක් නොවන බව ය. ෂකිරා පදිංචි වී සිටින්නේ මහා බ්‍රිතාන්‍යයේය. ඇය නියමිත පරිදි බදු ගෙවීම් සිදු කර ඇති බව ඇගේ නියෝජිතවරයා මාධ්‍ය වෙත දන්වා තිබේ.

    පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේකැබිනට් අමාත්‍යවරුන්, හමුදා ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු රහසිගත සමාගම් පිළිබඳ විස්තර සහ ඩොලර්මිලියන ගණනක මුදල් රැස් කිරීම් පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධියට පත් වී ඇත. අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති අතර, අග්‍රාමාත්‍යවරයා එම චෝදනා සම්බන්ධයේව ඊයේ (4) සවස විශේෂ ප්‍රකාශයක් ද කළේය.

    පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් සියලු දෙනා සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වන පබව අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය හරහා අවධාරණය කර තිබේ. පාකිස්තාන මුදල් අමාත්‍යවරයා සහ ජල සම්පත් අමාත්‍යවරයාගේ නම් අයථා මුදල් රැස් කිරීමේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති බව ද පැවැසෙයි.

    Source: https://www.lankadeepa.lk/latest_news/ලෝක-නායකයන්ගේ-රහස්-එළියට/1-600351
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබල කියෝ කියෝ උන්න රාජපක්ශලගෙ ඩොලර් බිලියන 18 ගැන ඕකෙන් එලිවෙලා නැද්ද බන්???🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: Kolama

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොහොට්ටු සාමාජිකාවක් නෙමෙයිනේ..
    එයා තමයි මහින්දල ගෝටල ගහන ඒව රටින් පන්නපු කෙනා

    උබල කියෝ කියෝ උන්න රාජපක්ශලගෙ ඩොලර් බිලියන 18 ගැන ඕකෙන් එලිවෙලා නැද්ද බන්???🤭🤭🤭🤭
    චුට්ටි ගාණක්නෙ නේද?
    ------ Post added on Oct 5, 2021 at 12:29 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    මුන් 2004 ඉදන් ගහපු ගැහිල්ල රටේ ඉතිරි උනානම්, අද බන්ගලියන්ගේන් , ඕමානේන් හිගාකන්න ඔනේ නෑ. :lol: :lol::lol:. පට්ට හොරා ගෙදර යවලා, ආපහු ගෙනත් ඉන්දවලා ඉල්ලන් පුක්ශනය උනා.​

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පොහොට්ටු සාමාජිකාවක් නෙමෙයිනේ..
    අදාල නැත. හොරාකෑම පටන් ගත්තේ මහින්දගේ ආණ්ඩුව කාලේ නේ මචෝ? රාජපක්ෂලාගේ ලගම නෑකෙනෙක් නේ මචෝ?

    තාම මේ රාජපක්ෂ වේසිට හොරා කියන්න කොන්දක් නැද්ද මචෝ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    නිරූමපාගෙ එලිඋන සල්ලි ටික හෙව්වෙ කොහොමද කියලා සාක්ෂි සහිතව පෙන්නන්න කියලා පෙන්නන්න බැරි උනාම ගෑනිව ඇතුලට දාල ඒ සල්ලි ඔක්කොම රාජසන්තක කරනවා හීනෙන් දැක්කා ඊයෙ 🙄
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    උබල කියෝ කියෝ උන්න රාජපක්ශලගෙ ඩොලර් බිලියන 18 ගැන ඕකෙන් එලිවෙලා නැද්ද බන්???🤭🤭🤭🤭
    ඒක අනිත් කලාපයේ .....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    උබල කියෝ කියෝ උන්න රාජපක්ශලගෙ ඩොලර් බිලියන 18 ගැන ඕකෙන් එලිවෙලා නැද්ද බන්???🤭🤭🤭🤭
    Sirawatama rajapakshala billion 18k hora keewa kiyala kawda kiwwe?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    උබල කියෝ කියෝ උන්න රාජපක්ශලගෙ ඩොලර් බිලියන 18 ගැන ඕකෙන් එලිවෙලා නැද්ද බන්???🤭🤭🤭🤭

    උබ කියන්නෙ මහින්ද රාජපකය ගසාකාපු ගාන ඩොලර් බිලියන 18 යි කියලද?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Munta ithin mr anduwen naduwakwath daida patta horu....mun mehemanam maha eka kohoma adda.me rata me higana thatweta watila thiyenne me
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,806
    113
    රාජපක්ෂලා හොරා කාලා නැහැ කියලා මම කියන්නේ නැහෑ. හැබයි දන්න තරමට ඔය නඩේෂන් කාරයා හැම ආණ්ඩුවක් එක්කම වැඩ කරපු ගේම් කාරයෙක්.
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    ජෝඨා සර් ඕකට මොකුත් කරයි කියල හිතනවනං ඌ පට්ට ගොනෙක්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    උන් හොරකම් කරගන්න දෙයක් උන්ට නේ. එක මට තේරෙනවා. ඒත් ඇයි බන් මේ වේ$ගේ පුතාල ටිකක් ඒ හොරකම් වහන්න දගල්ලන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Un uda idan yatatama gewanawane bn, ekane eka rajaya niladariyekwath enne naththe, wurthiya sangam mokuth kiyanne nathuwa kukko wage inne

    muntath confident mokekwath katak hollanne na kiyala
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන්ගේ බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අනාවරණය වූ 'පැන්ඩෝරා පේපර්ස්' (පැන්ඩෝරා පත්‍රිකා) අතරේ, ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම ද සඳහන් වෙයි.

    'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය සිදු කළේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. ලොව ප්‍රධන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් මෙම අනාවරණය සිදු කිරීමට දායක වී ඇත.

    ඒ, වසර 7 ක් තිස්සේ ගෝලීය මූල්‍යායතන 14කින්එක්රැස් කරගත් මූල්‍ය ලේඛන පාදක කර ගනිමිනි. ඒ අනුව ඊයේ (3) පැන්ඩෝරා පෙපර්ස් හරහා ප්‍රසිද්ධියට පත්වුණු වාර්තා සහ ලිපි ගොනු ගණන මිලියන 12 ඉක්මවයි. ලෝක ඉතිහාසයේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා අනාවරණයක් සිදුවුණු පළමු අවස්ථාව මෙයයි.

    නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සමග එක්ව ඇය ව්‍යාජ සමාගමක් පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා අනාවරණය කර තිබේ.

    16vkTa4.png

    'පැන්ඩෝරා පේපර්ස්' හරහා මූල්‍ය අකටයුතුකම්වලට සම්බන්ධ වූ බව අනාවරණය වූ රාජ්‍ය නායකයන් සහ පුබලයන් අතර ඉදිරියෙන්ම පසුවන්නේ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුය. දෙවැනි අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ පවුම් මිලියන 70ක් දේපළ රහසිගතවරැස් කර තිබේ.

    බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ චෙරීගේ නම 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණයට ඇතුළත් වෙයි. දෙදෙනා පවුම් මිලියන 6.45 ක මුදලක් ගෙවා දේපල මිලදී ගත් අවස්ථාවේදී ඒ වෙනුවෙන් ගෙවිය යුතු පවුම් තුන් ලක්ෂ දොලොස් දහසක මුද්දර ගාස්තු නොගෙවා ඇති බව 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය කර ඇත.

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අයත් මොනාකෝ රාජ්‍යයේ රහසිගත දේපළ ඇති බව 'පැන්ඩෝරා පේපර්ස්'අනාවරණය කරයි. මහ මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටින චෙක් අග්‍රාමාත්‍යඇන්රේච් බබීස් පවුම් මිලියන 12 ක මුදලක් ගෙවා දකුණු දිග ප්‍රංශයෙන් මන්දිර දෙකක් මිලදී ගෙන ඇත.

    සිය රටේ දේපල කොල්ලකන බවට චෝදනා ලැබ සිටින අසර්බයිජානයේ ජනාධිපති ඉලාම් අලියෙෆ් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් එක්සත් රාජධානියෙන් ලබාගෙන ඇති දේපලවල වටිනාකම ඩොලර් මිලියන 400 කට අධිකයැයි 'පැනමා පේපර්ස්' අනාවරණය පෙන්වා දෙයි. ජනාධිපති ඉලාම් අලියෙෆ් සිය 11 හැවිරිදි පුතුටද ලන්ඩනයෙන් ඩොලර් මිලියන 30 ක ගොඩනැගිල්ලක් මිලදී ගෙන ඇතැයි පැවැසෙයි.

    ඊට අමතරව, චෙක් අග්‍රාමාත්‍යඇන්රේච් බබීස්, කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සුපිරි පොප් ගායිකාෂකීරා, නිරූපිකා ක්ලෝඩියා ෂිෆර් මෙන්ම ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි ඇතුළු තවත් බොහෝ දෙනකු අයථා මුදල් එක් රැස් කිරීම් සම්බන්ධයෙන් 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය කර ඇතැයි පැවැසෙයි.

    අනාවරණයෙන් පසු ෂකීරා සහ තෙන්ඩුල්කාර්ගේ නීතීඥවරුන් පවසා ඇත්තේ ආයෝජන පිළිබඳ අදාල බලධාරීන් දැනුවත් කර ඇති බවය. ෂකීරාගේ නීතීඥයා පවසා ඇත්තේ ඇයට එම ආයෝජනවලින් කිසිදු බදු සහනයක් නොවන බව ය. ෂකිරා පදිංචි වී සිටින්නේ මහා බ්‍රිතාන්‍යයේය. ඇය නියමිත පරිදි බදු ගෙවීම් සිදු කර ඇති බව ඇගේ නියෝජිතවරයා මාධ්‍ය වෙත දන්වා තිබේ.

    පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේකැබිනට් අමාත්‍යවරුන්, හමුදා ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු රහසිගත සමාගම් පිළිබඳ විස්තර සහ ඩොලර්මිලියන ගණනක මුදල් රැස් කිරීම් පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධියට පත් වී ඇත. අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති අතර, අග්‍රාමාත්‍යවරයා එම චෝදනා සම්බන්ධයේව ඊයේ (4) සවස විශේෂ ප්‍රකාශයක් ද කළේය.

    පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් සියලු දෙනා සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වන පබව අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය හරහා අවධාරණය කර තිබේ. පාකිස්තාන මුදල් අමාත්‍යවරයා සහ ජල සම්පත් අමාත්‍යවරයාගේ නම් අයථා මුදල් රැස් කිරීමේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති බව ද පැවැසෙයි.

    Source: https://www.lankadeepa.lk/latest_news/ලෝක-නායකයන්ගේ-රහස්-එළියට/1-600351

    බම්ප්
     
    Similar threads