නිරෝධායනය සහතිකය 🤣

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කුවේටයේ සිටි බව පවසමින් 17 වසරක් තිස්සේ වෙනත් බිරියක සමග වාසය කර නිවසට පැමිණි සැමියාගෙන් ඔහු නිරෝධායනය වූ බවට ලබා දෙන සහතිකය බිරිඳ විසින් ඉල්ලා සිටි පුවතක් කටුගස්තොට පොලිස් වසමෙන් වාර්තා වේ.
    විවාහ වී බිරිඳ හා දරුවන් දෙදෙනා සමග තම නිවසේ විසූ සැමියා විදේශ රැකියාවක් සඳහා කටාර් බලා
    පිටත්ව ගොස් තිබේ. කටාර් හි වසර දෙකක් පමණ සේවය කළ මොහු ඉන්පසු නිවසට පැමිණ සති දෙකක් පමණ නිවසේ රැඳී සිට නැවත පිටව ගොස් ඇත්තේ ක්වේට් රටේ සේවය සඳහා යන බව පවසමිනි. මෙසේ නිවසින් පිටව ගිය සැමියා ක්වේට් රටට නොගොස් වසර 17 ක කාලයක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙනත් කාන්තාවක් සමග ජීවත් වී තිබේ. තමන් විදෙස් රටක සිටිනා බව පවසමින් මෙරටේ විසූ මොහු පසුගිය දිනෙක තම බිරිඳ හා දරුවන් පදිංචිව සිටි බිරිඳගේ නිවස වෙත පැමිණ තිබේ.

    ඔහු නිවසට පැමිණි විගස බිරිඳ විසින් ඔහු මෙරට තුළ නිරෝධායනය වූ බවට ලබාදෙන සහතිකය ඉල්ලා තිබේ. ඉන්පසු ඔහු පවසා ඇත්තේ තමාට එවැනි සහතිකයක් නොලැබුණු බවය.

    මෙම පුද්ගලයා තම දියණිය හා දරු දෙදෙනා ඇතුළු සියලු දෙනාම රවටා ඇති බව වටහාගත් බිරිඳගේ පියා මොහු නිවසින් පිටමං කර ඇත. පසුව ඔහු අලවතුගොඩ තම උපන් ගමට ගොස් තිබේ. මොහු විදෙස් රටක සිට පැමිණි බවට සැක පහළ කළ ගම්වාසීන් ද නිරෝධායනය නොවී ඇති මෙම පුද්ගලයා හට විරෝධය පළ කර තිබේ. මේ අවස්ථාවේ කිසිවක් කරකියාගත නොහැකි වූ මොහු තමා රට නොගිය බවත්, කිරිබත්ගොඩ ප්‍රදේශයේ ජීවත් වූ බවත් ප්‍රදේශවාසීන් හට පවසා තිබේ. මෙම පුද්ගලයා නිවසින් පිටව ගෙවූ වසර 17 ක කාලයේදී ඔහුගේ දෙමාපියන්ද මියගොස් ඇති බව වාර්තා වේ.

    බිරිඳ විසින් මොහුට විරුද්ධව කටුගස්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු 17ක් එකදිගට ගෙදර එන්නේ නැතුව රට ඉන්නකොට සැකයක් ඇතිවෙලා නැද්ද මේ මිනිස්සුන්ට :baffled: