නිරෝගී බව රැකගැනීමට

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    නිරෝගී බව රැකගැනීමට

    කෙතරම් කාර්යබහුල ජීවන රටාවක් ගත කළත් නිරෝගී බව රැකගැනීමට උපදෙස් රැසක්
    ඔබේ ප්‍රතිශක්තිය වැඩි කොටගෙන, සිරුරේ බර අඩු කරගෙන,වඩා සුවදායී නින්දක් ලබාගෙන නිරෝගී ජීවිතයක් ගතකිරීමට ඔබ කැමතිද? එසේ නම් මෙන්න ඒ සඳහා ප්‍රයෝජනවත් උපදෙස් ටිකක්.
    තුනටියේ වේදනාව නැතිකරගන්න
    අප බොහෝ දෙනෙකුට ෙදෙනික කටයුතු නිසා තැනෙන කොන්දේ අමාරුව හැදෙනවා. මෙය සැදී ඇති නම් සුවකර ගැනීමටත්, එය සෑදීමෙන් වැළැකීමටත් සුළු ව්‍යායාමයකින් පුළුවන්. ‍පොළොවේ වැතිරී දණහිස් නමාගෙන උකුල පළල් කරගෙන දෙපා ‍පොළොවේ රඳවාගෙන විනාඩි 5 - 15 දක්වා කාලයක් දිනපතා සිටින්න. මෙයින් ඔබේ කොන්දට විශාල සැහැල්ලුවක් දැනෙන අතර ක්‍රමයෙන් එදිනෙදා සෑම ක්‍රියාකාරකමකටම ඔබට පහසුවක් දැනේවි.
    HN_BB_Sneak_in_Exercise_12_11_12_v2-img_1280x720.jpg


    ආහාර ගන්නා පිළිවෙළ ගැන සැලකිලිමත් වෙන්න
    අසීමිත ලෙස ආහාර පාලනය කිරීම දිගින් දිගටම කළ හැක්කක් නමෛයි. ඒ වෙනුවට ඔබ ආහාර ගන්නා පිළිවෙළ ගැන කෙටි සටහන් තැබිමෙන් ඔබ ගන්නා ආහාර ගැන කල්පනාකාරී වන අතරේ සිරුරේ බර වැඩි වන ආහාර ගැනීමෙන් වැළකී සිටීමට ඔබ පුරුදු වේවි.
    needs-a-variety-of-foods.jpg


    දහවරක් හොඳින් හුස්ම ගන්න
    වරකට වාර දහයක් වන සේ දිනකට තුන්වරක් හොඳින් හුස්ම ගන්න. මෙයින් ඔබේ මොළයට වැඩිපුර විසි ගුණයක ඔක්සිජන් ලැබෙනවා. ආහාර ගැනීම සෙමින් කරන්න
    හොඳින් ආහාර දිරවිය හැකි සේ ආහාර ගන්නා අතරේ වරින් වර නතර කරමින් ආහාර ගන්න. එවිට ඔබ උවමනාවට වඩා ආහාර ගැනීමද සිදුවන්නේ නැහැ.
    1090706.large.jpg


    ලැයිස්තුවක් සකස් කරන්න
    සියල්ල ඔබේ මතකය තුළම ගබඩා කරගැනීමට යෑමෙන් සිදුවන්නේ ඒවා අමතක වී, ඔබේ වැඩ අවුල් වී මානසික වෙහෙස ඇති වීමයි. ඒ නිසා ඔබ කළ යුතු දේවල් ලැයිස්තුවක් සාදන්න. ඒ මගින් උවමනාවට වඩා සියල්ල මතකයේ ගබඩා කරන්නට ගොස් මානසික වෙහෙස හා ඊට සම්බන්ධ හිසරදය මානසික ආතතිය හා අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇති වීමද වළකිනවා.
    2381294958_b89787d768.jpg


    ඔබේ දෙපතුල් සම්භාහනය කරන්න
    රුධිර සංසරණය නිසියාකාරව සිදු නොවුණොත් ඔබට සුවදායී නින්දක් ලැබෙන්නේද නැහැ. නින්දට පෙර ඔබේ සිරුරේ
    උෂ්ණත්වයේ යාන්තමින් අඩුවීමක් සිදුවිය යුතුයි. එබැවින් නින්දට පෙර මඳ උණුසුම් ජලයෙන් ඇඟ සේදීම, දෙපතුල් හෝ අත්ල සම්භාහනය කිරීම සුව නින්දක් ලැබිමට හේතුවක් වෙනවා.
    foot-soak.jpg


    දිනකට එක පලතුරක් හෝ ආහාරයට ගන්න
    එළවළු හා පලතුරු ආහාර වේලට වැඩිපුර එකතු කරගන්නා අතරේ දිනකට එක් පලතුරක්වත් ආහාරයට ගන්න. යකඩ අඩංගු ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගැනීමට මතක තබාගන්න. එවිට ශාරීරික වෙහෙස, නොසන්සුන් බව හා අවධානය යොමුකරගැනීමට ඇති නොහැකියාව නැති වෙනවා.
    ti_725_40422271616241.jpg


    ආහාර වේල් අඩු කිරීමෙන් වළකින්න
    දිනකට ආහාර වේල් තුන නොවරදවාම ගන්න. ඉන් රුධිරයේ සීනි ප්‍රමාණය සමබරව පවත්වාගෙන යා හැකි අතර ඔබේ මානසිකත්වය, ශාරීරික ශක්තිය, අවධානය යොමුකිරීමේ හැකියාව ඉන් වැඩෙනවා.
    මානසික වෙහෙසද ඇතිවෙන්නේ නැහැ. ගන්නා ආහාර වේල් ගණන අඩුකිරීම නම් කොහෙත්ම කළ යුත්තක් නොවෙයි.
    images



    අමු එළවළු ආහාරයට ගන්න
    සෑම ආහාර වේලකටම අමු එළවළු එකතු කරන්න. පිසින විට එළවළු වල ඇති බොහෝ ඛනිජ ලවන හා විටමින් වර්ග නැතිවෙනවා. ආහාර වේලගැනීමට පටන් ගන්නා විටම මේ අමු එළවළු කෑම සුදුසුයි.
    images


    ජීවිතය විඳින්න
    ව්‍යායාම කිරීම, ඇවිදීම වැනි ක්‍රියාකාරකම් අවසානයේ ඔබට ලැබෙන සැහැල්ලුව ගැන කල්පනා කරන්න. එවැනි සුබවාදී කල්පනාවල නිරතව සිටීමෙන්ම ඔබ නිරෝගී පුද්ගලයෙකු වෙනවා.
    Woman-Exercise.jpg


    ඔබට ආදරය කරන්න
    අප බොහෝ විට පුරුදුව සිටින්නේ අසුබවාදී ලෙස අපව දකින්නයි. “මට මේ වැඩේ කරගන්න ලැබෙන්නේ නැහැ” “මට කිසි දෙයක් හරියට කරගන්න බැහැ” යන සිතුවිලි නිතර පවතින විට එය ඔබේ ප්‍රතිශක්තිකරණ ශක්තිය අඩුවීමටත් හේතුවක් වෙනවා. එබැවින් දිනපතාම උදේට කැඩපතින් ඔබ දෙස බලා හොඳින් සිනාසී ඔබව, ඔබ ප්‍රිය කරන බව සිතෙහි ධාරණය කරගන්න.
    woman-looking-in-mirror-at-smile.jpg


    ඔබේ ආත්මය සතුටින් තබන්න
    දිනකට වරක් හෝ එදිනෙදා ඔබ දකින අලංකාර දසුනත් (රෑ අහසේ පායා ඇති තරු වැනි) රසවිඳීමට හුරුවන්න. තත්පර දෙක තුනක් ඇතුළත ඔබ රසවිඳින එය මුළු දවස පුරා ඔබේ ආත්මය
    ‍පෝෂණය කරනවා.
    images


    හොඳින් සිනාසෙන්න
    සිනාව තරම් වටිනා ඔසුවක් තවත් නැහැ. ප්‍රතිශක්තිකරණය වැඩිකරන එය නොසන්සුන් බව ඈතට පලවා හරිනවා. දිනකට වරක් හෝ හොඳින් සිනාසීමට පුරුදුවන්න.
    article-2306546-0BD5DC2E00000578-29_634x415.jpg
     
    • Like
    Reactions: mudantha