නිල්ගලත් ඉවර‍යි!

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිල්ගලත් ඉවර‍යි!

    යළිත් බිබිල නිල්ගල ඖෂධ වනාන්තරයේ කොටස්‌ කඩා බෙදාදීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාවට නැඟේ. ප්‍රදේශයේම දේශපාලන බලවතෙකු දැන් මෙහි වත්මන් කාර්යභාරය කරට ගෙන තිබේ. වනාන්තරයේ අක්‌කර පන්සියයක පමණ ප්‍රමාණයක්‌ මෙසේ කැබලිකර බෙදාදීම සඳහා පිඹුරුපත් සකස්‌ කර ඇති අතර, දැනටමත් තෝරාගත් ඉඩම්වල මායිම් ගල් පවා දමා ඇත්තේ වන සංරක්‍ෂණ දෙපාර්තමේනතුවේ අඳබාල නිලධාරීන්ගේද සහාය ඇතිව වීම කණගාටුවට කරුණකි. එහෙත් විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබෙන්නේ යට ගිය නිල්ගල උක්‌වගා ව්‍යාපෘතිය නැවත මේ හරහා ක්‍රියාත්මක කරන්නට බලධාරීන් පියවර ගෙන ඇති බවයි. එසේ වුවහොත් බිබිල - නිල්ගල ඖෂධීය වනාන්තරයට නැවත හෙනහුරු දසාව උදාවනු ඇත.
    wanaya1.jpg

    මේ අතර නකල්ස්‌ සංරක්‍ෂිත ලෝක උරුම වනාන්තරයේ අඩි 3500 ක්‌ වන සංරක්‍ෂිත සීමාව තවදුරටත් අඩුකිරීමේ සුදානමක දේශපාලනඥයින් නිරතව සිටින බවද කරුණු අනාවරණය වෙමින් පවතී. එසේ වුවහොත් වනාන්තරයේ සංරක්‍ෂිත සීමාවට සාපේක්‍ෂව වනාන්තරය වටා ඇති පාරිසරික සංවේදී කලාපයේ සීමාවද අඩුවන බැවින් එහි ඇති නීති විරෝධී හෝටල්, අවන්හල්, නිවාඩු නිකේතන නීතියෙන් ආරක්‍ෂාකර ගැනීම හෝ තවදුරටත් මෙම සංරක්‍ෂිත සීමාවේ ඉදිකිරීම් සිදු කිරීමටත්, එහි ඇති ඉඩම් කොල්ලයකට සැරසීමත් මෙහි මුඛ්‍ය අපේක්‍ෂාවයි. මේ පිළිබඳව අප කළ විමසීමකදී වන සංරක්‍ෂණ හා පරිසර අමාත්‍යාංශයන්හි ඉහළ පෙළේ බලධාරීන් සඳහන් කළේ එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අවශ්‍යතාවන් උඩ රටේ නීතිය වෙනස්‌ නොකරන බවයි. එහෙත්, දැනටමත් එහි ඉදිවී ඇති අවන්හල් සඳහා නීත්‍යානුකූල අයිතිය ලබාදීමේ කූට වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නැඟෙන්නේ පරිසර වේදීන්ගේ විරෝධතා මැදය.
    රටේ සමස්‌ත වනගහනය (හරිත ආවරණය) වර්තමානයේදී 22% ක්‌ යෑයි රජය ගණන් බලා ඇති අතර ඒ තුළ ගණ වනගහනය (රක්‍ෂිත වනාන්තරවලට ගැනෙන) ඇත්තේ 18% ක පමණ ප්‍රමාණයකි. වන සතුන්ගේ වාස භූමි, ජල පෝෂක වනාන්තර, පිරිසිදු වාතය මුදාහැරීම ඇතුළු අත්‍යාවශ්‍ය වන භාවිතය සඳහා ඇත්තේ මෙවන් සුළු වනාන්තර ප්‍රමාණයක්‌ නම්, අපට එය රැකගැනීමේ අවශ්‍යතාවක්‌ නොමැත්තේද? සංවර්ධන අවශ්‍යතාද ඉටුවිය නමුත්, වහාම තිරසාර සංවර්ධනයකට යොමුවීම හා එක්‌ එක්‌ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ පටු මතධාරීන්ගේ අවශ්‍යතාවන්ට ගැති නොවී රටේ වනගහනය දැඩි නීති පද්ධතියකින් ආරක්‍ෂා කිරීම රජයේ දැඩි වගකීමකි.