දූට පහයි.පුතාට තුනයි.
දෙන්න පෙපාපිග් බල බල හිටියෙ.මම කුස්සියෙ වැඩක්. ඒක ඉවර වෙලා නිල්වන් මුහුදු තීරේ ඔටෝ ප්ලේ වෙන්න අරං..
පුතා-පෙපාපිග් ඉවරයි.
දූ-අම්මට කියන්න ඕන නෑ.මේක ලස්සන සිංදුවක්.අපි දෙන්න බලමු.
(දෙන්නගෙ හාවක් හූවක් නෑ.හෙක්ටර් නැවු බැම්මට හේත්තුවෙලා සිංදුව කියනව.)
පුතා-ඒ අක්කි ඇයි කුක්කු හැට්ටය ක් විතරක් ඇදල..
දූ-ඒක කුක්කු හැට්ටයක් නෙවේ ලොකු මල්ලි.ඒක ලස්සනයි කුක්කු හැට්ට වලට වඩා.
පුතා-එයාගෙ තාය ඉරිල (ඒකාට සාය කියන්න බෑ).
දූ-ඔවු නේ.
පුතා-පවු..ඒ අක්කි ලත්තනයි අනේ..
දූ-ඔවු ලස්සනයි ..සුදුයි..
පුතා-ඒ අක්කිට සීතල හැදිල..
දූ-නෑ ලොකු මල්ලි ඒ අක්කි ෆොටෝ එකට එහෙම ඉන්නෙ..
අම්මේ ගල් මල් කියන්නෙ මොනවද..
මම-මුහුදෙ ඇතුලෙ තියෙන මලක් වගේ ගල් ජාතියක්.
(ඇත්තටම ඒක විස්තර කරන්න මම දැනන් හිටියෙනෑ.පස්සෙ තමා ගූගල් සර්ච් කරල බැලුවෙ.)
දූ-ගලමල් පිපුනු යාමේ කියන්නෙ මොකද්ද..
මම-ගලමල් පිපුනු වෙලාවෙ කියන එක..
දූ-ආ..ඒ කියන්නෙ උදේ..මල් පිපෙන්නෙ උදේටනෙ..
පුතා-(එවිට) ඇයි අර සීයා(හෙක්ටර් ඩයස් දන්නව නම් පපුව පැලෙයි) ඒ අක්කිව උඩට ඇදල ගන්නෙ..
මම-සද්ද නැත.
දු-එයාගෙ ඇදුම දිග නිසා වැටෙයි කියල අනේ..
.
.
.
පුතා-අන්න ඒ අක්කි ගල් උඩ නටනව.වැටිල තුවාල උනොත් හොප්පිටල් තමා යන්න වෙන්නෙ
දූ-අම්මි අපිට නම් බනිනව.එයා ශෝක් එකට ගල් උඩ නටන්නෙ.
ඔහොම ඔහොම සිංදුව ඉවර උනා.මම ඩේටා ඕෆ් කලා.
දැං දෙන්නටම මුහුදෙ යන්න ඕනලු.බීච් එකේ අරම ඉන්න ආසලු දූට..ගල් උඩනටන්නත් ඕනලු..
සිංදුව බැලුව පලවෙනි වතාව නිසා එයාලට වචන මතක නෑ..
ඒත් පුතා "මා..තනි එලා ලැවු තනේ කිය කිය " තමා සෙල්ලම් කරන්නෙ.
Copied from fb